ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 18, 2014

ප‍්‍රවීණ නර්තනවේදිනී මිරැන්ඩා හේමලතා




ඔබ මෑත කාලයේ වඩාත් විවේචනයට ලක්වුණේ කාන්තාවන්ට වෙස් බැඳීම නිසා. ඒ පිළිබඳ ව කතා කරන්නට පෙර වෙස් බැඳීම, වෙස් ඇඳුම් කට්ටලය, එහි ඉතිහාසය පිළිබඳව ඔබෙන් කරුණු ස්වල්පයක් දැනගන්නට කැමැතියි.

උඩරට නර්තනයේදී පිරිමින් වෙස් බැඳලා තියෙන්නේ 20 වන සියවස මුල්භාගයේ කියලයි ඉතිහාසයේ සඳහන් වන්නෙ. 1907 පවත්වපු පෙරහරේ එසේ නැටූ දර්ශනයක් තිබෙනවා ඉතාලියේ කෞතුකාගාරයේ.
ඊට පෙර නටල තිබෙන්නෙ ශීර්ෂාභරණ නැතුව. වෙස් කියන්නෙ ශීර්ෂාභරණ කට්ටලයටයි. අනෙක් ඇඳුම් කොටසට කියන්නේ නෛඅඩි ඇඳුම නැත්නම් තනි කච්චියේ ඇඳුම කියලා. මේ තනි කච්චියේ ඇඳුමට තමයි පපුවට දාන අවුල්හැරය අයිති. වෙස් ඇඳුම් කට්ටලයට අයත්වන්නේ ශීර්ෂාභරණ කට්ටලය පමණයි.
මේ කරුණු සනාථ කරලා 1985 සංස්කෘතික අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත් කළ ග‍්‍රන්ථයක් මා කියවා තිබෙනවා.
කාන්තාවන්ට වෙස්බැඳීම ‘වස් වැදීමට’ හේතුවක්ය කියා සාම්ප‍්‍රදායික ශිල්පීන් අතර මතයක් තිබෙනවා නේද?
1930 දශකයේ දී මුලින් ම වෙස් බැඳලා තියෙන්නේ චන්ද්‍රලේඛා. ඇය, ජේ.ඩී.ඒ.පෙරේරා මහතා ගේ බිරිය. ඒ කාලේ සමහර සාම්ප‍්‍රදායික ශිල්පීන් මේ කටයුත්තට අකැමැති වෙලා තිබෙනවා. ඇය මැරුණේ වස් වැදිලා කියලා පසුව කතාව හදා ගත්තා.
ධාතූන් වහන්සේ ගේ කරඬුවේ අනුරුව තිබ්බාම වස් වදිනව නම් දන්ත ධාතූන් වහන්සේ වැඩමවූ හේමමාලී කුමරියට කොච්චර වස් වදින්න ඕනද? චන්ද්‍රලේකා මහත්මිය මැරුණේ නාලා උණ හැදිලා ගෝල්ෆේස් ගිහින් නිව්මෝනියාව හැදිලා. එයත් එක්ක එකට නටපු දැනට ජීවතුන් අතර සිටින කෙනෙකුයි කිව්වේ.
මට දෙවැනියට වෙස් බැන්ද මේරියන් පීරිස් මහත්මිය මැරුණේ ඊයේ පෙරේදා. ගැහැනු දෙන්නාට දෙවිදියකට වස් වැදුණේ කොහොමද? මාත් වෙස් බැන්දා. ඔය කියන චාරිත‍්‍ර මොකුත් කෙළේ නෑ. කෝ අපිට වස් වැදුණා? ඒක මම කළේ වෙස් බැඳීමෙන් කාන්තාවන්ට හානියක් වනවාද යන්න ප‍්‍රත්‍යක්ෂ කරගැනීමටයි.
චාරිත‍්‍ර සිදු කොට වෙස් බැඳීමෙන් පෞරුෂය කැපී පෙනෙනවා. නමුත් චාරිත‍්‍ර නොකර වෙස් බැඳපු පිරිමි ශිල්පීන් ඔය ඕනෑතරම් ඉන්නේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ ලුම්බිණියේ තිබුණු ප‍්‍රසිද්ධ රැස්වීමක දී ප‍්‍රකාශ කළා. කාන්තාවන්ට වෙස්බැඳීමෙන් කිසිදු වරදක් නෑ. ඔය ඕනතරම් ගැහැනු දැන් පිරිමි ඇඳපු ඇඳුම් අඳින්නේ කියා.
උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති. කවුරු හරි කියනවද උන්වහන්සේටත් වඩා උගත් කියලා මුදියන්සේ දිසානායක. ඒ නිසා මම දිගටම වෙස් බඳිනවා. දැනට මම කාන්තාවන් 45 කට වෙස් බැඳලා තිබෙනවා. ඒ සඳහා මට පසුගිය ඔක්තෝබර් මාසයේ මාධ්‍ය කේන්ද්‍රය මගින් ගෞරව සම්මානයක් ද ලැබුණා.
