ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 31, 2014

අරන්තලාව ලෙයින් තෙත්කළ ම්ලේච්ඡ සංහාරයේ අත්දැකීම....


අරන්තලාව ලෙයින් තෙත්කළ ම්ලේච්ඡ සංහාරයේ
අත්දැකීම කියන හඟුරන්කෙත හාමුදුරුවන්ගේ මතකය
ඒ මහා අපරාධය සිද්ධ වන්නේ මීට අවුරුදු විසි හතකට පෙරය. එනම් එකදාස්‌ නවසිය අසූ හතේය. දිනය ජූනි දෙවෙනිදාය. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ සිටි කුඩා භික්‌ෂූන්වහන්සේලා අම්පාර මහාවාපි විහරස්‌ථානයට වැඩම කර සිටියේ පසුදා හිමිදිරියේම ධර්ම චාරිකාවක්‌ ස`දහා පිටත්ව යැමටය. පරිවේණාධිපතිව වැඩ උන්නේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ය.

අවලෙමෙකු ලියූ ලිපියක් මහා ලොකුවට මහප්‍රාණයෙන් ....

එල්.ටී.ටී සංවිධානය වනාහී විමුක්ති සංවිධානයක් බවත් .එය ගෙන ගියේ විමුක්ති අරගලයෙකියි ..එයට තවමත් සාධනීය තත්වයක් ඔබන්නට තැත් දරණ එක්තරා මාධ්‍ය වේදියෙකුයැයි කියාගන්නා නින්දිත අවලෙමෙකු ලියූ ලිපියක් මහා ලොකුවට මහප්‍රාණයෙන්

ඉංගිරිසින් හමුවේ දළදාව රැකදුන් කිතුල්පේ...

කිතුල්පේ යනු කිතුල් ගස් බහුල වනයයි. දැනුදු මේ අවට කිතුල් බහුල ය. දළදා වහන්සේ වැඩ සිටි බවට විශ්වාස කෙරෙන කිතුල්පේ රන්පත්ගේ විහාරය වෙත මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී.15කි. මේ අවට මාර්ගයේදී අවට පිහිටා ඇති කඳු වැටි සහ කෙත් යාය නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි.

ඒක වෙනම ලෝකයක්. ගොඩක් රාජකීය පවුල්වල අයයි. ඒක හිතන්නවත් මවාගන්නවත් බැරි තරම් සුන්දර අවස්ථාවක්.

චාල්ස් කුමාරයට සිංදු කිවුව එක මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක්. ඒ වගේම Royal Opera House එකේ පළවෙනියටම සිංදු කියපු දවසත් මට විශේෂයි. ඒ වේදිකාවට සිංදු කියන්න නගින්නේ මේ ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ අය නිසා එතැන හිටගත්තම ඒ අයගේ බලයත් එක්ක ලැබෙනවා වගේ දැනෙනවා. ඒක වෙනමම විදිහක්. ආයෙමත් වතාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව මෝල්ටාවල තියෙද්දි මහා බ්‍රිතාන්‍යයේ II  එළිසබෙත්  රැජිනට සිංදු කිවුවා. ඒකත් අමතක වෙන්නෙ නෑ. රැජින අපට හමුවෙනවා අඩුයි. අනික ලංකාවේ කෙල්ලක් විදිහට ඒ අවස්ථාව ඉතාම වටිනවා.

Friday, May 30, 2014

මට ‘රත්නේ’ කියලා කතා කළේ මගේ බිරිඳ සහ ප්‍රේම් විතරයි....

සංගීතවේදී වික්ටර් රත්නායක
“මට මුලින්ම ප්‍රේමකීර්ති හඳුන්වලා දුන්නේ පී.එල්.ඒ. සෝමපාල මහත්තයා. මට මතක හැටියට ඒ එක්දහස් නවසිය හැටපහ අවුරුද්ද. ඒ කාලේ ගුවන් විදුලියෙන් විකාශනය වූ සැන්දෑ සේවය භාරව හිටියේ සෝමපාල මහතා. සැන්දෑ සේවයේ විවිධ වැඩසටහන් තිබුණා. සෝමපාල මහතා මට කිව්වා අපේ සංස්කෘතියට, පරිසරයට නැඹුරුවක් තියෙන අලුත් සන්දු හතරක් කරලා දෙන්න කියලා.

