ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 31, 2014

දැන් අරුමයක් වූ එදා ගම...

නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.


ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී. වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත් පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ දෙහි, දොඩම් ගස් විය.

දෙවියන් විසින් නිපදවා නොමැති දේ නිපදවීමට ගොස් මරණය වැළඳ ගත් ලොව දීප්තිමත් නිෂ්පාදකයන්..

දෙවියන් විසින් බොහෝ දේ නිර්මාණය කර ඇතැයි පැවැසුවත් , ඉතිහාසය එසේ වුවත් ,කටකථා එසේ වුවත් ,ඇතැම් ආගම්වල පොත පතේ එසේ සඳහන් වුවද සියළු දේ නිෂ්පාදනය කොට ඇත්තේ මිනිසාය.පරිගණකයේ සිට ඔබ මේ මොහොතේ ඇඳ සිටින වස්ත්‍ර සහ හිස ආවරණය කොට ඇති සියළු දේවල් පවා , ඔබ සිටිනා නිවාස පවා යන සියලුම දේ නිෂ්පාදනය කොට ඇත්තේ මිනිසුන්ය.



එමෙන්ම මිනිසාගේ සුව පහසුව වෙනුවෙන් මේ දෑ නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් බොහෝ පිරිසක් මේ ලොව සිටි බව අප මෙනෙහි කිරීම ඉතාමත් වැදගත්ය.විශේෂයෙන්ම පසුගිය සියවසේ මුල් අවදියේ සහ 18 වන සියවසේ ඇග භාගයේදී මේ නව නිපැයුම් සංඛයාව වැඩි දියුණු කිරීමට ගොස් මරු වැළඳ ගත් ප්‍රමාණය ඉතා බොහෝය.
මේ සුවිශේෂ නිර්මාණ කරුවන්ගේ ඇතැම් නිර්මාණ සහ ඔවුන් මරණය වැළඳ ගන්නා ඉතා දුර්ලභ ජායාරුප රැසක් අප වෙත ලැබී තිබුණා.
අද අප ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ මෙවැනි අළුත් නිර්මාණ කරුවන් සහ දක්ෂ නිර්මාණ.කලාත්මක බැවින් සහ විද්‍යාකුලව මනුෂ්‍යගේ සුභ විවරණය සඳහා නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් අය වේ.

Saturday, August 30, 2014

දීග කන්න යන්න කළින් දෙන ඔවදන් ජපානයෙන්....

ජපන් දෙමවුපියන් විසින් දියණියක විවාහ වන දිනයේදී උදේ පාන්දරම හාපුරා කියා දෙන අවවාද දොළස...



1- නුඹ විවාහ වූ මොහොතේ පටන් මගේ දියණියක් නොවේ.නුඹගේ මවුපිය දෙදෙනාට මෙන් නුඹගේ නැන්දාට මාමාට කීකරු වෙන්න.
2- නුඹගේ එකම නෑයා ස්වාමි පුරුෂයා වන අතර ඔහුට යටත්ව කාන්තාවකට අවශ්‍ය වටිනාම ධරමය වන සීලාචාරකම රැක ගන්න.
3- නිතර නුඹේ නැන්දම්මාට ආදරෙන් සිටින්න.

ජාතික ගීයටත් නටන අමනයින් සිටින අපේ රටේ එවුන්ට ආදර්ශයක් දෙන රුසියානු ජාතික බළලා...

මේ  බළලා රුසියාවේ දේශාභිමානි ගීයක් වාදනය වනු ඇසෙන වහා ඒ අසලට විත් දෙපයින් සිට ගැනීම සිරිතක්  කොට ගත් අරුම පුදුම බළලෙකි....

වීඩියෝව නරඹා ඔබම තීරණය කරන්න.

Thursday, August 28, 2014

බොරෝබුදුර් විහාරය විනාශ කරන බව මුස්‌ලිම් අන්තවාදීන් ප්‍රකාශ කරයි....

'බොරෝබුදුර් වනසනවා' මුස්‌ලිම් සංවිධානය අනතුරු අඟවයි

ලොව ප්‍රමුඛතම බෞද්ධ විහාරයක්‌ වන ඉන්දුනීසියාවේ පිහිටි බොරෝබුදුර් විහාරය වනසන බවට මුස්‌ලිම් අන්තවාදී අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය ප්‍රකාශ කර ඇත.

Wednesday, August 27, 2014

පාට පෙවූ ත්‍රී රෝද රථ.....



