ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 29, 2014

ඊළමට මරු පහරක්‌ ගෙන දුන් ජයලලිතා හිරගෙට යැවීම....

තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා වසර 4 කට සිරයට යෑවීම ලොව ඊළම් ජනතාවට එල්ල වූ මරු පහරක්‌ යයි කොටි ඩයස්‌පෝරාව කියා සිටියි.




පිරිසක්‌ - දිවි නසාගෙන
පිරිසකට - හෘදයාබාධ

ගිනි තබාගත් 17 හැවිරිදි
සිසුවියකට ද බරපතලයි

ධාවනයවූ බසයකට පැන
තවත් කෙනෙක්‌ මියගිහින්


රෑ කෑමට චපාති එපා 
පලතුරු දෙන්න කියයි


කර්නාටක ප්‍රාන්තයේ අග්‍රහාරා හි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ අධිආරක්‍ෂිත ප්‍රභූ සිරකරුවන් සඳහා වෙන් කර ඇති 23 වැනි සිරමැදිරිය හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ලබා දී ඇත.

බොදු බල සේනාව හා ඒකාබද්ද වෙනවා – 969 නායක චිරතු හිමි

දේශයක් අවදි කිරීමට පුරෝගාමීවූ විරාතු හිමියන් අප රටේ වටරැක විජිත වැනි කැණහිළුණට මහත් ආදර්ශයක් සපයයි... 
බොදු බල සේනා සංවිධානය සමග තම සංවිධානය ඉදිරියෙදී අත්වැල් බැඳගෙන කටයුතු කරන බව මියන්මාර ‘969’ සංවිධානයේ නායක අෂින් විරතු හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවති බොදු බල සේනා මහ සඟ සමුළුව අමතමිනි.
 

අනේ මං ලෙඩෙක්.. වයස 66යි.. හිරේ ඉන්න බෑ.. – ජයලලිතා හඬා වැටේ..

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට අයථා මුදල් ඉපයීම් සම්බන්ධයෙන් ඔප්පු වූ චෝදනා මත අධිකරණ විසින් ලබා දුන් සිවු අවුරුදු සිර දඬුවම යළි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව විරෝධතාවයක් ...

ජර්මනියේ ඉස්ලාමික නායකයන් විසින් දේවස්ථාන දෙදහසක් පමණ බැතිමතුන් ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව විරෝධතාවයක් සඳහා කැඳවා ඇතැයි වාර්තා වේ.
සිකුරාදා ආගමික වතාවත් වලින් අනතුරුව ඔවුන් වීදි බැස විරෝධතා සඳහා එක්ව ඇති අතර බර්ලින්, ස්ටුට්ගාට්, හැනොවර් සහ මොලින් ඇතුළුව ජර්මනිය පුරා නගර ගණනාවක දැවැන්ත රැළි පවත්වා තිබේ.

ලලිතා හිර ගෙදර පනීර් මහ ගෙදර....

ජය ලලිතා ජයරාම් සිවු වසරක සිර දඬුවම් ලැබීම හේතුවෙන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස පනීර් සෙල්වම් දිවුරුම් දී තිබේ.


.
පනීර් ද ජය ලලිතාට දණින් වැටී වැඳි අවස්ථාවක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරමු...ඒ තමිල් නාඩුවේය ...ඒ කියා අපේ රටේද වෙනසක් නැත අපේ සමහරක්ද  දණින් වැටී හොර දේශපාළුවන් නමදිති..

Sunday, September 28, 2014

දවසට දෙවරක්‌ම හඳහන බලවා ගත් ජයලලිතා හිරේ !...තමිල්නාඩුව ගිනි ගනී..!

ඉන්දීය රුපියල් කෝටි 66කට වැඩි මුදලක්‌ නීති විරෝධීව ලබාගෙන
දවසට දෙවරක්‌ම හඳහන බලවා ගත් ජයලලිතා හිරේ !

කළ කම් පළදේ....අප අදහන ධර්මතා අනුව දිට්ඨ දම්ම වේදනීය කර්ම හෙවත්  කළ කම් පළ දීමේ විශ්ව න්‍යාය ඇයටද අනුගතවූ වගයි....


* ඉඩම් අක්‌කර 200ක්‌ * රත්‍රං කිලෝ 32ක්‌ *සාරි 12,000ක්‌

* සපත්තු ජෝඩු 750ක්‌ පගා ගසා ඇති දේපළ අතර වෙයි

කෝටි 100 ක දඩයක්‌;

මහ ඇමැතිකමත් නැතිවෙයි...

