ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 31, 2014

තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටි.......

තංගල්ල ද නේචර් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ ලෙසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර නියම කළ විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවමට එරෙහිව එම රැඳවියෝ ඊයේ (31 දා ) කොළඹ මහාධිකරණය වෙත අභියාචනා ගොනු කරනු ලැබූහ.

Wednesday, July 30, 2014

සිරසට අහු ‍වෙන්න එපා - අංක 7788ට කෝල් කරන්න එපා....

 සිරසේ 7788 දුරකථන අංකය වනාහි සිරස ජනතාවගෙන් මුදල් සූරාකන ප්‍රධාන මාධ්‍යයයි. ඔවුන් එවැනි කෙටි ඇමතුම් අංකයක් ලබා ගත්තේ කෙසේද යන්න හා සාමාන්‍ය දුරකථන ගාස්තුවලට අමතරව අධික ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන්න අභිරහසකි. ඔවුන්ගේ ස්වයංක්‍රීය සේවයේ චූර්නිකාව අසන විට ම ඔබගෙන් සෑහෙන ගානක් කැපිලා හමාර ය. සිරස මෙන් ම වෙනත් ජනමාධ්‍ය ද මේ මංකොල්ලය ගජරාමෙට කරගෙන යති. අපි සිරස ගැන කියන්නේ සිරස ඒ මංකොල්ලයේ නිර්මාතෘ නිසා ය.

පාණදුරේ අරියධම්ම හාමුදුරුවන්ට වස දුන්නාද...?

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිවරා ලක් දෙරණේ අස්සක් මුල්ලක් නෑර ගිඟුම් දුන් ඒ ඉමිහිරි සාදු නාදය අපෙන් ඈත් වී දැන් තිස් වසරක් පමණ ගෙවී ගොසිනි. අදත් ඒ හිමියන් ගේ බුදුගුණ වන්දනා කවි මිහිරෙන් ඈත් ව මේ රටේ බෝධි වන්දනාව නොකෙරේ. රැයක් පහන් වන තුරු පහන්සිත් පුබුදුවා කළ ඒ බෝධි වන්දනාව මේ රටේ බෞද්ධයන්ට අමතක නොවන එකම බුද්ධ වන්දනාවයි.

කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් ඇද ගත් කොල්ලා...


ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා ගෙන ඇතැයි කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.

රුපියල් 163000ක ශේෂයක් ඔහුගේ බැංකුවේ තිබිය දී රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් ආපසු ලැබී ඇත්තේ බැංකුවේ දෝෂයක් නිසා බව බැංකුව උසාවියේ දී පිළිගත්තේය.

තවත් අපූර්වතම සොයා ගැන්මක්...

මෙතෙක් ලොව සොයාගත් විශාලත ම ජලජ කෘමියා චීනයෙන් හමුවූ බව පර්යේෂකයෝ කියති. පරිසරවේදීන් පවසන්නේ මේ කෘමියා ලොව විශාලත ම කෘමියා ද විය හැකි බවයි. තම සිරුරට වඩා විශාල පියාපත් යුවලකට හිමිකම් කියන මේ සත්ත්වයා මෙගලොප්ටෙරා පවුලේ අලුත්ම සාමාජිකයා ලෙස නම්කැර තිබේ.

බොරු කඳුළු උල්පතක් පෑදේ....

වචන වලට කඳුළු මුසු කිරීමේ සමත් අපූරු සටහන් පොතක් මැන්ගස් ෆරස් නම් පොත් නිශ්පාදක සමාගම නිපදවා ඇත.‘අනියන් (ලුණූ) නෝට්‘ ලෙස හදුන්වාදී ඇති මෙම සටහන් පොතේ සටහන් තබන්නෙකුට සටහන් තබන වාරයක් පාසා ඇසෙන් නැගෙන කඳුළු පිසදමන්නටද සිදුවේ.

ලියනාඩෝ ඩා වින්සි...

බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘පුනරුද මිනිසාගේ’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.

Tuesday, July 29, 2014

එඩ්වින් ආරියදාසට "ගමේ ප්‍රේමයක්‌" ...

 එක ප්‍රේම සම්බන්ධතාවක්‌වත් විවාහයට කිට්‌ටු වෙන දුරකටවත් ආවේ නැද්ද...?
මගේ මනස තුළ තිබුණු ළමා ගතිය හා මට ආධ්‍යාත්මික, අධ්‍යාපනික දේ ගැන තිබුණු උනන්දුව නිසා ඒවා අතහැරිලා ගියා.