Wednesday, May 28, 2014

අනාගතය දිවැසින් දුටු ආචාර්ය ආතර් සී. ක්ලාක්

ආතර් සී. ක්ලාක් හා බුද්ධියේ
අත්‍යන්ත අනාගතය

1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ උපත ලැබූ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක් මේ දෙසැම්බරයේ දී වසර අනූව සපුරයි. 1945 සිට විද්‍යා ප‍්‍රබන්ධකරණයේ නියැලී සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ආචාර්ය ක්ලාක්, තාක්‍ෂණික ශ්‍රේයෝභාවිවාදියකු ලෙස හඳුන්වමින් 2001 වසරේ දී The New York Review of Science Fiction  සඟාවට රසල් බ්ලැක් ෆීල්ඩ් නම් විශේෂාංග ලේඛකයා ලියූ 2007 වසරේ දී අන්තර්ජාලයට ඇතුළත් කරන ලද (තරමක් දුරට වෙනස් කොට) ලිපියක් ඇසුරින් මේ ලිපිය සැකැසෙයි. මෙය සිංහල පාඨකයාට අලුත් ආකාරයක ක්ලාක් විචාරයකි.

මේ දෙරණේ රියැලිටි ළමා අපචාර.........

දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මනසක් සහිතව ගත කිරීමට ඉඩ ලබා දීම සඳහා ඔවුන් අන්තර්ජාල පරිහරණයෙන් වැළැක්වීම පිළිබඳව ඇමෙරිකානු බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි මෑතකදී වාර්තා විය. ඒ අමෙරිකාවේය. එම රටද එසේ සිතද්දී ලක් දෙරණේ සිදුවන්නේ කුමක්ද? ළමා තරු තෝරන රියැලිටි වැඩසටහන්  මගින් දරුවන්  අපචාරයේ යෙදවීමය.

සුනරුත් ආදරයක ළතැවුල හා ඛේදය....... අපි ආයෙත් හමු නොවුණා නම්


සිංහල ගීත වංශයෙහි ස්වර්ණමය යුගය ලෙස සැලැකෙන හැත්තෑවේ දශකයේ නිමැවුණු තවත් එක් අනුස්මරණීය හා විශිෂ්ටතම ගීතයක් පිළිබඳ ව සති කිහිපයක නිහඩියාවකට පසු ව මම ඔබ වෙත මෙසේ රැගෙන එමි.
සැඩ මාරුතයක් සේ පැතිරෙන ගී කොලහලය අතර දැනුදු දුරාවාරේ ඇසෙන මේ ගීතය සෝමතිලක ජයමහ නම් ප‍්‍රවීණ ගායන ශිල්පියා ගේ හඩින් ගැයුණකි.

සරත් සිල්වාගේ පුහු තර්ක ---- වික්ටර් අයිවන්

ප්‍රේමකීර්තිගෙ අත්දෙක පුරාම තුවාල -වික්ටර්

දවසක් මහ රූ අපේ පොඩි රැස්වීමක් තිබුණ. ඒ රැස්වීමට ප්‍රේමකීර්ති එනව කිව්ව වෙලාවට එන්නැතුව රෑ එකොළහත් පහුවෙලා ටැක්සියක ආවා. ටැක්සියේ රියදුරු තමයි අපිට  කිව්වෙ, "ප්‍රේමකීර්ති මහත්තය ඇවිත් ඉන්නව" කියල. ප්‍රේමකීර්ති අපි ඉන්න තැනට ආවෙ නෑ. ගිහින් බලපුවාම මූණෙත් තුවාල. අත්දෙකෙත් තුවාල. ශරීරය පුරා තුවාල තිබුණ. ගෙදර ගැටුමක් වෙලා තමයි ඇවිත් තියෙන්නෙ. ඊට දවස් තුනකට හතරකට පස්සෙ මම කිව්ව  "ප්‍රේම් මගේ වැඩසටහන තියෙනව. ගීතයක් ලියන ඕනෙ" කියල.ඔහු මට ගීතයක් ලියල දෙනවා,

67 වැනි කෑන්ස් චිත්‍රපට උලෙළ


විචාරකයන්ගේ සිනමා උලෙළක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලබන කෑන්ස් චිත්‍රපට උලෙළ මෙවරත් ප්‍රංශයේ කෑන්ස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විණ. පසුගිය 25 වැනිදා දක්වා පැවැති මෙම චිත්‍රපට උලෙළේ , මෙවර ජූරියේ ප්‍රධාන සභිකයා ලෙසින් කටයුතු කළේ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂිකා ජේන් කැම්පියන්ය.මෙවර මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ ප්‍රංශ චිත්‍රපට නළු ලැම්බට් විල්සන්ය. ඔහු අවසාන දිනයේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදීත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ අතර,  1963 චිත්‍රපටයේ තිරගත වූ 8  ½ නම් චිත්‍රපටයේ රඟපෑ ඉතාලි නළු මාකේලෝ මැස්ට්‍රෝආනි කෑන්ස් චිත්‍රපට උලෙළේ මෙවර ප්‍රධාන පෝස්ටරය සඳහා පෙනී සිටියේය.

