ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 4, 2014

මේ නිමිත්තෙන් අද ඔබට ඉතා දුර්ලභ සිනමා සටහනක් ...!!! එදා අපේ ජාතික නිදහස් දිනය 1948 පැවති අයුරු...!!!

66 වැනි ජාතික නිදහස්‌ උළෙල
අභිමානවත් ලෙස අද මුළුදෙන වගයි....







නොඅනුමානව ඔබ මෙම දර්ශණ දැක නොමැතිව ඇති ...මේ අපේ රටේ නිදහස් උත්සවය පැවති අයුරු සහ මහරැජිනගේ සම්ප්‍රාප්තිය ...එදා අද මෙන් රූපවාහිණී නාලිකා නොතිබූ යුගයෙක සිනමා කැමරා අතළොස්සක සටහන්වී තිබූ සටහන් අද බොහෝමයක් විනාශවී ගොස්‍ ය .තිබෙන්නාවූ සීමිත පිටපත් අතරින් අප සොයාගත් දර්ශණ මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු.. 



  1948 ප්‍රථම "නිදහස්‌ උත්සවය" ගැන ඇසූ රස කථාවක්‌ මෙහිදී මතක්‌ කළ යුතුය. පළමුවෙන්ම ජාතික ගීය වාදනයකර ජාතික කොඩිය එසවීමේ වේලාව යෙදී තිබුණේ මධ්‍යාහ්නයේදීය. එකල රූපවාහිනී නොතිබූ හෙයින් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්‌වී විස්‌තර ශ්‍රවණය කරන්නට පුල පුලා බලා සිටියහ. "රේඩියෝ සිලෝන්" ආයතනයේ ඔර්ලෝසුවේ නියමිත වේලාව වැදෙනු ඔවුහු අසා සිටියහ. එහෙත් ඉන්පසු ශබ්දයක්‌ නැත. නොඉවසිලිමත් ශ්‍රාවකයෝ විදුලිය විසන්ධිවීමක්‌ හෝ වෙනත් ආබාධයක්‌ දැයි බොත්තම් ඔබා බලන්නටද වූහ. උන්හිටිගමන් සුද්දෙක්‌ බෙරිහන් දුන්නේය.

"වෙයාර් ඉස්‌ දිස්‌ බලැඩි රෙකෝඩ්".

ඊනියා නිදහස්‌ උත්සවයේ ජාතික ගී තැටිය භාරව සිටියේත් සුද්දෙකි. එදා ප්‍රථමයෙන්ම නැකතට අපට ඇසුනේ "මළ ඉලව්ව" හෙවත් "බ්ලැඩි" යන වචනයයි.

 
නිදහස අර්ථවත් වී නැද්ද....?

1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමද ප්‍රශ්නයකි. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක්‌ අවශ්‍ය විය. මේ පනත සකස්‌ කිරීමට දායක වූ අයිවර් ජෙනිංග්ස්‌ ඩී. එස්‌. සේනානායකගේ අනුශාසකයා විය. හිතවත් ගුරුවරයාට ඩී. එස්‌. තුළ වූ භක්‌තිය නිසාම ජෙනිංග්ස්‌ ගේ බිරිය ගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්‌. ය. මේ දිනය "ඊනියා නිදහස" ලැබුණ දිනයද නොවේ. ඇගේ උපන් දිනයද අපට වැදගත් නොවේ. පෙබරවාරි 04 වෙනුවට මැයි 22 යොදා ගැනීමෙන් මෙතෙක්‌ නොවූ විරූ ජාතික පුබුදුවක්‌ ඇතිවේ. එසේ වන්නේ සුද්දන් විසින් විකෘති කළ අපේ ඉතිහාසය යළි සොයා බැලීමට ජනතාව පෙළඹෙන නිසාය.