තනිකඩයකු වුවත්, පවුල්කාරයකුට වඩා ඔහු කාර්ය බහුලය. පාන්දරින් අවදි වී මධ්‍යම රාත්‍රියත් පසුවී නින්දට යන තරමේ කාර්ය බහුලතාවක්‌ ඔහු සතුය. උදෑසනින්ම අප ඔහුගේ නිවසට යන විටත් ඔහු සිය කාර්යාවලියට බැස තිබිණි. ආචාර සමාචාර පිළිගැනීම්වලින් පසුව ඔහු සමග අපි කතාවට එළැඹියෙමු.

ඇල්බට්‌ එදිරිසිංහ


මට මතකයි "කප්පම් කඳ" ආණ්‌ඩුකාරවරයාගේ ගෙදර ගෙනිච්ච හැටි. මාලදිවයිනෙන් ගෙනාපු කැස්‌බෑ ලෙලි වලින් කන්නාඩි රාමු වගේම පනා හැදීම හුඟාක්‌ම සිද්ධ වුණේ ගාල්ල එලියට්‌ මාවතේයි. ඒ කාලයේ තිබුණු ඇස්‌ කන්නාඩි හැම එකක්‌ම වාගේ ඕවල් හැඩයේ ඒවා. ලංකාවට මුලින්ම ලෝහ රාමු සහිත ඇස්‌ කන්නාඩි හඳුන්වලා දුන්නේ මමයි.

කෙප්ප කෙළින ටී එන් ඒ හොර නඩේ...

එදා ප්‍රභාකරන්ටත් එල්.ටී.ටී.ඊ. යටත් එරෙහිව හඬ නැඟූ ඇයට ඇගේ සැමියා අහිමි විය. ඇගේ හා දරුවන්ගේ ජීවිත බේරුනේ අනූ නවයෙන් ය. භීෂණයක හඬ තවමත් ඇගේ සවන් තුළ දෝංකාර දෙයි. ඇය මෙවර ඇගේ සහෝදර ජනතාව අතරට එන්නී, ඒ බිහිසුණු අත්දැකීම්වලින් ලද පන්නරය ද සමග ය. මේ ඇගේ හෘදය සාක්‍ෂියයි.....
ටී.එන්.ඒ. අය ලෝකයටම කියන්නේ මේවා කරන්නේ හමුදාව කියලයි. හමුදාව හා සාමාන්‍ය ජනතාව අතර හොඳ සම්බන්ධයක්‌ තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ වගේ බොරු කතා ටී.එන්.ඒ. එක ලෝකයට කියන්නේ. මේක නිසා ලෝකයේම අය, අද දෙමළ කාන්තාවෝ දිහා බලන්නේ නරක විදිහට. මම කාන්තාවක්‌ විදිහට ටී.එන්.ඒ. එකට අවවාද කරනවා. ඒ ජරා වැඩ කරන්න එපා කියලා. කාන්තාවෝ ළඟට ඇවිල්ලා ඡන්දේ ඉල්ලනවා. 

Sunday, July 27, 2014

සරල බවේ ගැඹුර

 
මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු ද වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක් කොට නොතිබිණි. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම් තුමන් ඇසුරු කළ, පුවත්පත් පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙන එතුමනට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.

එක භික්‍ෂුවක් හරි බුදු දහම වැලඳ ගත්තොත් මට ඒ ඇති...

නුගේගොඩ හයිලෙවල් පාරේ අනුලා පෙර පාසලෙහි ගේට්ටුවෙන් ඇතුළත දැන්වීම් පුවරු දෙකක් සවි කර තිබේ. ‘ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් පදනම සහ ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන කෙන්ද්‍රය යනුවෙන් ඒවායෙහි සටහන් කර ඇත. බසයෙන් ගමන් කරන අතර එහි දුරකතන අංකය සටහන් කරගත් මම දිනක් එම අංකයට කතා කර එහි ගියෙමි.

Saturday, July 26, 2014

උන්වහන්සේ මෙසේ කියයි....

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස්බුක් ගිණුම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවේ ෆේස්බුක් සමාගමට පැය 24ක් තුළ ලක්ෂ 12කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇතැයි වාර්තා වේ.

බටහිරට අවනත වෙමු...වික්‍රමභාහු කරුණාරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගොනු කරමින් ඇති යුධ අපරාද චෝදනාවන්ගෙන් බේරීමට ඇති එකම මග ඇමරිකාවට අවනත වී ඔවුනට සහයෝගය ලබාදීම බව නව සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.

කුඩු වලින් කුඩේ කුඩු..

මෙරට පුද්ගලයින් හෙරොයන් භාවිතය සඳහා දිනකට රුපියල් කෝටි එකහමාරක් පමණ වැය කරන බව හෙළිව තිබේ.

