ඇහැළ මල්වලට තාත්තා කවදත් ආසා කළා. හරියට ඒක දැනගෙන වගේ අදත් බරට බරේ ඇහැළ මල් පාරට
නමා වැටිලා. වැහි අඳුර අතරින් සැරින් සැරේ ඉකිගහන ආකහේ හඬා වැටෙන්න ඔන්න මෙන්න.
ආදාහනාගාරයේ චිමිනියෙන් මෑත්වුණු තුනී දුම් රැල්ලක් හීන් සීරුවේ ඇතුගල දිහාවට
පාවෙලා ගියා. හරියට තාත්තා ගියා වගේ. යනවා දැක්කා. ඒත් නතර කරගන්න බැරි වුණා.
ආදරය හඳුනන සුවහසක් පාඨක හදවත් සියුම් ලෙස සුසර කළ මානවවාදී ලේඛකයා, පේර්මකතා සාහිත්‍යය ඔස්සේ සමාජ අසාධාරණයට අභියෝග කළ විප්ලවවාදී ලේඛකයා ප්රබුද්ධ යැයි කියාගන්නා අතලොස්සකගේ මුවග නිරතුරු බයිට් වූ බොළඳ පේර්මකතා රචකයා, පොත් රාක්ක අතරේ වේලෙන්නට නොව මිනිසුන් හට කියවන්නට පොත් ලියූ ආදරණීය තාත්තා අන්තිමේ දී ඒ පොත්වල මතකය අතරේ ම සැඟ වී යන්න ගියා.