අද වන විට ශ්‍රී ලංකාවේ රෝද තුනේ රථ බොහෝ දුරට ව්‍යාප්ත වෙලා. අපි දන්නවා.,ඉස්සර කාලේ  රෝද තුනේ රථ තිබුනේ නැහැ.එතකොට ඔබ දන්නවද..සමහර විට ඔබ මීට කලින් දැකලා නැතුව ඇති මේ වගේ අලංකාරරෝද තුනේ රථ.මේත් රෝද තුනේ රථ..කොයිතරම් ලස්සනට ඔවුන් මේවා සරසලාද කිවහොත් අද වන විට රෝද තුනේ රථ  සංස්කෘතියක් බිහි වෙලා.කලාත්මක වූ අලංකරණය  රෝද තුනේ රථ මගී ජනතාවගේ නෙත් සිත් පිනවාලන්නට සමත් වී තිබෙනවා.

Tuesday, August 26, 2014

60 වියේදී එළියට ගත් 36 වසරක කලළයක්....

ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි

සෞදි කුමාරයාට පැරිසියේදී වැඩ වරදී...

බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය ඉරිදා  රාත්‍රියේ සිදු වුයේ  උතුරු දිග ප්‍රංශයේ දීය.සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක් සමඟ ලෙබූෂේ ගුවන්තොටේ  තම පෞද්ගලික ජෙට් යානය බලා ගමන් කරන අවස්ථාවේදීය.

මුස්ලිම්වරුන්ගෙන් පාන්දරම සියතින්ම පිසු සාංඝික දානයක්...

ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවි  මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ.

Monday, August 25, 2014

හමුදාවන්ට විශේෂ බලතල හිමිවන පනත අවලංගු කරන තුරුම උපවාසය අත් නොහරින ඇය ...

අධිකරණ නියෝගයක් මත මීට දින කිහිපයකට පෙර මුදා හරිනු ලැබූ ඉන්දියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන ඉරෝමි ෂර්මිලා චානු යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමෙරිකාවට ලැබුණු හොඳම ජනාධිපතිවරයා වීමේ දේශපාලන අවස්ථාව බැරැක් ඔබාමාගෙන් ගිලිහී යයිද...?

ඇමෙරිකාව ඉතිහාසයේ අඳුරු පරිච්ජේද අතරට මුසුවූ නවතම සමාජ ඛිෙදවාචකය බවට පත් “ෆර්ගියුසන් කැරැල්ලෙන්” මතුවූ  ප්‍රචණ්ඩත්වයේ ගිනි දැල් මේ වන විට බොහෝ දුර නිවී ගොස් ඇති බවක් පෙනෙයි. එහෙත් එයට මගපෑදූ සමාජ අසහනයන් ගිනිපුපුරු කාලයේ අළුගොඩ යන සැඟවී තව බොහෝ කල් පවතිනු ඇත.

දකුණු ඇමෙරිකාවේ සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන වටෙන් යන මිනිස්සු....

වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ.

Sunday, August 24, 2014

මෙන්න තවත් දේශපාලන පාදඩයෙක්....සමන් දිසානායක

 චන්දි රණතුංග කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට ඇය පැහැරගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික හා කලා කටයුතු ඒකකයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සමන් දිසානායකය. 

මෙවැනි නීච වසළයෙකු රැක ගැන්ම සඳහා කඩේ යන්නාවූ ඕනෑම අපතෙකු හෝ අපතියක එතැන් පටන් තව දුරටත් ශ්‍රී ලාකීය කලාකරුවෙකු ලෙස ගණන් නොගන්නා මෙන්  ඔබට අප අපක්‍ෂපාතී ලංකානිව්ස් අඩවිය කාරුණිකව ඉල්ලා සිටී...
දේශපාලන බලපුළුවන් කම යොදා සමාජයේ අහිංසක මිනිසුන් ඝාතනය කරවන ,ඵතැනින් ද නතර නොවී අසරණ ගැහැණුන් හට පහර දෙමින්  ලිංගික බළහත් කාරකම් කිරීමට උත්සාහ ගන්නා සමාජය ඉදිරියේ බෝපැළ මෙන් සිටින අධම නීචයන් අප හෙළි දරව් කළ යුුතුය මෙවැනි පවටුන් සමාජයෙන් අතුගා දැමිය යුතුය...  .අසන්න ඒ අසරණ කාන්තාවගේ ප්‍රකාශය ...



බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි.

