ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 28, 2014

මිනිසුන් කන දෙයට වස මුසු කරනා කාළකණ්නී වසලයන්...


පරණ පාන් කුඩුවලින් මිරිස්‌ හා කහ කුඩු හදලා
ලක්‍ෂ 30 ක බඩු ආමර් වීදියෙන් අත්අඩංගුවට

මිරිස්‌ සහ කහ කුඩු නිෂ්පාදනය කිරීමට මෙම පරණ පාන් කුඩු යොදාගෙන තිබූ බව ද ඒවා ඩයි වර්ග මගින් වර්ණ ගන්වා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබූ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

කොටි නායකයන්ගේ මානව හිමිකම් ගැන පිල්ලේ ප්‍රශ්න කරයි...


ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් නැගෙනහිර කොටි හමුදා නායක රමේෂ් කොටි රූපවාහිනියේ නිවේදිකා ඉසිප්‍රියා සහ කොටි හමුදා නායකයන්ගේ මානව හිමිකම් පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ  ප්‍රකාශයට පත්කළ පිටු 18 ක වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කර ඇත.

අපේ යක් බෙරය සහ බෙර


තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි.
දෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහ. බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයි.
එකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?
තගළිම් රැළ බෙර තම්මැට පං තත්තිරි ඹමුරූ
තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ සුසිරූ
බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ සොදුරූ
මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු අයුරූ
(තිසර සන්දෙශය)

Thursday, February 27, 2014

විශ‍්‍රාම ගත් දිනයේම නිල නිවස බාර දුන් එකම ගුවන් හමුදාපතිවරයා....

ධුරයෙන් විශ‍්‍රාම ගත් දිනයේම නිල නිවස බාර දුන් එකම ගුවන් හමුදාපතිවරයා හර්ෂ අබේවික‍්‍රම මහතා බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අද දිනයේ විශ‍්‍රාම යයි.

පන්සිල් කඩන රටේ බණ අහන මුවදෙනක්

ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සිය විහාරස්ථානයට දිනපතා මුවදෙනක් පැමිණෙන බව පොලොන්නරුව පුලස්තිගම ශ්‍රී සංඛ බිම්බාරාමාධිපති ද්වීතීය අධිකරණ සංඝනායක යටිහලගට උපතිස්ස හිමියෝ පවසති.
එසේ ධර්ම දේශණය අසා සිටීමට පැමිණි මුවදෙන කැමරා කාචයට අසුවූයේ මෙසේය.


Wednesday, February 26, 2014

ජනාධිපති, ප‍්‍රභාකරන්ට පැන යන්න ඉඩ දුන්නා.. ඒත් මං ගැහුවා – ෆොන්සේකා

යුද්දයේ අවසන් දින කිහිපයේ දින දෙකක සටන් විරාමයක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ කොටි නායක ප‍්‍රභාකරන්ට පැනයන්න යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා පවසයි.

Tuesday, February 25, 2014

”එහෙමයි දේවයන් වහන්ස.”රජතුමකුට හිනා වූ උගතා

කවුද ඒ? මා මෙතැනට එනවාත් සමඟ ම හිනාවෙලා හහ් හහ් ගාලා ඈත් වෙලා ගිය මනුස්සයා?” රජතුමා පුරෝහිතයාගෙන් ඇසී ය. පුරෝහිතයා ඔහු කවුරුන් දැයි දැන සිටියේ ආරංචි මාත‍්‍ර මඟිනි.
”මේ රටේ ඉන්න උගතෙක්.” පුරෝහිතයා කී ය.
”උගතකු නම් මම එනකොට මොකද යන්නේ හිනා වෙලා. ඇයි මට බයෙන් ද?”
”ඒක නම් දේවයන් වහන්ස කියන්නට අමාරුයි.”
”වෙන මොනව ද ඒ මනුස්සයා ගැන දන්නේ?”