ශ්‍රී ලංකාවට "නිදහසක්‌" ලබාදීමට 1948 දී ඉංග්‍රීසීහු අදහස්‌ කළහ. වෙනත් සියලු යුරෝපීය ජාතීන් අභිභවා සාගර ආධිපත්‍ය මගින් ලෝක ආධිපත්‍ය ලබා ගෙන සිටි ඉංග්‍රීසින්ගේ බල පරිහානිය මේ වන විට ආරම්භ වෙමින් පැවතිණි. ඉන්දියානුවෝ ජීවිත පරිත්‍යාග කරමින් ඉංග්‍රීසීන්ට විරුද්ධව මහසටනක්‌ ගෙන ගිය නිසා 1947 දී ඉන්දියාව අතහැර යැමට ඉංග්‍රීසීන්ට සිදුවිය. උඩුකය නොවැසූ නිසා පමණක්‌ "අර්ධනිර්වස්‌ත්‍රයන්" හෙවත් "හාµa නේකඩ් පකීර්" ලා ලෙස තමන් විසින් සැලකූ ඉන්දියානුවෝ තමන්ට විරුද්ධව මේසා බලවත් අරගලයක්‌ කර තමන්ට හකුලා ගෙන යැමට කටයුතු කිරීම හිරු නොබසින අධිරාජ්‍යයට මහත් අවමානයක්‌ විය. එංගලන්තයේ අධ්‍යාපනයක්‌ ලබාදුන්නත් ගාන්ධිලා "හිස්‌ මාස්‌ටර්ස්‌ වොයිස්‌" වූයේ නැත. තමන්ට ලැදි සුවච කීකරු ගෝලයන් ඉන්දියාවෙන් බිහි කිරීමට එංගලන්ත අධ්‍යාපනයද, වෙනත් වරප්‍රසාද ද සමත් නොවීය. ප්‍රාදේශීය පාලකයන් පන්සිය ගණනක්‌ නෙරපා තමන් විසින් එක පාලනයකට යටත් කළ භාරතය මේ නිසා දෙකට කඩා භේද භින්න කර අතහැර දමා ඉංග්‍රීසීන් යන්නට ගියේ හිතේ අමාරුවටය, යන යකා ගියේ කොරහත් බිඳගෙනය.

ඉන්දියාවෙන් පාඩම් ඉගෙනගත් ඉංග්‍රීසීහු අරගලයක්‌ නැතත් ලංකාවේද නිදහස අපේක්‍ෂා කරන අය සිටින බව දැනසිටි නිසාත් 1818 හා 1848 වැනි විමුක්‌ති අරගලවල බරපතළකම ගැන දැන සිටි නිසාත් තමන්ට හිතවත් ගෝලබාලයන් අතට ලංකාවේ සීමිත පාලන බලයක්‌ ලබාදීම වඩාත් මැනවැයි අදහස්‌ කළහ. ඉන්දියාවේ කදාර් රෙදිවලින් සැරසුන හාµa නේකඩ් පකීර්ලා වෙනුවට ටොප්හැට්‌ ටේල් කෝට්‌ හැඳ ගත් නියම අනුකාරකවාදී කළු සුද්දන් ලංකාවේ සිටීම ඉංග්‍රීසින්ට වාසියක්‌ විය. තමන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්දියාවෙන් ගෙන එන ලද, පසුකාලයේ දී ප්‍රභූ පන්තියක්‌ බවට පත්වූ වෙල්ලාල කම්කරුවෝ සිංහල කළු සුද්දන්ටත් වඩා ඉංග්‍රීසීන්ට පක්‍ෂපාත වීම ඉංග්‍රීසීන්ට විශේෂ වාසියක්‌ විය. මෙසේ කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද වෙල්ලාල ප්‍රභූ පැළැන්තිය ඇමරිකානු මිෂනාරීන් විසින් දෙනලද ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා සිංහල ප්‍රභූන්ට වඩා ඉංග්‍රීසීන්ට සමීපව සිටියහ. ගරු ගාම්භීර ලෙස ඉංග්‍රීසියෙන් පෙත්සමක්‌ ලියා ගැනීමටත් රාමනාදන්ලා නැතිව බැරි තත්ත්වයකට සිංහලයෝ පත්වී සිටියහ. ඊ. ඩබ්ලිව්. පෙරේරා එංගලන්තයට රහසින් ගෙන ගියේ රාමනාදන් විසින් සකස්‌ කළ ලියෑවිල්ලය.