මේ රටේ පාතාලය පවතින ස්‌වරූපය රටට රහසක්‌ නොවේ. කුඩු ජාවාරම කෙරෙන ආකාරයත් රටට රහසක්‌ නොවේ. බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි. පාතාලය නමැති දැවැන්ත වෘක්‌ෂයේ මුදුන් මුල කැබිනට්‌ එකටත් ඇද තිබෙන ආකාරය මිනිසුන් දන්නේය. කුඩු ජාවාරමේ මහා සෙවනැලි පාර්ලිමේන්තු ගර්භයත් වසාගෙන තිබෙන අයුරු රටට පෙනෙන්නේය. එල්.ටී.ටී.ඊයෙන් පන්නාගත් නීති විරෝධී ගිනි අවි රැඳෙන්නේ ගමේ පච්ච සෝමෙලා අතේවත් කසිප්පු සිරාලා අතේවත් නොව, මේ අඳුරු සෙවනැලි යට රෝපණය වී අවාරෙට වැඩෙනා කටු පඳුරු වල බව ඕනෑම මෝඩයකුට වැටහෙන්නේය. 
මේ ඇත්ත කියන්නට මේ රටේ මිනිසුන් පොලිසියට රහසිගත දුරකථන ඇමතුම් දෙන්නට උවමනා නැත.

Saturday, August 23, 2014

තමිල්නාඩුව ගණන් ගන්න එපා....පොලිස්‌ බලතල ලංකාවට මොකටද...?


මා ආරක්‍ෂක සමුළුවට පැමිණි යුරෝපා නියෝජිතයන්ගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. කොටි සිදු කළ යුද අපරාධ ගැන ඔබලා විමර්ශනයක්‌ නොකරන්නේ මන්ද කියලා. දෙවැනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යය, ජර්මනියේ ඩෙස්ටන් නගරයට බෝම්බ දැම්මා. එහි නාසි ජර්මානු සෙබළුන් හිටියේ නැහැ. ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දැම්මා. සිවිල් වැසියන් විශාල ලෙස මළා.

Friday, August 22, 2014

පිටරටවලට කජු පැකට්‌ සැපයීමේ මුවාවෙන් මත්කුඩු ජාවාරම කරගෙන තනුද්ජින් බැතිමතා...

ජාත්‍යන්තරයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලයේ මෙතෙක්‌ හෙළි නොවූ වැදගත් තොරතුරු 
රැසක්‌ දැන් හෙළිවීමට පටන්ගෙන ඇතැයි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන්.....


කොටින්ගේ ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන් ගැන ළඟදීම හෙළි කරන බව භාරතීය ජනතා පක්‌ෂයේ නායකයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි  (24 දා) පැවැසීය.

මේ තොරතුරු තමා සතුව ඇති බවද හෙතෙම කීවේය.

මහා ජාතිය සහ භාෂාව බිංදුවට දැමීම...


මේ කියන්නට යන දේ මේ මොහොතේත් සිදුවෙමින් පවතී...අපේ රටේ  නිෂ්පාදන විදේශයනට අපනයනය කිරීමේදී අපගේ ජාතික භාෂාව වන සිංහල  තුන්වෙනි පංතියටද පහතට ඇද දැමීම ක්‍රමානුකූලව සිදුකරති...මේ බව අපගේ බලධාරීන් දැනුවත් කළ යුතුව ඇත..නැත හොත් ඔවුනද දැනුවත්ව මෙය කළෙක  පටන් සිදුවෙමින් පවතී..අද අපේ බොහෝ අය නපුංසක මුනිවත රකිමින් සිටී...

සුබ රාත්‍රියක් රොබින් විලියම්ස්....

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළුවකු වන රොබින් විලියම්ස් සිය නිවස තුළදී සියදිවි හානිකර ගැනීමේ පුවතින් හොලිවුඩ් ලොව කඳුළින් තෙත් වුණා.   මේ  මරණයට හේතුව කුමක්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. හැට තුන් හැවිරිදි රොබින් විලියම්ස් සිහිසුන්ව නිවසේ කාමරයක වැටී සිටිතැයි ඔහුගේ බිරිඳ වන සුසෑන් සෙනිඩර් විසින් කැලිෆෝනියාවේ ආපදා ගිලන්රථ සේවයට දුරකථන ඇමැතුමක් ලබාදුන් පසුව ඔවුහු පැමිණ රොබින් විලියම්ස්ගේ නිසල සිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

නවි පිල්ලේ තම බලය ඉක්‌මවා ක්‍රියාකරනවා....

යුද අපරාධ පරීක්‍ෂණය නීති විරෝධියි...
ඉන්දිරා කළේ ඉතිහාසගත වරදක්‌

- ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි සමඟ විශේෂ සාකච්ඡාව...


භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රබලයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි එසේ මෙසේ දේශපාලනඥයෙක්‌ නොවේ. ඔහු හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමඟ ද කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි සමඟ ද ගැටුණේය.

ඊටත් වඩා ඔහු ගැටුණේ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ නෙඩුමාරන්, වයිකෝ සහ සීමන් වැන්නවුන් සමඟය. සුබ්‍රමනියම් ස්‌වාමි ඉන්දීය රජයේ ස්‌ථාවරය හෙළි කිරීමෙන් මෙරට විද්වත් පාර්ශ්වවලට අතුල් පහරක්‌ එල්ල විය. හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමි සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාව.

රෙබෙකාගේ මරණයෙන් පසු...

මහරගම පිළිකා රෝහ‍ලේ ඇඳක් මත සිටියද යළි ගෙදර ගොස් තමන් කරගෙන ආ කලා කටයුතු ඉදිරියටත් කරගෙන යාමට සිහින මැවූ රෙබෙකාට ඒ වාසනාව උදාවූයේ නැත. පසුගිය සතියේ කලාකාමී සියලු දෙනා සෝ සයුරක ගිල්වා ඇය ගෙදර යනු වෙනුවට අවසන් ගමන් ගියේ බොරැල්ල කනත්තටය.

නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩුවක්...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් ධාවනය කිරීමේ වරදට නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ සුමින්ද සමන් ගුණසේන නැමැති ‍පොලිස් නිලධාරියා සහ තවත් නිලධාරියෙකුට අල්ලසක් ඇයද සිටීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (21) නඩු පවරනු ලැබිය.

ඉස්ලාමික රාජ්‍යයට බි‍්‍රතාන්‍ය මුස්ලිම්වරුන් විරුද්ධ නොවන්නේ ඇයි?

සිරියාව සහ ඉරාකයේ කොටසක් ඈඳා ගනිමින් ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයක් ගොඩනැගීමට මැදිහත් වෙමින් සිටින ඉස්ලාමික රාජ්‍යය සංවිධානයේ සාහසික ක‍්‍රියාකාරකම් වලට බි‍්‍රතාන්‍ය මුස්ලිමවරුන්ගේ විරෝධය එල්ල නොවම පුදුම සහගත බව ආචාර්ය තාජ් හාජි පවසා තිබේ.


පෙට්ටියේ හිටපු නයා එළියට පැනලා.....

ජීවත්වීම සඳහා මිනිස්සු විවිධ රැුකියා කරති. එහෙත් තමන් කරන කියන රැුකියාවෙන් තෘප්තිමත්ව සතුටින් ජීවත්වන්නන් අද ඉතා අල්ප ය. මෙවන් පසුබිමක පරම්පරාවෙන් තමන්ට උරුම වූ වෘත්තිය ගෞරවාන්විතව, සතුටින් කරගෙන යන තෙළිඟු ජාතිකයෝ පිරිසක් ගම්පහ අස්ගිරිය අත්තනගලූ ඔය අසබඩ සුන්දර මිටියාවතක දී අපට හමු විය.

Thursday, August 21, 2014

ජේම්ස් ෆොයිලි ඝාතනයේ වීඩියෝ පටය නැරඹීම හෝ බෙදාහැරිම සිර දඬුවම් ලැබිය හැකි වරදක් ...


ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන්වැදී ඉන්නා පිරිසක් විසින් පසුගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.

Wednesday, August 20, 2014

තරුණ පරපුර මතට බිලිකර කොටි ගණන් උපයන ජාවාරම්කරුවෝ.....


මත්කුඩු කිලෝ 59 ක්‌ සමග කටුගස්‌තොටදී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අල්ලාගත් ප්‍රධාන සැකකරු වූ තනුඡ්දීන් ළඟ තිබූ ජංගම දුරකථන 28 සහ සිම්කාඩ් තොගය එකින් එක පරීක්‍ෂා කරද්දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය ඇසුරු කරන දේශීය සහ විදේශීය පුද්ගලයන් 100 කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළි වෙමින් පවතින බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු පැවැසීය.

කුට්ටි පිටින් ගසා කන ප්‍රමිතියක් නැති මාර්ග සංවර්ධනය.....

මාර්ග ඉදිකිරීම ක්‍ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ගේ පැවැත්ම උදෙසා පිඹුරුපත් සකසමින් මහජන දේපළ හා මහජන මුදල් නිරපරාදේ කාබාසිනියාවීම පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් නැති බැරි අහිංසක ජනතාවට අදට වඩා හොඳ කලක්‌ හිමිකර දිය හැකි බව ඒකාන්තය.