Monday, May 26, 2014

තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි

හිටපු එල්.ටී.ටී.ඊ දේශපාලන නායක සුප්පයියා පරමු තමිල් සෙල්වන්ගේ බිරිය සසිරේඛා, දියණිය අලෙයිමගල් සහ පුත‍්‍රයා වන ඔලිවේන්තන් පසුගිය අපේ‍්‍රල් 24 දා ප‍්‍රංශයට පැමිණීම පිළිබඳ ගෝලීය ඩයස්පෝරාවේ සාමාජිකයන් මහත් සතුටට පත්ව තිබේ. මොවුන් ප‍්‍රංශයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. යුරෝපීය කොටි කල්ලි මෙම සිදුවීම පිළිබඳ කිසිදු ප‍්‍රකාශයක් මෙතෙක් සිදු කර නොමැති අතර දැනට රහසිගතව යුරෝපය පුරා ගෙන යන අරමුදල් රැුස්කිරීමේ කටයුතු සඳහා තමිල් සෙල්වන් පවුල උපයෝගී කර ගනිමින් කිසියම් ප‍්‍රචාරයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණය.

ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් ...

ස්වාධීන රූපවාහිනි සේවය ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කර අද වන විට වසර තිහකට අධික කාලයක් ගතව ඇත. එදා මෙදා කාලය අතර තුර විවිධ රූපවාහනී නාලිකා කිහිපයක්ම කරළිට පැමිණ අද වන විට රූපවාහිනය යනු නිවසක අත්‍යාවහ්‍යම භාණ්ඩයක් බවට පත් තිබේ. ඇත්ත වශයෙන්ම රූපවාහි නාලිකාවක් මගින් ජන විඥාණයට ප්‍රබල බලපෑමක් කළ හැකි බව පැහැදිලිය. විවිධ සමාජ විද්‍යාඥයින් විසින් පරියේක්ෂණ නිබන්ධන ලියමින් රූපවාහිනිය සමාජයට කරන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය කතිකාවන් නිර්මාණය කරන්නට වෙර දරයි. ලාංකීය ජන විඥාණයේ විඥාණ බල රටාව හොදින් අධ්‍යනය කර බලන කළ අපට පෙනෙන පැහැදිලි සත්‍ය වන්නේ ලාංකීය සමාජයට ආමණ්ත්‍රනය කළ යුත්තේ ශ්‍රාස්ත්‍රීය භාෂාවෙන් නොව ගමේ ගොඩේ හන්දියේ භාෂාවෙන් බවයි.

නරේන්ඳ්‍ර මෝදී ගේ දුර්ලභ සේයාරූ කිහිපයක් සමගින්...



ඇත්තටම මේ මෝදි මොන වගේ මිනිහෙක්‌ද...?

වීරයා:          ස්‌වාමි විවේකානන්
අදහන්නේ:   කාලි මාතාව
ලග්නය:       වෘශ්චික
නිතරම: 1    හිස පීරනවා
නිතරම: 2    කණ්‌ණාඩියෙන් බලනවා
යාළුවෝ:      විශේෂ කවුරුත් නෑ



මෙලෙස ඉන්දීය නව අගමැතිවරයාගේ ගතිගුණ සහ දින චර්යාව ගැන තොරතුරු පළවුවත් කෝටි සියයකට අධික ජනගහනයක්‌ පාලනය කිරීමේ වගකීම අද (26 වැනිදා) සිට සිය දෑතට පවරා ගත් පසු මෙම චර්යාවන් සහ ගතිගුණ නොවෙනස්‌ව පවතීදැයි කියා අනාවැකි පළ කළ නොහැකිය.

නරේන්ද්‍ර මෝදි යනු ඉතා දුප්පත් පවුලක උපත ලැබුවෙකි. පදික වේදිකාවේ තේ කොළ විකුණමින් ද ආපනශාලාවල තේ සකසමින් ද මුදල් උපයාගෙන අරමුදලක්‌ ආරම්භ කළ මෝදි තමා ඉගෙනුම ලැබූ අහමබාද් විදුහල වටා තාප්පයක්‌ ඉදිකළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 20 කි. අද ඔහුගේ වයස අවුරුදු 64 කි. එනිසා නරේන්ද්‍ර මෝදි යනු අරමුණුවලින් පොහොසත් අධිෂ්ඨානශීලී තමා උපන් රටට අසීමිතව ආදරය කරන පුද්ගලයෙකි.

