ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 28, 2014

පානදුර නෝලිමිට් ගිණි තබා ගැනීමේ ඇත්ත කතාව...?


පානදුර නෝ ලිමිට් රෙදිපිලි වෙළඳ සැල හදිසියේ ඇතිවූ ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අළුයම 3.00ට පමණ ආරම්භ වී ඇති මෙම ගිනි ගැනීම නිවීමට උත්සාහ ගත්තද උදැසන 6.00 පමණ වනවිට එම ගොනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.

ගින්න ආරම්භ වූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ගින්න හට ගනිද්දී ඇතුලේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි ද වාර්තා වෙයි.

Sunday, June 22, 2014

අවස්‌ථාවාදීන් දෙස බුද්ධි අංශ ඇස


අලුත්ගම, බේරුවල ප්‍රදේශ සන්සුන් වී තිබියදී එම ප්‍රදේශවල ගැවසෙන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ අවස්‌ථාවාදී දේශපාලනඥයන් පිළිබඳව රහස්‌ පොලිසිය ඇතුළු පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීහු දැඩි සෙවිල්ලෙන් පසුවෙති.


ඇමරිකන් තානාපති කාර්යාලයේ අරමුණ...



ඇමරිකන් පින්තූරය
(එය ඉතා කැතය, අඳුරුය, ගුප්තය)


ශ්‍රී ලංකාවේ කුස්‌සි සහ කක්‌කුස්‌සිවල සිදුවන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මහත් ආශාවෙන් පසුවන (බව පෙනෙන්නට තිබෙන) ඇමරිකාව, බේරුවල සහ අලුත්ගම සිටින ගොන් තකතීරුවන් විසින් පටන් ගනු ලැබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිසා සොටු වගුරුවමින් හඬා වැළපෙන බව පෙනෙන්නට තිබේ. ලංකාවේ තත්ත්වය හෙළාදකිමින්, ජුනි 16 සහ 17 යන දෙදින කොළඹ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය, srilanka.usembassy.gor/pr නමැති සිය නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශ දෙකක්‌ නිකුත් කර ඇත. රජය විසින් රටේ සාමය සුරක්‍ෂිත කර ජනතාව, ආගමික ආයතන සහ දේපළ ආරක්‍ෂා කළ යුතු බව එකී පළමු නිවේදනය මගින් කියනු ලැබ ඇත
.

අනේ මං පව් මං ... මං අහිංසකයි...ගනේවත්ත වටේ යවයි...

ප්‍රංශයේ ජීවත් වන ලකී ගනේවත්ත තමන් ගේ නිර්දෝෂී භාවය ගැන කරන්නාවු ස්වයං පාපෝච්ඡාරණයක් ඊ මේල් ලිපියක් මගින් අපට යොමු කොට ඇත..එය එලෙසින්ම පළ කිරීමට අප තීරණය කළේ ඔහුට උදව්වක්  ලෙසිනී...නමුත් මෙහි භාෂා පරිශීලනයේ ඇති ප්‍රාථමික භාවය ඉතා විශාලය..ඒ ගැන අපේ පාඨකයෝ අපට කමත්වා...මන්ද මේ.. ඒ ඔහුගේම රචනාවක් සංස්කරණයෙන් තොරව අප පළ කරන බැවිනී...

ලකී ගනේවත්ත

දයාබර හිතවත,හිතවතිය ,
සහෝදරය ,සහෝදරිය ...!
 මා කාගේදෝ කාමරයකින් මුදල් සොරකම් කළා කීය.ගැහැනියක් /ළමයකු දූෂණය කල බව බලා සිටියා සේකීය

Friday, June 13, 2014

මිනිසුන්ට සිනාසෙන්නට නොව මිනිසුන් සමඟ සිනාසෙන්නට' නුඹ ඉගැන්වූ නිසා...

"සුනිල් මාධව පේ‍්‍රමතිලක" නම් ඔහු.....