අයින්ස්ටයින්ගේ ආලෝකවේග ගණනය වැරදියිලු....

මෙතෙක් දැන සිටි ප‍්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

මාරයාට අතවනන අජිනොමොටෝ...

   අංක එකේ රසකාරක මාරයා  අජිනොමොටෝ .....




2014 ජුලි 1 වන දා සිට රසකාරක වර්ග 19 ක් භාවිතය තහනම් යනුවෙන් ජනවාරි 29 වන දින දිනමිණ පත්‍රයේ පලවූ ප්‍රවෘත්ති ශීර්ෂය දැක එය තවදුරටත් කියවීමට පෙළඹුනේ පස්වනක් ප්‍රීතියෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැනත් ඇති වූ පහන් සිතකිනි.  එහෙත් කියවීමට පටන් ගැන්මේදී එහි මුල් වාක්‍ය ඛණ්ඩය කියවීම තුලින්ම මේ දෙදෙනා ගැනම ඇති වූයේ ඊට හාත්පසින්ම විරුද්ධ වෛරී සිතුවිල්ලකි. 
ඒ මක් නිසාද යත්....,

මේ ලංකාවේ රියැදුරෙක්.


Watch this fuel truck takes the sharpest U-turn ever. For those worried about the contents exploding,

එක තත්පරයක ජීවිත කාලයක් කිසිදු මුදලකට කිසිවෙකුගෙන් ගත නොහේ...

කලළයක උපතේ සිට මෘත දේහයක අවසානය දක්වාවූ විවිධ කඩඉම් අප පසු කරමින් යන්නෙමු.

අප ජීවත්වන්නාවූ සුළු කාලයේ...විවිධාකාර හැල හැප්පීම් වලට මුහුණ දීමට සිදුවෙයි...බොහෝමයක්ම අනපේක්‍ෂිතය.සමහරු මේ ජීවත් වන කෙටි කාලයේ මිනී මරා ගනිති...අනුන්ට ඊරිසියා කරති..අනුන්ගේ දෑ වංචාවෙන් ලබා ගනිති ...මිනී මරා ගනිති ..නොකරන්නේ මොනවාද...අප සැවොම උපදින්නේ එක ලෙසය ...උපදින අප සැවොම දිනකදී මෙලොව හැර දමා යා යුත්තේමය...එදිනට අපට එක තත්පරයක ජීවිත කාලයක් කිසිදු මුදලකට කිසිවෙකුගෙන් ගත නොහේ...

අන්තිමේදී උන් අනේකවූ බලය යොදා ඤාණසාර හිමී නෙරපා දැමූහ ෆේස්බුක් වෙතින්...

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ Facebook ගිණුම අත්හිටුවීම ගැන Facebook සමාගම විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

Friday, July 25, 2014

ශ්‍රී ලංකාවේ භාවිතා වන සහල් වර්ග ගණනාවක ආසනික් භයානකයි....

ගොවිතැන සදහා යොදා ගන්නා පලිබෝධනාශක සහ රසායනික පොහොර මගින් එක්වන ආසනික් වැඩි දියුණු කල වී වර්ග වලට උරා ගන්නා බවත් එමගින් සෞඛ්‍ය අවදානමක් ඇති වන බවත් ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් පෙන්වා දී වසර 4 ට පසු එම කරුණ සත්‍ය බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිලි ගන ඇත.

කොරියාව ලාංකිකයන් සේවයට ගැනීම...නැවැත්වීමට සැරසේ

කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා ශ‍්‍රී ලාංකිකයන්ට ලබා නොදීමට කොරියානු රජයේ අවධානය යොමු වී ඇති බැවින් ශ‍්‍රී ලාංකිකයන්ට ඉදිරි කාලයේ දී කොරියානු රැකියා අහිමි වීමේ අවදානමක් මතු වී ඇතැයි විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජැක්ලින්ගේ කාමසූත‍්‍ර ආප්පයක් 200යි...



"මම මගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය ගැන වගේම ශ‍්‍රී ලංකාවේ උරුමය ගැනත් ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් අපේ උරුමය කියා පාන තවත් එත් අංගයක් තමයි අපේ ආහාර රටාව. මේ අවන් හල විවෘත කිරීම මගේ හිතේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඇත්තටම ඒක රහසක් විදිහටයි තිබුණේ. මගේ හීනය හැබෑ කර ගන්න දර්ශන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා"  එසේ කියන්නේ අපේ බොලිවුඞ් තාරකාවිය ජැක්ලීන්.

