ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 6, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 7

අවසානයේ ජනතා තීරණය මත රජ ගෙදරින් නික්ම යාමට සිදුවූ ඵකැස් චෞරිය හට උදව්වට කිසිවෙකු නොසිටි අතර කුළියට ගත් ලොරි කබලක මෙසේ සිය බඩු භාණ්ඩ පටවමින් යැවූ හැටි....


"තමුසේ හිතනවද ඌ මරන්න ඕනේ වෙලා තියෙන්නේ මටෙයි කියලා..
නෑ මිනිහෝ අර හු....යි මට කියන්නේ ඌ මරන්න කියලා."
ඇගේ පාලනය තුළ දේවල් සිදු වී තිබෙන අකාරය අපුරුය.මම බලයට පත්වන ආණ්ඩු හා පාලකයින් විවේචනය කර ඇත්තෙමි.එහෙත් ඇය හැර ඒ කිසිවෙක් අමානුෂික ලෙස මා නොමරා මරණ ප්‍රතිපත්තියක් අනුගමනය කර නැත. මා දන්නා තරමින් ඇගේ මාර හමුදාව මා ඝාතනය කරන්නට උත්සාහ කළ අවස්ථා ගණන තුනකි.

රෝහණ කුමාර ඝාතනය , කුමාර් පොන්නම්බලම්  ඝාතනය හා රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළ කෲර වධ හිංසා වලට ලක් කිරීම, රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නිවසට හා බිරිඳගේ නිවසට මළ මිනී කැබලි සහිත "හැම්බර් පාර්සල් " යැවීම යන සාහසික සිද්ධීන් පිළිබඳව  "ඵකැස් චෞරිය" ට කියන්නට තිබෙන්නේ මොනවාද...???

අධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයෙකුම නඩු භාණ්‌ඩ පැන්වූ වග නම්...

අද මුදලට සහ බලයට සියල්ල යටපත් වෙමින් පවතී. ආරක්‍ෂාවට තිබූ දේ ඈලියාවට යන්නා සේ අධිකරණයේ තිබූ දේ අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරයා විසින් රැගෙන යයි. මේ විදහා දැක්‌වෙන්නේ අපේ නිරුවතයි. වංචාවට, හොරකමට, අල්ලසට, දූෂණයට හුරුවෙමින් එය නැතිවම බැරි තත්ත්වයට පුරුදු වී ඇති අපේ රටේ බොහෝමයක්‌ ආයතනවල මෙවැනි ක්‍රියා සිද්ධි දාම නොනවත්වාම සිදු වෙමින් පවතී. 

මෙවැනි අධමයනට නිසි දඬුවම් ලබාදෙනු....!!!

සාමාන්‍යයෙන් මිනී මැරුම් වැනි සාහසික ක්‍රියා පිළිබඳව වන පුවත් අප පළ කරනවා සීමිතය...ඵසේ පළ කිරීමට ගිය හොත් අප අඩවියම ඒ සඳහා  අවකාශ නොමැති තරම් වේ..අද අපේ රටේ තරම්  අධමයන්, ම්ළේච්ඡයන් වෙන කිසිදු රටක නොමැති තරම්‍ වේ..ඵදා අභිමානවත්වූ රට අද අපේ යැයි කීමට තරම් නොවන තරමේ ලජ්ජා සහගත අගාධයකට වැටී ඇත....මේ පුවත අප පළ කරනුයේ  සාතිශය වේදනාබර හදවත් තුළිණී....

කොන්කඩුවේ නන්දසිරි හිමි විසින් විවේක සේනාසනයේ අලුතින් ඉදිකරමින් පවතින ආවාස ගෙයක වහලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා දායකයකු විසින් ලබා දුන් කොස් ගසක් ප්‍රවාහනය කිරීමේදී ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න එයට විවිධ බාධා පැමිණ විය. මෙම බාධා කිරීම සම්බන්ධව දායක සභාවට දැනුම් දුන්නැයි කියා නන්දසිරි හිමි සමග ප්‍රියන්ත ගුණරත්න ගැටුමක් ඇති කර ගත්තේය.
“තෝ තමා මගේ නම කෑවේ. මම තෝව යහතින් තියන්නේ නෑ.” යැයි පරුෂවචනයෙන් බැණ බැණ ප්‍රියන්ත පැමිණෙන විට තමා මේ කනංගම විවේක සේනාසනයේ ගෙවන අවසන් හෝරා කිහිපය කියා කෝන්කඩුවේ නන්දසිරි හිමිට සිතාගන්න බැරිව ඇත. ගතවූයේ නිමේෂයකි.
සුමන සමන් අඩවියේ අහස ‍පොළොව නුහුලන අපරාධයකට මුලපුරමින් බුද්ධ පුත්‍රයකුට අමානුෂික ලෙස තිරිසන් වෙස්ගත් පාපතරයන් තිදෙනකු ‍පොලු මුගුරුවලින් පහර දෙන්නට පටන් ගත්හ. මෙම පහරදීමෙන් කෝන්කඩුවේ නන්දසිරි හිමි සිහිසුන්ව ඇද වැටිණි.

