ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]ail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 13, 2014

75% ක් දිනුව යුද්දේ ඉවර කරලයි මම මහින්දට රට බාර දුන්නේ ....!!!!


තමන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට රට බාරදුන්නේ ප‍්‍රභාකරන් අල්ලාගෙන සිටි භූමියෙන් සියයට හැත්තෑපහක් නිදහස් කරගෙන බවත් ඉතුරුව තිබුණේ ඉතිරි සියයට විසිපහ නිදහස් කරගැනීම පමණක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා  ගම්පහදී ප‍්‍රකාශ කරයි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 14


වරක් මැතිවරණ සමයකදී ඇයගේ සර්බෝන් සරසවියේ උපාධි සහතිකය ගැන විපක්ෂය ප්‍රශ්ණ කලවිට එයට හරිහමන් පිළිතුරක් දී ගත නොහැකිව එවකට පැවති කැබිනෙට්ටුවේ සිටි "කුලියට කහින්නන්" සියලුදෙනාම කරළියට කැදවා යන්තමින් “ජාම” බේරාගත්බව චෞර රැජිණ  පොතේ සඳහන්ව  ඇත....
  කාලෙකට පසුව චන්ද්‍රිකා තම බෙලිකටු මල්ල ප්‍රසිද්ධියේ සෙළවීය. ඒ අනුස්මරණ උත්සවයකදී රට ජාතියට එරෙහිවය.
මවුබිම හැර දමා ගොස් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින තම දරුවන්දෙදෙනා චැනල් 4 හා වීඩියෝ පටය නැරඹූබවත් ඉන්පසුව ඔවුන් දෙදෙනා "සිංහලයින්" යැයි හදුන්වාගැනීමටත් ලඡ්ඡාවන බවත් ඔවුන් ඈ සමග කී බව ඇය මෙහිදී ප්‍රසිද්ධ කළාය.

බැසිල් මේ වන විට ඡන්ද කැම්පේන් එකෙන් කැපී ගොස් සිටී...!!!.

ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන බැසිල්  සැලසුම් කර තිබී ඇත. මෙම යුධ ජයග්‍රහණ පුවත් අතිරේකය සැලසුම් කිරීමේදී 2009 මැයි 20 වෙනිදා යුධ ජයග්‍රහණ පුවත්වල පලවූ එවක යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ නම වෙනුවට හමුදා ප්‍රකාශක වශයෙන් යොදා ගන්නා ලෙසට බැසිල්  විසින් එම කාර්ය කිරීමට භාර දී තිබූ ‘ට්‍රයි ඇඩ්' ඇඩ්වර්ටයිසින් සමාගමේ සම හිමිකාරියක වන වරුණි අමුණුගමට උපදෙස් දී තිබේ.

අතුරුගිරිය ගුවන් අනතුරේ නොඇසුණු කතා....!!!

පවුලේ එකම දරුවා බේරුවාට ගොඩාක් පිං....!!!  තාත්තා තෑගි අරන් නත්තලට එනවා කීවා මල්ලිවත් ගුවන් හමුදාවට දානවා කීවා (12) අලුයම මුලු දිවයිනම ශෝකයට පත්කරමින් ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත්වුනේ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදීයි. එම ගුවන්යානයේ ගමන්ගත් සෙබළුන්ගෙන් 4 දෙනෙකු මියගිය අතර එක් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කරනු ලැබුවා. පසුව ඔහුගේ දෙපා හා අතක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කොට තිබුණේ ජීවිතය බේරාගැනීමේ අරමුණිනුයි.අතුරුගිරිය ගුවන් අනතුර සිදුවූ අයුරු - වීඩියෝ සහිතයි

රටේ මුළු ජනගහනය මිලියන 20.4යි....!!!

2012 වසරේ පැවැත් වූ ජන හා නිවාස සංගණනයට අනුව රටේ මුළු ජනගහනය මිලියන 20.4ක් බව අනාවරණය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 
ශී‍්‍ර ලංකාවේ මුල් ම ජන සංගණනය පවත්වා ඇත්තේ 1871 වර්ෂයේදීය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී. ගුණවර්ධන   (12) කොළඹ දී පැවැති ජන හා නිවාස සංගණනයේ ප‍්‍රධාන තොරතුරු එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මඩ ගහන්නම වෙබ් අඩවි 5000ක් සති දෙකක් තුල අලූතින් ඇරලා....!!!

පසුගිය සතිදෙක තුන තුලදී ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස් බුක් ගිණුම් පන්දහසක් පමණ අන්තර්ජාලයට එක්කර ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්‍ෂ මාධ්‍ය ප්‍රධානී අතුල පුෂ්පකුමාර  පවසයි.

මෛත්‍රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි 19 දක්වා ඉතා අපල කාලයක්ලු....!!!