ලෝක දේශපාලනයේ එන පොට හොඳනැති බව තේරුම් ගත් නිසාම "ඉල්ලුවොත් දෙනබවට" ඉංග්‍රීසීන් විසින් කරන ඉඟිය අනුව ලාංකික ප්‍රභූවරුන් නිදහස ඉල්ලා කළ කාරුණික ආයාචනය අනුව 1948 දී ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලංකාවට ප්‍රදානය කරන ලදී. ඉංග්‍රීසි බස, සිරිත් විරිත් හා ඇඳුම් පැළඳුම් අතහැර ගාන්ධිලා මෙන් නොහැසිරේ යයි සිතෙන ලාංකිකයන්ට මේ නිදහස භුක්‌ති විඳීමේ භාරකාරකත්වය පැවරීමට යටත් විජිතවාදී ඉංග්‍රීසි කපටියා කටයුතු සැලසුම් කළේය.

නිකම් ලැබෙන අශ්වයාගේ දත් බලන්නේ මොකටදැයි සිතූ ලාංකික ප්‍රභූවරු දෙන දෙය භාරගෙන තෘප්තිමත් වූහ. ලැබෙන "නිදහසේ" අඩුපාඩු ගැන කිසිවක්‌ සාමාන්‍ය ජනතාවට නොදැන්වූහ. මේ ඩොමීනියන් නිදහස ලැබුණ 1948 සිට 1972 වනතුරුත් ලංකාවේ රජු වූයේ ඉංග්‍රීසි රජුය. ඉන්දියානුවෝ නම් පාලනය භාරගත් වහාම කළේ හින්දි භාෂාව රාජ්‍ය භාෂාව කර ඉන්දියානුවන්ට ඉංග්‍රීසීන් නිසා නැතිවී ගිය සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලනික අයිතීන් නැවත ලබාදීමට කටයුතු කිරීම වුවත් ලංකාවේ බලය ලත් අයට එවැනි දේ ගැන වගේ වගක්‌ නැති විය. ඔවුන් විසින් පුරසාරම් දොඩන "ලේ බිඳුවකුදු නොසොලවා" ලබාගත් මේ නිදහස වටින්නේ බලයලත් ලොක්‌කන් වන ඔවුන්ට ම මිස සොක්‌කන් වන අපට නොවේ.

තත්ත්වය මෙසේ වුවත්, අනගාරික ධර්මපාලතුමා විසින් ජාතියට දෙන ලද නිවහල් චින්තනය අළුයට ගිනි පුපුරුමෙන් විටින් විට ඇවිලෙමින් නොනිමී පැවතිණි. විද්‍යාලංකාර භික්‍ෂුන් හා තවත් ජාති හිතෛෂීහු නිසාම 1956 දී බණ්‌ඩාරනායක මහතාගෙන් සිංහලයාට තරමක සහනයක්‌ ලැබුණේය. රන්පවුම් වතු ජනසතුව හා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා අසරණව සිටි සිංහලයාගේ ආර්ථිකයත් අධ්‍යාපනයත් යම් තරමකට වර්ධනය විය. මෙසේ සිංහල උගතුන් බිහි වනවිට නිදහස්‌ චින්තනයද වඩ වඩා ප්‍රචලිත වන්නට විය. 1956 මේ අධ්‍යාපන පෙරළිය නොවන්නට කොටි ත්‍රස්‌වාදය මුලිනුපුටා දමන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිදා ජාති හිතෛෂී පරපුරක සහය ලැබෙන්නේ නැත. මේ පරපුරට එරෙහිව පවා කළු සුද්දොa අමන කතා කියූ හැටි කවුරුත් දනිති.