Thursday, July 24, 2014

පාසල්වල නිල ඇඳුමට පිටින් කිසිවක්‌ බැහැ...

මුස්‌ලිම් මවුවරුන් පාසලට එන විට දුටු විගස කෙනකුට හඳුනා 

ගැනීමට හැකිවන පරිදි ඇඳුම සකස්‌ විය යුතුයි

- අගවිනිසුරු මොහාන් පීරිස්‌ 

මුස්‌ලිම් මවුවරුන්ට හුරු පුරුදු සංස්‌කෘතික ඇඳුමෙන් පාසල්වලට පැමිණිය හැකි නමුත් දුටු විගස කෙනකුට හඳුනා ගැනීමට හැකිවන පරිදි ඒ ඇඳුම සකස්‌ විය යුතු යෑයි අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඊයේ අවධාරණය කළේය.

එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීම පිළිබඳව ඉන්දියාව ආඩම්බරයි


ත්‍රස්‌තවාදය පරාජය කිරීමට මෙතෙක්‌ කිසිදු රටකට නොහැකි වූ නමුත් ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කළ එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ ගැන ඉන්දියාව ආඩම්බර වන බවත් භාරතීය ජනතා පක්‍ෂයේ නායකයකු හා හිටපු ඇමැතිවරයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා පැවැසීය.

ආනන්දි සශීදරන් වෙත මුලතිව් ජනතාවගෙන් දැඩි විරෝධතාවක්‌...


යුද සමයේ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන එලිලන් මෙන්ම එම සංවිධානයේ සිටියදී අතුරුදන් වූවන් පිළිබඳව විභාග වන නඩුවකට සහභාගි වීම සඳහා පැමිණි උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සශීදරන් වෙත මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගෙන් දැඩි විරෝධතාවක්‌ එල්ල වූහ.

නිළ ඇඳුම් ළා ගත් රිළා පණික්කියන්ද අප රටේ හොරා පොලිස් සේවයේ ඇත....

වරෙක මර්වින් සිල්වා ගේ පුතා ඇතුළු මදාවියන් ගේ පහර කෑමට ලක්වූ රණ විරුවෙක් ඔහුම තමාට ගහ ගත්තා යනුවෙන් ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ යම් සේද  එසේම  පසුගියදා අපේම බත් බුදින ගවයන් ගේ කතිරයෙන් බස්නාහිර මහ ඇමති පදවියට ආ මදාවියාගේ පහර කෑමට ලක්වූ අහිංසකයාට වන්නේද එයමය...
වැලිකඩ පොලිසියේ   ප්‍රසන්නගේ  දංකුඩ බුදින ලොක්කා දැන් පවසන්නේ එය බොරු පැමිණිල්ලක් බවයි...
ඇත්ත යථාර්ථය නම් අදටද අපේ රටේ පවතින්නේ දේශපාලන හාල්පාරුවන් හට ඕනෑම ජඩ වැඩක් ,මිනී මැරුමක් කොට ,ඇත්ත වසන් කිරීමේ හැකියාවේ තරමය...
ඊට උල් පන්දම් දෙන නිළ ඇඳුම් ළා ගත්  රිළා පණික්කියන්ද  අප රටේ හොරා පොලිස් සේවයේ ඇත....උන් 

 ඕනෑම අතකට නැටවිය හැකිය..අපගේ  ඇතැම් මාධ්‍යද  මේ හොර දේශපාළු ඇමතියා ගේ   පැත්ත ගෙන සත්‍ය වසන් කිරීම  ඉතා  ඛේද ජනක  තත්වයකී

නික්ම ගියත් ඔබ ගැයූ ගී පිළිරැව් දේවි සැමදා රශ්මිය විහිදා සදාකල් අපගේ හදවතේ ....

ප‍්‍රකට ගායක ගායක වින්සන්ට් ද පෝල් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොලඹ ජාතික රෝහලේදී මෙසේ අභාවප‍්‍රාප්ත වන විට ඔහු 92 වැනි වියේ පසු විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.





සිරිපාදේ සමනල කන්ද පෙනේ
ආලෝකය සමන් කුළේ
හඳපානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ....

Tuesday, July 22, 2014

'මම නම් මුකුත්ම දන්නේ නැහැ' - බබා පාට් දමන හොර ඇමතියා...

'මහ ඇමැති බැට්‌ එකෙන් මට ගැහුවා'
පහර කෑ පුද්ගලයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

'මම නම් මුකුත්ම දන්නේ නැහැ'
- මහ ඇමැති


රාජගිරිය මැල්වත්තේ පිහිටි තම නිවසට පැමිණි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග  ක්‍රිකට්‌ පිත්තකින් තමාට අමානුෂික ලෙස පහර දුන් බව කියමින් පුද්ගලයකු වැලිකඩ පොලිසිය වෙත පෙරේදා (21 වැනිදා) සවස පැමිණිලි කර ඇත.

