ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 30, 2014

රටම කෑ... කම්බ හොරු

රුහුණින් රජරටින්, රටම කෑ... කම්බ හොරු,
 රට පුරා ගෙවල් බිඳ...
සොයා යයි...
පුරවැසි මනාපය...



චන්ඳ්‍රිකා , සුමන්තිරන් ,මනෝ ගනේෂන්ද නිරාවරණය වන මොහොත...

රට ඉවරයට  මාන බලන  චන්ඳ්‍රිකා , සුමන්තිරන් ,මනෝ ගනේෂන්ද  නිරාවරණය වන  මොහොත....මේ  කාළකණ්නීන්  මෛත්‍රී පසුපස  සිටීම..රටේ  අවධානම  දෙගුණ  තෙගුණ  කරවන්නකී......


"යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)
 
 ඔක්‌කොම හොරු
ඔක්‌කොම බොරු
 ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්‌ඩුවකදීත් මේ මිනිසුන්ම රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට පිළිගැනීමක්‌ තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට එළැඹෙන්නේ අඩ කල්පයක්‌, කල්පයක්‌ හෝ කල්ප ලක්‍ෂයකට පසුව ය. එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්‌ඩුවේ ඇමැති මේ ආණ්‌ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්‌ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
 මොහොතකට  දිවයින  කතුවැකිය  බලන්න....

රට ගිනි තියන ජඩ මාධ්‍ය වේදියෝ. - Vulgar Journilism

'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.

"මහින්ද වාර දෙකක් ජනාධිපති කළා. අපි කියනවා අනිත් අය වගේ දැන ගෙදර යන්න කියලා"රනිල් පවසයි

විපක්ෂය ජයග‍්‍රහණය කළ පසු කොමිෂම් සභා 5 කඩිනමින් ස්ථාපිත කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.පසුගියදා මාතලේදී පැවැති දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයට සහභාගි වෙමින් මේ බව පැවැසීය.බලවේග එකට එකතු කරගෙන  ජනාධිපතිවරණයට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාව ජයගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ වාර දෙකක් ජනාධිපති කළා. අපි කියනවා අනිත් අය වගේ දැන ගෙදර යන්න කියලා.

නීතියත් උන්ගේ...??? ගංජාත් උන්ගේ...???

සැක කටයුතු ත්‍රි රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝ අටක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්තඩoගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය සමත්ව තිබේ. මෙලෙස අත්තඩoගුවට ගත් සැකකරුවන් අතර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ටාර්වරයා ද සිටින බව  පොලිසිය සඳහන් කරයි.

පොදු අපේක්‍ෂකයකු වීමට බිරිඳගෙන් උපදෙස්‌ මාලාවක්‌...

පොදු අපේක්‍ෂක තනතුරට කවුරු දැම්මත් කමක්‌ නැහැ. ඔයා පෞද්ගලිකවම ඔය තරගයට ඉදිරිපත් වෙන්න. ඔයා පැරදුනොත් කියන්න හොර ඡන්දවලින් අරයා දිනුවා. ඔයා නඩු කියනවා කියලා. මාධ්‍යයට කියන්න. ඔයාගේ මුහුණ ටී වී වල පත්තරවල මහ ලොකුවට තියෙයි.

ඇය තවත් අපූරු යෝජනාවක්‌ ගෙනාවාය. දැන් ඔයා කා සමඟත් හිනාවෙන්න ඕනෑ. මහ මඟදී හමුවෙන වයසක කාන්තාවන්ට අම්මේ කියලා කරට අතදාල හිනාවෙලා කතා කරන්න. පුළුවන් නම් අම්මලා වඩාගෙන ඉන්න පුංචි දරුවෝ හුරතල් කිරීමට පුරුදු වෙන්න. හැබැයි අම්මලා විතරක්‌ සුරතල් කරන්න එපා. තේරුණාද?

එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම....



දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්‌ඩුවේ ඇමැති මේ ආණ්‌ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්‌ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.

Saturday, November 29, 2014

නිරුවතින් කඩේ ගිය මහින්ද ගේ නිහඬ නික්ම යාම...