Sunday, May 25, 2014

හෘදයාබාධයකට නතුව විපුල් අයියාට සිය දිවි මෙහෙවර නිම කරන්නට සිදු ව තිබේ...ඔබට නිවන් සුව ...... !!!

ජීවිතය පුදුමාකාර ය..අසන්නට වන්නේ නෑසිය යුතු දෑම ය.. නෑසෙන්නේ ඇසිය යුතු දේ ම ය.. එහෙත් සොබාදම එයයි..


වෙසක්පුර පසළොස්වක පෝයට වක 03කට පෙර පටන් මේ දක්වා මා ඇසූ,මසිත ප්‍රකම්පනය කළ අවමගුල් ගණන 05 කි. එය සාමාන්‍ය තත්ත්වයක් වුව,ඒ සියල්ලන් ම ළබැඳියන් වීම මට විශේෂ ය.

විපුල් ධර්මප්‍රිය ජයසේකර

විපුල් ධර්මප්‍රිය ජයසේකර සොයුරා අප අතරින් සඳහටම සමුගෙන ඇත. අප දෙදෙනාම අද පාන්දර ගුවන්විදුලියේ රාජකාරී කළෙමු. පාන්දර පහමාරට කැන්ටිම විවෘත කළ විගසම තේ බොන්නට පැමිණෙන කිහිප දෙනෙක් සිටිති. ඉන් එක් කෙනෙක් විපුල් ධර්මප්‍රියයි. ඒත් ඔහු අද ආවේ නැත. ඔහු තේ බොන්නට ආවේ අද පමා වී ය. පමා වී තේ බොන්නට ආ ඔහු නොඑන්නම ගොස් ඇත.

Saturday, May 24, 2014

සිංහලයා භාවිත කරන වචන කෝෂය වහනය කරනුයේ ස්වකීය සංස්කෘතියේ සුවඳ මැ යි.

වචනාර්ථයෙන් ගත් විට භාෂාව යනු ‘භාෂ්’ ධාතුවෙන් නිෂ්පන්න ව, වේද යුගයේ සිට බහු ප‍්‍රචාරයේ පැවැති ‘මැනැවින් කියන ලද’ යන අර්ථය සූචනය කරන්නා වූ වචනයකි. ලොව පුරා විසිර සිටින විවිධ සමාජයන් ගේ, සංස්කෘතීන් ගේ මතු නො ව පුද්ගල ඒකකයන් ගේ අනන්‍යතාව සනිටුහන් කරන්නා වූ මූලික සාධකය වනුයේ භාෂාව යි.

Friday, May 23, 2014

ජාතිය යනු කුමක් ද..? ජාතිකවාදය යනු කුමක් ද...?

යන ප‍්‍රශ්න දෙක නූතන මනුෂ්‍ය සමාජය මුහුණ දී තිබෙන ප‍්‍රධාන සමාජ දේශපාලන ගැටලු දෙකකි. මුල් යුගයේ මේ ප‍්‍රශ්න දෙකට ශාස්තී‍්‍රය තලයේ පිළිතුරු සොයන්නට මහන්සි ගත්තේ ඉතිහාසඥයන් හා දාර්ශනිකයන් පමණි.


ජනමාධ්‍යවේදයට මෙන් ම ජාතිය හා ජාතිකවාදය පිළිබඳ ව සමාජ විද්‍යාඥයන් ගේ අවධානය යොමු වූයේ මෑත කාලයේ දී ය.

Thursday, May 22, 2014

චීනයෙන් ගෙනා දුම්රිය එන්ජින් අබලන්



චීනයෙන් ආනයනය කරන ලද මැදිරි සහිත දුම්රිය එන්ජින්වල තිරිංග පද්ධතියේ විශාල ගැටලූ පවතින්නේ යයි දුම්රිය සංගම් ආරංචි මාර්ග හෙළි කරයි.


ප‍්‍රමිතියෙන් අඩු බාල තිරිංග පද්ධති එම දුම්රිය එන්ජින්වල සවිකොට ඇති බැවින් දුම්රිය මග නතරවීමේ අවදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග පවසයි.

භාවනාව වූ කලී නැවුම් ස්වභාවය නිරාවරණය වීම ය.

