ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 31, 2014

කොස්ලන්ද ඛේදවාචකයේ අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් .....

 කොස්ලන්ද ඛේදවාචකයේ  අළුත්ම  ඡායාරූප අපට  ලැබී තිබෙනවා...අපගේ සුවිශේෂී ස්තූතිය ශ්‍රීලංකා ගුවන් හමුදා  මාධ්‍ය ඒකකයට....

Hundreds missing after mudslide sweeps through tea plantation in Sri Lanka

කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ බිහිසුණු නායයැමෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්‌ දැයි සෙවීම සඳහා සංගණනයක්‌ ආරම්භ කර ඇත.
කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතු නිවාස ගම්මානයේ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම්වලට සහායක්‌ වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක්‌ ඊයේ (30 වැනිදා) සිට යොදවා ඇත. ආපදා
කළමනාකරණ මධ්‍යස්‌ථානය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්‌ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව ගුවන් හමුදාව පවසයි.

ඇත්තමද....!!!බොරුමද....!!!

 සුජීව සේනාසිංහ  විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් අමතමින්  දෙසා බෑ කථා පොජ්ජකී  මේ...තීරණය  සහ  විනිශ්චය  සුපුරුදු ලෙසින් ඔබට භාර කරම්හ...



එදා කියූ දේ .... බොරු කියූ දේශපාළුවෝ මෙන්න...


උන්  වාසි පැත්තට පණිති....රටේ  ජනතාවට  අසූදහසක්  කෙප්ප කෙළිති...උන්ට  ඒ  ගැන  කිසිදු  ලජ්ජාවකුදු  නොමැත...එහෙත් අපට  ලජ්ජාව  ඇත්තේ    එවන්  හොරුනට  නැවත  නැවත  රැවටෙන  අපේම එවුන්  තවමත්  අපේ  රටේ  සිටීම  ගැනය...එදා  ඒ  පිසාචයන්  කියූ  දෑ  මෙසේ  යළිදු  සිහි කිරීමක්...කරුණාකර  ඔබේ  දෙනෙත්  වසා ඇති  පක්‍ෂ පාට කඩතුරාවෙන්  මිදී  විවෘත මනසකින්  මේ දෙස  
බලන්න....
 

ඔහුට ජන සමාජයේ ජීවත්වන හැටි උගන්වතොත් එය ප්‍රමාණවත් ...!!!

සමාජයක්‌ ඇති බව පාසල නොදනී...

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිය දරුවකු පාසලට ඇතුළු කරමින් පන්තිභාර ගුරුවරයාට මෙසේ කීවේය.


"මේ දරුවාට විභාගවලින් සමත් වීම අරමුණු කර ගෙන ඉගැන්වීමට උනන්දු වන්න එපා. ඔහුට ජන සමාජයේ ජීවත්වන හැටි උගන්වතොත් එය ප්‍රමාණවත් වෙයි."

Tuesday, October 28, 2014

සිනමා අඹරේ නොමියෙන පහන් තාරකාවිය රුක්මණි දේවිය..


රුක්මණී දේවිය මිය ගොස් ඔක්තෝබර් 28 වැනි දිනට තිස්හය වසරක් ගෙවී ගියද .., ඇය අපගේ පැරණිතම චිත්‍රපට නිළිය වුවත්..,  අපට හැඟෙන්නේ ඇය අපගේ අලුත්ම නිළිය බවය.

   
 ඇය ජනප්‍රිය සංස්කෘතියට අයත් කලාකාරියකි. ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළියද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාවද ඇයමය. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.

නීතිය බල්ලට...!!! මීගමුව ගෝඩ් ෆාදර්ට..!!!

මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්‌ටුව සමග වන බත් බැලයන් පිළිබඳ සටහන. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක්‌ . භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය.

ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ.  මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ....

Monday, October 27, 2014

අනුරාධපුරයට නයිට්‌ ක්‌ලබ්....

 සිරිමා බෝ සමිඳුන් අභියස රඟන මරඟනන් දුටුවෙමි....
දැන් තියෙනවා....!
රජ රටටත් නයිට්‌ ක්‌ලබ්
....!!!

 අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අපි අනුරාධපුරයට ගියෙමු. ඒ ගිය අතරතුර අනුරාධපුර නගරයේ ත්‍රීවීල් රියෑදුරකු හරි අපූරු ස්‌ථානයක්‌ ගැන අපේ කන තැබුවේය. ඒ අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ අලුතින් විවෘතව ඇති 'නයිට්‌ ක්‌ලබ්' එක ගැනය. අනුරාධපුර නගරයේ නැති දෙයක්‌ නැති බව සැබෑය. එහෙත් රාත්‍රි සමාජ ශාලාවක්‌ නොතිබිණි. දැන් ඒ අඩුවත් සම්පූර්ණ වී ඇත. අනුරපුරට තවමත් 'නයිට්‌ ක්‌ලබ්' අලුත්ය. 'අටමස්‌ථාන නම් කොයි වේලාවක වැඳපුදා ගන්න බැරිද...' මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් අපි නයිට්‌ ක්‌ලබ් ගියෙමු....

රතන හිමිට පල්ලිය සෙට් වේ..

ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමින් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවල සහාය පවේ.


මේ බව සඳහන් කරමින් කිතුහඬ සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
හෙළ උරුමයේ ‘පිවිතුරු හෙටක්’ යෝජනාවලියට කතෝලික සංවිධානවල සහාය පළකිරීමයි ...!

Sunday, October 26, 2014

අසමත්ජාතිකයන්ගේ වීඩියෝ අපහාසය ලැබූ දිරිමත් හිමිනම ...


අපේ රටේ පඳුරකට, ඉපනැල්ලකට පයින් ගැසූ පමණින් විසිවන මහා දේශ පාක්ෂික රටට ජාතියට ආදරේ යැයි කියා ගන්නා නිකමුන් සිටින රටක , එසේම ප්‍රධාන ආගම බෞද්ධ යැයි නාම මාත්‍රිකව යොදා ජනතාව රවටමින් රට පාලනය කරන දේශපාළුවන් සිටින රටක සිදුවිය නොහැකි දෙයක් නොමැත.
එය සනාථ කරමින් පසුගිය දිනෙක මඩකලපුවේ පිහිටා ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන ග්‍රී මංගලාරාමය රජමහ විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීම නීච අයුරින් සිදු කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ එම විරෝධයේ අවස්ථාවන් එකණෙහිම රූ ගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබු අසමත්ජාති මුසල්මානුවන් එය හට ප්‍රචාරය ලබා දී තිබුණේ මෙන්න බුද් පුත්‍රයාණන් වහන්සේ නමක් කුණුහරුප කියනවා යනුවෙන් අවඥාවට ලක් කරන අදහසිනි. 
මෙහි සත්‍යය පසුබිම නිරාවරණය කිරීම සඳහා මෙම විශේෂ ලිපිය ඔබට අප ඉදිරිපත් කරමු. මෙහි ඇති එම වීඩියෝවේ උද්වේගකර වදන් දෙස නොව සිදුව ඇති අසධාරණය දෙස අවදානය යොමු වේයැයි අප බලාපොරොත්තු වෙමු. තීරණය සහ  විනිශ්චය ඔබට භාරය.



ස්වාමින් වහන්සේගේ අදහස් 

Friday, October 24, 2014

දෙවිනුවර ඇසළ පෙරහැරේ කරඬුව බිමවැටීම ගැන පරීක්ෂණයක්......!....

මෙම සධාතුක කරඬුව ඇද වැටීමේ සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා නොකරන ලෙසට සෑම මාධ්‍ය ආයතනයකටම ජනාධිපති මාධ්‍ය ඒකක විසින් දැනුම් දී ඇත.


 දෙවිනුවර මහා උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර පසුගිය පොහෝදා(10) වීදි සංචාරය කරද්දී එහි ප්‍රධාන හස්තිරාජයා මත වැඩමවමින් තිබූ ශ්‍රී සධාතුක කරඬුව දෙනෝදාහක් මහ සෙනග බලා සිටියදී බිම ඇද වැටීම පිලිබඳව වහා පරීක්ෂණයක් අරඹන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මානුෂික ආධාර සපයන රටක් බවට ශ‍්‍රී ලංකාව පත්වුණා....මහින්ද



‘මානුෂික ආධාර සපයන රටක් බවට ශ‍්‍රී ලංකාව පත්වුණා. පාකිස්ථානය වැනි රටවල් පසුගිය කාලයේ දී සිදුවූ ආපදා හා ගැටුම් තත්ත්වයන් හේතුවෙන් ආධාර අවශ්‍යව සිටි මොහොතක රටවල් කිහිපයකට අපිට හැකි අයුරින් අධාර දීමට හැකිවුණා.’ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැයේ දී පැවැසී ය.

