ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 5, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 6



පැය භාගයක් යන්නට පොරතුව රනිල් වික්‍රමසිංහ මහතා මට කථා කළේය.අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව පිළිබඳව තොරතුරු ලබා දුන් පුද්ගලයා ජනාධිපති චන්ද්‍රිකාගේ සේප්පුව පිළිබඳව විස්තර ලබා දී තිබෙනවා නේද යි අසමින් අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව පිළිබඳ අනුගමනය කළ ප්‍රතිපත්තියම ජනාධිපති  චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් අනුගමනය කරනවා දැයි මම ප්‍රශ්න කළෙමි.ප්‍රශ්නයට පිළිතුරක් ලැබීම වෙනුවට සිදුවුයේ දුරකථනය විසන්ධි වීමය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා අනුරුද්ධ රත්වත්ත මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ වී නම් සමහර විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පදවිය අහිමි වන්නට තිබුණේ එදාය.

සිරිල්ගේ ආදර මතක ගැන ඔහුගේ ආදර බිරිය කියන මතක...



ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්‍රකට ගීත රචකයකු, කවියකු, චිත්‍රපට තිරකතා රචකයකු ලෙසින් කලාවට අමරණීය මතක රැසක් දායාද කළ සිරිල් ඒ. සීලවිමලයන් අපෙන් සමුගෙන අදට සිවු වසරකි. ගීත සාහිත්‍යයට අමරණීය ගීත හාරසියයකට වඩා එක් කරනු ලැබු ඔහු අප අතහැර ගියේ 2010 දෙසැම්බර් 4 වැනිදාය. 1930 ඔක්තෝබර් මස 29 වැනිදා උපත ලැබූ සීලවිමල මිය යන විට අසූ වන වියේ පසු විය. සවන් සනහන ගී පදවැල් ඔහු අතින් ලියැවුණේ ගිනිගෙන දැවෙන හදවත් සිසිල් කරන්නටය. ‘ළිඳෙන් වතුර බීලා, ‘ජන්ම භූමි වන්දනා’, ‘විෂ්ණු දෙවින්දේ’, ‘සුදෝ පොඩ්ඩක් අඬන්න’, ‘මෙත් මල් පිබිදේවා’, ‘දෝතින් දෝතයි’, ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘සන්සුන් රුවන් හද මන්දිරයේ’ ආදී ගීත රැසකින් රසිකයන් අමන්දානන්දයට පත් කළ ගී පද වැල් ගෙතූ සීලවිමලයන්ගේ බිරිය අනුලා ඒ.සීලවිමල හා අප කතාබහා කළේ එදා සීලවිමලයන් හා ගෙවූ රසවත් අතීතය සිහිපත් කරමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.