කි‍්‍රෂ්ණමූර්තීන් ගේ “The only Revolution” නමැති කෘතිය ඇසුරෙනි.
භාවනාව වූ කලී නැවුම් ස්වභාවය නිරාවරණය වීම ය. නැවුම් ස්වභාවය පිහිටියේ නැවත නැවතත් මතු වන අතීතයෙන් ඔබ්බෙහි ය. එනම් එය අතික‍්‍රමණය කොට ගැනුණු තැන ය. මේ පුනරාවර්තනයෙහි නිමාව යනු භාවනාව ය.

Wednesday, May 21, 2014

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගේ වැඩිමිල ටෙන්ඩරය ඇමැති අත්හිටුවයි...


පිළිකා රෝගීන් සඳහා ලබාදෙන "ප්‍රොaටීන් බවුන්ඩ් පැක්‌ලි ටැක්‌සල්" මිලිග්‍රෑම් 100 එන්නත් 1697 ක්‌ මිලදී ගැනීමේ ටෙන්ඩරය අඩු මිල ගණන් ඉදිරිපත් කරන ලද බෙහෙත් සමාගමට ගෙවිය යුතු මුදලට වඩා රුපියල් කෝටි තුනකට අධික මුදලක්‌ වැය කරමින් ඉහළ මිල ගණන් ඉදිරිපත් කරන ලද සමාගමකට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු විසින් ගෙන තිබූ තීරණය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්  (21 දා) අත්හිටුවා තිබේ.

Tuesday, May 20, 2014

ඇමරිකාව මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට බලපෑම් කරයි....


මාධ්‍ය නිදහස ගැන හඬ නගන ඇමරිකානු බලධාරීහු ලෝරා පොසිට්‍රෑස්‌ සහ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ඡේම්ස්‌ රයිසන් නැමැති මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා පමුණුවන බව අනාවරණය වී ඇත.



NYT reporter Jim Risen says Obama's actions "will have a chilling effect on freedom of the press in the U.S.



සෞඛ්‍ය ලේකම් මිලියන 10ක කොමිස් වංචාවේ...

දඩුවම අවවාදයක් පමණයි

තැලසීමියා රෝගීන් සඳහා ලබාදෙන “ඩෙස්‌ෆෙරි ඔක්‌සමින් මෙසිලේට්‌” එන්නත් තුන්ලක්‍ෂ හැටදහසක තොගයක්‌ මෙම වසර සඳහා මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩර් පිරිනැමීමේදී වංචනික අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්‌ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක  වෙත දැඩි ලෙස අවවාද කරමින් අවවාදාත්මක ලිපියක්‌ යවා තිබේ.

අප ගේ ජනශ‍්‍රැතිය..... වසා ගෙන දෙතන අතකින් කිම ද නගෝ

කිසිම පුද්ගලයෙක් තම සමාජය දෙස පියවි ඇසින් නො බල යි. ඔහු දකින සියලු දේ ඒ සමාජයේ සිරිත් විරිත්, මානව සම්බන්ධතා මෙන් ම චින්තන ධාරාව විසින් සංස්කරණය කරන ලද ඒවා වේ.


මේ ජීවිත දර්ශනය පිළිබඳ ඔහු කරන ගවේෂණයන්හි දී වුව ද මේ රාමුවෙන් බැහැර ව ඔහුට කි‍්‍රයා කළ හැකි නො වේ. සත්‍ය හෝ අසත්‍ය හෝ පිළිබඳ ඔහු දරන මති මතාන්තර පවා නිගමනය කරනු ලබන්නේ මේ පාරම්පරික චාරිත‍්‍ර විධි සම්ප‍්‍රදාය මඟිනි” යනුවෙන් රූත් බෙනඩික්ට් නම් මානව විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.

Monday, May 19, 2014

පවිත්‍රාගේ නැගණිය විදුලි හොරකමේ



විදුලි බළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණිය විදුලිය හොර රහසේ ලබා ගන්නා බව හෙලිව තිබෙනවා.
පැල්මඩුල්ල ප්‍ර දේශයේ පිහිටා ඇති පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණියට අයත් පිරවුම් හලකට මෙසේ අක්‍රමවත් අයුරින් විදුලිය ලබා ගන්නා බවට වාර්ථා වේ.

නාඳුනන බසක රැවුදෙන මියුරුසර...

