ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 31, 2014

තමන් දන්නා පරිදි උපරීම ලෙසින් හඬා දොඩා ඡන්ද හිඟමනේ ගිය අනාකලී ජනිතා ජයතිලක

තමන් දන්නා පරිදි උපරීම ලෙසින් හඬා දොඩා ඡන්ද හිඟමනේ ගිය අනාකලී ජනිතා ජයතිලක අද නැවත සිය වපසරිය කරා පැමිණ ඇත...මේ විහිළු කාරියන් ගේ ඡන්ද කථා විකට ජවනිකා මෙනි...

ඇතැම් අය තමන්ගේ ඡන්දයෙන් දෙස්පාළුවන්ගේ දූ පුතුන් ඔසවා තබා ඇත...!!! ඇතැම් හොර නළුවන් ,නිළියන් ,මෙන්ම ඊයේ පෙරේදා කඩා පාත්ව ආ පුස්සන් ඉහළට නංවා ඇත ...අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමය උන්ගේ ගොං කම් තේරුම් ගන්නේ තව වසර 5 හෝ 6 කිනි...එවිට පත්වු එවුන් අපේ ඡන්දය දුන් දුප්පත් රටවස්සන්ගේ මුදලින්ම උන්ට සිය ජීවිතය පූරාවටම විශ්‍රාම වැටුප් ලබාගැන්මට සියළු කටයුතු සාදා ගෙන අවසන්ය   ...ඉන් පසුව උන් දිනුවද පැරදුනද කමෙක් නැත...උන් හැමදාම දිනුම්‍ ය...!!! අපේ වස්සෝ....??? අනාකලී ජනිතා ජයතිලක පසුගියදා දුන් පට්ට ටෝක් ඵකකි මේ...

Sunday, March 30, 2014

දකුණේ තුනෙන් එකක් ඡන්දය දී නෑ

මෙවර පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ඡන්ද දායකයන් 621,508 ක් ඡන්දය භාවිතා කැර නැත. දකුණේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,873,804 කි. ඡන්දය භාවිතා කැර ඇත්තේ 1,252,296 කි. දැමූ ඡන්ද වලිනුත් ඡන්ද 47,726 අවලංගු වී ඇත.

පැරදුණේ අප නොවෙයි රට...

1997,1999 පළාත් සභා පළාත් පාලන ඡන්දවලදී සියයට 5ක ඡන්ද ප‍්‍රතිශතයක් රැකගනිමින් පැමිණ 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ගෙනඒමේ ප‍්‍රධාන බලවේගය වීමේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන පොදු ජනතාවට තිබුණේ නොඅඩු අවධානයකි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිපල සමග ඒ අවධානය අවදානමක් බවට හැරී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා  අදහස් දක්වන්නේ ඒ වෙනස හා අනාගත ගමන ගැනයි.

කාගේත් සුරතලුන්ව සිටි කුක්කු බබාලා දෙදෙනෙක් කපෝතියි...

මෙවර පළාත් සභා මැතිවරණ  ප්‍රතිපල  අනුව  ...කාගේත්  සුරතලුන්ව සිටි  කුක්කු බබාලා දෙදෙනෙක්  කපෝතියි...

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද...?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!

මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු...!

Friday, March 28, 2014

ඒ එහේ... මේ මෙහේ...??? .දැක්කාද වෙනස...ආශ්චර්‍ර්‍යයක මහත...!!!