ඔහු  පැමිණියේ  කෙසේද  ...???පැවතියේ කෙසේද........??? නික්ම  ගියේ  කෙසේද......??? තමුන් ගේ  වාසිය තකා  දෙලොවක්  නැතුව  කඩේ ගිය  මහින්ද  ගේ චරිතප්‍රදානය සියළුම  කඩේ යන  මාධ්‍ය වේදීන්  යැයි  කියා  ගන්නා  සැමටම මහත් ආදර්ශයක්  සපයයි...එතෙක් අවසන තෙක්  කඩේ  ගිය  මේ  අප්පුහාමි ගැන  අඩුම  තරමින්  රජ ගෙදර ලොකු  උන්නැහේ වන  මහින්ද  ගේ  සුනඛයෙකුගේ  අභාවය ගැන  ලියන  තරමේ  ශෝක ප්‍රකාශයක් වත්  මෙතකුදු  නැත....චන්ඳ්‍රිකාද  එසේය...රැජිණ ඇයයි  ...අපේ  රාජ්ජේ  කියමින්..කඩේ  ගියේය...කුණු ඇපුල්ලුවේය..


 මේ  මොහුට   මුහුණු පොතේ ලැබී තිබූ ජනප්‍රිය  නම්බුනාමය සහිත ඡායාරූපයකි.

එනමුදු එකී එකෙකුවත් ආණ්ඩුවේ එකෙකුවත් මේ වන තුරාවට අඩුම තරමේ අපේ කුණු සේදු (මට්ටයා තළේය) යනුවෙන්වත් කිසිඳු වදනක් පවසා නොමැත.මෙය සියළුම කඩේ යන්නන් ආදර්ශයට ගත යුතුය.කෙනෙකු මිය ගිය පසු කෙතරම් දුර්ජනයෙකු වුවද ඒ හා සම්බන්දව සතුටු වීමක් සදාචාරාත්මක වූ අප හට නොමැත.නමුත් සත්‍යය ඇති සැටියෙන් සියල්ලන් දැන ගත යුතුය.එහෙයින් මොහුගේ රූපවාහිණි අවතීර්ණය ගැන තතු දන්නේ මා වන අතර එය එළිදරවු කොට ඔබව දැනුවත් කිරීමද මෙතෙක් නිහඬව සිටි මාගේ යුතුකමය.පහතින් ඇත්තේ මා මිට වසර කිහිපයකට ඉහත මහින්ද අබේසුන්දර  රූපවාහිණියට ගෙනා ආ කථා වස්තුවේ ඇතුළාන්තයයි.

මහින්ද අබේසුන්දර උතුමාණන් අභාවප්‍රාප්ත වෙයි....

මහින්ද අබේසුන්දර  ඊයේ (28 වැනිදා) අභාවප්‍රාප්ත විය. මියයන විට අබේසුන්දර  75 වැනි වියේ පසුවිය.


වාමාංශික පුවත්පතක්‌ වූ 'ජනදින' තුළින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ  අබේසුන්දර 'දිවයින' පුවත්පතේ 1994 වසර දක්‌වා සේවය කළේය.

Friday, November 28, 2014

ඵකැස් චෞරී මෛත්‍රී කොන්ට්‍රෝල් කරන හැටි මාට්ටුවේ....!!!

චන්ද්‍රිකා බොරු කියන හැටි මෛත්‍රීට කියා දෙයි.. අහඹු ළෙස පටිගත වු වීඩියෝවක් (video) 

 

මෛත්‍රී කොන්ට්‍රෝල් කරන හැටි මාට්ටුවේ....තවත් රූකඩ නැටවීමක්...??? අතේ පත්තුවු වගයි...කුමන්ත්‍රණයක යෙදෙන රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම...

මාලකට ඇප ලැබෙයි...

රාත්‍රී සමාජ ශාලා තහනම්...!

එහිදී පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් මාලක සිල්වා හඳුනාගෙන ඇත. බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී තිබේ.මේ අතර නඩුවට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ද අද පෙරවරුවේ පවත්වා ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ජාතික යුවල සහභාගී වී තිබේ. එහිදී පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් මාලක සිල්වා හඳුනාගෙන ඇත.

ස්ටාර් ගේට් හෙවත් තරුපිරු අභ්‍යවකාශයට විවරවූ අත්භූත දොරටුවක් ලංකාවෙන් හමුවේ....

පිටසක්වළට යන්න පුළුවන් රහස් දොරටුවක් රිවර්ස්ටන් මහ කැලේ....!!!

 විශ්වය මහා වූ රහස් ගබඩාවකි. එහි කියැවිය යුතු මහා රහස් ගොඩක් තිබේ. මේ එහි පළමු රහසයි.
එම රහස කියැවීමට නම් ආධ්‍යාත්මික ගුණ වගාවන් වඩවා තිබිය යුතුයි. වඩවන ලද එම ගුණය සිත කය පිළිබඳ පැහැදිලි කරයි. කයින් සිත වෙන්කර ගැනුමට මඟ කියාදෙයි. එය නිවැරැදිව හදාරනවා යනු, කයින් සිත වෙන්කර ගැනුමේ අවස්ථාවට එළැඹුමයි. එම එළැඹුම තුළ සිතට නිදහසේ විශ්වය පුරා ගමන් කෙරුමට අවස්ථාව හිමිවෙයි. ඒ තුළ අතීතයට යෑමට හැකිය. වර්තමානයේ සැරිසැරීමටද හැකිය. අනාගතයටද පියමං කළ හැකිය. මෙම තත්ත්වය ලැබුමට අවශ්‍ය වනුයේ එකම එක දෙයයි. ඒ ආත්ම විශ්වාසය සහ කැමැත්තයි.