ශුරතා දිනු ශුරයෝ....

ප්‍රංශයේ දි පැවත්වු ලෝක ශුරතා ජිවිතාරක්ෂක තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කමක්.

මේ පුවත මුලින්ම වාර්තා කරන ලද්දේ ඔබගේ ලංකානිව්ස් අඩවියෙනි...අපගේ ශූරයනටඋණුසුම් සුභපැතුම්  මේ සමග...


 

Saturday, September 27, 2014

ශ්‍රී ලංකාවේ ත්‍රි රෝද රථ සඳහා විදුලි ත්‍රි රෝද රථ ප්‍රවාහනයේ පෙරළියක්.


Terra Motors විසින් ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය වෙළඳ පොළටද විදුලි ත්‍රි රෝද රථ හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රි රෝද රථ සඳහා විශාල වෙළඳ පොළක් තිබේ.

ඉන්ධන මිල අධිකවීම නිසා ඉදිරියේදී විදුලි වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි අපේක්ෂා කරන අතර ලංකාවේදී මෙම වාහනවල මිල ගණන් හා ඒවා ආරෝපණය කිරීමට තිබෙන පහසුකම් මත මේවා ජනප්‍රියවීම තීරණය වනු ඇත.

චිරතු හිමියන්ට ද ශ්‍රි ලංකාවට වැඩම කිරීමට අයිතියක් ඇත..

28 වන දා පැවැත්වෙන බොදු බල සේනා සමුළුවට බුරුමයේ චිරතු හිමියන් පැමිණීමට නියමිත බවත් ඊට දැඩි විරෝධය පල කරන බවත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.
මියන්මාරයේ මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවත් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත් එම කවුන්සිලය ජනාධිපති මහින්ද රාජපක්ෂ ට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත.

Thursday, September 25, 2014

ලංකාවේ වෙසෙන වනචාරි කාලකණ්‌ණි නරුමයන්ගේ ස්‌වභාවය මෙසේය....




ඉතිහාසයට එක්‌වන පින්තූරයක්‌ අපි පසුගියදා අන්තර්ජාලයෙන් දුටිමු. හරින් ප්‍රනාන්දු ගමන් ගත් වාහනයකට පහරදීම සඳහා පොල්ලක්‌ උස්‌සාගෙන දුවන මිනිහෙක්‌ ඒ ඡායාරූපයේ විය.කැති පොලු මන්න ඔසවාගෙන ඡන්ද අපේක්‍ෂකයන් පසුපස පන්නාගෙන යන ගෝත්‍රික සමාජ තිබෙන්නේ නොදියුණු අප්‍රිකානු රටවලය. බ්‍රසීලය හරහා ඇමේසන් ගංගාව ගලා බස්‌නා නිම්නයේ පිහිටි ඇතැම් වනාන්තරගත නොදියුණු ප්‍රදේශවාසී ජනයා ද සතුන් පසුපස මෙන් ම මනුෂ්‍යයන් පසුපස ඕනෑ එකටත්, එපා එකටත් පන්නාගෙන යති. 

කොටියා යනු කොටියාමය....

කොටියන්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වීම යනු රෑ වැටුණු වලේ දවල් වැටීම යනුය...
මෙය සිදුවීම ද එසේමය. එනම් නවදිල්ලියේ සත්ව උද්‍යානයකදී සේයා රුවක් ගැනීමට ගිය තරුණයෙකු හදිස්සියේම කොටියෙකු සිටි කුඩුවට ඇද වැටුණි.



වීඩියෝ පහතින් ...

Wednesday, September 24, 2014

හොරට දුවලා සල්ලි ගරන අපේ රටේ ත්‍රීවීල් මගෝඩියෝ....

මීටර් ටැක්සි අද මාතෘකාව සහ අනාවරණය වන්නේද මෙයයි. ටැක්සි දෙවර්ගයකි. ඉන් එක් ටැක්සියක් වන්නේ සාමාන්‍ය ටැක්සියයි. අනෙක් ටැක්සි වර්ගය වන්නේ මීටර් ටැක්සියයි. 
කුමන ආකාරයට කීවත් මෙම ටැක්සි වර්ග දෙක දෙයාකාරය. සාමාන්‍ය ටැක්සිය පදවන තැනැත්තාගේ සහ ටැක්සියට ගොඩවන තැනත්තාගේ තරාතිරම අනුව එහි ගමන් ගාස්තු තීරණය වේ. මෙහි මීටරයක් නැත.

චීන රට බෙදන්න ගොස් හිරේ ගිය මුසල්මානු ඉල්හාම්...