“ඔබේ රටේ ජනයා, ඔබේ කවි, නිතරම ගායනා කරන බවක් මා අසා තිබෙනවා...” යි මම කීමි. “එය සැබෑවක් ද, නැත්නම් එසේ නැද්ද?
“ඔව්” ඔහු (ආචාර්ය රබීද්‍රනාත් තාගෝර්) කීවේ ය. “එය සැබෑවක්. අපේ ජනයා කාව්‍යයට ආදරය කරති. මගේ අසල්වැසි ගම්වල ගැමියන්, ඔවුන් ගේ කුඹුරේ වැඩ කටයුතු නිමා කොට, පැමිණ තම පැල්පත් හෝ නිවාස ඉදිරිපිට එළිමහනේ ද අහසේ තාරකා වියන යට බිම වාඩි වී, ඔවුන් ගේ භාෂාවට අයත් හොඳ ම ගීත පදමාලා සහිත භක්ති ගීත මැදියම් රෑ වන තුරු සාමූහික ව ගායනා කරන බව මා දන්නවා...”

Sunday, May 18, 2014

ප‍්‍රවීණ නර්තනවේදිනී මිරැන්ඩා හේමලතා




ඔබ මෑත කාලයේ වඩාත් විවේචනයට ලක්වුණේ කාන්තාවන්ට වෙස් බැඳීම නිසා. ඒ පිළිබඳ ව කතා කරන්නට පෙර වෙස් බැඳීම, වෙස් ඇඳුම් කට්ටලය, එහි ඉතිහාසය පිළිබඳව ඔබෙන් කරුණු ස්වල්පයක් දැනගන්නට කැමැතියි.

සිත යනු සමාජයයි...

ජේ. කි‍්‍රෂ්ණමූර්ති



ඔබ කිසියම් විටෙක නිශ්චල ව හිඳ ගෙන, වසා ගත් දෙනෙතින් ද යුතු ව, ඔබේ සිතිවිලිවල හැසිරීම පරීක්ෂා කොට තිබේ ද? ඔබේ සිතෙහි කි‍්‍රයාකාරිත්වය නිරීක්ෂණය කොට තිබේද...?


එසේත් නැතිනම්, හුදෙක් ඔබේ සිතුවිලි හා හැඟීම් යනු කවරේ දැයි බලා ගැනීමටත්, ගස් කොළන් හා මල්, කුරුල්ලන් හා මිනිසුන් දෙස ඔබ බලන ආකාරයත්, යෝජනාවකට හෝ නව අදහසකට හෝ ඔබ ප‍්‍රතිචාර දක්වන සැටිත්, ඔබේ සිත කි‍්‍රයාකාරී ව පවතින විට දී, ඒ සිත ම ඒ ගැන විමසිලිමත් ව සිට තිබේ ද...?
ඔබට මෙය කවර වේලාවක හෝ සිදු වී තිබේ ද...? ඉදින් ඔබ තුළ එවැන්නක් සිදු වී නොමැති නම්, ඔබ ඉතා වැදගත් දෙයක් අතපසු කොට ඇත. කෙනකු තමා ගේ සිත කි‍්‍රයා කරන අයුරු අවබෝධ කර ගැනීම වූ කලී අධ්‍යාපනයෙහි මූලික අරමුණ යි.

සතර පෙර නිමිති

උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම දුර්ගේෂ්වරි කඳු පාමුලට වෙනදා මෙන් ම හිරු උදා වෙමින් පැවැතිණි. විවිධ බෞද්ධ රටවල්වලින් ගෞතම සිද්ධාර්ථයන් ගේ දුෂ්කර කි‍්‍රයාව සිදු කළ දුර්ගේෂ්වරි කන්ද තරණය කිරීමට පැමිණෙන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී බස් රථ එක පෙළට පැමිණෙමින් තිබිණි.

Monday, May 12, 2014

වෙසක් සඳ එළියේ නෙක දිශාවන්හි සැරසිලි නරඹමින්....

බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් ඉක්ම ගොස් එළැඹුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු ලැබූ අසිරිමත් දින කිහිපය ගෙවී ගොස් ඇත. වෙසක් සඳ එළියේ නෙක දිශාවන්හි සැරසිලි නරඹමින් විඳි පුරා සරනා ජනී ජනයා තවමත් ඒ සැරසිලි පිළිබඳ ආනන්දයෙන් ම නොයෙක වර්ණනා කරනු ඇසේ.
වෙසක් කලාප වශයෙන් නම් කරන ලද ලේක්හවුස් වටරවුම, බෞද්ධාලෝක මාවත, ගංගාරාමය අතුරු සිදුරු නොමැතිව පසුගිය සති කිහිපය පුරා පිරී තිබුණේ මේ අසිරිමත් මංගල්‍යය වෙනුවෙන් බිහිවුණු නේක විධ කලා නිර්මාණයන් රසවිඳීමට සපැමිණි ජනයාගෙනි. රාත්‍රි දහය පසුවන විට දිවා කල තෝරතෝංචියක් නොමැතිව ජනාකීර්ණ වූ වීදි නිදි සුව විඳිනා වෙනත් දින මෙන් නොව සඳ එළියේ නැහැවෙමින් වෛවාරණ්‍ය විදුලි බුබුළු නිකුත් කරන නන්විධ පැහැයන්ගෙන් සැරසෙමින් වීදි සරණා ජනයා සිතට එක් කරන්නේ ප්‍රබෝධවත් ආනන්දයකි.