 
ප්‍රංශයේද  මේ දිනවල දී නගර සභා ඡන්ද පැවැත්වෙන වකවානුවයි...බලන්න  ලංකාවේ සහ මෙහේ වෙනස...ඡන්ද පෝස්ටර දැකිය හැක්කේ  ඒ සඳහා විශේෂිතවූ  ස්ථානයන්හී පමණී...අද සවස ගත් මෙම ඡයාරූප ඒ වග මොනවාට ඔබට පැහැදිලි කරනු ඇත...
අපේ රටේ  ඡන්දයක්  ළඟා වන විට හොර දේශපාළුවෝ පරිසරයම  පෝස්ටර් අලවා විනාශ කරති ...මිළ අධික වාහන වලට නැගී ස්වකීය බත් බැළයන් , මැරයන් සමග  පාරවල් පුරා  කරක්  ගසති...හඞ තළති ,තළු මරති...අපේ මිනිස්සු එවන්වූ  හොරුන්ට  ඡන්දය  දෙති...රටේ හාල් කිලෝවක  මිළ නොදන්නා  මී වැස්සියන් හට , ටෙලියක  දෙකක රඟපෑ  පළියට එවන් වූ  ඇතැම් වෙසඟනන් හට ඡන්දය දී  පාර්ළිමේන්තුවට දක්කති...කෝටි ගණන් මුදල් වීසී කරනා කුඩ්ඩන්ට,කබ්බන්ට ,මැරයන්ට,මිනීමරුවන්ට ඡන්දය දෙති...අහෝ අපේ රටේ බත් බුදින ගවයන් ගේ වගක්...

Thursday, March 27, 2014

රාජපක්‍ෂ පාලනය

රාජපක්‍ෂ පාලනය ගැන කපටි ලපටි අනර්කෙළී සහ සේස්සෝ කියන කථා....

මේ ඡන්ද හිඟමනේ යෙදෙන හැමර් කෙළීලා....නදීෂලා ,ගීතලා,මල්‍ෂලා,හිරුණීකාලා ,ඩයනලා ,රොඩ්නි ලා වැනි අය කෙරෙහි අද අප රට වැසියන්ගේ ඇත්තේ අප්‍රමාණික වූ පිළිකුළක් නොවේද...

මල්ෂාගේ මැතිවරණ ප්‍රචාරයට තැපෑලෙන් ලක්ෂ 40ක්..ජීවන්ගේ මුදල්ද මේ ..???


එක්සත් ජනාතා නිදහස් සන්ධානයෙන් තරගවදින මල්ෂා කුමාරතුංගගේ ඡායාරූපය හා ඡන්ද ලකුණ සහිත කැලැන්ඩරයක් පසුගිය දින කිහිපයේදී තැපැල් සේවකයන් හරහා කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදා ඇති අතර ඒ සඳහා රුපියල් 5ක මුද්දරයක් අලවා ඇති බවට තැපැල් සේවකයන් සදහන් කරයි.

අපේ රට මාරම රටකි

නිළියන් ගණිකාවෝය.
ගණිකාවෝ පාර්ලිමේන්තුවේය.
මන්ත්‍රීවරු සිංදු කියති.
ඇමතිවරු රඟපාති.
ගායකයෝ ආණ්ඩුකාරවරුය.
නළුවෝ පාර්ලිමේන්තුවේය.
මහාචාර්යවරු වර්ජනයේය.
සිසුහු දේශපාලනය කරයි.
මන්ත්‍රීලා ක්‍රිකට් ගසති.
ඇමතිවරු කුඩු විකුනති.
රාජ්‍ය නිලධාරීහු මර නින්දේය.
රාජකීය වෙදාට බලපත්‍ර නැත.


මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ චන්දයේත් "සත් ගුණවත්, උගත්, නැණවත්, පිංබර, ඉඩම් හිමි වැවිලිකරු, අවංක, සුවච, කීකරු, එඩිතර" ගමේ චන්ඩියාට මනාපදී පාර්ලිමේන්තුවට පිටත්කර හරී.

ශ්‍රී ලංකාව ජිනීවාහීදී පරදී....


ලංකාවට එරෙහි
ඇමරිකානු යෝජනාව
වැඩි ඡන්ද 11 කින් සම්මතයි


අපට ඡන්දය කරපු
රටවල් මෙන්න


අමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්ද 11 කින් සම්මත වී තිබේ.යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 12ක් පමණි.

According to the pan-European report only 16.3% European films directed by female filmmakers

යුරෝපීය සිනමාව පිළිබඳව අප විමසා බලද්දී 18/09/2014   16.3% ක් පමණ චිත්‍රපට නිපදවා ඇත්තේ කාන්තාවන්ය. මෙය ගිය වසරට වඩා අඩු ප්‍රවණතාවයකි.නමුත් එම ප්‍රතිශතය වැඩි වී ඇත්තේ ඩිජිටල් සිනමාකරණයෙනි.. 