මංගල ගේ බළලා ඵළියේ...මල්ල දැන් සිරිකොතේ...!!!

2015 ජනාධිපතිවරණයෙන් පසු විධායක අගමැතිවරයකු පත් නොකරන බවත් ජනාධිපතිවරයා යටතේ පවතින බලතල සියල්ල පැය 24ක් ඇතුළත අගමැතිවරයාට නොපැවැරෙන බවත් යම් බලතල ප්‍රමාණයක් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවැරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර ප්‍රකාශ කරයි. ලෝකයේ කිසිදු රටක විධායක අගමැති යනුවෙන් තනතුරක් නොමැති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

රුසියාවේ යානයක් ගුවන්ගත කිරීමට මගීන්ගෙන් තල්ලුවක්....!!!

රුසියාවේ ඉගාර්කා ගුවන් තොටු‍පොළින් ගුවන්ගත වීමට තියූ යානයක තිරිංග හිරවීමක් හේතුවෙන් නියමිත වේලාවට ගුවන් ගත කිරීමට නොහැකි වී ඇති බව එරට රියා නොවොස්ටි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මෙම සිද්ධිය ඇතිවීමට හේතු වී ඇත්තේ අධික සීත කාලගුණය හේතුවෙන් බව වාර්තා කර තිබේ.

ප්‍රභාගේ උපන් දිනය සැමරූ තමිල්නාඩුවේ 106ක් කොටුවෙති....!!!

තමිල්නාඩුවේදී ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ කොටි හිතවාදී දේශපාලනඥයින් ඇතුළු ආධාරකරුවන් 106 දෙනකු ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ නායක වයිකෝ විසින් තමිල්නාඩුවේ කර්ඌර් ප්‍රදේශයේදී කිලෝ 60ක් බර කේක් ගෙඩියක් කපමින් මෙම උපන් දිනය සැමරූ අවස්ථාවේදී ‍පොලිසිය විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.

‘බළල්ලූ ලවා කොස් ඇට බාවා ගන්න’ විස්කි චන්ද්‍රිකා ....!!!

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට චේන්ජ් එකක් අවශ්‍යව තිබෙනවා. එයාට අවශ්‍ය වී ඇත්තේ ‘ඇරියස් කවර් කර ගැනීමේ’ චේන්ජ් එකක්. ධුර කාල දෙකක් කාලා, කාලයත් කාලා, රටත් කාලා අන්තිමට රාජ්‍ය නායිකාවක් තම ධුරය අත්හැර යන නරකම විදිය අත් විඳපු කෙනෙක් ඇය. එදා රවී කරුණානායකලා එයාට විරුද්ධව සටන් පාඨ හැදුවේ ‘විස්කි මැඩම් පිස්සු කෙළී’ කියලයි.

Wednesday, November 26, 2014

හකීම්, අතාවුල්ලා ගෙන් මහා වන සංහාරයක්..!!! මේ අල්ලන් බල්ලනු...!!!

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය එ්.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. සාගම වැවේ හා පන්නල් ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් හා අලි – ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුව ද ඊට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි.

ජනතා ඉල්ලීම...

වෙනසක් අවශ්‍යයි අපට සිතේ. නමුත් එය සිදු විය යුත්තේ මේ ආකාරයට සිදු නොවිය යුතුය.... නැතහොත් සරත් ෆොන්සේකා මෙන් අවලංගු කාසියක් වී පසෙකට වී අසරණව සිටීමට සිදුවනු ඇත.
මෛත්‍රී කරණයේ වර්තමාන අවස්ථාව බැලු විට සරල කාරණා කීපයක් පෙනෙයි.

කැප්පෙටිපොල සමරුව ...!!!

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා සමුළුව 2014 නොවැම්බර් අද (26) සවස 2:30ට මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තීන්දු තීරණ ගන්නා ඵකැස් චෞරී 13 දීමට ටී.ඵන්.ඒ වෙත පොරොන්දුවේ....!!!