අනික මේ කාරණයත් කියන්නට ඕනෑ. මම වෙස් බඳින සියලුම කණ්ඩායම්වල ඇඳුම් කට්ටලවලට වියදම් කරන්නේ දෙමාපියන්. ඒකට ඒ තරම් ලොකුª මුදලක් යන්නෙ නෑ. කණ්ඩායම වැඩි වුණොත් 10,000ක් පමණ, අඩුවුණොත් 15,000/- පමණ උත්සවයට වියදම් වනවා.
හොඳ අධ්‍යාපනයක් කරලා බලන්න මේ රටේ පාහින්පත් කෑල්ල තියන්න රු.50,000 අය කරන කී දෙනෙක් ඉන්නව ද කියලා. හිටිය ද කියලා. අධ්‍යාපනය ගැන ඉතාමත්ම කැක්කුමකින් පුවත්පත්වලට කතා කරන කණ්ඩායම් අතර තවත් කී දෙනෙක් ඉන්නව ද කියලා. මේවා මාධ්‍යයට හොඳ ප‍්‍රශ්න.
උඩරට නැටුම් නටන කොට ගැහැනු ළමයි කොච්චර හොඳට නැටුවත් පිරිමින්ගේ ලක්ෂණවලට එන්න බැහැ නේද?

පිරිමියාට තියෙනවානේ ආවේණික ලක්ෂණ. ඒ ලක්ෂණ නැටුමෙත් තියෙනවානේ. ඒ වගේ කාන්තාවන්ට ආවේණික ලක්ෂණ තියෙනවා. කකුල කරටත් උඩින් ඔසවලා නටන්නේ තාණ්ඩව. වජිරා මහත්මිය හොඳ නර්තන ශිල්පිණියක්. ඇය නැටුවේ ‘ලාස්‍ය’ නොවේ ‘තාණ්ඩව‘.
ගැහැණු ළමයෙක් කතකලි කළොත් එයාට බෑ ලාස්‍ය නටන්න. එයා නටන්න ඕනැ තාණ්ඩව. ලාස්‍ය කියන්නේ ලැසි. ඒ නිසා උඩරට නැටුම් නටන කෙනෙක් නටන්නට ඕනෑ තාණ්ඩව තමයි. පහත රට නැටුම්වලට එන දරු නැළැවිල්ල පිරිමියකු නැටුවත් ගැහැනියක් වගේමයි.
ඒ වගේම උඩරට නැටුම් ‘ලාස්‍ය’ කරන්න ගියොත් ඒකට වෙනම නමක් දාන්න වෙනවා. තවත් කරුණක් මම බොහොම අවස්ථාවල අභියෝග කළා සමහර පිරිමි අයට වෙස් නැටුම් නටන්න එන්න අපිත් එක්ක කියලා. ඔවුන් කොපමණ දුර්වල ද කියා පෙන්වන්න.
අපේ නැටුම් සම්ප‍්‍රදායය තෙවැනි වරට දූෂණය කළ තැනැත්තිය ලෙස මෑත ඉතිහාසයේ වාර්තාගත වන්නේ මිරැන්ඩා හේමලතාය කියා  අදහස් දක්වමින් මහාචාර්ය මුදියන්සේ දිසානායක පවසා තිබුණා.
දූෂණය කියන වචනයේ තේරුම කුමක්ද?
සංස්කෘත ශබ්දාර්ථාවය නම් ශබ්ද කෝෂයේ දූෂණ යන්න තේරුම් කරන්නේ දොස් ඉපිදවීම යනුවෙන්. කොහේද දූෂණය වෙලා තියෙන්නෙ? නර්තන කලාවෙ කුමන කොටසක් ද මා නිසා දූෂණය වෙලා තිබෙන්නෙ? මගේ අතින් කවදා කොතැන කුමන ලෙසකින් ඔය දූෂණය සිදු වූ බව ඔප්පු කරත් නම් මා ඒ සඳහා මුළු ජාතියෙන්ම සමාව ඉල්ලීමට සූදානම්.
මම භරත නාට්‍යම් වර්ණම් හතරක් ගේය පද හදලා නිර්මාණය කළා. අලුතින් ලියූ එක බෙනාරිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. ශශි කුමාර්ට යැව්වා තනුවක් යොදන්න. එතුමා පෙරළා මට ලිව්වේ නෑ, උඹලා අපේ නැටුම දූෂණය කරනවා සිංහල පද දමලා කියා.
එතුමා ඉතා නිහතමානව තනුවක් යොදා මට එවා තිබෙනවා. විශේෂයෙන් කියා තිබෙනවා තමාගේ සිංහල උච්චාරණය වැරැදි ඇති, එය නිවැරැදි කරගන්න මට හැකි වේයැයි කියා සිතන බව.