පැකට්‌ එකක්‌ රුපියල් දෙසීයයි..සිසුන්ටත් ගංජා...

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ ඇතැම් පීඨවල අධ්‍යාපනය ලබන සිසුන්ට විකිණීම සඳහා රැගෙන ආ ගංජා පැකට්‌ හැත්තෑවක්‌ සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු මිහින්තලේ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Tuesday, August 19, 2014

අපි සරණාගතයින්ට හොඳට සලකනවා....ඉන්දියාව කියයි.

ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් රඳවා සිටින කඳවුරුවල පහසුකම් වැඩිකරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් මදුරාසි මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. මහාධිකරණ විනිසුරු එම්. ජයිචන්ද්‍රන් සහ ආර්. මහාදේවන් විසින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභා කර ඇති අතර පෙත්සමට එරෙහිව ඉදිරිපත්ව තිබු තවත් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලු මහාධිකරණය මේ තිරණය ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Monday, August 18, 2014

සුනරුත් මාධ්‍යයේ අතුරු ප්‍රථිපල......

නිතර දෙවේලේ වෙළෙඳ පොළට ගොඩවන අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මොනතරම් කුණුකන්දල් ගොඩක්‌ හා වස විස කන්දරාවක්‌ බිය සැකයකින් මෙන්ම විළි ලැඡ්ජාවකින් ද තොරව ගෙදරට ගෙනැවිත් ගොඩගසා ගන්නේ දැයි ඔබ මොහොතකටවත් කල්පනා කර තිබේද? එදිනෙදා ගෙදර දොර භාවිතයට අවශ්‍ය දේවල් අතරින් අනවශ්‍ය දේවල් කොපමණක්‌ නම් අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නේද? යමක්‌ මිලදී ගන්නට වෙළෙඳ පොළට ගිය අවස්‌ථාවන් බොහෝමයකදී ඔබට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේද ගෙදර ගෙන ඒමට ඔබව අවිඥනක ව මෙහෙයවන්නේ නිවසේ ඇති රූප පෙට්‌ටිය බව ඔබ මොහොතකටවත් කල්පනා කර තිබේද?

ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි .....



2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි.ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 1,721ක හෙවත් රුපියල් මිලියන 17,208.38ක පමණ අලාභයක් ලබා තිබේ. එය දිනකට රුපියල් කෝටි 4.71කි. 2012 වසරේදී එම අලාභය සියයට 31කින් පමණ වැඩිවී ඇති බවද වාර්තාවෙන් අනාවරණය වෙයි.

ශී‍්‍ර ලාංකන් ගුවන් සේවය හරහා ඉස්ලාම් උගුලට අසුවුණ....

ඊයේ පෙරේදා අපේ රටේ ගුවන් සේවයට වසර 100ක් පිරුණි. ඒ නිමිත්තෙන් රූපවාහිනී වැඩසටහනක් ප‍්‍රචාරය කෙරුණි. එහිදී ‘එයාර් සිලෝන්’ කාලයේ ගුවන්යානාවල රූපරාමු කීපයක්ද ප‍්‍රදර්ශනය කෙරුණි. ඒ අතරින් එක් ගුවන් යානයක ‘විහාර මහා දේවි’ යන නම සඳහන් කර තිබෙනවා දැක්කෙමි. ‘එයාර් ලංකා’ යුගයේ ගුවන් යානාවල අපේ රජවරුන්ගේ නම් කොටා තිබුණු බවත් ඇනකොන්ඩාට මතකය. සත්‍යයේ ගීත
ගැයූ නන්දා මාලිනී ‘මේ සිංහල අපගෙ රටයි සින්දුව කීම ප‍්‍රතික්ෂේප කරන මේ කාලයේ මෙබඳු ‘ජාතිවාදීන්ගේ’ නම් අපේ රටේ දේපළවලට යොදන්නට ඉදිරිපත් වන ‘පිස්සන්’ හොයාගන්නට ඉතා අසීරුය. මේ සටහන ඒ ගැන නොවේ. ‘එයාර් ලංකාවත්’ සමග සෝදා හැරිය ඊටත් වඩා වැදගත් දෙයක් ගැන කියන්නටයි.

Sunday, August 17, 2014

ජනාධිපති මැරෙන දවස.....