පදිවු වෙබ් අඩවි වාර්තාවක දැක්වෙන්නේ සිරිසේන ට සහයෝගය දැක්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්පුර්ණයෙන් ක්‍රියාවට නැංවීම, උතුරු සහ නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරු මාරුකිරීම, නැගෙනහිර පළාත් සභාවේ වෙනස්කම් ඇති කිරීම ආදියට මෙහිදී හිටපු ජනාධිපතිනිය සම්බන්ධන්ට එකඟතාවය පල කර ඇති බවයි.විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දැක්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර පැවති සාකච්චා සාර්ථක වී ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.

මෝදි බිරියට මුර භටයන් ගැන සැකයක් ...!!!

 මෝදි මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසුව තමන්ට ලබා දී තිබෙන අධි ආරක්ෂාව නිසා එදිනෙදා ජීවිතය සැහැල්ලූවෙන් ගත කිරීමට බාධා එල්ල වී ඇති බව මෝදි බිරිඳ පවසයි.
තමන් පොදු මගී ප‍්‍රවාහන සේවාවල ගමන් ගන්නා විට රජයේ ආරක්ෂක රථ පසු පසින් පැමිණීම මහත් හිසරදයක් බව ඇය කියා සිටියි.


62 හැවිරිදි ජශෝධාබෙන් මහත්මිය විශ‍්‍රාමලත් ගුරුවරියකි.
ඇය ඉන්දියාවේ මෙහ්සානා දිස්ති‍්‍රක්කයේ උන්ජාහ් නගරයේ දිවි ගෙවයි.

SLT ”බජට් IDD” සමග ඕනෑම ජාලයකින්, රටවල් රැසකට කතා කරන්න


 ලංකා ටෙලිකොම්,  ඕනෑම දුරකතන ජාලයකින් රටවල් 50කට අඩුම ගාස්තු සහිතව ඇමතිය හැකි විශේෂ IDD දීමනාවක් ඔබ වෙත හිමි කර දෙයි.”බජට් IDD”පෙරගෙවුම් කාඞ්පත මගින් විදෙස්ගතව සිටින ඔබේ සමීපතමයින් සමග වඩාත් පහසු මිලකට නිදහසේ කතා බහ කිරීමට අවස්ථාව සැලසේ.

අයියා මෛත්‍රීට මම මහින්දට - රාජිතගේ සොහොයුරු මහීල් කියයි...

හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ජනාධිපති ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීම සඳහා සන්ධාන රජයෙන් ඉවත්ව ගියත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  මෙවර ජනාධිපති තරගයෙන් ජයග්‍රහණය කරවීම සඳහා තමාගේ මුළු ශක්ති ප්‍රමාණය යොදවන බව දොස්තර රාජිත සේනාරත්න ගේ සොහොයුරු මහීල් සේනාරත්න  ඉකුත් සෙනසුරාදා මීගමුවේදී අවධාරණය කළේය.

දයා ගමගේ එජාපයේ පොදු අපේක්ෂකකම ඉල්ලයි....

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ‍පොදු අපේක්ෂක ධුරයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව එජාප ජාතික සංවිධායක දයා ගමගේ  ප්‍රකාශ කර තිබේ.

රනිල්ට අගමැතිකම දෙන්න මෛත්‍රිට බලයක් නෑ...!!!

ඒක තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව...
මෛත්‍රිපාල ජනාධිපති පුටුවේ වාඩි වුණත් ඔහුට රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න බලයක් නැතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත  පවසයි. ඔහු කියන්නේ එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අත බවය.

මෝංගල් ගේ දෙබිඩි කථා....

මෛත‍්‍රීපාල නිකමෙක්… කෙරුම්කාරයෙක් නොවයි – මංගල

මෛත‍්‍රීපාල සිරිසේන යනු කෙරුම්කාරයෙක් හෝ ශ‍්‍රීලනිපය තුල ප‍්‍රධානියෙක් හෝ නොවූ බව එජාප මන්ත‍්‍රී මංගල සමරවීර  පවසයි.

එසේම ඔහු ගැන ශ‍්‍රීලනිපයට විශ්වාසයක් හෝ නොතිබුණු නිකමෙක් බවත් සමරවීර  සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ විකාශණය කල වීඩියෝව පහතින්....

ඵකැස් චෞරිය ගේ මීළඟ මෙහෙයුම.....

චන්ද්‍රිකා දෙවන ගැටය අඹරයි.. විපක්‍ෂයට පැන්නොත් මිලියන දෙසීයයි.. කොළඹින් ගෙයයි..

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේෂක්‍ක මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය පල කරමින් දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම සඳහා හිටපු  රට කෑ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග  විදේශ තානාපති කාර්යාල කිහිපයක් හා එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ලොව වයස්ගතම හෝටල් සේවකයා මියයයි ...