පෙර සටහන- මා අබියස කෘතියකි. එහි නම "පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත" යන්නයි. කෘතියේ මූලාරම්භයේ කොළඹ යුගයේ කවියෙකු ලෙස පෙළපොතින් හඳුනා ගෙන සිටි මීමන පේ‍්‍රමතිලකගේ පුද්ගලික අත්දැකීමකි. ඉන්දීය ශාස්ත‍්‍රඥයෙකු ලෙස එවක ප‍්‍රකටව සිටි බණී මාධව බරුවාගේ දේශනයක් වාර්තා කරන්නට ගොස් දේශන ශාලාවේ අසුන්ගෙන සිටි මීමන, ආරෝහ පරිණාහ දේහයකින් යුතු පිළිවෙලකට ඇඳපැළඳ ගත් හැඩකාරයෙකු සිතින් මවාගෙන සිටියේය

Tuesday, June 10, 2014

අතීත භාෂා අන්තර්ධාන වන සියවස...!

ලොව ප‍්‍රධානතම චමත්කාරය එහි විවිධත්වයයි නිතර කියැවෙන්නෙකි. එක් ප‍්‍රධාන විවිධත්වයක් නම් භාෂා විවිධත්වයයි. ඩාර්වින් ගේ පරිණාමවාදය අප අකුරට ම විශ්වාස කළ හොත් මනුෂ්‍යයා දෙපයින් ඇවිදිමින් ක‍්‍රමයෙන් ශිෂ්ටසම්පන්න වීමේ කථාවේ ප‍්‍රධාන මයිලස්ථානයකි, භාෂා ජනිත වීම. එය හදිසියේ සිදු වූවක් නො වේ.

Saturday, June 7, 2014

බුරුම ලංකා ඥාති සම්බන්ධතා

උප
සම්පදාව මඟින් තහවුරු කළ

විටෙක අපේ ඇතැම් රජවරුන් විසින් බුරුමයට විරුද්ධව ආක‍්‍රමණයන් දියත් කරනු ලැබ ඇතත්, ශ‍්‍රී ලංකාව හා බුරුමය හෙවත් පේගු රට (රක්ඛන්ග දේශය) අතර ඉතා සමීප රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතාවන් මෙන් ම ඥාති සම්බන්ධතා හා වෙළෙඳ සම්බන්ධතා ද ආදියෙහි සිට පැවැත්තේ ය. මහා පරාක‍්‍රමබාහු රජ දවස සිංහල කුමරියක කාම්බෝජයේ රජු හා විවාහ වීමට යන අවස්ථාවක, ඇයට බුරුම රටේ රජකුගෙන් අතවරයක් සිදු වූ විටක දී පරාක‍්‍රමබාහු රජතුමා බුරුමය ආක‍්‍රමණය කළ අවස්ථාවක් ද ඉතිහාසයේ සඳහන් ය.

Thursday, June 5, 2014

ස්වර්ණමය මැද මාවත සොයා යෑම

එදා කි‍්‍ර.පූ. හතර වන ශතවර්ෂයේ දී ප්ලේටෝ ගේ අදහසට අනුව කවිය යනු ආත්මීය විඥානවාදී අදේශපාලනික අතාර්කික කලා මාධ්‍යයකි. එබැවින් ඔහු ගේ “ජනරජයේ” කවියට හෝ කවියාට ඉඩක් සලසා තිබුණේ නැත. ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණු කරුණු අතර ප‍්‍රබල ම කරුණ වූයේ, මිනිසා ගේ ජීවිතයට එවැනි වූ කාල්පනික කවියකින් හෝ කලාවකින් ඇති ඵලය කුමක් ද යන්න යි.