ජනාධිපති  ජ්‍යොතීර්වේදීන් සමග සුහද හමුවක් පැවැත්විය යුතු බව සිතා හදිසියේම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දෙමළෙන් ලියන ජ්‍යොතීෂවේදීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. මගේ කන්‍යා ලග්නයට මේ කාලෙ කොහොමද,

ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.....

අප විස්වාස කරන ආකාරය ආගම් යනු පවත්නා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන තත්වයන්ට සාපේක්ෂව සමාජයක දෛනික කටයුතු සාපේක්ෂ සාර්ථකත්වයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නිර්මානය වන ආයතන වේ. නමුත් කාලයත් සමග ඉහත තත්වයන් වෙනස්වෙයි. එවිට ආගමික මතවාදයන්ගේද ස්වරූපය වෙනස්වීම අනිවාර්යකි. නමුත් එසේ නොවී දැඩි අන්තවාදී ස්වරූපයකින් මිනිසාගේ සැබෑ නිදහස සීමාකරන ආගමික විකෘතින් හෙලිදරව්කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

පිටිදුවේ සිරිධම්ම ප්‍රාතිහාර්ය පායි…

රහත් බව ඔප්පු කරන්න පිටිදුවේ සිරිධම්ම  ප්‍රාතිහාර්ය පායි…

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මහ රහත් භාවයට පත් වෙලා කියන කතාව ඇත්තද?

ඔව්, මම පුනර්භවය නැති කළා. මේ මගේ අන්තිම උපතයි. ආයෙත් මගේ උපතක් නෑ.

ඒ කියන්නේ මෙතැන ඉඳලා මම ඔබවහන්සේව සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ කියලා හැඳින්නුවට කමක් නෑ?
ආ..  ඒකට කමක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ. ඒකේ කිසිම අඩුවකුත් නෑ. ඒක සර්ව සම්පූර්ණයි.


අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. ඒ සීමාවක් තුළ. දැන් ඔය හදන්නේ මාව සාස්තරකාරයෙක් කරන්න.  මම සාස්තරකාරයෙක් නෙවෙයි. මම ආර්යයන්වහන්සේ කෙනෙක්. මම නිවන් දැකපු උත්තමයෙක්. එවැනි උතුමෙකුගෙන් සිත් කියවගන්න විතරක් එන්න එපා. නිවන් දකින විදිහ අහන්න.

Saturday, August 16, 2014

නවිපිල්ලෙට දෙන්න ද්‍රවිඩ සන්ධානය සාක්‌කි සොයයි...


ශ්‍රී ලංකා රජයට එරෙහිව නවිපිල්ලේ පත් කළ යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය වෙනුවෙන් ද්‍රවිඩ සංධානය උතුරේ ජනතාවගෙන් සාක්‌කි ලබාගැනීම ආරම්භ කර ඇත.

කෘතිම රූපාන්තරයේ සාපය


රූපලාවන්‍යාගාරයේ ඛේදවාචකය
හසුව හොර වෙදෙකුට
ගොදුරු විය රුදුරු මරු හට


රූපලාවන්‍ය සැත්කමකට (cosmetic surgery ) ලක්‌ වීමට ගොස්‌ බම්බලපිටියේ විශාකා මාවතෙහි පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය සැත්කම් ආයතනයකදී (
cosmetic surgery clinic ) විදින ලද එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධිය පසුගිය දිනවල රට තුළ මහත් ආන්දොලනයකට තුඩු දුන් සිදුවීමක්‌ විය.

රූපලාවන්‍ය වෙළෙඳාම,



අන්තරාවයි...
රූපලාවන්‍ය වෙළෙඳාම,
උමතුවේ සහ මරණයේ සීමාවන් පසු කොට ඇත...

වර්තමාන කාන්තාවන් ඇතැමෙකු එක්‌ අතකට විලාසිතා සහ රූපලාවන්‍ය කලාවේ උමතු සීමාවද පසු කර ගොස්‌ ඇති බැව් පෙනේ. අනෙක්‌ අතට, අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිබඳව ඒ හැටි සැලකිල්ලක්‌ නොදක්‌වන සහ ඒවා සම්බන්ධයෙන් වන දැනුමෙන් යාවත්කාලීන නොවන පාරිභෝගිකයින් බහුතරයක්‌ සිටින රටක ජීවත් වන අප හට විලාසිතා සහ රූපලාවන්‍ය නාමයෙන් කිසිදු වැදගැන්මකටද නැති නිෂ්පාදන රාශියක්‌ විකූණමින් සිටින තක්‌කඩි මුදලාලිලා විසින් එකී නිෂ්පාදනවල අවම සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය කෙසේ වෙතත් මරණයේ සීමාවද පසු කොට ගොස්‌ තිබේ. ඇතැම් නිෂ්පාදන වල අන්තර්ගතයන් දෙස විමසිලිමත් වීමෙන් මේ මාරක ඇත්ත පෙනී යයි.