ගාලු මුවදොර හෝටලයේ වසර 72කට අධික කාලයක් දොරටුපාල වශයෙන් කටයුතු කළ කොට්ටරපට්ටු චට්ටු හෙවත් කුට්ටන් මහතා 18 අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වර්ෂ 1942දී ගෝල් ෆේස් හෝටලයේ සේවයට පැමිණි කුට්ටන් මහතා  අවුරුදු 72ක් පමණ දොරටුපාල සේවයේ නිරත විය. මියයන විට අවුරුදු 94ක් වු කුට්ටන් මහතා ලොව වයස්ගතම සේවකයන් අතර සිටින්නෙකුද වනවා. එක් ආයතනයක වැඩිම සේවා කාලයක්  හිමි සේවකයකු මෙන්ම ලෙව වඩාත්ම ජනප්‍රිය හෝටල් සේවකයකු ලෙසින්ද කුට්ටන් මහතා ප්‍රසිද්ධියක් ලබාගෙන සිටියා.

Tuesday, November 25, 2014

මෛත‍්‍රීපාලට මනාප ඉල්ලාගෙන එන උන් ගස් බැඳ ගහපල්ලා...

 අද මාධ්‍ය බළපත් ලබාදී ඇත්තේ කාටද.. ඒ මේ උඩ බුරලන කසිප්පු කාරයා  වැනි අසමජ්ජාති රස්තියාදු කාරයන්ටය.
... අද ඌගේ ජන්ම ගතිය හෙළිවු පුවතක්  ලැබී තිබුණී ..එතනෝල් කන්ටේනර් පිටින් ගෙන්වූ ,දළදා සමිඳු වැඩසිටින කන්ද උඩරට වැඩිම මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් හිමි මෙන්ම මත්පැන් නිෂ්පාදනාගාරයක් හිමි
ලක්ෂ්මන් වසන්ත පෙරේරා  ...නම් මුර බල්ලා...( මහින්ද ගේ දෑත් සවිමත්ව ඇත්තේ  මෙවැනි ගස් බල්ලන්ගෙනී..)


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන ලෙස ඉල්ලා එන අයට ගස් බැඳ පහර දෙන්නැයි නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා  පවසයි.

Monday, November 24, 2014

මිනිස් වෙසින් සිට ජම්ම ගති පෙන්වූ බල්ලෙක් බිරූ වගයි....

"මෛත්‍රී තෝ අපිව කෑවා" මහනුවරදී ලක්‍ෂ්මන් කිරිඇල්ල කෑ ගසයි....


අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර වූ බහින් බස්වීමක් මල්වතු විහාරය අසලදී සිදුවූ අතර හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත් වීමෙන් එය ඉතා අසීරුවෙන් සමථයකට පත්විය.

මෙහිදී එජාප මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මෛත්‍රිගේ ජාතකය ඇද ගනිමින් බැණ වැදුණේ “මෛත්‍රී තෝ 32ක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගේනවා’යි කිව්වා. මංගල ප්‍රවෘත්ති  සාකච්ඡාවට 13ක් එනවා කිව්වා. කෝ ඒවා. උඹ මහ බොරුකාරයෙක්” යන වචන සමඟ අසභ්‍ය වචනද එක්කරමිනි.

මේ ඵයට කාළයයි...

 
මෙන්න  ඔබත් මමත් දැන ගතයුතු  ඇත්තම සත්‍යය...!!! පාට පක්‍ෂ ඇස්වල හිත්වල තවරා ගෙන අපේම එවුන් ඇණ කොටා ගනිද්දී  මුන්ට නොමිළේ ලැබෙන ඉන්ධන,ආරක්‍ෂාව සහිතව විරාජමානව  පාරේ යන අහිංසකයන්වත් යට කර ගෙන යති...පාර්ළිමේන්තු දන්සැලෙන් මේ පිම්පියන්ට  ලැබෙන ඉතා අඩුමිළ රජ බොජුන්ද කෙළමින්,(පාර්ළිමේන්තු වේදී මේ මීහරක්ට ලැබෙන කෑමවේලක් පිටතදී රුපියල් දහස් ගණනකී..) මිනිසුන්ට පෙනෙන්නට සතුන් මෙන් හැසිරෙමින් වැඩ සිටිනා මේ අපතයනට කරුණාකර ඔබ ඡන්දය දීමෙන් වළකින්න....

පූර්ණ ආශිර්වාදය මැද ආණ්‌ඩුව යන ඒකාධිපති ගමන...!!!