The European Audiovisual Observatory’s latest pan-European report, “Female directors in European film productions”, used the institution’s Lumiere database to discover that only 16.3% of the European films produced between 2003 and 2012 were directed by female filmmakers.
Apsara Dunuwila 
Lankanews Film and arts correspondent

තංගල්ල හිටපු සභාපති නීතිඥ විරෝධතා මැද රිමාන්ඩ් භාරයට

රුසියානු තරුණියගෙන් සාක්‌කි විමසයි.....

තංගල්ල "ද නේචර්" හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු බෝතල්කටු වලින් කපා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කළේ යෑයි අධිචෝදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනා නීතිඥවරුන්ගේ විරෝධතා මැද රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (26 දා) නියෝග කළාය.මෙම නඩුවේ විභාගය ඊයේ ආරම්භ විය. දූෂණයට ලක්‌වූ රුසියානු ජාතික තරුණිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රාගේ සාක්‌කිය විමසමින් නඩු විභාගය ආරම්භ කරන ලදී.

කිරුළ හිමි කුමරාගේ කථාව

පියාගේ උරුමය පුතාට දෙමින් 

මෙම ලිපිය සමග  අප  පළ කරන  වීඩියෝ පටය හොඳින් නරඹන්න  එවිට  අද  අපේ රට  ගමන් ගන්නා පවුල් වාදයේ රාජාණ්ඩු ක්‍රමය සහ ඒකා අධිපතිත්වය ගැන මනාවූ සාධකයක් ඔබටම පෙනේවී...සැබෑ යථාර්ථය  තේරුම් ගන්න  ....

ඔබ චිත‍්‍රපටයක් නරඹන්නට ගිය විට, එහි රඟපෑමට සහභාගි නොවන්නෙහි ය.....ජේ. කි‍්‍රෂ්ණමූර්ති


ඔබ චිත‍්‍රපටයක් නරඹන්නට ගිය විට, එහි රඟපෑමට සහභාගි නොවන්නෙහි ය. එහි රඟපාන්නාහු නළු - නිළියෝ ය. ඔබ කරන්නේ, එය හුදෙක් නැරැඹීම පමණි. ඒ අයුරින් ම ඔබේ සිත කි‍්‍රයා කරන සැටි ද නරඹන්න. ඒ වු කලී කිසියම් චිත‍්‍රපටයක් නැරඹීමට වඩා සැබැවින් ම අතිශය චිත්තාකර්ෂණීය වූවකි.
ඔබේ සිත යනු මුළු ලෝකයෙහි ම අවශේෂයක් වන අතර, සමස්ත මිනිස් සංහතිය ම අත් විඳින ලද දේ එහි අන්තර්ගත ව පවතින බැවිනි. ඔබේ සිත වූ කලී මනුෂ්‍යත්වය ය.

Wednesday, March 26, 2014

ශ්‍රි ලංකාවට එරෙහිව සැකසු රායි රුපවාහිනි වැඩසටහන් විකාශයක් අද දින ප්‍රචාරය කිරිමට නියමිතය.



ඉතාලි රාජ්‍ය මාධ්‍ය වන රායි රූපවාහිනි ජාලය ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කරමින් කොටි සංවිධානයට සාහාය දැක්වෙන වැඩසටහන් මාලාවක් විකාශනය කළේය.

වෙරළේ පෙම්වතියන් බයකර දුෂණය කරණ නරුමයා


                මාතර ‍මුහුදු වෙරළේ පෙම්සුව විඳින පෙම්වතුන්ට පොලිස් පාට් දමා ‍තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කරන වෛද්‍යවරියකගේ සැමියෙක් මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
                   මේ සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියකගේ සැමියා වන බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකි. තරුණියන් පැහැරගෙන යෑමට යොදාගන්නා වෛද්‍යවරියට අයත් මෝටර් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මර්වින් සිල්වා


තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා  බොරැල්ල කනත්තේ දී ඇරැඹීය.

Tuesday, March 25, 2014

ජිනීවා බේගල් සහ විහිළු

ජිනීවා සමුළුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නායකයන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීම් කිරීමට පටන්ගෙන ඇතැයි ඊයේ  වාර්තා විය. ඒ අතර යුද අපරාධ චෝදනා නගමින් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව තවත් අසත්‍ය වීඩියෝ පටයක් නිකුත් කර ඇතැයිද පැවසේ.