නේපාල අහස් ගව්වේ අබිරහස් ගුහා 10,000ක්...!!!

උතුරු මැද නේපාලයේ පිහිටි උසින් අඩි 155ක් සහිත එක්තරා කඳු මුදුනක පිහිටි ගුහා 10,000ක් පමණ පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. ඈත අතීතයේ පිහිටියේ යැයි කියනු ලබන මස්ටාං නම් වූ රාජධානියට අයත් වූ මේ ප්‍රදේශයේ තිබී හමු වූ මේ ගුහා තවමත් පුරාවිද්‍යා අබිරහසක් ලෙස සලකනු ලැබේ.


ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මේ අබිරහස් ගුහා තනනු ලැබුවේ කවුරුන් විසින් ද...? කෙසේ වෙතත් එක්තරා ගුහාවක තිබී බෞද්ධ චිත්‍ර 55ක් පමණ සොයා ගනු ලැබූ බවත් ඒ අතර බුදුන්වහන්සේ හා සම්බන්ධ චිත්‍ර රැසක් පැවැති බවත් වාර්තා වේ. මේ චිත්‍ර 14 වැනි සියවසට අයත් ඒවා බව ද සොයාගෙන ඇත.

දවසකට හරි හිරේ යන බවට හඳහන බලා එක් ඡ්‍යොතිෂවේදියෙක් කී කතාව එදා පුදුම විදිහට සැබෑ වුණා.

මම එක දවසකට හිරේ ගියා...ජෝතිපාල තෙබුවන

රජරට සේවයේ පාලක නිව්ටන් ගුණසේකර මහත්තයගෙන් පසුව පාලක ලෙස මම වැඩභාර ගත්තා. ගුවන්විදුලියේ ජීවිතය රසමුසු අත්දැකීම් සේම භාරදූර වගකීම පිළිබඳ බරපතළකම දනවපු සිද්ධීන්ද අත්විඳ තිබෙනවා. මිරිසවැටිය චෛත්‍යයේ ධාතු නිධානෝත්සවය දින සිද්ධියත් එවැන්නක්. 

කොහොමහරි ධාතු නිධන් කිරීමට නියමිතව තිබුණු දිනට පෙර දින රෑ චෛත්‍යයේ කොත කඩා වැටුණා. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අගමැති රණසිංහ පේ‍්‍රමදාස අතිනුයි ධාතු නිධන් කිරීමට සංවිධානය කර තිබුණේ.
මේ පුවතින් රට තුළ යම් කටකතා පැතිර ගියා. මේ මොහොතේ උත්සවයේ සජීවි විස්තර ප්‍රචාරය.....

චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුම....!!!

ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.

මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය

1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)

2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම

3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම



ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
"පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.

මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.

චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ 
සංසදයද දනී.

ජනපති රැස්වීමක් නිසා විනාශ කරන ක්‍රීඩා පිටියක් ....

ක්‍රීඩාංගණය කොන්ක්‍රීට් කිරීම සඳහා වැයකරන මුදල රුපියල්  ලක්ෂ 60ක් බවද පැවැසෙයි.
අනුරාධපුර නගරයේ පිහිටි සල්ගාදු ක්‍රීඩා පිටිය මැතිවරණ ප්‍රචාරක රැලියක් සදහා කොන්ක්‍රීට් ඇතිරීම හේතුවෙන් ක්‍රීඩාංගණය භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  මහතා සහභාගීවන  මංගල ජනරැලිය ලබන 11දා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.