අයවැය කථාවේදී  - ජනපති කවි කියයි...

 මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍ය, ජනාධිපති මහින්ද රාජපක්ෂ  2015 වසර සදහා වන අයවැය කියවීම පාර්ලිමේන්තු සභාවේදී .

අයවැය ඉදිරිපත් කරන අතරතුර ජනාධිපතිවරයා සාගර පලන්සූරිය කිවිදාණන්ගේ කවි පෙළක් ද කීවේ ය..එම මුළු කථාව පහතින්...නැරඹීමට ප්‍රථම  දකුණු පස ඉහත ඇති  ප්ලෙස්මි ගුවන්විදුලි සජීවී විකාශය  අක්‍රීය කර ගන්න....

සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ....රනිල්ට අකිළ කියයි... !!!

 පසුගිය 20 වන දින විවාහ දිවියට එළැඹුනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්...රනිල් සහ අකිළ අතර ගෘහ  මූලික  ප්‍රශ්ණයක්


 '... තමුසේ මහා සවුත්තු මිනිහෙක්…තමුසෙට මම ළඟට අරන් නියෝජ්‍ය මහලේකම් කියලා අළුතින්ම තනතුරකුත් හදලා දුන්නේ විශ්වාසයට. මාත් එක්කම ඉඳියි කියලා හිතපු නිසා. තමුසේ කරේ මං කොහොමවත් අකමැති වෙච්ච දෙයක්.” යැයි කියමින් රනිල් සිය බලවත් කණගාටුව අකිලට ප්‍රකාශ කර ඇත.
ප්‍රති පිළිතුරු දෙමින් අකිල පවසා ඇත්තේ ” සර් මම කවදාවත් සර් ව අමතක කරන්නේ නෑ. සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ. මම විවාහ වෙන්න තීරණය කලේ සමාජ මතය හදන්න විතරයි. සර් මයිත්‍රී මැඩම් විවාහ කරගෙන හිටියට එයත් එක්ක නැහැනේ. මටත් ඕන වෙලා තියෙන්නේ සමාජ මතය හදාගන්න. ලෝකෙට පේන්නයි ඕනෑ. මම එදා වගේම සර්ට තියෙන ආදරයේ අඩුවක් නැහැ.” යනුවෙනි.

රතන හිමියන් සෝභිත හිමි හා එක්වේ..( සංඝ කුලප්පුව )

 කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරයේදී ඇතිකරගත් පොදු එකගතාවයට අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සහ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සමබන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී කරුණු සාකච්ජා කළ මාදුළුවාවේ සෝභිත සහ අතුරලියේ රතන යන හිමිවරු ජනාධිපතිවරණයේදී තෙවැනි අපේක්ෂකයෙකුට  කිසිසේත් සහය නොදිය යුතු යැයිද අවධාරණය කළහ.

ශ‍්‍රී ලංකාව සමලිංගික අයිතිය පිළිගනී...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පවසයි.


නම හෙළි නොකළ එම සංවිධානයේ ප්‍රකාශකයෙක් ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය සුවිශේෂී එකක් බවයි.

දුන්නොත් පැන්නා

රවි ආණ්ඩුවට පනින්න විදේශ ඇමති ධුරය ඉල්ලයි...

  පසුගිය මාස කීපයක් පුරා රවී කරුණානායක  ආණ්ඩුවට එකතු වීම ඉලක්ක කරගෙන රහසිගත සාකච්ජා වට ගණනාවක්ම පවත්වා තිබූ අතර එහිදී ඔහුගේ මූලික ඉල්ලීම වී තිබුණේ  විදේශ අමාත්‍ය ධූරය ලබාදීමයි.

Thursday, October 23, 2014

ටෙලෝ,ප්ලොට්,ඊ.පී.ආර්.එල්.එෆ් විග්නේෂ්වරන්ට දැඩි විරෝධය දක්වයි...

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුනක් හා උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් අතර හටගෙන ඇති මතභේදය උග‍්‍ර වී තිබේ.


උතුරේ ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම දෙපාර්ශ්වය වේදිකාවෙන් වේදිකාවට එකිනෙකාට බැණ ගැනීම නිසා ගැටුම තවදුරටත් දරුණු වී ඇති බවය.