චීනයේ උයිග්හුර්හි බෙදුම්වාදය ව්‍යාප්ත කිරීමේ යෙදී සිටි විද්වතකු හට ජීවිතාන්තය දක්වා එරට අධිකරණය දඬුවමක් පමුණුවා ඇති බව ඔහුගේ නීතිඥයන් මාධ්‍යයට දන්වා ඇත. 

බි.බි.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ චීන රජය බෙදුම්වාදීන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බවය.

සුදු කොඩි සිද්ධිය මුළුමනින්ම ගෙතු ප්‍රලාපයක්‌.... තමිල් සෙල්වන්ගේ බිරිය වූ සෂිරේකා කියයි....


සුදු කොඩි සිද්ධිය මුළුමනින්ම ගෙතු ප්‍රලාපයක්‌ බවත් කිසිම කොටි නායකයකු සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණියේ නැති බවත් හිටපු කොටි දේශපාලන නායක තමිල් සෙල්වන්ගේ බිරිය වූ සෂිරේකා ප්‍රකාශ කර ඇත. 

Tuesday, September 23, 2014

කාලකණ්නි..

 රටේ ඉන්න මහ එවුන්ගෙ ළමයි ඉන්නෙ සීතල කාමර වල. උන් යන්නෙ ලොකු ඉස්කෝල වලට. සෙල්ලම් කරන්න යන්නෙ නයිට් ක්ලබ් වලට. අන්තිමට කරන තරමක් රටේ බාල වැඩ කරන්නෙ උන්ගෙ ළමයි. පොලීසියේ ලොකු මහත්වරුත් ගොරවන්නෙ ගමේ ඉන්න හරමානිස්ලගෙ ළමයින්ට විතරයි.
ලංකාවේ ඉන්න ගොඩක් පණ්ඩිතයො ළමයි ගැන පොර ටෝක් දුන්නට උන්ගෙ ගෙවල් වල වැඩ කරන්නෙත් පොඩි දරුවො. කෝ ඒ ළමයින්ට යහපතක්..?
 ලොකු ලොකු මැති ඇමතිවරු කරන ජාවාරම් වලට හවුල් කරගෙන ඉන්නෙ පොඩි ළමයි. උන්ගෙ ව්‍යාපාර ගොඩක්ම හොර ජාවාරම්. ඒ අතරින් ගණිකා මඩම් වලට තියෙන්නෙ ලොකු වටිනාකමක්.  ඒ ගණිකාවො දුප්පත් අම්මලාගෙ අහිංසක ළමයි.  ඒ ළමයින්ට අනාගතයක් හදලා දෙන්නෙ කව්ද..?

කාලයක් තිබුනා සිරස කුමරිය. ගමේ හිටපු දුප්පත් අම්මලාගෙ කෙල්ලො ටික ආවා මේකෙ කුමරිය වෙන්න. ගමේ ඉදන් රෙද්ද හැට්ටෙ ඇදගෙන ඇවිත්  අන්තිමට රෙදි ගැලෙව්වා. දැන් රෙදි නැතුව යස අගේට ඉන්නවා. අම්මලාට පාරෙ බැහැලා යන්න බෑ. හැමෝම බනිනවා කාළකන්නි කියලා.  කවුද මේ ළමයින්ව කාළකන්නි කෙරෙව්වෙ..?
දවසක් ජාතික රූපවාහිණියෙන් පෙන්නනවා කුමරිය තෝරන තරගයක්. ඡවි කල්‍යාණිය තෝරනවා. කෙල්ලන්ගෙ ඇදුම් වලින් බාගයයි.  අදාල තැන් පේන්න ඔන්න මෙන්න. රටේ ජාතික නාලිකාවකින් පෙන්නන්නෙ මේවා. ඒකට සහභාගි වෙලා හිටියෙ රටේ සංස්කෘතික ඇමතිවරිය.  ඡවි කල්‍යාණිය බලන්න කෙල්ලන්ගෙ කකුල්ම බලන්න ඕනෙද..? කෙල්ලන්ගෙ ඇගේ වෙන සමක් තියෙන තැනක් නැද්ද..? ලක්ෂ ගණනක් ඇස් ඉදිරියේ අර ළමයින්ගෙ රූපෙ විකුණනවා ප්‍රසිද්ධියේම.  ඊට පස්සෙ ඒකට ගිය ළමයින්ට ඕනම තැනක රෙදි ගලවන එක මහ කජ්ජක්ද..?



නීති විරෝධි අලි ඇල්ලීම සහ පව් පුරවා ගැනීම...