බණ්‌ඩාරනායක ඝාතනයෙන් මෙන්ම මහින්ද රාජපක්‍ෂ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව කළ සටන අවස්‌ථාවේත් සිංහලයන්ට ඉතා හොඳින්ම පැහැදිලිවූ කරුණක්‌ වූයේ 1948 සිටම ඉංග්‍රීසින්ට කත් අදිමින් සිටි කළු සුද්දොa තවමත් ඒ මගින් ඉවත්වී නැති බවය. එජාපයට විරුද්ධව සිරිමාවෝ ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් සභාග රජයට 1970 දී ආසන 157 න් 115 ක්‌ම ලැබුණේ මේ නිසාය, එහෙත් කළු සුද්දන් නැත්තටම නැති කිරීමට තරම් ක්‍රම වේදයක්‌ ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වූ ශ්‍රී ල.නි.ප.යට මේ වනතුරුත් නොතිබීම නිසා මෙවරද ලබාගත හැකිවූ ඡන්ද ප්‍රතිශතය එ.ජා.ප.යේ ප්‍රතිශතයට වඩා අඩුවිය. ශ්‍රී ල.නි.ප.යේ ප්‍රතිශතය 36.9% වූ අතර එ.ජා.ප.යේ ප්‍රතිශතය 37.9% විය. බුද්ධිමතුන්, උගතුන් හා දාර්ශනිකයන් වශයෙන් ප්‍රචාරය වූ මාක්‌ස්‌වාදීන්ද එකතුකර ගැනීමෙන් පමණක්‌ මේ ආසන ගණන ලබාගැනීමට හැකි විය.

1970 දී අගමැතිනිය වූ සිරිමාවෝ සිය සැමියාගේ දේශපාලන කටයුතුවලින් හා ජාතිකාභිමානී හැඟීම් වලින් පන්නරය ලැබූ කාන්තාවකි. සිය සැමියා නොමරා මැරූ මාක්‌ස්‌වාදීන්ගෙන්ද ප්‍රයෝජන ගෙන ඇය අපේ රට පූර්ණ ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට පත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියාය. ඇය පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළාය.

"යටත් විජිතවාදී යදම් බිඳ දැමූ ස්‌වාධීන සෛවරී ජාතියක්‌ වශයෙන් අප විසින්ම, අපේම ව්‍යවස්‌ථාවක්‌ සකසා ගැනීමට අපට ඇති අයිතිය අභියෝගාත්මකය".

මේ අදහස අනුව වසර 2 ක්‌ තුළ කරන ලද සාකච්ඡාවලින් පසුව 1972 මැයි 22 දින පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් නව රඟහලේ දී නව ව්‍යවස්‌ථාව අනුමත කරන ලදී.

1792 සිට 1948 අවසාන ව්‍යවස්‌ථාව දක්‌වා ඉංග්‍රීසීන් විසින් පැනවූ සියලු ව්‍යවස්‌ථාවන්ගේ ප්‍රධාන අරමුණ වූයේ බ්‍රිතාන්‍ය බලය තහවුරු කර බ්‍රිතාන්‍ය ආර්ථිකය තවදුරටත් ශක්‌තිමක්‌ කර ගැනීමය.

1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් යටත් විජිත පාලනය මුළුමනින්ම බිඳ දමා සත්‍ය වශයෙන්ම ලංකාව නිදහස්‌ රටක්‌ බවට පත්කරන ලදී. 1948 දී මෙන් නොව 1972 දී නැවතත් බුද්ධාගම ප්‍රමුඛත්වයෙන් හා පූජනීයත්වයෙන් සලකා සංඝයාට නැවත නිසිතැන හා නිසි ගෞරවය ලබා දෙන ලදී. සෝල්බරි ව්‍යවස්‌ථාවේ කිසි තැනක නොතිබුණ අන්දමේ මූලික අයිතිවාසිකම් රාශියක්‌ 1972 දී ලබාදෙන ලදී. රාජ්‍ය කුමන්ත්‍රණකාරයන් නිදහස්‌ කළ යටත් විජිත ප්‍රිවිකවුන්සිලයට අභියාචනා කිරීමට නොහැකිවන සේ අපේම ශ්‍රේෂ්ඨාධිකරණය අපේ ඉහළම උසාවිය බවට පත්කරන ලදී. මේ ව්‍යවස්‌ථාව අනුව බලතල බෙදීගියේ අගමැති හා ජනාධිපති අතරය.

අපි කුඩා කාලයේදී රජයේ නියමයෙන් "ජෝර්ඡ් මහරජාණන් වහන්සේට" ස්‌නොත්‍ර ගැයුවෙමු. ඒ නින්දා සහගත කාලය 1972 දී අවසන් විය. එහෙත් අගමැති හා ජනාධිපති අතර බෙදීගිය මේ බලතල 1988 දී ඡේ. ආර්. විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විධායක ජනාධිපතිවරයා වන තමන් වෙත පවරා ගන්නා ලදී. 1988 දී ජාති හිතෛෂීන් පරදවා නැවතත් 1948 බටහිර ගැනි චින්තනය රජ විය.