බය නැති මිනිස්සු....

ලොව පුරා ගුවන් යානා අනතුරු ඉතාමත් සීමිත ප්‍රමාණයක් වාර්තා වුවත් ගුවන් යානා භාවිතා කර විවිධ රටවල්වල සංචාරය කරන ගුවන් මගීන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන පැවසීය.

අරිසෙන් අහුබුදු

“වැටෙන වැටෙන විට නැගිට සිටින්නෝ
නැගිට නැගිට ඉදිරියටම යන්නෝ
දහසක් බාදා අකුල් සිඳින්නෝ
අපි කඩිසර දරුවෝ....................”



අරිසෙන් අහුබුදු පඩිතුමන් ස්වකීය ජීවිතයම කැප කළේ දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි කීමෙහි අතිශයෝක්තියක් නැත. එතුමන් ස්වකීය ජීවිතයෙන් වැඩිම කාලයක් කැප කළේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමටය. පරමාදර්ශී ගුරුඋතුමෙකු ලෙස එතුමන්ට ඇත්තේ ඉමහත් කීර්තියකි. කුඩා වියේ පසුවෙන දරුවාගේ සිට නව යොවුන් වියට පා තබන දරුවා දක්වා විවිධ වයස් මට්ටම්වල දරුවන්ගේ වින්දනය උදෙසාත්, ආකල්ප වර්ධනය උදෙසාත් අහුබුදු පඩිතුමන් නිර්මාණය කළ, කව් ගී හා ළමා කතා ප්‍රමාණය විශාලය. ඒවා විශිෂ්ටය.

පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගාන්ධර්වයා: උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි

මේ සටහන ලියන අද (2012 දෙසැම්බර 5) උදෑසන කුමක්දෝ ගුවන්විදුලි සේවාවකට දුරකතනයෙන් සම්බන්ධවූ කුඩා දරුවකු හෙළයේ මහාගාන්ධර්වයා වශයෙන් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි උපන්දිනයට සුබපතා ඔහු වෙනුවෙන්ම රචිත කවියක් ගායනා කරනු අල්ලපු ගෙදර පැත්තෙන් ඇසුණි. 

Friday, August 15, 2014

දොස්තර මෙසේ කියයි...

වෛද්‍ය විරිච්චමුල්ල ගමගේ නිමල් නාගිත නැමැත්තා බම්බලපිටිය විශාකා පාරේ මහල් නිවාසයක හය වන මහලේ පවත්වාගෙන ගිය පෞද්ගලික රූපලාවණ්‍යාගාරයක් තුළ දී ඉකුත් 12වැනි දින ලබාදුන් එන්නතක් හේතුවෙන්රිජ්වේ ළමා රෝහලේ වෛද්‍ය පී. ඒ. ප්‍රියංගනී (49) මහත්මිය හදිසියේ මියගිය අතර මේවනවිටත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් සිටී. මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විවෘත තීන්දුවක් ලබා දී ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත.  

එන්.ජී. ඕ. ඩොලර් කාක්කන් සහ පොලිටික්ස්...

අනේක ප‍්‍රකාර විපක්ෂ දේශපාලන ඝෝෂා ඇසේ. මේවා එදිනෙදා වොයිස් කට් දේශපාලනය සඳහා වේල සොයා ගන්නා ඝෝෂාවන්ය. එබැවින් තොලේ, කටේ, දිවේ, උගුරේ, ආබාධ සදාගන්නා දෝෂ නොවේ. මේ ඉලව්, වළහම් හඩින් කොතරම් ඝෝෂා නැගුවද මව්බිමට ආදරය කරන කිසිවකු ඒවාට නොරැුවටේ.
ඉකුත් සතියේ කොහොඹා කංකාරිය නටන ඔවුහු මේ සතියේදී මහසොහොන් සමයම, රට යැකුම නටති. ඉදිරි සතියේදී හූනියම් කැපිල්ල, දහඅට සන්නිය පටන් ගෙන මහා බලි යාගයක් සිදුකළද පුදුමයක් නැත.
මේ කවුද? මොනවද කරන්නේ.......? ජිනීවා සම්මුතියට ආවඩමින් මව්බිම අධිරාජ්‍යවාදීන්ට පාවාදීමේ දේශද්‍රෝහී කුමන්ත‍්‍රණයට පාවඩ එළීමකි. දවුල් ගැසීමකි.