 මීට අමතරව වත්මන් අලි අල්ලා ගෘහාශ්‍රිත කිරීමේ ජාවාරම්වලට එරෙහිව පෙළ ගැසෙන පිරිස්‌ද සමාජයේ සිටී. අලින්ට වන ගැහැට පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම මෙම ක්‍රියාදාමයේ යෙදෙන්නන් සහ ඊට සහාය දක්‌වන්නන් හෙළා දැකීම ඔවුන් සිදු කරති. කෙසේ වෙතත් මින් සමහරක්‌ අලි ජාවාරාම හා බුද්ධ ධර්මය සම්බන්ධ කර ගෙන ප්‍රකාශ නිකුත් කිරීමට පෙළඹී ඇති බව දක්‌නට හැක. මේ අනුව ද්වේශය පදනම්ව ඉවක්‌ බවක්‌ නැතිව සහ නිසි අවබෝධයකින් තොරව පුද්ගලයන් සහ ආගමික සංස්‌ථාවන්ට එරෙහිව ක්‍රියාත්මක වී අලි ජාවාරමේ යෙදෙන්නන්ටත් වඩා පාපයන් පුරෝගන්නා ආකාරය දැක ගත හැක.

වස වළදන්ඩ හාමුදුරු‍වනේ. කරුණාකරලා අපවත් වෙන්ඩ.


පන්සල්වල පෙරහරට අලි ඇත්තු ගන්න ක්‍රමයක් තියෙද්දි කැලේ ඉන්න අහිංසක අලි පැටව් පුඩු ගහලා අල්ලන පාහර ජාවාරම නවත්තන්න ඕන. ඒකෙ දෙකක් නෑ.
මීරිගම උසාවි භූමියෙදි, ඔබ වහන්සේලාට විරුද්ධව වැඩ කරන අයට බොහෝම කැත විදියට කතා කරපු උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි ඇත්තටම ඒ කටින්ම ද බුදු බණ දේශනා කරන්නෙ.
'සිවුර ගලවලා එන්නං, අම්මා ලෑස්ති කරලා තියපං' කියලා වදාරපු ඔබ වහන්සේ අදෝනා තිය තිය ගෑනුන් ගෙ හිත් උණු වෙන විදියට බුදු බණ දේශනා කරන කොට අපිට හිනා යනවා.
 උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි බුද්ධ ශාසනයට කරන්නෙ එසේ මෙසේ අපකීර්තියක් නෙවෙයි.
දේශපාලනඥයන් ගේ නම් විකුණ විකුණ කරගෙන ආපු මහා හොර අලි ජාවාරමේ අවසාන භාගෙ තමයි දැන් ගෙවෙන්නෙ.


Sunday, September 21, 2014

තායිලන්ත ජාතික යුවතියක් මහා මංගල සූත්‍රය සජ්ඦායනා කරන අයුරු...

මහා මංගල සූත්‍රය මනරම් ලෙසින් සජ්ඦායනා කරන මෙම යුවතිය තායිලන්ත ජාතිකය...බලන්න එහි ඉමිහිරියාව...

Saturday, September 20, 2014

මරණ තර්ජනයක්‌ද..? අත්වැරදිමක්‌ද..?


සෙන්දිල් තොණ්‌ඩමන් යනු ආරුමුගම් තොණ්‌ඩමන්ට මෙන්ම සෞම්‍යමූර්ති තොණ්‌ඩමන්ට නොදෙවෙනි අයෙකි. හේ දේශපාලනය කරන්නේ අමුතු ආකාරයටය. ඔහුගේ දේශපාලනය තුළ තවකෙකුට තම බල ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට පොඩි හෝ ඉඩක්‌ නොතබන වර්ගයේ අයෙක්‌ යෑයි ප්‍රදේශයේ ජනතාව පවසන දෙයකි. එවන් දේශපාලනඥයකු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කර ගන්නා විට ඔහුගේ පැටිකිරිය සොයා නොබලා ඉන්නේ නැත. මෙරට දේශපාලනය තුළ සදාකල් මිතුරන්ද, සදාකල් හතුරන්ද නැත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සතුරුකම් කළ සතුරෝ අද මේ රටේ වැදගත්ම හා විශාලම වගකීම් දරන ඇමැතිවරු වී සිටීමෙන්ම ඒ බව තේරුම් ගත හැකිය.