Sunday, July 20, 2014

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවතේ කුලී නිවසක සිටින ලෙස්‌ටර්


 ඒ වගේම තමයිමේ ජීවිතේ ගැන කිසිම ප්‍රායෝගික අදහසක්‌ ඔහුට තිබුණේ නැහැ.

අදටත් බත්ටික මේසේට එන්නේ කොහොමද කියලවත් එයා දන්නේ නැතුව ඇති. ඇත්තටම අපේ දෙමව්පියෝ ඉතිරි කරල ගිය දේවල්වලින් තමයි අදටත් අපි ජීවත් වෙන්නේ.

* එතුමා හොඳ ප්‍රේමවන්තයෙක්‌ වුණාද?

ඇත්තටම ප්‍රේමවන්තයෙක්‌ කියන වචනයවත් අපි අතර තිබුණු ආශ්‍රයට භාවිතා කරන්න මම කැමැති නැහැ. මොකද සමාජය දකින විදිහේ රොමැන්ටික්‌ ප්‍රේමයක්‌ අපි අතර තිබුණේ නැහැ. "සුදු අශ්වයෙක්‌ පිටේ කව්රුහරි මනුස්‌සයෙක්‌ එන... ඔහු එනකම් බලන් ඉන්න... වගේ සිහින අපි අතර කවදාවත් තිබුණේ නැහැ. ලියුම් ලියන ලේන්සු මාරු කරන ප්‍රේමයක්‌ නෙමෙයිඅපි අතර තිබුණේ. ස්‌භාවයෙන්ම මමත් එහෙම දේවල් ප්‍රිය කරපු කෙනෙක්‌ නෙමෙයි. මම තරුණ කාලයේ එංගලන්තයේ ඉන්න කොට එහේ කෙනෙක්‌ සමග මිත්‍රත්වයක්‌ තිබුණා. නමුත් එය මීට වඩා වෙනස්‌. මිස්‌ට පීරිස්‌ හා මා අතර තිබුණු ප්‍රේමය බොහොම තැම්පත් එකක්‌. ඔහු මට වැඩිහිටියෙක්‌ වගේ. ලොකු ගෞරවයක්‌ ඔහු කෙරෙහි තිබුණා. කිසි විටෙකත් බොළඳ ආදරයක්‌ නෙමෙයි.

රට කන එන්. ජී. ඕ.....මෙන්න....! .


* ජිනීවා වෙත තොරතුරු යෑවූ රාජ්‍ය නොවන සංවිධාන 40 ක්‌


ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානි ජෙහාන් පෙරේරා ප්‍රමුඛ කණ්‌ඩායම කොටින්ට අත්වාරු ප්‍රදානය කළ අයුරු.

* ගැටුම්  කළමනාකරණ වාර්තා සකස්‌ කල මාධ්‍ය පාර්ශව වලට 96000 ක දීමනාවක්‌

Saturday, July 19, 2014

‘රසධාරා’ වැඩසටහන්වලට උත්තර භාරතීය රාගධාරී සම්භාව්‍ය සංගීතයේ ද ලංකාවේ ජන ගීවල ද ආභාසය ලබා ගත් ඔහු....

සංගීතඥ පී. ඩන්ස්ටන් ද සිල්වාණන් ගේ අභාවයෙන් වසර 19 ක් සපිරීම නිමිත්තෙනි.
නිර්මාණාත්මක කාර්ය භාරය එක් තැනෙක රැඳී සිටින්නක් නොවන්නේ ය. එසේ රැඳී සිටිය හොත් නිර්මාණ කාර්යයෙහි ජීව ගුණය වියැකී යෑම ඒකාන්ත ය. ගලා නොබස්නා දිය කඩිත්තක් මෙන් භාවිතයෙන් ඈත් වන බැවිනි.

Friday, July 18, 2014

"දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්‌.....

"හලෝ....... මේ අපේ........ ඇමැතිතුමාද?"

"ඔව්"
"ඇමැතිතුමා, මං මේ "සිංහ එෆ් එම්" එකෙන් කතා කරන්නේ."
"දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්‌...... මෙහෙම කතා කරන්න ගියොත් හුඟාක්‌ සල්ලි යනවා. 26 වැනිදාට පස්‌සේ කතා කරන්න."

ඇන්. ඇම්. පෙරේරා අප අතරින් වියෝවන බව ඒ වන විට අපි හැමෝම දැන සිටියෙමු....