Wednesday, June 4, 2014

හෘදය සාක්ෂියක් ඇති හඳගමගේ විමුක්ති කොටියා

ඉනි අවන් ගැන ලියන්න හිතුවෙ, ප්‍රංශෙ මං ඉන්න පළාතෙ හද්දා පිටිසර නගරෙක ඒක පෙන්නපු හින්දා මට ඒක පුළුල් තිරයෙම බලන්න ලැබුණ දවසෙ රෑ. ඒත් දවසින් දවස ලියන එක අතෑරුණා . එදා ඉනි අවන් ගැනත් ලංකාවෙ දේශපානය ගැනත් ප්‍රංශ ප්‍රේක්ෂාගාරයට කතා කළේ මම.

නව ලිබරල් වෙසක් මෙන්න.......................

සේල් සේල් වෙසක් සේල්
එන්න එන්න ගන්න ගන්න
අඩුකලා ත්‍රිපිටකය
චතුරාර්ය සත්‍යය ගත්තොත්

ඇත්තමයි පන්සිල් නිකන්
ඉතිපිසෝ භගවා ලාභෙට
කවදාවත් ලැබෙයිද.....

Tuesday, June 3, 2014

විමලාවතී වේස ගෑනියෙක් නෙවෙයි...

ය වෛශ්‍යාවක යැයි සිතන්නට මම කැමැත්තෙමි. එහෙත් ඇය වෛශ්‍යා වෘත්තියේ යෙදුණ බවට කිසිදු සාක්ෂියක් සොයා සපයා ගන්නට මට මෙතෙක් හැකි වී නැත.
“වේස ගෑනියෙක් නෙවෙයි නං දීගතල ගිය දරුවෝ ඉන්න වයසක මිනිහෙකුගේ කරේ එල්ලේවි යැයි?”
මා මගේ මතය සනාථ කරගැනීමට දිනුම් පදය ලෙස අනේක වාරයක් කියා ඇත්තේ ඒ ය.

Monday, June 2, 2014

අයියා මට හුඟක් පිහිට වුණා..

පවුලෙ කෙනෙක්වත් නොකරපු තරමට ධර්මසිරි අයියා මට හුඟක් පිහිට වුණා

අනෝජා වීරසිංහ

අම්ම - තාත්තා හැරුණුකොට අනෝජා වීරසිංහගෙ හිතේ හැමදාම ජීවත්වන අමරණීය චරිත කිහිපයක් ම ඉන්නව.

Sunday, June 1, 2014

ආදාහනාගාරයේ චිමිනියෙන් මෑත්වුණු තුනී දුම් රැල්ලක් හීන් සීරුවේ ඇතුගල දිහාවට පාවෙලා ගියා. හරියට තාත්තා ගියා වගේ.

හැළ මල්වලට තාත්තා කවදත් ආසා කළා. හරියට ඒක දැනගෙන වගේ අදත් බරට බරේ ඇහැළ මල් පාරට නමා වැටිලා. වැහි අඳුර අතරින් සැරින් සැරේ ඉකිගහන ආකහේ හඬා වැටෙන්න ඔන්න මෙන්න. ආදාහනාගාරයේ චිමිනියෙන් මෑත්වුණු තුනී දුම් රැල්ලක් හීන් සීරුවේ ඇතුගල දිහාවට පාවෙලා ගියා. හරියට තාත්තා ගියා වගේ. යනවා දැක්කා. ඒත් නතර කරගන්න බැරි වුණා.


ආදරය හඳුනන සුවහසක් පාඨක හදවත් සියුම් ලෙස සුසර කළ මානවවාදී ලේඛකයා, පෙ‍්‍ර්මකතා සාහිත්‍යය ඔස්සේ සමාජ අසාධාරණයට අභියෝග කළ විප්ලවවාදී ලේඛකයා ප‍්‍රබුද්ධ යැයි කියාගන්නා අතලොස්සකගේ මුවග නිරතුරු බයිට් වූ බොළඳ පෙ‍්‍ර්මකතා රචකයා, පොත් රාක්ක අතරේ වේලෙන්නට නොව මිනිසුන් හට කියවන්නට පොත් ලියූ ආදරණීය තාත්තා අන්තිමේ දී ඒ පොත්වල මතකය අතරේ ම සැඟ වී යන්න ගියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.