ඇමෙරිකානු නිළි ලොරෙන් බැකොල් මියයයි

ඇමෙරිකාවේ සුප්‍රකට චිත්‍රපට සහ වේදිකා නාට්‍ය නිළියක් වූ ලොරෙන් බැකොල් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඇය 89 වැනි වියේ පසුවිය.

පලස්තීන - ඊශ්‍රායල සටන් විරාමය දින පහකින් දීර්ඝ කරයි

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් පැවැති පැය 72ක සටන් විරාමය අවසන් වීමත් සමග එය තව දින පහක කාලයකට දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වී තිබේ. මෙම එකඟත්වය නිවේදනය නිකුත් වීමට පෙර ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බව ප්‍රකාශ වී තිබේ.

තේ කඩේ ජරමරේ ...

ගාල්ල ලබුදුව වෙළද සංකිර්ණය අසල ඇති අනවසර තේ කඩයක් බෝපේ පොද්දල ප‍්‍රදේශිය සභාව මගින් ඉවත් කිරිමට විරෝධය දක්වා එම වෙළදසැල් හිමියා විසින් ලබුදුව මංසන්දියේ පැය දෙකකට ආසන්න කාලයක් බිම දිගාවි විරෝධය පළ කිරිම නිසා ගාල්ල කරාපිටිය මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වීමෙන් වාහන තදබදයක්ද ඇති විය.



මැලේසියාවේ ව්‍යාජ රැකියා ජාවාරම

ව්‍යාජ රැකියා ජාවාරම්කරුවන්ට
ගොදුරු වී මැලේසියාවේ දුක්‌ විඳින
ශ්‍රී ලාංකිකයෝ






මැලේසියාවේ සිදුවන මේ අකටයුතුකම් අපි හෙළි කරත්ම ක්‌වාලාලම්පූර් නගරයේ අපේ තානාපති කාර්යාල බලධාරීන් කලබලයට පත්වී එවැනි දෙයක්‌ සිදු වන්නේ නැති බවට විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත. එහෙත් සත්‍යය වසන් කළ හැකිද...?
මැලේසියාවේ සිරගෙවල්වල ශ්‍රී ලාංකිකයන් 100 කට අධික පිරිසක්‌ සිරගතව සිටින බවද හෙළි විය. මින් ඇතැමෙක්‌ වැටුප් ඉල්ලීම නිසා හාම්පුතුන්ගේ පහර කෑම්වලට ලක්‌ වී බඩු සොරාගත් බවට චෝදනා එල්ල කර සිරගෙට යෑවූවන් බවද අනාවරණය වී තිබේ. 
* ව්‍යජ රැකියා ජාවාරම්කරුවන්ට ගොඳුරුවන ශ්‍රී ලාංකිකයන් ගැන මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීහු වසන් කරති

අප අතර ඉන්න සමහරු බැටළුහම පොරව ගත් හිවල්ලු...

අද අපේ රටේ ජනගහනය ලක්ෂ 200යි. මෝටර් සයිකල් ලක්ෂ 27ක් පාවිච්චි වෙනවා. ජනගහනය ලක්ෂ 200යි. එහෙත් ජංගම දුරකථන ලක්ෂ 210ක් භාවිතා වෙනවා. ත්‍රිරෝද රථ ලක්ෂ 10ක් තිබෙනවා. පිටරට රැකියාවල යෙදෙන අය ලක්ෂ 12ක්. ඔවුන් වාර්ෂිකව රුපියල් බිලියන 7ක් අපේ රටට ලබා දෙනවා

Thursday, August 14, 2014

චන්ද්‍රිකාගේ නොනැවතුණු නැටුම...

බලන් කඩතුරා හැර දෑසේ...
මුහුණ බොදවීද මුහුණ විවෘතවද බටහිර සංගීතයට මේ පාද සොළවන්නේ මේ රටේ එසේ මෙසේ චරිත දෙකක් නොවේ. මුහුණ බොදව ඇත්තේ මේ රටේ නූතන විහාර මහා දේවිය ලෙස 1994 පිදුම් ලද සිරිමාවෝ බන්ඩාරනායකගේ දියණිය චන්ද්‍රිකා බන්ඩාරනායකයන්ය. මුහුණ විවෘතව පාද සොලවන්නේ අන් අයෙක් නොව මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ගෝඩ් ෆාදර් හෙවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යජෝති සරවනමුත්තුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.