ප්‍රංශයේ " දුවිල් " ආසියානු සිනමා උළෙලට ලංකාවෙන් මාලනී


ආසියානු සිනමාව ඇගයීමට ලක් කෙරෙන යුරෝපයේ ප්‍රමුඛතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ "දුවිල් " සිනමා උළෙල මාර්තු 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැත්වේ . 16 වෙනි වරට මෙවර පැවැත්වෙන සිනමා උළෙල සදහා ඇරයුම් ලැබූ විශේෂිත ආරාධිතයන් අතර සම්මානනීය නිලි මාලනී ෆොන්සේකාද වෙයි .

Sunday, February 23, 2014

"ඔයා ඉතින් එන්නෙම මහත්තය එක්කනේ ... ඇයි ඉතින් තනියම එන්න බැරි ...


ලිංගික අල්ලස් නැතුව ගීත ප්‍රචාරය වෙන්නේ වත්, සංදර්ශන වලට ආරාධනා ලැබෙන්නේ වත් නෑ- සංජීවනී වීරසිංහ
ගුවන්විදුලි නාලිකාවකින් ගීතයක් ප්‍රචාරය කරගැනීමට ගායකයෙකු නම් මුදල්ද, ගායිකාවක නම් තම ආත්මයද පාවා දිය යුතු බව අනූව දශකයේ ජනප්‍රිය ගායිකාවක වූ සංජීවනී වීරසිංහ පවසනවා.

Saturday, February 22, 2014

ඔබ අගෙයි ළදේ හෙට අදටත් වඩා මට....

  ඔහු තමාට ආදරය නොකොට අනුන්ට ආදරය කළ මිනිසෙකි. සාමාන්‍ය මිනිසකු සේ ජනතාව අතර සැරි සැරූ චරිතයකි. ඔහුව අනුකරණය කිරීම කිසිවකුට කළ නොහැකි ය. ඔහු අනුහස් සහිත මිනිසෙකි. ඒ නිසා ම ගීතයට වඩා ඔහු ගැන සඳහන් කිරීම ගැන ඔබ මට සමාව දෙනු ඇතැයි මම සිතමි. ඔහු ගීතය නැමැති වියළුණු තඩාගයක මල් පුබුදවීය. ජෝතිපාල ගැයූ නිසා ම ජනපි‍්‍රය වූ ගීත ද විශාල ප්‍රමාණයක් පවතී.


පක්‍ෂග්‍රාහී නවිපිල්ලේ....

නවිපිල්ලේගේ නූල් සූත්තරයක්‌ හෙළිවෙයි...
 ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාව කෙටුම්පත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මහත්මිය දායක වී ඇතැයි ශ්‍රී ලංකා රජයට හෙළිවී ඇත.

රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි කැනඩා දෙමළ කොංග්‍රසයට බර වන්දියක්



කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්‍රකාශයකින් කැනඩාවේ දෙමළ කොංග්‍රසයට  එරෙහි කැනඩාවේ ඔන්ටේරියෝ උපරිමාධිකරණය  කැනඩා ඩොලර් පනස්  තුන්දහසක් (රුපියල් හැටතුන්ලක්ෂ තිස්දහසක් ) වන්දි  හා නඩු ගාස්තු ගෙවන ලෙස ගුණරත්නට  නියම කළේය.

ඈත සිට මතුරා මිනිසුන් බිම දැමූ දිගාමඩුල්ලේ පැරැණියෝ

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දී බොහෝ සෙයින් ප‍්‍රසිද්ධව ඇති සටන් කලාවක් වනුයේ අංගම් පොරයි. ඈත අතීතයේ සිට පැවත එන මේ සටන් කලාව අමුතුම පන්නයේ එකකි. මේ සටන් කලාව වඩාත් ප‍්‍රසිද්ධියට පත්වෙන්නට පටන් ගත්තේ මීට වසර ගණනකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ”දඬුබස්නාමානය” නම් ටෙලි නාට්‍යය සමගිනි. ටෙලිනාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කරමින් ප‍්‍රවීන කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින් එය නිර්මාණය කෙරිණි.

Friday, February 21, 2014

පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ....ජේ. කි‍්‍රෂ්ණමූර්ති

ඒවා කිසියම් සතුටුදායක තත්ත්වයකට පත් කර ගැනීමට ය. එහෙත් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයකින් යුතු ව නොසිටින තෙක් අප නිර්මාණය කර ගන්නේ තව තවත් අවුල් වියවුල් හා සෝ තැවුල් පමණකි. පූජකවරුන්, යතිවරුන්, පල්ලි, පන්සල් හා නොයෙකුත් දෘෂ්ටිගත විශ්වාසයන් යන මේ කිසිවක් ආගම නො වේ.