මහින්ද රාජපක්‍ෂට අනතුරු අඟවන සරත්....

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අනතුරු ඇඟවීමක් කරයි. කොළඹදී පැවති පුවත්පත් සාකච්චාවකදී ඒ අදහස් පල කළේ මෙසේය.

ෆොන්සේකා දන්න දේශපාලනයක් නෑ.. වෛරියෙන් පිරිලා.

ෆොන්සේකාගේ තවත් බල කණුවක් ගැලවේ...සරත් ෆොන්සේකා දේශපාලනයට දක්‍ෂයෙක් නොවන බව පවසමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ බියගම සංවිධායක ශාස්ත‍්‍රවේදී බලංගොඩ සීලරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබේ.

රවීන්ද්‍රන් කරුප්යියා (රවී කරුණානායක.)

ආණ්ඩුව යුරෝපය LTTE තහනම ඉවත් කරන තෙක් බලා සිටියේ කොටි දේපළ අයිතිකර ගන්නයි

ආණ්ඩුව නිශ්ශබ්දව යුරෝපා සංගමයට කොටි තහනම ඉවත් කරන්නට ඉඩ හැර බලා සිටියේ එම සංවිධානය සතු රුපියල් කෝටි ගණන් යුරෝපයේ ඇති මුදල් සහ ව්‍යාපාර ඇතුලු දේපළ කේ.පී.  හරහා ලබා ගැනීමට හැකි වන නිසා එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසයි.

අත්භූත විශ්වයේ තවත් තොරතුරක්....

P13 නම් දීප්තිමත් කළු කුහරයක් විසින් යාබද තාරකාවකට අයත් වායු වළාවක් නොසිතූ විරූ වේගයකින් ගිල දමමින් ඇතැයි තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.


මෙම කළු කුහරය මන්දාකිණියේ පිටත ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර එමගින් සති 3කදී චන්ද්‍රයාට සමාන ස්කන්ධයක් හා සෑම සති 4කදීම පෘථිවියට සමාන ස්කන්ධයක් උරා ගන්නා බව හෙළිවී ඇත.
කළු කුහරය විසින් ගිල දමන තාරකාව සූර්යයා මෙන් 20 ගුණයක ස්කන්ධයකින් යුත් නිල් සුපිරි යෝධයකු බව පැවසේ.

Wednesday, October 22, 2014

අහිංසක ගවයාගේ පළිගැනීම...

          වැඩ ගත් ගවයා මස් කඩේට විකුණුවාම ඉන් පැන සැතපුම් ගණනක් විත් හාම්පුතාට අනී


කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඈත ගම්මානයක පුද්ගලයෙකු වසර ගණනක් වැඩ ගත් ගවයෙකු අවසානයේ මස් කඩයට විකුණු පසු මරන්නට සැරසෙද්දී ඉන් පැන විත් සැතපුම් ගණනාවක් දුර ගෙවා හාම්පුතාගේ නිවසට පැමිණ හාම්පුතාට ඇණ තුවාල සිදු කර කැලෑ වැදී තිබේ.

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත...

                              රජ වාසලේ කවටයා - අන්දරේ

 රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි.
ඉතිං දවසක්දා අමාත්‍ය මණ්ඩලය රැස් වුන වෙලාවක රජතුමා කියනවා "හෙට හැමදෙනාම එක බොරුව බැගින් කියන්ට වුවමනායි, ලොකුම බොරුව කිව් තැනත්තාට වටිනා ත්‍යාගයක් දෙනවා" කියලා. මේ වෙලාවෙ අන්දරේ රාජ සභාවෙ හිටියෙ නෑ. ඉතිං අමාත්‍යවරුටික ගෙදර ගෙහුං මොකද කරන්නෙ තෑග්ග ගන්ට හිතාන රෑ නිදිවරාණ රටේ ලෝකෙ නැති ‍බොරු ‍‍‍බේගල් කල්පනා කොරා. ඒ අතින් ඉස්සර හිටපු ඇත්තො අනේ වාසනාවන්. බොරුවක් කියාගන්ට ‍බොහෝම දුක් විදලා තියනවා. ඒකටත් එක්ක දැං ඉන්න අය.

මුස්‌ලිම් හා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කරන තෙක්‌ විධායකය තිබිය යුතුයි....පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි

හිටපු අගවිනිසුරු රටින් නෙරපීමට කටයුතු කළ යුතුයි
                                      - ගලගොඩඅත්තේ ඥනසාර හිමි 

මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඔහු බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත් උන්වහන්සේ කීහ.