අන්ධකාර රාත්‍රියකි. එය එක්දහස් නවසිය හැත්තෑ නවයේ අගෝස්තු මාසයයි. අප නිවස ඉදිරිපස මිදුලේ ගුවන් විදුලියට අයත් වාහනයක් විත් නතර විය. මහත් වූ කලබලයෙන් රථයෙන් බැසගත් පුද්ගලයා පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. ඔහු ගෙට ගොඩවැදෙමින් පැවසුවේ හැකි ඉක්මනින් ගුවන් විදුලි සංස්ථාවට යෑමට ඔහු සමඟ එන ලෙසයි.

Thursday, July 17, 2014

මේ නිසයි අනික් රටවල “ශිහාන්” ල “මයිකල් ජැක්සන්” ලා superstars වෙද්දි ඊශ්‍රායලයේ විද්‍යාඥයින් උගතුන් තරු බවට පත් වෙන්නෙ...

මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම් අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ
සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා  පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ෂ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.



බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන අද එක එක නාලිකා හොරා ගෙන...


බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන
අද එක එක නාලිකා හොරා ගෙන

බුද්ධිමතුන් බිහි කරන දවසේ හොඳම පැය තුන තමයි සවස 6, 7, 8 කියන්නේ. අද ඒක එක එක චැනල් හොරා අරගෙන. අම්මලා හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් ටෙලිනාට්‍ය බලනවා. අරක බැලුවොත් සල්ලි මේක බැලුවොත් සල්ලි කියලා කවුරු හරි ඇවිත් කීයක්‌ හරි දෙනකල් බලා ඉන්නවා. මේවා අත්හැරලා අම්මලා දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න ඕනෑ. අද සමාජයේ පොඩි මිනිස්‌සුන්ගේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම දේ අධ්‍යාපනය පමණ යෑයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්  පැවසීය.

Tuesday, July 15, 2014

මධ්‍ය විද්‍යාල නැතිනම් මම අද හරක්‌ බලන කොල්ලෙක්‌ ...

වෙන්න තිබුණා

- අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මාතරදී කියයි

"නැණ, ගුණ, සුව, සපිරි දරුවො බිහිකර සිසු පරපුරක්‌ බිහි කළ යුතුය යන මතය මහින්ද චින්තනය යටතේ ඵලදරන්නට වෙර දරනවා. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා බිහිකළ මධ්‍ය විද්‍යාල 54 න් මේ පළාතේ ඇති ප්‍රධාන විද්‍යාලය දකුණෙන් බිහිවෙනවා. මේ විද්‍යාල ඉදිකරල හැදුවෙ නැත්නම් මම අද හරක්‌ බලන කොල්ලෙක්‌ වෙන්න තිබුණා" යයි උසස්‌ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන  ප්‍රකාශ කළේය.

දරුවා බිහිකර නිවසට පැමිණි සැණින් මවක්‌ දරු දෙදෙනකුගේ පියකු සමඟ පැනයැමේ සිද්ධියක්‌ ...


බිහිකළ දරුවා සමග ගෙදර නොගොස්‌ තිදරු මව අනියම් සැමියා හා පැන ගිහින්
තම දරුවා බිහිකර නිවසට පැමිණි සැණින් මවක්‌ දරු දෙදෙනකුගේ පියකු සමඟ පැනයැමේ සිද්ධියක්‌ ගලේවෙල නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.

අවුරුදු 70 ක්‌ කඳු මුදුනක දිවි ගෙවන මවක්‌


මේ වියපත් මාතාව නමින් අතුරුගිරිය ආරච්චිලාගේ පොඩි මැණිකේය. ඇය යක්‌කල පිළිකුත්තුව පුරාණ රජමහා විහාර රක්‍ෂිත භූමියේ උස්‌ කඳුමුදුනේ හුදෙකලා දිවි පෙවතක්‌ ගෙවමින් පසුවන්නීය.

ආණ්‌ඩුව සැබෑ ලෙසම සිංහල බෞද්ධයාට ගරු කරනවා නම් රටට ද්‍රෝහිකම් කරන රාවුෆ් හකීම් රජයෙන් පන්නා දැමිය යුතුයි

වත්මන් ආණ්‌ඩුව සැබෑ ලෙසම සිංහල බෞද්ධයාට ගරු කරන ආත්ම ගෞරවයක්‌,
ලැඡ්ජා බයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ නම් රටට ද්‍රෝහිකම් කරන රාවුෆ් හකීම් මහතාව රජයෙන් පන්නා දැමිය යුතු බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

Monday, July 14, 2014

ජාතිය , ජාතිකවාදය යනු... ,


ජාතිය යනු කුමක් ද? ජාතිකවාදය යනු කුමක් ද? යන ප‍්‍රශ්න දෙක නූතන මනුෂ්‍ය සමාජය මුහුණ දී තිබෙන ප‍්‍රධාන 
සමාජ දේශපාලන ගැටලු දෙකකි. මුල් යුගයේ මේ ප‍්‍රශ්න දෙකට ශාස්තී‍්‍රය තලයේ පිළිතුරු සොයන්නට
 මහන්සි ගත්තේ ඉතිහාසඥයන් හා දාර්ශනිකයන් පමණි.