වෙසක් සිවුපද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

Sunday, May 11, 2014

1922 පෙබරවාරි 14 වන දා කර්ණාටයේ දාවෝර් (Dharwar) දිස්ත්‍රික්කයේ, ගැදාග් (Gadag) හි උපත ලැබූ, අදටත් ඉතා උසස් තත්ත්වයේ පවතින ශබ්දකෝෂයක් ලෙස පිළිගැනෙන කර්ණාට – ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ නිර්මාතෘ ප්‍රසිද්ධ අධ්‍යාපනඥ ගුරුරාජ් ජෝශි ගේ පුත්‍රයා වන්නේ අප කථානායකයායි.
එහෙත් මොහු සංගීතයට නැඹුරු වූයේ තමන් කුඩා අවදියේ දී තම මව ඔහු වෙනුවෙන් ගායනා කරන ලද බජන් ගීත හරහා වන්නට ඇත. ඔහුගේ පියා, තමන් උගතෙකු වනු දැකීමට රුචි වුවත්, ඔහුට පියාණන්ගේ අභිමතාර්ථය මල්ඵල ගැන්වීමට නොහැකි විය. බිම්සෙන් තමාට මතක ඇති කාලයක සිටම සංගීතයට ළැදිව සිටියේය. ඔහු පවසන්නේ තමාගේ සෑම දිනයක්ම සංගීතයෙන් පිරී ඇති බවයි.

සල්ලි දැක්කම කොච්චර දේවල් මතක් වෙනවද...?

චමිදු අමරසිංහ 2011 වසරේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය හදාරමින් ඉන්න ගමන් තම part time job එකට කලේ cleaner කෙනෙක් වශයෙන් වැඩකිරීමයි.
එය සාමාන්‍ය රැකියාවක් මෙහෙට එන හැම කෙනෙකුටම. නියම රැකියාව ලැබෙන තුරු එම අංශයේ රැකියාවල් තමයි ලෙහෙසියෙන්ම හොයාගන්න තියෙන්නේ. වෙනදා වගේම වැසිකිලි පිරිසිදු කිරීමේ යෙදෙනකොට ඔහුට ඩොලර් 50 හා 100 නෝට්ටු දකින්නට ලැබිල තියෙනවා වැසිකිලි සෞඛ්‍යඅරකිෂිත bin එකතුල තිබිල. එත් ඒවා බොරු ඒවා කවුරුහරි රවට්ටන්න කරපු දෙයක් කියල චමිදු හිතල තියෙන්නේ.

Friday, May 9, 2014

මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්තට පිහිට වෙමු

පුරා දශක හයකට ආසන්න කාලයක්‌ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු, කලා රසිකයකු පමණක්‌ නොව මාධ්‍යවේදියකු ලෙස මෙන්ම පුරා වසර විසි හයක්‌ රුක්‌මණී දේවි අනුස්‌මරණ සංගමයේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකාරීව නමක්‌ හිමි කරගත් හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්‌ නම් හිත හොඳ මිනිසා ඇසක ඇතිවුණ ආබාධයක්‌ නිසා පසුගියදා සැත්කමකට භාජන කරන ලදී. ඔහු දැනට සිටින්නේ මානසිකව මෙන්ම ශාරීරිකවද අසරණ තත්ත්වයකය. ඔහුගේ ආර්ථික මට්‌ටමද යහපත් නැත. සරණක්‌ විය හැකි නම් මහඟු උපකාරයකි.

Tuesday, May 6, 2014

අන්තර් කීර්තියට පත් අපේ ඡායාරූප ශිල්පියා ලයනල් වෙන්ඩ්ට්

යනල් වෙන්ඩ්ට් නම් මේ අපූර්ව ගණයේ කලාකරුවා සිත්තරෙක් වශයෙන් අපට හැඳින්වීමට නොහැකි වුවත් ඔහු වඩාත් විශිෂ්ඨව දක්ෂකම් දක්වා ඇත්තේ ඡායාරූපකරණයට ය. මෙරට බිහි වූ ප්‍රමුඛ පෙළේ ඡායාරූප ශිල්පියකු ලෙස ලයනල් වෙන්ඩ්ට් අපට හඳුන්වා දීමට හැකි ය.