මෛත්‍රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි 19 දක්වා ඉතා අපල කාලයක් උදාවන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති තරගයෙන් සිරිසේනට බරපතල පරාජයක් අත්වන බව ලොව විශිෂ්ඨතම ජෝතිශ්‍යවේදීන් 10 දෙනා අතරින් මුල් තැන ගන්නා ඉන්දියානු ජාතික ආචාර්ය ඒ.එස්. කරලා  ඉන්දියාවේ දිල්ලි නුවර වයිපිලිහිදී තමන් බැහැදැකීමට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ මෛත්‍රීපාලගේ පුතා වන දහම් සිරිසේනට දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශ කර තිබේ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකාවේ ප්‍රධාන කැසිනෝ හිමිකරුවෙකුගේ 37හැවිරිදි විවාහක පුතෙකු සමඟ විවේකයක් ගතකිරීම සඳහා දිල්ලි සිට දෙසැම්බර් 11වැනිදා සිංගප්පූරු ගුවන් සේවා යානයකින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ගොස් තිබේ.

තොප්පිය දාගත් මහින්දානන්ද ගේ මෝඩකම රටට හෙළිකල රන්ජන් ගේ එළිදරව්ව...!!!

මාතර සුනිල් ලෙස මහින්දානන්ද අමාත්‍යවරයාට දෙරණ වාද පිටියට කතාකොට අපහාස කලා යැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා චෝදනා ලැබ ඇති අතර ඔහු විසින් එය ප්‍රතික්ෂේප කොට තිබේ.
මෙම සුනිල් මීට කලින් හිරු Copy Chat වැඩසටහනට ද දුරකථනයෙන් කතා කොට ඇත. මෙම වීඩියෝව නැරඹීමෙන් මාතර සුනිල් කවුදැයි ඔබට සොයා ගත හැක.

ගුවන් අනතුරින් මියගිය ප්‍රධාන නියමුවාගේ සෝචනීය කතාව ...

මෙහි සෝචනීය සිද්ධිය වන්නේ, වසන්ත අබේවර්ධන මහතා මීට මසකට පමණ පෙර විවාහ දිවියට ඇතුළු වී සිටීම ය.


 අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙහි ප්‍රධාන නියමුවා පිළිබඳව සංවේදී තොරතුරු රැසක් අපට වාර්තා වී තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ස්කොඩ්‍රන් ලීඩර් වසන්ත අබේවර්ධන නමැති ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

විශේෂ ඡායාරූප ඵකතුවක්....

හෝකන්දර ගුවන් අනතුර

"විපතට පත් යානාවෙන් ගෝල්ෆ් ක්‍රීඩකයන් චීන වරායට යැමට "සූදානමින් සිටියා"

ඊයේ උදේ රත්මලාන ගුවන් තොටුපළට පැමිණෙමින් සිටි ඇන්ටනෝව් යානාව ධාවන පථයට පහත් කිරීමට නියමිතව තිබියදී විපතට පත් වූයේ හෝකන්දර අහස්‌ කලාපය තුළදීය. සෑම සතියකට වරක්‌ යානාවක්‌ එකම මාර්ගයේ යන බවද වාර්තා වේ.
යානාවේ නියමුවා අධික මීදුම තිබෙන බව පාලක මැදිරියට දැනුම් දී ඇත. ඒ වනවිට යානාව ගමන් කර ඇත්තේ ධාවන පථයට ගෙන ඒමට යෑයි වාර්තා විය. මෙහිදී යානාව ගස්‌ සහ විදුලි වයරවල වැදී කඩා වැටී ඇත.

මෙම යානාව රත්මලානට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලයේ චීන වරායේ හොල්ෆ් තරගාවලියකට යැම සඳහා 40 කට අධික පිරිසක්‌ සූදානම්ව සිටියහ.
ඊට ගොල්ෆ් ක්‍රීඩකයන් සහ ප්‍රභූන් රැසක්‌ද අයත් විය. මෙම පිරිස ත්‍රිකුණාමලයට ගෙන යැමට නියමිත වූ එම්. ඒ 16 යානාවේ නඩත්තු කටයුතු නිසා ඒ වෙනුවට මෙකී ඇන්ටනෝව් යානාව එවා තිබේ.
යානාව කඩා වැටී ඇත්තේ අධික මීදුම මුළු පියාසර මාර්ගයම ගිල ගැනීම නිසා බවට වාර්තා වී ඇත. 


මෙම යානය අනතුරට පත්වී කඩා වැටෙන්නට යද්දී එහි නියමුවා විසින් එය ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන යැමට උත්සාහ කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
යානය කඩාවැටුණු ස්‌ථානයට නුදුරින් කැතරින් පාර්ක්‌ නමැති නිවාස සංකීර්ණය පිහිටා තිබූ අතර යානය එම නිවාස සංකීර්ණයට කඩා වැටුණේ නම් විශාල ජීවිත හානියක්‌ සිදු වීමට ඉඩ තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.