 මේ වන විට ප්‍රතිකාර ලබන සෙන්දිල් තොණ්‌ඩමන්ගේ කොන්දට හා පාදයකට සුළු තුවාල සිදුවී තිබිණි.
සෙන්දිල් තොණ්‌ඩමන් ඔහුගේම සමීප විශ්වාසවන්ත සම්බන්ධීකරණ නිලධාරියකු යොදවා මෙම අනතුර කරගත්තේ දැයි අප දන්නේ නැත. නමුත් මොන තරම් තුප්පහි වැඩක්‌ කර හෝ බලය ගන්නට සිතන මේ රටේ තුට්‌ටු දෙකේ අධම දේශපාලනඥයන් දකින කල සෙන්දිල් තොණ්‌ඩමන්ගේ අනතුර දෙස පොලිසිය පමණක්‌ නොව ඡන්ද අපේක්‍ෂකයන්ද වපරැසින් බැලීම වරදක්‌ද නොවේ.

ISIS සටන්කාමීන් මර්දනයට ඔස්ට්‍රේලියාවේත් සහය ....

IS සටන්කාමීන් මර්දනය කිරීමේ අමෙරිකානු මෙහෙයුමට  සහය පළ කිරීම සඳහා 600ක භට පිරිසක් ගල්ෆ් 
කලාපයට යවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් පවසයි.

Friday, September 19, 2014

බම්බලපිටියේ ආතර්ස් පෙදෙස නම් කර ඇත්තේ ආතර් ද සොයිසා සිහිවනු වස්ය.




රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි
2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි.
උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි.
එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාලෝක මාවත දෙපස තුරු වියන ඊට කදිම මගකි. ඒ තරම් නොවූවද කොළඹ සරසවිය දෙපස මායිමේ රූස්ස ගස්ද දෙවනුයේ අමා සිසිලක්මය.
කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාලය මගේ දෑස් මත ලකුණු වේ.

තොණ්ඩා මැරීමට හැදුවේ කොටියෙක්ද...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මේ එහි වීඩියෝ දර්ශණ.....

අහන්න බලන්න මේවායේ තිබේද සත්‍ය‍යක් කියා....

අහන්න බලන්න මේවායේ තිබේද සත්‍ය‍යක් කියා....

Thursday, September 18, 2014

එදා මෙන්ම අදටත් පැන පැන රැවටෙන ජනතාව නැත්තේ නැත



විවිධ වූ ලෙසින් අද සංනිවේදනය අප රට පුරාවටද පැතිර ඇත ..ඉස්සර මෙන් ගොන් කතා කියා අහිංසක ජනතාව රැවටිය නොහැක ..නමුත් එදා මෙන්ම අදටත් පැන පැන රැවටෙන ජනතාව ද නැත්තේ නැත ...

ලෝක ජිවිතාරක්ෂක ශූරතාවය -2014 ප්‍රංශයේ මොන්පිලිය නගරයේදි ....

ලෝක ජිවිතාරක්ෂක ශූරතාවය -2014 ප්‍රංශයේ  මොන්පිලිය නගරයේදි 2014-09-13 සිට 2014.09.28 පැවත්වෙන අතර එයට රටවල් විශාල ප්‍රමාණයක් සහභාගි වන අතර මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ.

Wednesday, September 17, 2014

කැණහිල් අභියෝගය....

ජාත්‍යන්තර නිරීක්‌ෂකයන්ගේ සහභාගිත්වය මත ලබන ජනවාරි 1 දාට පෙර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු සිය ඉල්ලීම් ඉටුකළ යුතු බවට ද්‍රවිඩ සන්ධානය කළ ඉල්ලීම රජය ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.


මෙන්න අලුත්ම චන්ද ගුණ්ඩුවක් ......

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව   ප්‍රකාශ කරන ලදී.


මැතිවරණයක් ලඟා වන විට මිනිසුන්ගේ මානසික තත්වය හොඳින් වටහා ගෙන ඇති කපටි දේශපාලකයන් ජනතාවගේ මනසට සහ බුද්ධියට දෙන්නේ මෙවැනි අල්ලස්ය.දුප්පත් ජනතාවගේ බඩගින්න ද වෙනත් කලින් පැවතී දේශපාලකයන් විසින් මැතිවරණ ගුණ්ඩු සඳහා උගසට ගන්නා ලදී.එනම් ඇට අටක් දීම ,  තරුණ තරුණියන් හට රත්‍රරන් බ්‍රේස්ලට් දැමීම, හඳෙන් ගෙනවිත් හෝ හාල් ලබාදීම , පාන් රාත්තල අඩු කිරීම යන ගුණ්ඩු ජනතාවගේ ඔළුවට දැම්මේ.. ,  පෙර පැවති දේශපාලකයන් ද ජනතාවට සහනාධාර නොව උන්ට බලය ලබාගැනීමට සහ බලය පවත්වා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් චන්දය ලබා ගැනීමේ කපටි කමටය.