1948 සිට 1972 දක්‌වා වසර 25 ක පමණ කාලයක්‌ තිස්‌සේ එංගලන්තය හා ලංකාව යාකර තිබූ පෙකනිවැල කපා දමා රටට පූර්ණ නිදහස ලබාදුන් සිරිමාවෝ මැතිණිය කෙරෙහි කළු සුද්දන් තුළවූ බද්ධ වෛරය එළිවූයේ ඡේ. ආර්. ගෙන්ය. රටට පූර්ණ නිදහස ලබාදී, ජාති හිතෛශීන් පාලනයට පත්කර, ශ්‍රී පාදයත්, කතරගමත් අන්‍යාගමිකයන්ගෙන් බෞද්ධයන් වෙත ආපසු ලබාදී, රටට අනවශ්‍ය බරක්‌වූ ඉන්දීය වතුකම්කරුවන් ආපසු ඉන්දියාවට යෑවීමට කටයුතු කර, කච්චතිව් දූපතද ලංකාවට ලබාදුන්නාවූ සිරිමාවෝ මැතිණිය, එපමණකින් නොනැවතී සුද්දන් සහ කළු සුද්දන් විසින් අසරණ සිංහලයන්ගෙන් කොල්ලකාගත් ඉඩම් යළි ජනතාවට පවරාදීමටද කටයුතු කළාය. මේ සියලු ක්‍රියා පුණ්‍ය ක්‍රියා ලෙස ජාති හිතෛශීන් විසින් සැලකුවද ෙ-. ආර්. ප්‍රමුඛ බටහිර ගැති කල්ලිය කෝපයෙන් වියරු වැටී ගියහ. තම ස්‌වාමීන් වූ ඉංග්‍රීසීන් ට එරෙහි වූ මේ කාන්තාවගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමට තරම් මොවුන්ගේ වෛරය බලවත් විය.

මේ රටේ ජාතිකත්වයේ ප්‍රබලම පක්‍ෂය ශ්‍රී ල.නි.ප. යයි. මේ පක්‍ෂයේ මෙතෙක්‌ සිටි ප්‍රබලම නායකයා මහින්ද රාජපක්‍ෂයි. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී ඔහු හොඳින්ම දුටු කාරණයක්‌ වූයේ යටත් විජිතවාදීන් තවමත් අපට කෙනෙහිලිකම් කිරීම නවතා නැතිබවය. ගැහැනියක්‌ වුවද අභීතව කටයුතු කළ සිරිමාවෝ 1972 දී ජනරජ ව්‍යවස්‌ථාව අනුමතකර 1948 ව්‍යවස්‌ථාව අහෝසි නොකළේනම් මහින්ද රාජපක්‍ෂගේ නඩුව අහන්නේ ප්‍රිවි කවුන්සිලයයි. මහින්ද බේරුණේ සිරිමාවෝ නිසාය. අපේම ව්‍යවස්‌ථාවක්‌ යටතේ වුවද බටහිර ගැත්තන් ඒ තුළින්ද රිංගා ගොස්‌ ජාතිකත්වයට වින කිරීමට ගත් උත්සාහය දිවි නැඟුම පනත අවස්‌ථාවේ දැක ගත හැකි විය. ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කිරීමේ හෝ ලංකා රජයේ තීරණ විනිශ්චය කිරීමේ හැකියාව තිබුණේ නම් කුමක්‌ විය හැකිව තිබිණිද?