එදා නායකයන් නිදහස දිනා ගැනීමට ක්‍රියා කළේ තමන්ගේ ධනය වැය කරමින්...

යහපාලනය නොමැතිකමින් අද ජනතාවට දේශපාලනය එපා වී ඇති බවත් එය යළිත් ජනතාව අතරට දේශපාලන ක්‍රමය ගෙන යෑම සඳහා ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළ දේශපාලන ක්‍රමය අනුගමනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.
මාර්තු 22 වැනි දාට යෙදුණු ශ්‍රී ලංකාවේ පළමුවැනි අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය පසු ගියදා නිදහස් චතුරස්‍රයේ පිහිටි එතුමාගේ පිළිරුව අබියසදී පැවැත්විණි.


සේරුවිල වනසන දේශපාලන අත් කාගේද...?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව ඇතැම් දේශපාලකයන්ගේ නම් භාවිත කරමින් ඓතිහාසික සේරුවිල ෙචෙත්‍යයේ ශෙලමය පාදම සම්පූර්ණයෙන්ම ගලවා එහි කොන්ක්‍රීට් ඇතිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව වාර්තා විය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දී ඊයේ යෝධ පෙළපාළියක්

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දී ඊයේ යෝධ පෙළපාළියක් පැවැත් වූ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මෙරටේ සංහිඳියා ක්‍රියා පිළිවෙතට බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියහ. 5000 ට වැඩි ජනකායක් සහභාගි වූ මේ යෝධ පෙළපාළියට යුරෝපයේ රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සහභාගි වූහ.

Monday, March 24, 2014

මගීන් 271 දෙනෙක් සිටි තවත් මැලේසියානු යානයක් ජෙනරේටරය කැඩී හදිසියේ ගොඩ බස්සයි


මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දකුණුකොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබූ මැලේසියා ගුවන් සමාගමට අයත් තවත් යානයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං ගුවන් තොටුපොළකට හදිසියේ ගොඩ බස්වා තිබේ. ‍

“මගියෙක් යානය පැහැර ගත්තා.. පැසිපික් සාගරයට කඩා වැටුණා.. ඔක්කොම මලා” – රාමචන්ද්‍ර ගුරුජී (VIDEO)

පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය ගැන පැහැදිලි තොරතුරක් තවම හමුවී නැත. එහෙත් ඉන්දියාවේ අධ්‍යාත්මික බලයෙන් විස්කම් පෙන්වන රාමචන්ද්‍ර ගුරුජී රූපවාහිනී වැඩසටහනකට එක්ව ඉදිරිපත් කළ පුද්ගලයින් දෙදෙනෙකුගේ ආත්ම ආවේශන කථන මගින් මෙම විපත සිදුවූ ආකාරය එළිදරව් කර ඇත.


නව LTTE නායක ගෝපිගේ ප‍්‍රධාන ගෝලයා අල්ලයි

එල්ටීටීඊ සංවිධානයෙ ශ‍්‍රි ලංකාව තුල යළි ගොඩනැගීම සඳහා උතුරු පළාත් ස්ථානගතවී සිටින හිටපු කොටි ප‍්‍රබලයකු වන ගෝපි නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු වන මානික්කම් කුවාන් කරන් නමැත්තා යාපනය වඩුක්කොඩෙයි ප‍්‍රදේශයේදී යුධ හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....

529 දෙනෙකුට එකවර මරණ දඬුවම

හිටපු ජනාධිපති මොහොමඞ් මුර්සිගේ ආධාරකරුවන් 529දෙනෙකුට ඊජිප්තු අධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිතුමාගේ පිරිපුන් බවට අධිරාජ්‍යවාදී රටවල් ඉරිසියා කරනවා – අනර්කලී

තමන් මාතරින් මැතිවරණයට තරඟ වදින්නට ආවේ මාතරට තිබුණු කාන්තා අඩුපාඩුව පුරවන්න බව දකුණු පළාත් සභා සන්ධාන අපේක්‍ෂිකා අනර්කලී ආකර්ෂා  කියයි.
මාතරදී ජන හමුවක් අමතමින් ඇය මෙසේද කීවාය.


