..මේ ඔබ දකින්නේ ,අසන්නේ එදා අවසන් වතාවට ජෝතිපාලයන් ගම් උදාව වේදිකාවේ ගැයූ ගීතයකී..මීට පසුව ඔහු පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය ගයන්නට විය..හදිසියේම ඔහු සිය පපුව අල්ලා ගනිමින් වේදිකාව මත ඇද වැටිණ...මෙම සිදුවීම වන විට මා ස්වාධීන රූපවාහිනී සේවයේ එවකට තිබූ බාහිර පටිගත කිරීමේ වාහනය තුළ කැමරා මෙහෙයවමින් සිටියෙමි ...අප කැමරා තුනක් මගින් මෙම සංගීත සංදර්ශණය සජීවී ලෙසින් රූපගත කරමින් සිටියෙමු ..මෙම හදිසි සිදුවීම අපටද සිහිනයක් බඳුය...වේදිකාව මතම කැමරා කරමින් සිටි ස්වාධීන රූපවාහිනියේ ඉඳ්‍රජිත් වන්නිඅච්චි හට සිය කැමරාව පාලනය කරගැනීමට පවා අමතක විය...එකළ මධුරසාංග බඳු වැඩසටහන් සඳහා අපගේ චිත්‍රාගාරය සඳහා පැමිණෙන ජෝති අප කාගේත් සිත් දිනා ගත් පුද්ගලයෙකී...
වසර 27 ඇවැමෙන් අදටද ඒ මතකය ...මා හට අද ඊයේ වූවාක් සේ මෙනෙහිවේ..
සුමිත් ජයන්ත ඩයස්
-සෝමපාල ලීලානන්ද
කුල්ලෙන් හලන විට බොල් පොතු ඉවත් වෙලා හොඳ දේ ඉතිරි වෙනවා. නෑඹිලියෙන් ගරන කොට නරක
දේ ඉතුරු වෙලා හොඳ දේ ඉවත් වෙනවා. සිනමාවට වුණෙත් ඒකයි. සිනමාවට සින්දු එපා කිව්වා.
ජෝතිපාලලා, ඇන්ජලින්ලා, ලතාලා එපා කිව්වා. අද සිනමා ශාලා පාළුවෙලා. ජෝතිපාල සින්දු
කියන, ගාමිණී ෆොන්සේකලා, විජය කුමාරතුංගලා, තිස්ස විජේසුරේන්ද්රලා රඟපාන පැරැණි
චිත්‍රපටයක් සිනමා ශාලාවක දාන්න. මොන තරම් රසික පිරිසක් එතැනට එකතු වෙනවාද?
අසහාය
ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට හරියටම අවුරුදු 27 ක්. ඒ වුනත්
විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.
පහුගිය කාලෙ සුපර් ස්ටාර් ලා වුනු සියලුම (ලිට්ල්) ස්ටාර් ලා, ස්ටාර්
තත්වයන්ට පත් කළේ ජෝති, කැලැරැන්ස්, මිල්ටන්, එම්. එස්. වැනි මෙරට බිහි
වුනු අති විශිෂ්ඨ ගායන ශිල්පීන් ගේ කිසිදා නොමියෙන ගී පෙළහරයි.
රෝයි ද සිල්වා
මම එච්.ආර්. ජෝතිපාලයන් දැන හඳුනා ගන්නට ලැබෙන්නේ ‘සුදු දුව‘ චිත්‍රපටයෙන්. සුන්දර
මනුෂ්‍යයෙකු විදිහට මට ඔහු මුණ ගැසීමත් අපූරු සිදුවීමක්. ‘සුදු දුව‘ චිත්‍රපටයේ
ප්‍රධාන චරිතයට තෝරාගෙන හිටියේ ජෝතිපාලව. නමුත් ඒ වෙනකොට චිත්‍රපට කිහිපයක රඟපෑම්
කරලා මගේ නමත් හදාගෙන එනකොට මාව දැම්මා එහි ප්‍රධානම චරිතෙට.
පද්මසිරි කොඩිකාර
එච්. ආර්. ජෝතිපාල උදේ හවා ළඟින්ම ඇසුරු කළ හිතවතකු වූයේ නම් ඒ පද්මසිරි කොඩිකාර ය.
ඔහු වෘත්තියෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. පද්මසිරි, ජෝති සමඟ එක්ව ‘සුමිතුරෝ’ නමින්
චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේය. එසේම ‘සූරයන් අතර වීරයා’ ඔහුගේ තවත් සිනමා
නිපැයුමකි.