Sunday, July 13, 2014

අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකු ප්‍රංශයේ ...

මින් සති කිහිපයකට එපිට සිට අධික කාර්‍යය බහුලතාවය නිසා ලොප්වී ගිය නාලකයා ගේ මතක වස්තු සම්බාරයට නැවත පණ පෙවීමට  නාලකයා සමත්ව ඇත... මෙම  උද්වේගකර අධිෂ්ඨානය නැවත චොරවී නොයාවි යැයි අපද ඔබ මෙන්ම සිතන්නෙමු...අන්තර්ජාලයේ  සමාජ වෙබ්අඩවි මගින් සහ ස්කයිප් සංවාද මගින් දැන හඳුනා ගෙන  අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකුද ප්‍රංශයේ ජීවත්වන බව මෙවර නාලකයාගේ මතක වස්තු තීරයෙන් හෙළිදරව් කරයි...පසු ගිය වකවානුවේදීම  නාලකයාගේ  මතක වස්තු  කොළම පමාව පිළිබඳව අප ගෙන් විමසා ලිපි එවූ සියලන්ටම කෘතවත් සෙනෙහෙවන්ත කම  නාලකයා පුද කරයි.

Friday, July 11, 2014

දේශපාළු කබ්බන් ගේ සජීවී ගුටි කෙළිය...

රූපවාහිනී සංවාදයේදී ඇති වූ ගුටි හරඹය ගැන කරුණු විමසයි



පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ සංවාදයකදී ඇති වූ ගුටි හරඹය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ  වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) හරීන් ප්‍රනාන්දු ගෙන් කරුණු විමසා ඇත.

Wednesday, July 9, 2014

“මල්ලි, කපුගේ ඉන්නේ එම්. එස්. පෙරේරා ෆ්ලැට් එකේ”

මෙය ලියන මම සමහරවිට ඔබට මතක නැතුව ඇති. අසූ ගණන්වල මුල් භාගයේ එක්තරා හැන්දෑවක ගුණදාස කපුගේ ගේ බෝඩිම හොයා ගන්න බැරිව රස්තියාදු වෙමින් ඉද්දි ඔබ තමයි මට කපුගේ ගේ බෝඩිමට යන්න පාර කියා දුන්නේ.

“මල්ලි, කපුගේ ඉන්නේ එම්. එස්. පෙරේරා ෆ්ලැට් එකේ” ඒ විදියට ගොරෝසු කටහඬකින් ඔබ උත්තර දුන්නා මට මතකයි. (කපුගේ හිටියේ සේන වීරසේකරලගේ ගෙදර; ඒක තමයි ඔහුගේ බෝඩිම) ඒ තමයි මම ජෝති අයියාත් එක්ක කතා කරපු ප්‍රථම හා අවසාන අවස්ථාව. අවුරුදු 25 කට 30 කට පස්සෙ අද ආපහු හැරිල බලද්දි ඒක මට අපූරු සිහිවටනාත්මක අත්දැකීමක්.

Tuesday, July 8, 2014

එතරම් මිනිසත්කමින් හෙබි මනුෂ්‍යයකු මා දැක නැහැ....ජෝතිපාලයන්ගේ අවසන් ගීතය සහ අවමංගල උත්සවයේ වීඩියෝ දර්ශණ...