 ඕනෑම රටක ආණ්‌ඩුවක්‌ සෑම විටම කටයුතු කරන්නෙ තම බලය රැක ගැනීමට සහ තහවුරුකර ගැනීමටයි. බලය අත්හැරීමට කිසිම ආණ්‌ඩුවක්‌ කැමැති නෑ. ඒ වගේම කිසිම ආණ්‌ඩුවක්‌ බලය කොපමණ තිබුණත් එයින් තෘප්තිමත් වෙන්නෙත් නෑ. මෙය තුන්වෙනි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවල ස්‌වභාවයයි. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙන තුන්වෙනි ලෝකයේ රටවල ආණ්‌ඩු ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල බලය තහවුරු කර ගැනීමට උනන්දුවීමත්, එයට එරෙහිවන බලවේග මර්දනය කිරීමත් සාමාන්‍ය දෙයක්‌. මේ තත්ත්වය අපේ රටෙත් ඒ ආකාරයෙන්ම දකින්න තියෙනව.


ආණ්‌ඩුවක්‌ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ජනතාව විසින් තෝරා පත්කරගත් පුද්ගලයින්ගෙන් සමන්විත ආයතනයක්‌. නමුත් ජනතාව විසින් තෝරා ගෙන බලය පැවරුවට පස්‌සෙ ආණ්‌ඩුවක්‌ විදිහට සංවිධානය වුණු මේ අයගෙ තිබෙන විශේෂ ලක්‍ෂණයක්‌ තමයි ජනතාව ගෙන් ඈත් වීම.
ජනතාව එකතුවෙලා බලය ලබා දුන්නට පස්‌සෙ මේ අයට ජනතාව කන කෑම බීම කන්න බෑ. සුපිරි කෑම ඕන. ජනතාව යන එන වාහනවල යන්න බෑ. අධි සුඛෝපභෝගි වාහන ඕන. කලින් හිටපු ගෙදර ඉන්න බෑ. සුපිරි මන්දිර ඕන. වෙනද කතා කරපු නමින් අමතනවට කැමැති නෑ. නමේ මුලට ගරු, අතිගරු කෑලි ඕන. ජනතාවගෙන් බලය ලබා ගත්තට පස්‌සෙ මේ ගොල්ලො මානසික වශයෙන් රජවරු බවට පත්වෙනව. මේ මානසික රජවරුන්ට තමුන්ගෙ රාජකීය ගතිය පවත්වාගෙන යන්න කරන රස්‌සාවක්‌ නැති හින්ද මොවුන්ට ඒ රාජකීය ගතිය පවත්වාගෙන යන්න වෙන්නෙ ජනතාව උපයන මුදලින් ගෙවන බදු මුදල් වලින්.

Sunday, November 23, 2014

මදකට සිතන්න...

චන්ඳ්‍රිකා  යනු මැකියාවෙලීගේ  තියරියේ කාන්තා  උදාහරණයය..වසර ගණනක් කල්‍ යල් මරා නැවත  බලයට ඒමට ඇටවූ මර උගුළ නම් පොදු අපේක්‍ෂක අවශ්‍යතාවයය...මාදුළුවාවේ සෝබිත හිමි සහ රතන හිමියන් සැකසු මගට චන්ඳ්‍රිකා  එක්වනම අවතීරණ වනුයේ රනිල්ද සමගිනී..මෛත්‍රීපාලයන්  ජෙප්පන් හෝ ස්වාධීන ලෙසින් මෙයට එකතුවූවානම් ලැබෙන ප්‍රතිපළය අතිශයින් තීරණාත්මක වීමට ඉඩ තිබුණී...


එහෙත් දිනපතා කට ගොන්නක් විස්කි බී ,අත්තනෝමතික ලෙස රටේ ධනය සූරා කෑ අධම චරිතයක් වන කූප්‍රකට චෞර රැජිණ නැවත අපේ දේශ පාළනයට එබී බැළීම එතරම් සුභ නැත ..සමහර විට අහිංසක මෛත්‍රී දිනුව හොත් ඔහුව රූකඩයක් කර ගත හැකියැයි හෝ ඔහුව බලෙන් හෝ පහකර තමා ජනාධිපති වීමට මාන බලමින්  සිහින මවමින් සිටිනවා විය හැකිය..එසේම   විජයාවතරණය ලෙසින් සිය පුත් විමුක්ති පාර්ළිමේන්තුවට යැවීමට හදනවාද  විය  හැකිය...කෙසේ වෙතත් මේ අජූත එකැස් යකින්ණිය දැකීමට පවා  ජනතාව කැමති නැත.මෙම ගැහැණිය කෙතරම් කපටිද යත් වරක් මැතිවරණයෙන් ජය ලැබුයේ ඇසේ කපු පුළුන් කැබැල්ලක්  අලවා ගෙන හඬමින් වැළෙපෙමින් ජනතා අනුකම්පාව  ලබා ගැනීමෙනී...