‘මම ජනතා නියෝජිතවරියක් වශයෙන් දකුණු පළාතේ මානව සම්පත් සංවර්ධනය කරන්න, ඉංග‍්‍රීසි භාෂාව ගමින් ගමට පුරුදු පුහුණු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. වසර ගණනාවකින් මාතර දිස්ත‍්‍රික්කයෙන් පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක් සිදු වී නැහැ. එය ලොකු අඩුපාඩුවක්. ඒ අඩුව පිරිමහන්නට ජනාධිපතිවරයාගේ හා දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදයෙන් මා මෙවර දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වුණා.

Sunday, March 23, 2014

Hotel Room එකේදි පොලීසිය පැන්නොත් නීතිය මෙන්න


ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.

මානව නිදහස පිලිබඳ යථාර්ථය

...මෙය   ලංකාවේ මානව නිදහස ගැන විදේශයන්ට  අසත්‍ය වාර්තා ලබා දෙමින් කොටි ගණන් ඩොලර් ලබා ගන්නා මාධ්‍ය සංවිධාන වේශයෙන් සිටින කම්බා හොරුන්ටද  ,උන්ගෙන් යැපෙන නරියනටද  ,මහත් පහරක් වනු නියතයි .

 අශෝක දයාරත්න
ප්‍රංශයේ සිට



 A song that expresses our disappointment with organizations like the United Nations, Channel 4 News etc, for not only their double standards but also in dividing Sri Lankans, instead of uniting the people of the country, at this time..!

Saturday, March 22, 2014

මම රහත්මියි වදාළ පිටිදූවේ සිරිධම්ම

පිටිදූවේ සිරිධම්ම දිනුම්....!
මෙරට භික්‌ෂු සමාජයේ සංඝනායක තනතුරු අතර අධිකරණ සංඝනායක නම් පදවියක්‌ද තිබේ. නිරන්තරව භික්‌ෂුන් වහන්සේලාට අසුවල් දිසාවේ අසුවල් දෙදිසාවේ සංඝනායක පදවි දෙනු පුවත්පත්වලින්ද, රූපවාහිනී ප්‍රවෘත්ති තුළින්ද අපි නිතර දකින්නෙමු. සිරිධම්ම හිමි මතු කරන ගැටලු විසඳිය යුත්තේ අධිකරණ සංඝනායක හිමිවරු විසිනි. අධිකරණ සංඝනායක කම් යනු බෙල්ලේ එල්ලා ගෙන සිටින තඹ දොයිතුවක වටිනාකමක්‌ නැති ආභරණ විනා අත් කිසිත් නොවන බව පෙනේ. අධිකරණ සංඝ සභා රට පුරා තිබියදී මිනීමැරුම් මංකොල්ලකෑම් චොදනාලත් භික්‍ෂූන් තවමත් චීවරධාරීව සිටිති.



රැසියානු සහ උක්රේන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් හමුදා බුද්ධි අංශය විසින් පවත්වන වැඩසටහන

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වෙරළාසන්න නගරයක් වන බෙන්තොට නගරයේදී, ඉදිරි සතියේ Beach Festival වැඩසටහන පැවැත්වීමට නියමිතය. ජල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන විදෙස් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා බුද්ධි අංශයේ ක්‍රීඩා අංශය වන Hawkeyes, බෙන්තොට ක්‍රීඩා සංගමය,  සන්සයින් ජල ක්‍රීඩා සංගමය ඒකාබද්ධ වී තෙවන වසරටත් මෙම වැඩ සටහන පැවැත්වීමට නියමිතය.

හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ.


පඬි රුවනක් අපවත් වෙයි.....

පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ.

Friday, March 21, 2014

මස්ගොබේ රාත්තල් 6 ක් නැත්නම් කොල්ලෙකුට කෙල්ල දෙන්න එපා.. - සූරියප්පෙරුම


පසුගියදා  ආර් පී සූරියප්පෙරුම දියණියන් දීග යැවීම ගැන අපූරු කථාවක් කළා. ඔහු කියා සිටියේ ලංකාවේ කසාද සිදුකරන්නට පෙර ශක්තිමත් බෑනාවරුන්ට දූව දෙන්නට මාපියවරුන් සිතට ගත යුතු බවකි.