1948 නිදහස සැමරීම සඳහා පෙබරවාරි 04 තෝරා ගැනීමද ප්‍රශ්නයකි. එදා ඔවුන්ට මේ සඳහා කිසියම් දිනයක්‌ අවශ්‍ය විය. මේ පනත සකස්‌ කිරීමට දායක වූ අයිව ජෙනිංග්ස්‌, ඩී. එස්‌. සේනානායකගේ අනුශාසකයා විය. හිතවත් ගුරුවරයාට ඩී. එස්‌. තුළ වූ භක්‌තිය නිසාම ජෙනිංග්ස්‌ ගේ බිරිය ගේ උපන්දිනය වන පෙබරවාරි 04 දින මේ සඳහා යොදමු යයි යෝජනා කළේ ඩී. එස්‌. ය. මේ දිනය "ඊනියා නිදහස" ලැබුණ දිනයද නොවේ. ඇගේ උපන් දිනයද අපට වැදගත් නොවේ. පෙබරවාරි 04 වෙනුවට මැයි 22 යොදා ගැනීමෙන් මෙතෙක්‌ නොවූ විරූ ජාතික පුබුදුවක්‌ ඇතිවේ. එසේ වන්නේ සුද්දන් විසින් විකෘති කළ අපේ ඉතිහාසය යළි සොයා බැලීමට ජනතාව පෙලඹෙන නිසාය. විකෘති කළ සිංහලේ වංශකථාව යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා මේ දිනවල විද්වත්හු ගන්නා උත්සාහයට අප පින්දිය යුතුය. ජනතාව ප්‍රකෘති ඉතිහාසය දැනගන්නා තරමට කළු සුද්දොa ප්‍රතික්‍ෂේප වනු ඇත.

කළයුතුම වුවත් තේසවලමෙයි නීතිය අහෝසි කිරීම, පළාත් සභා සහ 13 අහෝසි කිරීම අවදානම් යයි කියා පස්‌සට දැම්මත් මැයි 22 නිදහස්‌ දිනය වශයෙන් නම් කිරීම හා සැමරීම සඳහා මෙවන් බලගතු ජනාධිපතිවරයෙක්‌ දෙවරක්‌ සිතිය යුතු නැත. සිරිමාවෝට කළ දේ කරන්නට තරම් හයියක්‌ දැන් කළු සුද්දන්ට නැත. සිරිමාවෝ සිටියා නම් එය මෙලහටක්‌ සිදුවී හමාරය. වරක්‌ පසුබැස්‌සද  ෆිලික්‌ස්‌ ලවා තේසවලමෙයි අහෝසි කිරීමට ද ඇය උත්සාහ කළාය. දැන් මහින්දගේ වාරයයි. අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු තබා සිටිමු.

ලිපිය අවසන් කිරීමට පෙර, 1948 ප්‍රථම "නිදහස්‌ උත්සවය" ගැන ඇසූ රස කථාවක්‌ මෙහිදී මතක්‌ කළ යුතුය. පළමුවෙන්ම ජාතික ගීය වාදනයකර ජාතික කොඩිය එසවීමේ වේලාව යෙදී තිබුණේ මධ්‍යාහ්නයේදීය. එකල රූපවාහිනී නොතිබූ හෙයින් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්‌වී විස්‌තර ශ්‍රවණය කරන්නට පුල පුලා බලා සිටියහ. "රේඩියෝ සිලෝන්" ආයතනයේ ඔර්ලෝසුවේ නියමිත වේලාව වැදෙනු ඔවුහු අසා සිටියහ. එහෙත් ඉන්පසු ශබ්දයක්‌ නැත. නොඉවසිලිමත් ශ්‍රාවකයෝ විදුලිය විසන්ධිවීමක්‌ හෝ වෙනත් ආබාධයක්‌ දැයි බොත්තම් ඔබා බලන්නටද වූහ. උන්හිටිගමන් සුද්දෙක්‌ බෙරිහන් දුන්නේය.

"වෙයාර් ඉස්‌ දිස්‌ බලැඩි රෙකෝඩ්".

ඊනියා නිදහස්‌ උත්සවයේ ජාතික ගී තැටිය භාරව සිටියේත් සුද්දෙකි. එදා ප්‍රථමයෙන්ම නැකතට අපට ඇසුනේ "මළ ඉලව්ව" හෙවත් "බ්ලැඩි" යන වචනයයි.

කණු කළ සතෙක්‌ කෙරුවා යයි දිගේ ලි
සැණකෙළි කෙළින එකටයි මේ ආඩප ලි
තෙමඟුල සිදුව අප යළි ඉපදුන වෙස ඟේ
උපන් ජනරජය සැමරුම හරිම අ ගේ

ධර්මසිරි සෙනෙවිරත්න
ඇමරිකාව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.