 
 ..මේ ඔබ දකින්නේ ,අසන්නේ එදා අවසන් වතාවට ජෝතිපාලයන් ගම් උදාව වේදිකාවේ ගැයූ ගීතයකී..මීට පසුව ඔහු පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය ගයන්නට විය..හදිසියේම ඔහු සිය පපුව අල්ලා ගනිමින් වේදිකාව මත ඇද වැටිණ...මෙම සිදුවීම වන විට මා ස්වාධීන රූපවාහිනී සේවයේ එවකට තිබූ බාහිර පටිගත කිරීමේ වාහනය තුළ කැමරා මෙහෙයවමින් සිටියෙමි ...අප කැමරා තුනක් මගින් මෙම සංගීත සංදර්ශණය සජීවී ලෙසින් රූපගත කරමින් සිටියෙමු ..මෙම හදිසි සිදුවීම අපටද සිහිනයක් බඳුය...වේදිකාව මතම කැමරා කරමින් සිටි ස්වාධීන රූපවාහිනියේ ඉඳ්‍රජිත් වන්නිඅච්චි හට සිය කැමරාව පාලනය කරගැනීමට පවා අමතක විය...එකළ මධුරසාංග බඳු වැඩසටහන් සඳහා අපගේ චිත්‍රාගාරය  සඳහා පැමිණෙන ජෝති අප කාගේත් සිත් දිනා ගත් පුද්ගලයෙකී...
වසර 27 ඇවැමෙන් අදටද ඒ මතකය ...මා හට අද ඊයේ වූවාක් සේ මෙනෙහිවේ..
සුමිත් ජයන්ත ඩයස්

‘වෙන්ඩ’ ජෝතිලා අද වැහි වැහැලා

-සෝමපාල ලීලානන්ද

 

කුල්ලෙන් හලන විට බොල් පොතු ඉවත් වෙලා හොඳ දේ ඉතිරි වෙනවා. නෑඹිලියෙන් ගරන කොට නරක දේ ඉතුරු වෙලා හොඳ දේ ඉවත් වෙනවා. සිනමාවට වුණෙත් ඒකයි. සිනමාවට සින්දු එපා කිව්වා. ජෝතිපාලලා, ඇන්ජලින්ලා, ලතාලා එපා කිව්වා. අද සිනමා ශාලා පාළුවෙලා. ජෝතිපාල සින්දු කියන, ගාමිණී ෆොන්සේකලා, විජය කුමාරතුංගලා, තිස්ස විජේසුරේන්ද්‍රලා රඟපාන පැරැණි චිත්‍රපටයක් සිනමා ශාලාවක දාන්න. මොන තරම් රසික පිරිසක් එතැනට එකතු වෙනවාද?

පහුගිය කාලෙ සුපර් ස්ටාර් ලා වුනු සියලුම (ලිට්ල්) ස්ටාර් ලා, ස්ටාර් තත්වයන්ට පත් කළේ ජෝති,

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට හරියටම අවුරුදු 27 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.

පහුගිය කාලෙ සුපර් ස්ටාර් ලා වුනු සියලුම (ලිට්ල්) ස්ටාර් ලා, ස්ටාර් තත්වයන්ට පත් කළේ ජෝති, කැලැරැන්ස්, මිල්ටන්, එම්. එස්. වැනි මෙරට බිහි වුනු අති විශිෂ්ඨ ගායන ශිල්පීන් ගේ කිසිදා නොමියෙන ගී පෙළහරයි.


මම කොල්ලා, ජෝති දුෂ්ටයා ඒත් මට සින්දු කිව්වේ ජෝති

රෝයි ද සිල්වා

මම එච්.ආර්. ජෝතිපාලයන් දැන හඳුනා ගන්නට ලැබෙන්නේ ‘සුදු දුව‘ චිත්‍රපටයෙන්. සුන්දර මනුෂ්‍යයෙකු විදිහට මට ඔහු මුණ ගැසීමත් අපූරු සිදුවීමක්. ‘සුදු දුව‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන හිටියේ ජෝතිපාලව. නමුත් ඒ වෙනකොට චිත්‍රපට කිහිපයක රඟපෑම් කරලා මගේ නමත් හදාගෙන එනකොට මාව දැම්මා එහි ප්‍රධානම චරිතෙට.

ජෝති බලාපොරොත්තු වෙච්ච ආදරය ලැබුණේ ඔහුගේ රසිකයන්ගෙන් පමණයි

පද්මසිරි කොඩිකාර

එච්. ආර්. ජෝතිපාල උදේ හවා ළඟින්ම ඇසුරු කළ හිතවතකු වූයේ නම් ඒ පද්මසිරි කොඩිකාර ය. ඔහු වෘත්තියෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. පද්මසිරි, ජෝති සමඟ එක්ව ‘සුමිතුරෝ’ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේය. එසේම ‘සූරයන් අතර වීරයා’ ඔහුගේ තවත් සිනමා නිපැයුමකි.

Sunday, July 6, 2014

හැමදාම රත්තරං ජෝතිපාල

ජූලි 7 වැනිදාට යෙදෙන එච්.ආර්. ජෝතිපාල ගුණානුස්මරණය නිමිත්තෙනි...!
 
ටජ් මහලක් තනවන්න බැහැ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි....!

(පද – කරුණාරත්න අබේසේකර)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.