ඩයනා දන්න කොපු න්‍යාය මෙහෙමයි....


එක්සත් ජාතික පක්‍ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින ඩයනා ගමගේ කොන්ඩම් ගැන අදහස් පල කරයි.
ඇය පවසන්නේ අද ඇත්තේ කොන්ඩම් තියරි දේශපාලනයක් බවයි.

ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ ගැටළුව උණුසුම් වී ඇති අවස්ථාවක, ප්‍රංශ භාෂාව කතාකරන රටවල් කේන්ද්‍ර කරගනිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජය තම කටයුතු තිව්‍ර කර ඇත.
රටින් බැහැර දෙමළ ඊළාම් රජය අප්‍රිකානු රටවල ප්‍රධාන නගරයන් හී තම කටයුතු කරමින් සිටින අවස්ථාවක, ජිනීවා හී තම කටයුතු තීව්‍ර කිරීමේ අරමුණින්, රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් ප්‍රංශ භාශාව කතා කරන නිතී විද්වතුන්ව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන තම නීති විද්වත් කමිටුව එම කටයුතු සඳහා යොදවා ඇත.


Thursday, March 20, 2014

අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක්- ගීතා


සල්ලි තියෙන්න ඕන - ගීතා
දකුණු පළාත් සභා සන්ධාන අපේක්‍ෂක අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක් යයි ඛෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා සහ එ.ජ.නි.ස අපේක්ෂිකා ගීතා කුමාරසිංහ  පවසයි.

උද්ඝෝෂණයට ආ කොටි බළළ්ලු...

ඊයේ (19/03/2014)  පැරිස්  පැරිස් නගරයේදී ......, කොටි බළල් අත්  වලට නතුව  අප රටට විරුද්ධවී සිටින බටහිර රටවල්  හට සත්‍ය පෙන්වා දීම සඳහා පක්‍ෂ පාටින් තොර ශ්‍රී ලාංකිකයන් එක්වී  පැවති උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගිවු අතර ඒ උද්ඝෝෂණයට විරැද්දව LITE සාමාජික පිරිසක් පැමිණ  LTTE කොඩිය රැගෙණ ඉදිරි පසින් සිටිමට දැරැ අවස්ථාවේ උද්ඝෝෂකයන් ඊට විරැද්ධවු  අතර ප්‍රංශයේ කැරළි මර්ධන



එමා බොවාරි ලෙස වෙස් ගත් සැබෑ ගැහැනිය

ප්‍රංශ ලේඛක ගුස්ටාව් ෆ්ලෝබෙයා (1821 – 1880) විසින් රචිත ‘මැඩම් බොවාරි’ නවකතාවට ලෝක සාහිත්‍යයෙහි හිමිවන්නේ අති විශේෂ තැනකි. ප්‍රංශ සාහිත්‍යයෙහි වඩාත්ම ප්‍රසිද්ධ නවකතාව විය හැකි එය, ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතා දහය අතරින් එකක් ලෙස ඉංග්‍රීසි ලේඛක සමර්සෙට් මෝම් විසින් තෝරනු ලැබිණි.

මන්ත්‍රී තිලංග මත්ද්‍රව්‍ය සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් මුදාගනී

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මැදිහත්වී නිදහස් කර ගෙන ඇතැයි වාර්තාවනවා.

Wednesday, March 19, 2014

එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා


ඔහු 1996 දී දරුණු හෘදයාබාධයකට ලක්‌ව ශල්‍යකර්මයකට පවා භාජන විය. ඉන් පසු ඔහු ගෙව්වේ නිහඬ ජීවිතයකි. ඔහුගේ දිවියේ අවසන් කාලයේ එච්. ඩී. විජයදාස උන්නාද මළාදැයි සෙවීමටවත් කිසිවෙකු සිටියේ නැත. බණ්‌ඩාරනායක පරපුරෙන් කිරි කට කෑ කුරහන් සමාගම බලයේ සිටියද ඒ කිසිවෙකුට විජයදාස ගැන වගක්‌ නොවේ. ඔහුට අවශ්‍ය කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබුනේ නැත.