ගාණක් කියා ගන්න බැරි මෝල් ඇමතිවරු....ඇත්ත හෙළිවෙයි...


ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.

දීපියව් තොපේ ඡන්දෙ අපිට....

ලන්සා හා බුද්ධදාස මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පෙරමුණට.... 
 ඒවා අතර පුද්ගල පහරදීම් හා රජයේ දේපල අනිසි භාවිතය පිලිබද පැමිණිලි වැඩි වී තිබේ.
දකුණු හා බස්නාහිර පලාත් සභා මැතිවරණය උණුසුම් වෙමින් පවතින මේ මොහොතේ කැෆේ සංවිධානයට හා පැෆ්රල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංගනය කිරීම් රැසක් පිලිබද පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය වෙත ලැබෙන පැමිණිලි සීමා කිරීමකට ලක් වී ඇති බවත් වාර්තා වේ. 

තඹුත්තේගම උල්කාපාතයෙත් පිටසක්වල ජීවීන්...




පොළොන්නරුව අරලගංවිල උල්කාවට වසරකට පමණ පසු අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට පසුගිය දෙසැම්බර් 08 වනදා වැටුණු උල්කා කැබලි වලින්ද විශ්වීය ජීව සාධක රැසක් සොයාගෙන ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

විකට නම් පට බැඳීමෙහිලා සිංහලයෝ අති දක්ෂයෝ ය.

සුද්දන් විසින් දකිනු ලැබූ සිංහලයන් කව්ද යන්න නොමැකෙන පියසටහන් මෙවරත් සටහන් තබයි.



මේරටේ මිනිස්සු මැරෙන්නට බොහෝ අකමැත්තෝය. බිය ඇත්තෝය. ලෙඩ වූ විට යකුන්හට කරන අනේක විධ බලි බිලි හා පුද කංකාරිවලින්, එය දත හැකිය.”
රොබට් නොක්ස් අපේ රටේ වැසියන් දුටු තවත් විදියකි ඒ. ලෙඩ වූ විට ගැමියන් එවැනි දෑ කළ බව සැබෑවකි. එහෙත් සමස්තයක් ලෙස ගෙන බැලූ කල්හි සිංහලයෝ මැරෙන්නට බිය ඇත්තෝ නොවෙති. වීර මද්දුම බණ්ඩාර චරිතයම ඊට කදිම නිදසුනකි. ඒ හැරුණු විට රට දැය වෙනුවෙන් දිවි පුදා කටයුතුª කළ අභීත සිංහලයෝ එදත් අදත් මේ පොළොව මත සිටියහ, සිටින්නාහ.

Thursday, February 20, 2014

ඉතාලියේ මෙසිනා නගරය බිය කල ලාංකික පාතාල කල්ලිය

ඉතාලියේ සිසිලි දුපතේ මෙස්සිනා  නගරයේදී සිදු කල විශේෂ මෙහෙයුමකින්  ශ්‍රීලාංකික දාමරික කල්ලියක් අත් අඩංගුවට ගැනීමට  අද උදෑසන පොලිසිය සමත් විය .

කුංකුණාවේ හාමුදුරුවෝ

නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි නාථ දේවාලයට බරවී තිබුණේ ඒ සමීපයේ පිහිටි සුවිසල් බෝ රුකක අත්තකි. නාථ දේවාලයේ වහළයට ආපදාවක් සිදුවන්නට පෙර මේ බෝ අත්ත කපා දමා ඉවත් කළ යුතුය. එහෙත් බෝ අත්ත කපා දැමීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. රාජාධිරාජසිංහ (1780 – 1798) රජතුමා මැදිහත් වුවද බෝ අත්ත කපා දැමීමෙන් මහත් පාපයක් ද වස් වැදීමට ද ඉඩ ඇති බවක් කියැවීමෙන් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවිණි. බෝ අත්ත දෙස බලා සිටි පිරිස අතරට එක්වූයේ එක් හිමිනමකි.