පහතරට නැටුම්වලදි ගැහැනු ළමයින් වෙස් මුහුණු බැඳගෙන නටනවා නේද?
ඒ විතරක් නොවෙයි, ගැහැනු ළමයි මඩු බැස්සා. එතකොට ඔය විරෝධතා නඟන අය කවුරුවත් කතා කළේ නැහැ. මා යමක් කළොත් තමයි ප‍්‍රශ්නය කියලයි මා හිතන්නේ. සමහර උදවිය හිතන්නේ කාන්තාවන් ඉන්නේ ඒ අයගේ යම් යම් වුවමනා එපාකම් ඉටුකර ගැනීමට පමණයි කියලයි. නැතිව කොන්ද කෙළින් තියාගෙන ඉදිරියට යන්න නොවෙයි කියලා.
ගැහැනු ළමයින්ට වෙස් බැඳීමට පෙර ඔබ එහි වරදක් ඇත්දැයි ප‍්‍රාමාණිකයන් ගෙන් විමසුවාද?
මම කිසියම් දෙයක් කරන්නේ යතීන්ද්‍රයන් වහන්සේලාගෙන්, උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් අහලා. නමුත් මිරැන්ඩා හේමලතා කළාම ඕනෑම දෙයක් වැරැදියි කියන්න මාෆියාවක් තිබෙනවා.
මම මුලින්ම ගියේ පියසාර ශිල්පාධිපති ගුරුතුමා ළඟට; මේ ගැන අහන්න. ‘කිසි වරදක් නෑ කරන්න’ කිව්වා. ඊළඟට ගියේ පණීභාරත මහත්මයා ළඟට. කිසි වරදක් නැති බවත් එතුමා වෙස් බඳින්නට එන බවත් පැවසුවා. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ මට මේ කටයුත්ත උන්වහන්සේගේ පන්සලේ දී කරන්නත් අවසර දුන්නා. එමෙන්ම ආශිර්වාදත් ලබා දුන්නා. සියල්ල ඉතා සාර්ථකව සිදුවුණා.
මම වෙස් බඳින්නට බලාපොරොත්තු වන දැරියන්ගෙන් අහන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඔබ බලාපොරොත්තු වනවාද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න? ‘ඔව්’ කිව්වොත් මම කියනවා වෙස් බඳින්න එපා කියලා. එතැනට ගිහින් ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්න ඇතිකර ගත යුතු නෑ.
මොකද අනෙකුත් ජ්‍යෙෂ්ඨ ළමයින් සොයා බලනවා වෙස් බැඳලද කියලා. එසේ ඇතුළු වීමට අදහස් නොකරන අයට වෙස් බඳිනවා. මේ කාරණයේ ප‍්‍රතිඵලයක් හැටියට මගේ වෙස් බඳින ළමයි, බොහෝ විට විද්‍යාව ආදි වෙනත් විෂයයන් කරන උදවියයි. ඒ වගේම ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වන්නට පෙරුම් පුරන අයයි.
මගේ ගෝලයනුත් මේ රටේ විවිධ ක්ෂේත‍්‍රවල සිට නර්තන දස්කම් දක්වනවාට මම කැමතියි. මගෙන් නර්තනය ඉගෙන ගෙන දැනට වෛද්‍ය විද්‍යාලයෙන් පිටවූ වෛද්‍යවරු දසදෙනකුට වඩා ඉන්නවා.
මේ අය භරත නාට්‍යම් හා උඩරට නැටුම් කරලා, විභාග සමත්වෙලා, අරංගේත‍්‍රම් කරලා වෙස් බැඳපු අය. විදේශ රටවලත් ඉන්නවා. බොහොමයක් ද්‍රවිඩ කාන්තාවන්ද සහභාගිවූ කැනඩාවේ පැවැති එක් තරගයකදී භරත නාට්‍යම්වලින් පළමු තැන ගත්තේ මගේ ශිෂ්‍යාවක්.
මේකට යමෙකුට කියන්න බැරිද විලාසිතාවක්ය කියලා?
ලක්ෂ පනහ, හැට මුදල් වියදම් කරලා විලාසිතාවට කරන අයත් ඇති. 1930 හා ඊට පෙර නර්තනය මුළුමනින්ම පංති මෝස්තරයක්. ඉහළ ආර්ථික තලයක සිටින අය මෙහි යෙදුණා. ඒ මෝස්තරය හොඳයි. නමුත් ඉන්දියාවේ ඒ සම්ප‍්‍රදාය දැන් පිරිහෙමින් පවතිනවා.