තිඹිරියාගම බණ්ඩාර


“පුවත්පත්වල පළ කෙරෙන තීරු ලිපි අතරින් මා වඩාත් පි‍්‍රය කරන්නේ තිඹිරියාගම බණ්ඩාරගේ “බණ්ඩාගේ වාක්කිය” නම් වූ තීරු ලිපි පෙළටයි. සැබෑ ගැමියකු වශයෙන් ගැමි බස ද පරිසරය ද උපයෝගී කරගනිමින් උපහාසය සහ මුවට සිනා නංවන හාස්‍යය ද උපදේශය ද ඔහු පාදක කරගන්නා චරිත ඔස්සේ පාඨකයන් හට ඉස්මතු කරයි. දිගු කලක් තිස්සේ ඒ තීරු ලිපි පළවන නමුත් එදා ආරම්භයේදී එහි තිබූ නැවුම් සුවඳ තවමත් පහව ගොස් නොමැති වීම සතුටට කරුණකි. ඒවා හැමදාමත් නවතාවෙන් කිය විය හැකි ය.”

Tuesday, September 16, 2014

මුන්ට රැවටෙන හරක්....


ලිංගිකත්වය සහ අනියම් සබඳතා....

අපේ සමාජයේ පවුල් අතර අද දක්‌නට ලැබෙන දෙදරා යැම්වලින් සියයට අසූවකට පමණ හේතු වී තිබෙන්නේ ලිංගිකත්වය ගැන අඹු සැමියන් අතර ඇති අනවබෝධයයි. බොහෝ දෙනෙක්‌ මෙය විවෘතව සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක්‌ වන නමුත් එසේ සඟවා සිටීමෙන් සිදුවන්නේ පවුල් සංස්‌ථාව දෙදරා යැමට ලක්‌වීමයි.

Monday, September 15, 2014

හේවාවිතාරණ පවුල් ගහ.....

“දහසය වැනි ශත වර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් විනාශ කළේය. දහනව වැනි ශත වර්ෂයේ දොන් ඩේවිඩ් ධර්මපාල (ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා) බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් උද්දීපනයට පත් කෙළේය.”

                                                     
                                                                                
                                                                                     මුදලිඳු දොන් ක‍ෙරෝලිස් හේවාවිතාරණ (පියා)

ත්‍රස්තවාදයට අතදෙන බැංකු 8ක් ලංකාවෙත්......

ශ‍්‍රී ලංකාවේ බැංකු 08 කට ශරියා නීතිය ක‍්‍රියාත්මක කිරීමට මූල්‍ය මණ්ඩලය අවසර ලබාදී ඇතැයි ප‍්‍රකාශ කළ රණවක මහතා ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවද තිබෙන බව කියා සිටියේය.

පුදුමයි එහෙත් ඇත්තයි, කුඩා මොළය අහිමි වුවත් තවමත් ජිවත් වන ඇය.....

වයස අවුරුදු 24ක චීන තරුණියකගේ මොළයෙන් කොටසක් නැති බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරුවී ඇතැයි වාර්තා වේ.අනුමස්තිෂ්කය නම් කොටස නොමැතිව මෙම තරුණිය මේ දක්වා ජීවත්වී තිබීම විශ්මයට කරුණක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

Sunday, September 14, 2014

යුද්ධයෙන් ඇති වන්නේ විනාශය පමණයි....ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසයි....

මේ වන විට ලෝක දේශපාලන තත්වය අපරාධ, සමූලඝාතන සහ විනාශය සපිරි කොටස් වශයෙන් සිදුවන තෙවන ලෝක යුද්ධයකට සමාන බව ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ යුද්ධය සබුද්ධික ක‍්‍රියාවක් නොවන බවයි.  එහි අරමුණ වන්නේ විනාශය ගෙනඒම පමණක් බවත් එය වර්ධනය වන්නේත් විනාශය හරහා බවත් පාප්වරයාගේ අදහසයි.

ISIS සටන්කාමීන් තවත් අහිංසක ජිවිතයක් බිලි ගනී....

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් අමෙරිකාව සමග එක්ව තම සංවිධානයට පහර දීමට කර ඇති තීරණයට විරෝධය පා ISIS සටන්කාමීන් විසින් ඔවුන්ගේ ග්‍රහණයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයකුගේ ගෙල සිඳ මරා දමා තිබේ.

