චාමර පීරිස් විසින් අධ්‍යක්ෂණය කල A330
නම් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නවතම ටෙලි නාට්‍යය ලංකාව තුල විකාශය
කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. ඒ එයාර් ලංකා සමාගම විසින් අධිකරණය
නියෝගයක් ලබාගනිමින් ස්වාධීන රූපවාහිනියට කල දැනුම් දීමකට අනුවය.
මෙයද අමුතුම කථාවකී... අපගේ අනන්‍යතාවකට ගරහමින් කිරීමට හැදූ තවත් දෙයකී...කථාව සත්‍යයය...!!! එහෙත් ඇති ප්‍රශ්ණය නම් අපේ රටේ ගොවි ,කම්කරු ජනතාවට ජඩ ලෙසින් පහර ගසමින් මහා කෙරුමන් වීමට උත්සහ දරන්නාවූ එවැනි අම්බළම් පාරුවන් ගැනයි...මදකට නෙත් යොමන්න එහි ප්රචාරක දැන්වීම.....අළුත් දෙයක් කරන්නේ යැයි අපේ රටේ සංස්කෘතියට ,සමාජ රටාවට අපහාස කරන්නාවූ ලෙසින් සිය බොළඳ ප්‍රචාර කරන්නාවූ රිළා පෝතකයන් ගැන මීට වඩා අප පරීක්ෂාකාරී විය යුතුය...නැතිනම් අර රිළා පෝතකයන් අපහරණය කළ " සිරි සංඝ බෝධී " ගීතය මෙන් අප රට කාබාසීනියා කර දමනු ඇත...