Tuesday, October 21, 2014

පුටින්ගේ කකුල කැඩූ අඩනිර්වත් ගැහැණියක්...

රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ට පා පහරක් එල්ල කර ඔහුගේ පාදයක් කැඩූ අඩනිර්වත් කාන්තාවකට පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක (රුපියල් 250469) දඩයක් නියම කළේය. සිද්ධිය සැකවින් මෙසේය 

Monday, October 20, 2014

මකියාවෙලී අනුගාමික මහින්ද...

මහින්ද රාජපක්‍ෂ යනු පරිණත දේශපාලඥයෙකි.අපට මෙය පාටක් පක්‍ෂයක් නොමැතිව අවධාරණය කළ හැකිය..ඊට හේතු කිහිපයක් අප පහතින් දක්වමු.එදා යූ එන් පී  සිට මේ රජයට පැන ආ අවස්ථාවාදී  ඔඩොක්කු කුක්කන්  හතර වටේටම බුරමින්  රටේ ජනතාවට සිය හෙළුව පෙන්නමින්  හැසිරෙද්දී  සිය දේශපාලන අත්දැකීම් සහ මධ‍්‍යස්ථ භාවය  මොනවට පෙන්වූ අවස්ථා කිහිපයක් අපට ආරංචි වී තිබුණා...

Sunday, October 19, 2014

මේ රටේ ගරා වැටෙමින් ඇති දේශපාලනය සහ දේශපාළුවන් ගේ හැසිරීම් රටාව.....තීරණය සහ විනිශ්චය ඔබට භාරය...

සදාචාරය සහ ගරු කිරීම් නොදත් මෙවැනි අවලම් පාදඩයන් හට රජයේ ඇමතිකම් ලබාදීම තුළින්ම අද  අප  රට  මුහුණ  පා  තිබෙන   තත්වය වටහා  ගත   හැකිය.... මිනිසුනී...මෙවැනි  කාළකණ්නීන් හට නැවත ඡන්දය දීමෙන් වළකින්න... 
...මෙම  වීඩියෝ නැරඹීමට  ප්‍රථම  දකුණුපස  තීරුවේ  ඉහළින්  ඇති  ප්ලෙස්මි  රේඩියෝ ප්ලේයරය  නවතා ගන්න....

 රංන්ජන් ගේ පසුවදන





  . 
 පූජ්‍ය පක්‍ෂයට දබරැඟිල්ල එසවූ අමනයා  සම්පූර්ණ  වීඩියෝව....




 විශ්ව විද්‍යාල සිසුන්ට දසඅතේ  ප්‍රසිද්ධියේ බැණ වදින අමන  වාචාලයා....

  පසුගිය දින වකවානු කිහිපයේදීම  රටේ සිදුවූ සිදුවීම් ලගු  කොට තැකිය නොහැකිය...මේ රටේ  ගරා වැටෙමින් ඇති දේශපාළුවන් ගේ හැසිරීම් රටාව  තව දුරටත්  ජන මාධ්‍ය ඔස්සේ  ජනතාවට  නිරාවරණය වීමට පටන් ගෙන  ඇත. මෙය එක්තරා  අන්දමක  යහපත්  ප්‍රගමනයකී..මෙතෙක්  සිදුවූයේ  මේ දේශපාළු කබ්බන්ට  ඡන්දයක්  ලං වන විට  කොහෙන් හෝ සොයා ගන්නා බෝතල් පත්තර කාරයෙකුට කවා පොවා දොළ පිදේනි මිට මොළවා උන් ලවා ප්‍රශස්ති ලියවා ගනී ...ඒ හොර ප්‍රශස්ති වලට රැවටෙන අපේ සම හරක්  උන්ට ඡන්දය දෙති...නමුත් මේ දේශපාළු කබ්බන්ගේ සිල් රෙදි පල්ලෙන් ගැළවී යාමට පටන් ගෙන ඇත...උන්ට කඩේ යන්නාවූ මහින්ද අබේසුන්දර වැනි නිවටයන්....යකඩ හොරුන්...අද ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට  වැටී ඇත....හිතවතුනි,හිතවතියනි....මේ ඔබ අසන දකින දෑ අන් අය අතරටද යවන්න...එය  ඔබ  අපේ රටට ,අපේ ඇත්තනට කරන  නිහඬ සේවයකී....අපගේ  මුහුණු පොතට  එක්වී  මෙම  ලිපි සැමහා  බෙදා හරින්න.....
ලංකානිව්ස් සංස්කාරක මඬුල්ලෙන්....