හාම්පුතුන්ගේ හිරිහැර විඳි ගෘහ සේවිකාව මරුට...!!!

සෞදි අරාබියේදී හිරිහැරයට ලක් වුණු හැටන් ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන කමලේෂ්වරී නැමැති කාන්තාව මිය ගොස් ඇත.


මෙම කාන්තාව 2012 වසරේදී ගෘහ සේවිකාවක් වශයෙන් විදේශ ගත වී තිබේ.

ලොව වැඩිම කලක් රජ පුටුවේ භූමිබෝල්

තායිලන්තයේ භූමිබෝල් රජු ලෝකයේ දැනට වැඩිම කාලයක් සිංහාසනාරූඪව සිටින රජු වශයෙන් සලකනු ලැබේ.


දෙසැම්බර් 05 වැනි සිකුරාද සිය ජීවන ගමනේ 86 වැනි විය සැපිරීමට නියමිත භූමිබෝල් රජු (King Bhumibol Adulyadej, ) රාජ්‍යත්වයට පත් වී දැනට ගෙවී යන්නේ 67 වැනි වසරයි.

‘ආණ්ඩුව ලොකු අර්බුදයක‘-මෛත්‍රීපාල


තමා ආණ්ඩුවෙන් එළියට අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල  කෝට්ටේ නාග විහාරයේදී මාධ්‍ය අමතා පැවසීය.

‘ගියපු අයගේ ෆයිල් මගේ ළඟ‘ මහින්ද කියයි


‘විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
ජනපති මෙසේද කීය.

එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා පෙරේදා අභාවප්‍රාප්ත විය...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වු  එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා  පෙරේදා(21) අභාවප්‍රාප්ත විය. එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරාගේ දේහය 410/103 බෞද්ධාලෝක මාවත,  කොළඹ 07 හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2014 නොවැමිබර්  මස 24 වන දින සවස 4.30 ට බොරුල්ල කනත්තේදී සිදූ කෙරේ.

ජැක්සන් ඇන්තෝනි නම් විකටයා....!!!

ජැක්සන් ඇන්තෝනි නම් විකටයා  මකිියාවෙලී මහින්ද උතුමාණන්  ගේ ගුණ වැයීම පුරුද්දක්  සේ  කරනුයේ  මන්ද....රට පුරා බැනර් කට් අවුට් පෝස්ටර්  ගැසීමේ පටන්  සියළු  මහින්ද අප් වැඩසටහන්  වලින්  මාස් පතා රුපියල් කෝටි මිලියන ගණනක් ලැබෙන නිසා මිස  රටට  ,ජාතියට හෝ  මහින්දට  ඇති  ආදරයක්  නිසා  නොවේ....  කවුද කපටි  ඇන්තෝනි....!!!


ජැක්සන් එයා දැන් නිතර අඳින රජ ගෙදර කවටයාගේ ඇඳුමත් ඇඳගෙන වේදිකාව උඩට දුවගෙන ආවා...!!!
 කලින් හිටපු කතෝලික මුහුදු බඩ කැරළි ගැහුණු කොන්ඩයක් සහිත ජැක්සන් ඇන්තනි නොපෙනීම ගියා. ඒ වෙනුවට නිතර හිස බූ ගෑ, රැවුල වවාගත්තු, උගුරට යටින් කතා කරන, සාටක ඇන්තනි කෙනෙක් හැම තැනම හිටියා.
මෙම  වීඩියෝව නැරඹීමට  ප්‍රථම  දකුණුපස  තීරුවේ  ඉහළින්  ඇති  ප්ලෙස්මි  රේඩියෝ ප්ලේයරය  නවතා ගන්න....

නමින් මතට තිත.. නමුත් වටේම මතට හිත...( එතනෝල්කාරයන් හා කුඩුකාරයන් )

 
 එතනෝල්කාරයන් හා කුඩුකාරයන්
මැතිසබයට ආවා....!!!! ආණ්‌ඩුව පිරිහුණා
....!!!!
- ජනක බණ්‌ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියයි

 මෙම  වීඩියෝ නැරඹීමට  ප්‍රථම  දකුණුපස  තීරුවේ  ඉහළින්  ඇති  ප්ලෙස්මි  රේඩියෝ ප්ලේයරය  නවතා ගන්න....