නමුත් එච්. ඩී. විජයදාස නාමය මෙරට ගුවන් විදුලිය පවතින තාක්‌ කල් ගුවන් විදුලි ඉතිහාසය පුරා රැව් පිලිරැව් දෙන නාමයකි. වත්මන් පරපුර විජයදාස ගැන නොදත්ත ද ඔහු වෙනුවෙන් කළ හැකි ඔහු ජීවමාන කළ හැකි එකම පියවර ගුවන් විදුලිය මගින් ඔහුගේ විකට වැඩසටහන් නැවත නැවත ප්‍රචාරය කිරීමයි.

වත්මන් එෆ්. එම්. සේවාවල හවස්‌ යාමය අරක්‌ ගෙන ඇති "භයානක" විහිළු කරන වයසක බාප්පලා නිතැතින් අධ්‍යය නය කළ යුතු චරිතයක්‌ වන්නේ එච්. ඩී. විඡේදාසයන් ය.

කැමරා අධ්‍යක්ෂක එම්.ඒ ගෆූර් මියයයි...


දේශීය සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා වූ එම්.ඒ ගෆූර්   (17) අලුයම මිය යන විට 80 වන වියේ පසුවිය.

මැලේසියන් නියමුවා ලංකාවේ ට්‍රයල් ගිහින්

අතුරුදන්ව ඇති එම්.එච්.370 මගීන් ගුවන් යානයේ ගුවන් නියමුවා විසින් ශ්‍රී ලංකාව ඇතුළු ගුවන් පථ 5ක පුහුණුවීම් කළ බව තහවුරු වන මෘදුකාංගයක්, ඔහුගේ නිවසේ තිබූ එම යානයේ අනුකාරකය (සිමියුලේටරය) මගින් සොයාගැනේ.


මමත් මාතර කෙල්ලෙක් මාතර මටත් අයිතියි ....අනර්කලී


 තමන් දේශපාලනයට ආවේ රටේ ගෘහණියන් ආරක්ෂා කරන්නත් තරුණ ප‍්‍රජාවට යමක් කරන්නත් බව මාතර දිස්ත‍්‍රික් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා  පවසයි.අනර්කලී ආකර්ෂා  මෙසේ පැවසුවාය.

පොදු අපේක්‍ෂිකා ලෙස චන්ද්‍රිකා ?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තම අනාගත දේශපාලන කටයුතු ගැන විශේෂ සාකච්ඡවක් දළදා මාළිගාව ඉදිරිපිට මහනුවර වැව පාරේ පිහිටි පානබොක්කේ වලව්වේදී පැවැති ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉරණවිල භූමියේ දැවැන්ත ගුවන් පථයක් ?


ඇමරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉරණවිල ප‍්‍රදේශයේ අක්කර 400ක පමණ


ප‍්‍රදේශයක් පුරා ඉදිකර ඇති ඇමරිකන් සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ දැවැන්ත ගුවන් යානා ධාවන පථයක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සරත් ෆොන්සේකා ජනාධිපති නොවුණේ රටේ වාසනාවට

සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය පැරදුනේ රටේ වාසනායට යයි ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා පවසා තිබේ.

බාල වයස්කාර ගැබිණියන් දෙදෙනෙකු ...අවුරුදු 16 , අවුරුදු 14 කි.

රැඳවුම් නිවාසයකින් පැන ආ බව කියන බාල වයස්කාර ගැබිණියන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Monday, March 17, 2014

මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ....මං අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙනිච්චෙ නෑ

පිරිමියෙක් දෙවතාවක් උපදිනවා කියල කියමනක් තියෙනවා. පළමුව මවගේ කුසයෙන්, දෙවනුව බිරිඳගෙන්. මං දෙවැනි වරට ඉපදුනේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඇය නොලැබෙන්න පාලිත පෙරේරා කියන මේ මනුස්සයා හමුනොවෙන්න ඉඩ තිබුණා.