මෙන්න මේ තවත් අවලමෙක්....සංඝ රත්නයට දබරැඟිල්ල ඔසවා උඩු බිරූ රාජ්‍ය කුක්කා....

සදාචාරය සහ ගරු කිරීම් නොදත් මෙවැනි අවලම් පාදඩයන් හට රජයේ ඇමතිකම් ලබාදීම තුළින්ම අද  අප  රට  මුහුණ  පා  තිබෙන   තත්වය වටහා  ගත   හැකිය....මිනිසුනී...මෙවැනි  කාළකණ්නීන් හට නැවත ඡන්දය දීමෙන් වළකින්න....



විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හිදී සිදුවන අතවර හා ඔවුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් අනුගමනය කරන පිළිවෙත ගැන සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගිය රාවණා බලය සංවිධානයේ ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නයට  දබරගිල්ල දික්කරමින් එහි සභාපති අමල් සේනාධිලංකාර  කතා කළේය.

Saturday, October 18, 2014

සෝභිත හිමිගේ ප‍්‍රවේශය... වික්ටර් අයිවන්


 මීට කලකට ඉහතදී මා රටේ නුදුරු අනාගතය දැක්කේ නොවැළැක්විය හැකි ලෙස අරාජිකත්වයක් කරා ගමන් ගනිමින් තිබෙන රටක් ලෙසය. ඒ ගැන මට මගේ විග‍්‍රහයක්ද තිබුණි. මට එහිදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙනුණේ කල්පවත්නා ශක්තිමත් ආණ්ඩුවක් ලෙස නොව තමන්ගේ දේශපාලන මිනීවළ තමන්ම කපා ගනිමින් වේගයෙන් විනාශ මුඛයට ඇදී යන මෝඩ ආණ්ඩුවක් ලෙසිනි. මා රටේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය දැක්කේ ආණ්ඩුවේ පිරිහෙන වේගයට ගැළපෙන වේගයකින් නැගී සිටීමට අවශ්‍ය ශක්තිය නැති ඒ අබල දුබලකම නිසාම විධිමත් ලෙස බලය ලබාගැනීමට අසමත් ඒ අසමත්කම නිසාම රට අරාජික තත්ත්වයකට තල්ලූ කිරීමට දායක වන ව්‍යාපාරයක් ලෙසය.

ඍජු ඡන්දයෙන් අගමැති පත්කිරීම ලෝකයේ අතහැර දැමූ ක‍්‍රමයක් ! – ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න

විධායක ජනාධිපතිධුරය අහෝසිකොට ඇතිකරන නව ආණ්ඩු ක‍්‍රමයකදී සිටිය යුත්තේ ඍජුව මහජන ඡන්දයෙන් පත්වන විධායක අගමැතිවරයකුය කියන අදහසක් දැන් මතු වී තිබෙනවා, විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ශ්වයෙන්. එලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිටතින් පත්කැරෙන අගමැතිවරයකු ගැන ලෝකයේ තිබෙන පූර්වාදර්ශ මොනවාද....?


අපට දැන් ලජ්ජයි....

දේශපාලන ලෝකය ගිනිගත් ගිනිහල් ගෙයක් බවට පත්වෙමින් තිබේ. සම්මත, සාම්ප‍්‍රදායික ආකෘති පුපුරා යමින් තිබේ. තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ උණුසුම් කතාබහ එයට නිදසුනකි.

දේශපාළු කබ්බන් වෙන්දේසියේ....

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මන්ත‍්‍රීවරුන් මුදලට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.


ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද ඉලක්ක කර මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවයි.

කොන්දේසි විරහිතව මගේ සහය මහින්දටයි – තොණ්ඩමන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරි මැතිවරණවලදී කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

346 දෙනෙකු ශ‍්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවයි....

අතිශය දරුණු පාතාල කල්ලි නායකයන් 346 දෙනෙකු ශ‍්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.