.

අනගාරික ධර්මපාල තුමා.....

“ඔහු ජාතික හා ආගමික පුනර්ජීවනයේ පියා පමණක් නොවෙයි. ඔහු තමයි පළමුවෙන්ම ලංකාවේ කර්මාන්ත සංවර්ධනය ගැන කල්පනා කෙළේත්, ඔහු මහත්මා ගාන්ධිටත් පෙර රෙදි විවීම ගැන කල්පනා කොට දේශීය රෙදිපිළි නිෂ්පාදනය ආරම්භ කළා. ජාතියක් වශයෙන් අන්තර්ජාතික සබඳකම් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන ද ලංකාවේ පළමුවෙන් කල්පනා කෙළේ අනාගරික ධර්මපාල තුමා. ජාතික සංස්කෘතියත්, ජාතික නිදහසත්, ජාතික ආර්ථික සංවර්ධනයත් සඳහා ඇප කැප වී සටන් කෙරූ ඒ ජාතික වීරයාගේ නාමය අමරණීයව පවතිනවා.”

වයස 95 දී‘කොම්පියුටරයෙන්’ වැඩ කළ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ.....

ළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් අළලා ලියැවුණු පොත් කීපයක් ම සමකාලීන සාහිත්‍යයේ දක්නා ලැබේ. පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ද චරිත කතාවක ස්වරූපයෙන් ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ගැන පොතක් ලියා ඇත. එය නම් කර තිබෙන්නේ ‘බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ කියාය.

Saturday, September 13, 2014

තමාගේ රටට එරෙහිව අද ඉන්දියාවේ තරග වදින දේශදෝහී මාලිංග...........

අනේ යනවා මනුස්සයෝ යන්න තමුන්ගේ වැඩක් බලාගෙන....උඹලා ද මට ඩොලර් දෙන්නේ...




තමන්ගේ රටට දක්‌වන ආදරය කුමක්‌ද යන්න අද ඔහු ලෝකය ඉදිරියේ පෙන්වා සිටිනවා. ඔහු තමාගේ රටට එරෙහිව, තමාගේ අන්තර් පළාත් කණ්‌ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායම වෙනුවෙන් ඉන්දියාවේ රායිපූර්හිදී අද තරග කරනවා.

බැටළු හම පොරවා ගත් තවත් දේශපාලන කැණහිලෙක්....

පසුගිය UNP කාලයේදී සතොස විකුණා මුදල් ලබාගෙන විවිධාකාරයෙන් දුෂණ ,වංචා රැසකට හේතු වූ රවී කරුණායක ගෙන යන්නේ අමුතුම  වෘක වේශයකි.

එනම්, මොහු උපතින් ම සිංහල ජාතිකයෙකු නොවුණත් මොහු පෙනී සිටින්නේ සිංහල ජාතිකයෙකු ලෙසිනි. මොහුගේ නම සත්‍ය නම සන්ඩරේෂ් රවීන්ද්‍ර කරුනනායාගම්. 

එළොවට වීසා දෙන දොස්තර දිලිනි.....

දේශපාලඥයන් නිවැරදි ප‍්‍රතිකාර ගෙන සුවෙන් කාලය ගත කරද්දී ඔවුන්ගේ පිහිටෙන් විරාජමානවන ප‍්‍රශ්න ගත වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ට ඇතිවන ප‍්‍රතිවිපාකවලට වගකියන්නේ කවුද ....???

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය දිලිනි සමරකෝන්ගේ වැඩ තහනම නැවැත්වීම සඳහා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැදිහත්වී තිබෙන බවට විශ්වසනීය තොරතුරු  වාර්තා වී ඇත.

සිතන්නට යමක්....

මේ සියල්ලම ඔබට සිතීමට යමක් ඉතිරි කරයි...

ලංකාවේ ටොමියන්ට හොඳ කලක්....

 ඔටාරා
තමන් සතුන් වෙනුවෙන් සේවය කිරීමට ඉපදී ඇති බව දැනෙන තේරෙන වයසේ සිට තමන්ට දැනුන බව පවසන ඇය දැන් ඊට වඩා දැනුවත්ව, සහ බලවත්ව එම කාර්යයයට මැදිහත් වීමට හැකි බව පවසනවා.

පොඩි කුඩ්ඩාගේ වත්කම හෙළිවේ...