කළු කුමාරයා

ම්බුලුගල රජ්ජුරුවන්ට බිසෝවරු දෙන්නෙක් හිටියා. බාල බිසොවුන් වහන්සේට පුත් කුමාරවරු දෙන්නයි. මේ දෙදෙනාගෙන් ‘සකලකලා වල්ලභ’ උඩුගම්පොල රජවුණා. ‘තනියවල්ලභ’ මාදම්පේ රජවුණා.
’සකලකලා වල්ලභ’ රජතුමා උඩුගම්පොල රජ කරන කාලෙ විශාල පොකුණක් තැනෙව්වා.

Sunday, May 4, 2014

නුවර කලාවියේ ජනප්‍රවාදයට එක් වූ කිවිඳියකගේ අන්දරය...

පෙ අප්පච්චිගෙ වෙළඳන් කරත්තේ නවත්තාන උන්දැලා පයිම්ම ගෙදර යවාපු එකට මට බොහොම දුකයි. ඒ ගැන අපේ කෝරාළ මාමණ්ඩිත් විස්සෝප වුනා”


”හරි හරි රටේ මහත්තැන් මට ඔය ගැන කීවා. දැන් එව්වා සේරම අහවරයිනි. මේ හැන්දෑ කොරේ අපේ මැනිකේ මූණකට හෝදාන මොනාහරි සප්පායන් වෙන්ඩකෝ. නිළමේ හුරතල් වෙවී කීවා.

Saturday, May 3, 2014

මාව ඝාතනය කරන්න පස්‌සෙන් පන්නනවා - වටරැක විජිත හිමි




තමාව ඝාතනය කිරීම සඳහා සුදු පැහැති මෝටර් රථයකින් තමා යන එන තැන් ලුහුබැඳීමට පටන්ගෙන ඇති බවත් මෙම වාහනය පිළිබඳව තමන් දෙමටගොඩ පොලිසියට පෙරේදා (01 දා) පැමිණිල්ලක්‌ කළ බවත් ජාතික බලසේනාවේ මහ ලේකම් වටරැක විජිත  ප්‍රකාශ කළේය.

බෞද්ධ සමාජයක තරම් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ලෝකේ නැහැ

බෞද්ධ සමාජයක තරම් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ලෝකේ නැහැයි කියල මම විශ්වාස කරනවා. මුස්ලිම්වරුන්ට, බහුතර අනිත් කට්ටියත් එක්ක එකතුව. එක තමයි මගේ ආනන්දයෙන් මම ලබපු අත්දැකීම. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විහිළුවට "අඩෝ තම්බියා" කියල මට කියපු කට්ටිය. එක සීයට පහක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාලයයේ ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට, එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ; මහා සභාපති ධුරයට බෞද්ධ බහුතරය තෝරගත්ත. බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට මාව තෝරගත්ත. ආනන්දේ ශිෂ්‍ය නිවාසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්ත.
මට අමුත්තක් දැනුණේ නැහැ බෞද්ධ ආනන්දය තුළ, මම පිටස්තර මනුස්සයෙක් කියල. මට පිළිගැන්මක් තිබුණ. මම විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වය දැරුව. හොකී ටීම් එකේ නායකත්වය දරුවා. තව මොනවද ඕනේ?
~~ඉම්ටියාස් බාකීර් මාකර්

භාරත ඝාතන නඩුව


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්
13 දෙනකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණයට යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා (02 වැනිදා) තීරණය කළේය.


Thursday, May 1, 2014

වංචනිකයා

කිසිවෙක් මා වෙත බීම බටයක් යෙදූ තැඹිලි වීදුරුවක් පාමින් සිටියේ ය. වීදුරුව අල්ලාගෙන සිටින්නාගේ අතැඟිලිවල හා පිටිඅල්ලේ රන්වන් වූ ඡවිවර්ණය ද මට පෙනිණ. කිරිසුදු අත් දිග කමිසය ඔස්සේ ඉහළට තල්ලු වී ගිය මගේ බැල්ම ඔහුගේ ගෙල හරහා නිකට කරා ඇදී යමින් තිබිණ. මා මිමිණුවේ කවදත් ඉබේට ම මැතිරෙන මන්තරය ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.