විශේෂයෙන් විවාහය සඳහා නර්තනය සුදුසුකමක් ය යන පිළිගැනීම්. අනික අපේ තරුණියන් නර්තන කලාව ඉගෙන ගන්නේ බුද්ධිය වර්ධනයට, විඳ දරාගැනීමේ හැකියාව වර්ධනය වෙන්න, සුන්දරත්වය, පිළිබඳ ආකල්ප ඇති වෙන්න, මනා සෞඛ්‍යය සඳහා, ඒ වගේම හොඳ රසිකාවන් වන්න. මේ තමයි නර්තනයේ අවශ්‍යතා.
යම් යම් මාධ්‍ය ඔබට අවස්ථාව දෙන්නේ නෑ කියා ඔබේ චෝදනාවක් තිබෙනවා නේද?
මම වේදිකාවට නැග්ගේ 1951 දී. අදත් මම වේදිකාවේ. නිකං ඉන්නවා නොවෙයි අලුත් අලුත් දෑ ක්ෂේත‍්‍රයට දායාද කරමිනුයි ඉන්නේ. කෝ මගේ නිර්මාණ ගැන කතා කරනවා. මාධ්‍ය මට ඉඩ දෙන්නේ නෑ තමයි. එකක් තරුණියන් අඩනිරුවතින් නටවනවට මම විරුද්ධ වීම. 2006 වසරේ සුමති ටෙලි සම්මාන උලෙළේ “දෙරණ” නර්තන අංගය මම කළා.
එක පුවත්පතක තිබුණා ඒකයි ලස්සනම අංගය කියලා. එහි තිබුණා තවත් නර්තන අංගයක තරුණියන් අඩනිරුවතින් නටද්දී තරුණයන්ගේ පෙනුණේ අත් හා ඇඟිලි පමණයි කියලා. මං අහන්නේ ඇයි මේ තරුණියන් මේ විදියට විකුණන්නේ.
රූපවාහිනියේ තරුණියන් අඩනිරුවතින් නටනවා දකින සමාජයේ තරුණියන් තම අභිමානය නැති කරගන්නවා. මම ගැහැනියක් හැටියට මෙයට මුළුමනින්ම විරුද්ධයි. අනික් කාරණේ නර්තන කලාවේ තිබෙන මාෆියාව. මාෆියා කල්ලි මා මාධ්‍යයට එනවට කැමැති නෑ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයකින් හෝ එබඳු ආයතනයකින් අනාගත පරපුරට දැනුම ලබාදීමට ඔබේ අදහසක් නැද්ද?
මම ජයවර්ධනපුර සරසවියේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා.
කලකට පෙර කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල වලත් සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙත් කටයුතු කළා. උපාධි ලබා ගත් අය දැනුත් මා සොයා එනවා, අලුත් දැනුම ලබා ගැනීමට. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉන්න අයත් එනවා. මා ඒ අයට කියන්නේ එහි ඉන්න තුරු මා ළඟට එන්න එපා කියලයි. මා ආශ‍්‍රය කරන බව දැනගත්තාම පළිගැනීම්වලට ලක් වෙනවා. එනිසා විභාගය සමත් වුණාට පසුව එන්නයි මා ඔවුනට කියනවා.
ඔබේ කලා ආයතනය මඟින් විශිෂ්ට මෙහෙවරක් නර්තන කලාවට සිදුකරනවා. විශේෂයෙන් මන්ද මානසික ළමයින් වෙනුවෙන්...
මන්ද මානසික දරුවන් පනහක් පමණ මා යටතේ පුහුණුව ලැබුවා. ඉන් එක් ළමයෙක් කොළඹ කාන්තා විද්‍යාලයේ ගුරු තනතුරක් ද ලැබුවා. මොවුන් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මා කළ ඉදිරිපත් කිරීම්වලින් පසුවයි.
මේ වන විට ඔවුන් සඳහා කිදෙල්පිටිය, ගඟපාර ඉඩමක් ලැබිලා තිබෙනවා. අක්කරයක හා පර්චස් දහඅටක. ළමයින් සිය ගණනකට නේවාසිකව රැකියා පුහුණුවීම් ලබාදීමට සැලැසුම් කරලා තිබෙනවා මේ ස්ථානයේ.
ඉඩම ලබා දුන්නේ කේ.ඩී. පෙරේරා මහත්මයා. මේ සඳහා රුපියල් මිලියන 75 ක් පමණ වැය වනවා කියා ගණන් බලා තිබෙනවා. මම ආරාධනා කරනවා මේ රටේ සිටින පිං කැමැති වෙළෙඳ ව්‍යාපාරිකයන්ට, විවිධ සංවිධානවලට, ආදි සෑම දෙනාටම මේ සත්කාර්යයට දායක වන්න. මට අවමාන කළත් කමක් නැහැ මේ කාර්යයේදී දායකවන්න.



සංලාපය
කුමුදිනී පි‍්‍රයංකා කුරුගල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.