"මෛත්‍රී තෝ අපිව කෑවා" මහනුවරදී ලක්ෂ්මන් කිරිඇල්ල කෑ ගසයි....
අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර වූ බහින් බස්වීමක් මල්වතු විහාරය අසලදී සිදුවූ අතර හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත් වීමෙන් එය ඉතා අසීරුවෙන් සමථයකට පත්විය.
මෙහිදී එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෛත්රිගේ ජාතකය ඇද ගනිමින් බැණ වැදුණේ “මෛත්‍රී තෝ 32ක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගේනවා’යි කිව්වා. මංගල ප්රවෘත්ති සාකච්ඡාවට 13ක් එනවා කිව්වා. කෝ ඒවා. උඹ මහ බොරුකාරයෙක්” යන වචන සමඟ අසභ්‍ය වචනද එක්කරමිනි.
මෙන්න ඔබත් මමත් දැන ගතයුතු ඇත්තම සත්‍යය...!!! පාට පක්ෂ ඇස්වල හිත්වල තවරා ගෙන අපේම එවුන් ඇණ කොටා ගනිද්දී මුන්ට නොමිළේ ලැබෙන ඉන්ධන,ආරක්ෂාව සහිතව විරාජමානව පාරේ යන අහිංසකයන්වත් යට කර ගෙන යති...පාර්ළිමේන්තු දන්සැලෙන් මේ පිම්පියන්ට ලැබෙන ඉතා අඩුමිළ රජ බොජුන්ද කෙළමින්,(පාර්ළිමේන්තු වේදී මේ මීහරක්ට ලැබෙන කෑමවේලක් පිටතදී රුපියල් දහස් ගණනකී..) මිනිසුන්ට පෙනෙන්නට සතුන් මෙන් හැසිරෙමින් වැඩ සිටිනා මේ අපතයනට කරුණාකර ඔබ ඡන්දය දීමෙන් වළකින්න....
ඕනෑම රටක ආණ්ඩුවක් සෑම විටම කටයුතු කරන්නෙ තම බලය රැක ගැනීමට සහ තහවුරුකර
ගැනීමටයි. බලය අත්හැරීමට කිසිම ආණ්ඩුවක් කැමැති නෑ. ඒ වගේම කිසිම
ආණ්ඩුවක් බලය කොපමණ තිබුණත් එයින් තෘප්තිමත් වෙන්නෙත් නෑ. මෙය තුන්වෙනි
ලෝකයේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවල ස්වභාවයයි. ජනතාවගේ ඡන්දයෙන් බලයට
පත්වෙන තුන්වෙනි ලෝකයේ රටවල ආණ්ඩු ප්රජාතන්ත්රවාදය අමතක කරල බලය තහවුරු
කර ගැනීමට උනන්දුවීමත්, එයට එරෙහිවන බලවේග මර්දනය කිරීමත් සාමාන්‍ය දෙයක්.
මේ තත්ත්වය අපේ රටෙත් ඒ ආකාරයෙන්ම දකින්න තියෙනව.
ආණ්ඩුවක් කියන්නෙ ප්රජාතන්ත්රවාදී
ක්‍රමයට ජනතාව විසින් තෝරා පත්කරගත් පුද්ගලයින්ගෙන් සමන්විත ආයතනයක්.
නමුත් ජනතාව විසින් තෝරා ගෙන බලය පැවරුවට පස්සෙ ආණ්ඩුවක් විදිහට
සංවිධානය වුණු මේ අයගෙ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි ජනතාව ගෙන් ඈත් වීම.
ජනතාව එකතුවෙලා බලය ලබා දුන්නට පස්සෙ මේ අයට ජනතාව කන කෑම බීම කන්න බෑ.
සුපිරි කෑම ඕන. ජනතාව යන එන වාහනවල යන්න බෑ. අධි සුඛෝපභෝගි වාහන ඕන. කලින්
හිටපු ගෙදර ඉන්න බෑ. සුපිරි මන්දිර ඕන. වෙනද කතා කරපු නමින් අමතනවට කැමැති
නෑ. නමේ මුලට ගරු, අතිගරු කෑලි ඕන. ජනතාවගෙන් බලය ලබා ගත්තට පස්සෙ මේ
ගොල්ලො මානසික වශයෙන් රජවරු බවට පත්වෙනව. මේ මානසික රජවරුන්ට තමුන්ගෙ
රාජකීය ගතිය පවත්වාගෙන යන්න කරන රස්සාවක් නැති හින්ද මොවුන්ට ඒ රාජකීය
ගතිය පවත්වාගෙන යන්න වෙන්නෙ ජනතාව උපයන මුදලින් ගෙවන බදු මුදල් වලින්.