Saturday, November 22, 2014

එගොඩ ගොඩෙත් රත්තරං ...!!! මෙගොඩ ගොඩෙත් රත්තරං ...!!!


මෙම වීඩියෝ නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න.... 
.
මේ ලස්සන රබන් පදයකි.හතිදාගෙන හරි හරියට රබන් ගසන්නන් රබන් ගසති.නටන්නන් නටති.නමුත් තිරෙන් එහා ජවනිකාව වෙනත් දෙයකි. දේශපාළුවන් ගෙම්බන් වැනිය.උන් රත්තරං සොයා එගොඩට පනිති. මෙගොඩට පනිති.අපේ මෝඩ ජනතාව චුන් වී රබන් ගසති. කිරිබත් කති. නටති. ගයති. විනෝද වෙති.නමුත් මේ සියල්ල අස්සේ හොද්ද බොර කර ගන්නේ දේශපාලුවන්ය. උන් මිනිසුන්ගේ ඇස්වලට වැලි ගසා වාසි පැත්ත බල බලා එහෙට පනිති . මෙහෙට පනිති.

අති උතුම් සැදැහැවත් පවිත්‍රා දේවී වන්නිආරච්චී ගේ රමණීය හැසිරීම්...!!!

බලන්න ...අහන්න 
 මෙම  නැරඹීමට  ප්‍රථම  දකුණුපස  තීරුවේ  ඉහළින්  ඇති  ප්ලෙස්මි  රේඩියෝ ප්ලේයරය  නවතා ගන්න....



සබැඳි ලිපි සඳහා පහත ලින්ක්ස් ක්ලික් කරන්න..

මාලක ලෙවකා දැමූ සිය ප්‍රතිරූපය නැවත නැංවීමට තටමන මැරවින් හෝටලයක් වසයි....!!!

 හෝටලයක් වසා වීරයෙකු  වන්නට ගිය  මර්වින්....
තැනේ හැටියට  ඇණේ  ගැසීමට  කවදත්  කපටීන්  දක්‍ෂය...ජනතාවගේ  උද්ඝෝෂණය  වෙනුවෙන්  හඬක්  නැගූ මර්වින්  දැන්  වීරයෙකී....ලංකාවේ වීරයන් බිහිවන්නේ එසේය..දැන් මැරවියාට  ඡන්ද  අට්ටියක්  ෂුවර් ය. ලංකාවේ හොරුන්  ජනතා  නාඩි  අල්ලන්නේ  එසේය...මේ  පුවත  අප  ඔබට  මින්  පෙර  වාර්තා කළා.අද ඔබට  එම  සිදුවීමේ  වීඩියෝ පටය අප  ඉදිරිපත්  කරනවා....


කිරිබත්ගොඩ විහාරස්ථානයක් අසළ පවත්වාගෙන යන හෝටලයක සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරක් අනූව ගම්වැසියන් සමග එහි ගිය ඇමති මර්වින් සිල්වා  (17) එය වසා දැමීමට පියවර ගත්තේය.
ඇමති මර්වින් සිල්වා  එම ස්ථානයට ගොස් එකී හෝටලය වසා දැමීමට අදාළ කතා පුවත සැකෙවින් මෙසේය.

Friday, November 21, 2014

ගැතිකම් ,බැතිකම් සහ බළුකම්... නිළ ඇදුම් ලා ගත් නිවටයන්ගෙන් ...

දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගමට එන වන්දනාකරුවෝ කියති.බිරියන්ද සමඟ එන දේශපාලනඥයන්ගේ පුජා වට්ටි පොල්තෙල් හදුන්කූරූ වැනි වෙනත් දේද ඔසවාගෙන ඔවුහු දේවාලවලටත් කිරි වෙහෙරටත් යන එන දර්ශන බොහෝය.

ද්‍රවිඩ සිනමා අධ්‍යක්‍ෂ බාලු මහේන්ඳ්‍රන් මියයයි...!!!

සම්භාවනීය  ද්‍රවිඩ සිනමා අධ්‍යක්‍ෂ බාලු මහේන්ඳ්‍රන් පසුගියදා අභාවප්‍රාප්තව ඇත.1939 මැයි මස 20 වන දින මඩකළපුවේදී උපත ලබා ඇති මේ ප්‍රවීණ සිනමාවේදියා. ඉන්දියාවේ පුනේ සිනමා විශ්ව විද්‍යාලයෙන් සිනමාව පිළිබඳව හදාරා ඇති අතර ඔහු නිපදවූ කෝකිලා නම් කන්ණඩ සිනමා පටය ඉන්දියාවේ ජාතික සම්මානයට පාත්‍රවිය.ඒ ඔහුගේ පළමු සිනමා කෘතියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.