ඇය විද්‍යාව හැදෑරුවත්, ඉංශ්‍රීසි පරිසරයක හැදී වැඩුණත් උසස් රසඥතාවක් තිබූ යුවතියක්. පිස්සෙක් වගේ හිටපු මාව නියම ට්‍රැක් එකට දැම්මේ ඇයයි. මං මේවට අකමැතියි ඒවා කරන්න එපා! කියල ඇය මට කෙළින්ම කිව්වා. මාව හැදුවා. ඇය මුලදි ගම්පහ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබුවෙ ඉහළගම ඉඳල. ඇය, “වොලිබෝල් සිරා’ යනුවෙන් ප්‍රකට වොලිබෝල් ශූර සිරිවර්ධනගෙ පුංචි අම්මගෙ දියණියයි.
ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා

“මගේ ආදරණීය පුතු දකින්නට ස්විට්සර්ලන්තයට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා”

සාපේක්ෂතාවාදය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා වූ ගණිතමය ක්‍රියාදාමය අතිශය සංකීර්ණ වූවක්. කෙසේ වුවත්, අයින්ස්ටයින් හොඳම භෞතික විද්‍යාඥයාත් හිල්බට් හොඳම ගණිතඥයාත් කරමින් එය සම්පූර්ණ වෙමින් තිබුණා. 1915 ඔක්තෝබරය වන විට අයින්ස්ටයින් බර්ලිනයේ ප්‍රසියානු විද්‍යා ඇකඩමියේ දේශන පවත්වමින් සිටියා. එක දිගට බ්‍රහස්පතින්දා හතරක්ම ඔහු ඒ සඳහා ගත කළේ, සිය දරුවන් සමඟ යළි එක්වීමේ අරගලයක ද යෙදෙන අතරයි.



මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප‍්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු....

ප‍්‍රවීන චිත‍්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. දීර්ඝ කාලයක සිට මර්සි එදිරිසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ගනු ලැබුවා. 1964 වසරේ නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරඹූ මර්සි එදිරිසිංහ 1967 වසරේදී වේදිකා නාට්‍යය කලාවට අවතීර්ණ වුණා.මිය ගිය මර්සි එදිරිසිංහ ගේ  අවසන් පුවත්පත්  සාකච්ඡාවන්  දෙකක්.....

පහළ ඌව ජන දිවි පෙවෙත හා හේන් ගොවිතැන

අතීත ලක්‌දිව විසි දහස්‌ රට යනුවෙන් හැඳින්වුණු ඌව පළාත ගොවිතැන් බතින් සශ්‍රීක වූ නොකම්මැලි දිරිය මිනිසුන් වෙසෙන ප්‍රදේශයක්‌ ලෙස අදටත් ප්‍රසිද්ධියක්‌ උසුලයි. හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන මෙහි වෙසෙන ජනතාවගේ මූලික ජීවනෝපාය මාර්ගයක්‌ වූ අතර පසුකාලීනව සිදු වූ විවිධ කාලගුණික, දේශගුණික විපර්යාසයන් හා ආර්ථික, සාමාජීය කරුණු කාරනා හේතුවෙන් මෙම ජීවනෝපාය මාර්ගයන් වෙනස්‌වන්නට විය. අද වන විට ඉහළ ඌව ලෙස සැලකෙන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ එළවලු වගාව ප්‍රකට ගොවිතැන් මාර්ගය වී ඇති අතර පහළ ඌව ලෙස සැලකෙන මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ තවමත් පෙර පරිදිම හේන් ගොවිතැන් හා කුඹුරු ගොවිතැන් කරනු දැකිය හැකිය.

Sunday, March 16, 2014

සිසිරගෙ තරම් ලස්‌සන හදවතක්‌ වෙන කාටවත් නැහැ.. - ඉන්ද‍්‍රානී විජේබණ්ඩාර

පොඩිපුතා චිත‍්‍රපටයෙන් ගායන ලොවට පිවිසි නවක ගායකයා වූ සිසිර සේනාරත්න සමග එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත් වූ මොහොත අදත් මැවී පෙනෙයි. මගේ පළමු ගුවන් ගමනද එයයි. ගමන අරඹා මඳ වෙලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඞ් පතක්‌ ලැබිණි. මෙය පිරවීමට මගේ දැනුම මඳ නිසා අසල සිටි සිසිර සේනාරත්නගේ සහාය පැතීමි. නිහතමානීව ඔහු එය ඉටුකර දුන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.