මෙම පාතාල නායකයන්ගේ නම් හෙළිකරගෙන ඇත්තේ රාජ්‍ය ආරක්‍ෂක මණ්ඩලයේ නියෝගය පරිදි දීප ව්‍යාප්තව සිදුකල බුද්ධි තොරතුරු සමීක්‍ෂණයකදීය. පාතාලය හඳුනා ගැනීම සඳහා මෙබඳ සමීක්‍ෂණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

මීගමුවේ පිනුම් ගහන දේශපාලන ගෝඩ් ෆාදර්ලා....

 "ගෝඩ් ෆාදර්" යන්නෙහි සෑබෑ අරුත කෙසේ වුවද වත්මන් සමාජ වහරේදී එසේ කියනුයේ නරුමයන් හැඳින්වීමට ය. "ගෝඩ් ෆාදර්" යනු නරුමයෙකි, කාලකන්නියෙකි, ම්ලේච්ඡයෙකි. සමාජ වහරට අනුව ඉන් එහා වන අර්ථයක්‌ එකී වචනයට නොවේ.

ඒක 2007 අවුරුද්ද. මීගමුවේ හිටියා රූප සුන්දරී තරගයකින් දිනපු ලස්‌සන ගෑණු දරුවෙක්‌. එතකොට ගෝඩ් ෆාදර් හිටියේ දැන් ඉන්න තැන නෙමේ. වෙන තැනක. හැබැයි එදත් බලය තිබුණා. ඉතින් ගෝඩ්ගේ කාලකන්ණියෙක්‌ මේ දැරිවිට බැල්ම දැම්මා. එත් කෙල්ල කැමති වුණේ නැහැ. අන්තිමට වුණේ කෙල්ලට ඇසිඩ් පාරක්‌ වැදිච්ච එක. මේක ප්‍රසිද්ධි කතාවක්‌. ඒත් ඒක කතාවක්‌ම විතරයි. ඇසිඩ් පාරෙන් කෙල්ල පිච්චුණා. සිද්ධිය ඉවරයි. 
ඒක විතරක්‌ නෙමේ. පහුගිය කාලේ සීදුව පැත්තේ කෙල්ලෙකුටත් ඔය වගේම සිද්ධියක්‌ වුණා. 

කේන්දරේ කොටු 12න් කියවෙන්නේ මොනවද ?

ජෝතිෂ්‍ය වැඩසටහන් වල කියන දේවල් ඔබ ඕනෑතරම් අහලා ඇති. අර කොටුවේ මේක මේ කොටුවේ මේක කිවුවට ඔබට ඒවා නොතේරෙනාවාත් ඇති. ඇත්තටම මේ කොටු දොලහෙ තියෙන්නෙ මොනවද? එක එක්කෙනා කියන බොරු අහනවා වෙනුවට ඔබම ඒවා දැනගන්න.

බත්තලන්ගුණ්ඩුවේ ගැටුමකින් තුනක් රෝහලේ

බත්තලන්ගුණ්ඩුව දූපතේ තාවකාලිකව පදිංචිව සිටින ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.


27 වැනිදා සවස මෙම ගැටුම හට ගෙන ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය

ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය චෙකොස්ලෝවැකියා මෝටර් රථ සමාගමක් මගින් නිපදවා තිබේ.


ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The Pioneers Festival නමැති ප්‍රදර්ශනයකදී ලබන 29 වන දා මෙය එළි දක්වීමට නියමිතය. එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේ ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein)ය. 

එදා සහ අද වෙනස....රඟපෑම පට්ට හොරු රැළ....

දේශපාලනය යනු අමුම අමු ප්‍රෝඩාවකී...එය  අපේ රටේදී  නම්  අපේ  ජනතාව  අන්දවන  කලාවකී..යන  එන  මං  නැතිව  සිටි  කුක්කන්  සහ කික්කියන්  හට  සිය  ජීවිත කාලයම රටේ මහජන මුදල්  වලින්  පැන්‍ෂන්  ලැබීමට ,හොර ව‍්‍යාපාර පවත්වාගෙන  යාමට ලැබෙන මහඟු අවස්ථා  එමගින් ලැබේ ...මුංට  රැවටෙන අය වරක් ඡන්දය  දෙති...දෙවන  පාරට  උන්ට  ඡන්දය දෙන්නේ  අළුත්ම   පිරිසකී....ඒ වනවිට උන්ට  අවශ්‍ය ස්ථාවරය  රටේ  සාදා ගෙන  අවසන්‍ ය ...මේ  සියළු සංසිද්ධීන්  මත  අපේ මිනිසුන්  දේශපාලන  පක්‍ෂ,පාට  මත එක්වී  අතරමංව   සිටී...අප  වෙබ් අවකාශයට  කිසිදු  පාටක්  ,පක්‍ෂයක්  නැත  ...අප පෙනී සිටින්නේ  සම්පූර්ණ  නිදහස්  මතවාදයක්  සඳහා පමණී... එහෙයිනි  දිනෙන්  දිනම  අපේ  ග්‍රාහක  සංඛ‍්‍යාව ඉහළ  යනුයේ ..මේ  දේශපාලනයේ අද  නිරතව සිටින කම්බා  හොරුන්ගෙන්  කිහිප  දෙනෙකු එදා  කියු  පට්ට  බේගල්  කියුම්  කිහිපයක  දර්ශණ  අද  ඔබට....මෙම  වීඩියෝ නැරඹීමට  ප්‍රථම  දකුණුපස  තීරුවේ  ඉහළින්  ඇති  ප්ලෙස්මි  රේඩියෝ ප්ලේයරය  නවතා ගන්න....