මෙම පුද්ගලයා අසුවී මරා දැමීම පසුපස සිටි කුප්‍රකට ලංකාවට කුඩු බෝ කිරීමේ දැවැන්ත කපටි දේශපාලන මිනී මරුවා රාජ්‍ය අනුග්‍රහ ආනිසංස මැද දෙමටගොඩ ආසනාරූඩව සිටී...අයිස් බකට් සෙල්ලම් කරමින් පිස්සු කෙළින එමෙන්ම ජනතා ඡන්දය සිය පියා නිසා ලබා ගත් සිය පියා මරා දැමූ එවුන් සමග එක්වී සිටින බත්තතොබා ( නිරුහිකා) ද දුමුකුඩියා සමග හොරරහසේ කථා කරන බවද හෙළිවේ....



වෙඩි කෑ කුඩු ලාලිතගේ කෝටි 6 ක්‌ සොයා ගැනේ ...

මං පිරිවෙන් කාලෙදි ආසන හතේ බණක්‌ කීවා....


මගේ උපසම්පදාව 1941 අවුරුද්දේදී අස්‌ගිරි මහා විහාර උපෝසථාගාරයේදී සිදු වුණා.

උපසම්පදාවේදී පාඩම් ඇහීමකුත් තිබුණාද..........?

ඔව්.... ඔව්.... ලොකුවටම නොවේ...... නමුත් සේයා, දින චරියා සතර කමටහන්, පිරිත් ආදිය ගැන පාඩම් ඇහැව්වා....... ඒ අනුසාරයෙන් තමයි, අවුරුදු දෙසිය ගණනක්‌ තිස්‌සේ අප සංඝසභාව ඉදිරියට ගෙන ආවේ. ලන්ඩන් බී. ඒ. පාස්‌කරලා නෙවෙයි, මේ දක්‌වා සංඝ සභාව ගෙන ආවේ. හොඳට ඉගෙන කියාගත්ත ඇත්තෝ පොත් එහෙම ගහගෙන ඇවිදින් ඉදිරිපත් කරලා විශේෂ ගෞරව නාම ලබා ගන්නවා. අදනම් ඒවා ටික ටික අඩුවේගෙන
නවා.

Friday, September 12, 2014

‘සරස රංග‘ ශාස්ත්‍රීය සංගීත හා නර්තන ප්‍රසංගය

ඇතැමුන් කලා ලොවට පිවිසෙනුයේ පවුල් පරම්පරාවෙන් කලා ක්ෂේත්‍රයට කිසිදු සබඳතාවක් නොමැති පසුබිමක් යටතේ ය. මේ අතර සමහරු මවුපිය උරුමය ද සමඟ කලා ලොව දිග්විජය කරති. කලාකරුවකුට හෝ කලාකාරියකට එබඳු පාරම්පරික කලා උරුමයක් තිබුණත් නැතත් එහිදී වැදගත් වනුයේ ඔහු හෝ ඇය කලා ලොව නිම්වළලු පුළුල් කරනු වස් නවතාවයෙන් දායාද කොට ඇත්තේ කුමක්ද? යන්නයි.
එහෙත් කලාකරුවකු හෝ කලාකාරියක හඳුන්වා දීමේ දී පාරම්පරික උරුමයක් ඇතිනම් එම හඳුන්වාදීම ඉතා පහසු වන බව මා නොකිව යුතු ද? සංගීත විශාරද වාද්‍ය නිපුන්, ශාස්ත්‍රපති පී.වී. මනෝමංජරී යනු සංගීත් නිපුන් පී.වී. නන්දසිරි (නාමශේෂභාවෝපගත) ගාන්ධර්වයාණන්ගේ දුවණියන් ය.
සංගීත විශාරද රූපශිඛා රණතුංග යනු ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග යුවළගේ දුවණියන් ය.

Thursday, September 11, 2014

විජිත හේරත් උන්නැහේ කියන වග නම්....

හැබැයි ඇත්ත ගොඩයි උන්දැගෙ කථාවේ ...කියවලම බැළුවනම් ඔහේලම..
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිවෙලා අවුරුදු 05 ට පස්සේ මේ පළාතේ බොන්න වත් වතුර කඳුළක් නැහැ. ඔන්න අවුරුදු 05 ට පස්සෙ වෙච්ච දේ. එනකොට ආවෙ කොහාමද? බාප්ප ජනාධිපති, තාත්තා කථානායක, මම පුද්ගලික ලේකම් කියලා. ඌව නැගිට්ටෝල ගන්නවා කිව්වා. වෙල්ලස්ස පුබුදනවා කිව්වා. මතක ඇති නේ කියපුවා. ඇවිල්ලා මොකක්ද කළේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.