නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි.
ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම
නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය.
ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.
ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී.
වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු
ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත්
පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ
දෙහි, දොඩම් ගස් විය.
දෙවියන් විසින් බොහෝ දේ නිර්මාණය කර ඇතැයි පැවැසුවත් , ඉතිහාසය එසේ වුවත් ,කටකථා එසේ වුවත් ,ඇතැම් ආගම්වල පොත පතේ එසේ සඳහන් වුවද සියළු දේ නිෂ්පාදනය කොට ඇත්තේ මිනිසාය.පරිගණකයේ සිට ඔබ මේ මොහොතේ ඇඳ සිටින වස්ත්‍ර සහ හිස ආවරණය කොට ඇති සියළු දේවල් පවා , ඔබ සිටිනා නිවාස පවා යන සියලුම දේ නිෂ්පාදනය කොට ඇත්තේ මිනිසුන්ය.
එමෙන්ම මිනිසාගේ සුව පහසුව වෙනුවෙන් මේ දෑ නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් බොහෝ පිරිසක් මේ ලොව සිටි බව අප මෙනෙහි කිරීම ඉතාමත් වැදගත්ය.විශේෂයෙන්ම පසුගිය සියවසේ මුල් අවදියේ සහ 18 වන සියවසේ ඇග භාගයේදී මේ නව නිපැයුම් සංඛයාව වැඩි දියුණු කිරීමට ගොස් මරු වැළඳ ගත් ප්‍රමාණය ඉතා බොහෝය.
මේ සුවිශේෂ නිර්මාණ කරුවන්ගේ ඇතැම් නිර්මාණ සහ ඔවුන් මරණය වැළඳ ගන්නා ඉතා දුර්ලභ ජායාරුප රැසක් අප වෙත ලැබී තිබුණා.
අද අප ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ මෙවැනි අළුත් නිර්මාණ කරුවන් සහ දක්ෂ නිර්මාණ.කලාත්මක බැවින් සහ විද්යාකුලව මනුෂ්‍යගේ සුභ විවරණය සඳහා නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් අය වේ.