 The true face of those who went to support Mahinda Rajapakse


Friday, October 17, 2014

CPH: DOX සිනමා සවාරිය ...

2003 වසරේදී ඇරඹි CPH: DOX ජාත්‍යන්තර වාර්තා සිනමා උළෙල මෙවරත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර උත්කර්ෂවත් ලෙසින් පැවැත් වීමට සියළු කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
CPH:DOX, Copenhagen International Documentary Film Festival, is the largest documentary film festival in Scandinavia.

 
මෙම සිනමා උළෙලේ විශේෂත්වය නම් මේ සඳහා සහභාගී වන සියලුම නිර්මාණකරුවන් හට සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමයි.

අපි ඊළම අතහැරියා.. දැන් විධායකය අහෝසි කරන්න – TNA

තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

එදා මහින් රාජපක්‍ෂ මට හිරේ දාන්න තිබුණා.. නොකලාට මුළු රටම මට සමාවෙන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද ජනාධිපති පුටුවේ ඉන්නේ තමන් නිසා යයි හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා පවසයි.


ඇමති ජොන්ස්ටන් සජීවීව හිරු නාලිකාවේදී රන්ජන්ට කුණුහරුපෙන් බනී..

ඊයේ රාත‍්‍රියේ හිරු නාලිකාව විසින් සජීවීව විකාශණය කරන ලද ‘බලය’ දේශපාලන සංවාදයේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක හා ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් 
 ඇති විය


.

පුතාට පහර දී තිබෙන අයුරු ශ්‍රී ලාංකිකයෙක් ඡායාරූපගත කර තිබුණා - පියා කියයි

ග‍ලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මැ‍ලේසියාවට රැකියාවට ගොස් එහිදී සිය වැටුප හාම්පුතාගෙන් ඉල්ලූ විටදී හාම්පුතා ඇතුළු තවත් පිරිසක් විසින් එම තරුණයාට සතියක් පමණ පහර දී දසවද දී මරා දමා ඇතැයි මියගිය තරුණයාගේ ඥාතීහු පැවසූහ.


මෙලෙස මරණයට පත් වී ඇත්තේ මොහොමඩ් සෆ්රීන් නමැති තරුණයෙකි. මියගිය තරුණයා මීට වසර 1 1/2 කට ඉහත දී මැ‍ලේසියාවට රැකියාවට ගොස් ඇත්තේ සිය හෘද රෝගී පියාට කිසිවක් කරකියාගත නොහැකි නිසා තම පවු‍ලේ අගහිඟකම් පියවීමටත්, නැගණියගේ වැඩිදුර අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමටය.
 
අපට ලැබී තිබෙන මෙම සිදුවීමට අදාළ ඡායාරූප ....

යුරෝපය කොටින්ට නටන්න ඉඩදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි - අමාත්‍ය විමල් වීරවංශ

යුරෝපා සංගමයට අයත් රටවල කොටි සංවිධානයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවත් පසුගියදා විපක්ෂ නායකයාගේ යුරෝපයේ සිදුකළ සංචාරයන්ද මේ සමග සබඳතාවයක් ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා ‍පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ජයලලිතාට ඇප ලැබෙයි...

තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ඇප ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඇය ඇතුළු කිහිප දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා බැංගලෝර් අධිකරණයකින් සිව්වසරකට සිරගත කිරීමට නියෝග කෙරිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.