Wednesday, February 19, 2014

වනාතමුල්ලේ පැහැරගැනීමට ලක්වූ සුනිල් කියන කතාව ...

වනාතමුල්ල නිවාස අර්බුදය හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ අතර එහිදී එයට විරුද්ධ හඬක් නැගු එම පුදේශයේ ජීවත්වන සමරධීර සුනිල් නැමැත්තා පැහැරගනීමකටද ලක්විය. 

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) වනාතමුල්ල, 45 වත්ත, ප්‍රජාශාලාව අසලදී පැවැත්වීය. එහිදී පැහැරගැනීමට ලක්වූ සමරධීර සුනිල් නැමැත්තා සම්පූර්ණ සිද්ධිය පැහැදිලි කරන ලද අතර වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු - සුනිල් වටගල මහතාද මතුවී තිබෙන තත්වය පැහැදිලි කළේය. 

Tuesday, February 18, 2014

සර්වජන වශී රාජයා "වජ්‍රා" නාමල්ටත්







ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.පියාගෙන් පුතුට උරුමය

Sunday, February 16, 2014

කුඩ්ඩා පසුබා පළා ගිය වගයි....

වනාතමුල්ලේ සුනිල් පැහැරගෙන යෑමට එරෙහිව වනාතේ සහෝදර ජනයා එකාවන්ව පාරට බැස්සෝ ය. ජනතාවගේ දුක් ගැනවිල්ල සමග එක්වන්නට එම ස්ථානයට කොළඹ එජාප මන්ත්‍රී රවි කරුණානායක ගියේය. ජනයා ඔහු වටකරගෙන දුක කීවෝය. රවි අනුර සේනානායක සමගද හැප්පුනේ ය. එම ස්ථානයට ජවිපෙ ලාල්කාන්ත නීතිඥ වටගල ඇතුළු කණ්ඩයමක්ද ගියහ. ජනතාව ඔවුන්වද පිලිගෙන දුක කීවෝය. මේ අතරවාරයේ සියළු පැහැරගැනීම් සිදුකරන  දුමින්ද සිල්වා හෙවත් කුඩු දුමියාද බොඩි ගාඩ්ලා පිරිවරාගෙන එම ස්ථානයට ගියේ ය.


විජය දඩයම ගැන මගේ සටහන....සුදේශ් කරුණාතිලක...


විජේ මහත්තයා ට වෙඩි තියලා....ඉස්කෝලේ ඇරුණු ගමන් එළියට එන මොහොතේදී පාසල් ගේට්ටුව අසල සිටියෙක් තවකෙකුට කියනු යාන්තමට ඇසුණි.

එකල වෙඩි තැබීම, බෝම්බ ගැසීම, මරා දැමීම සාමාන්‍ය එදිනෙදා කටයුත්තක් වූ හින්දා එය ගණන් නොගෙන හ
නි හනිකට 'කුමරි' පුවත් පත් කාර්යාලයට යන්නට 176 බස් රථයට ගොඩවුනේ මා පුවත් පත වෙනුවෙන් සතිපතා සංස්කරණය කළ 'බුද්ධි මෙහෙවර' අතිරේකයේ පිටු සැලසුම් කටයුතු නිම නොවී තිබුණු බැවිනි.

වසර 1986 පෙබරවාරි 16 'විජයට වෙඩි තියන්නේ ඇයි...?"


අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි
....විජයට වෙඩි තැබූ තුවක්‌කුව එවකට එජාප මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේට අයත් බව පරීක්‍ෂණවලදී හෙළි විය. එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔහුගෙන් කොල්ලකනු ලැබූවකි. පසුව පොලිස්‌ අත්අඩංගුවට පත් ලයනල් රණසිංහ අදටත් ආගිය අතක්‌ නැති අතර පිටරටක ජීවත්වන බව විශ්වාස කෙරේ. කෙසේ වුවද 1988 පෙබරවාරි 15 වැනිදා එවකට පැවැති එජාප රජයේ රූපවාහිනිය මගින් විජය නොකී කතාවක්‌ කී බව ප්‍රචාරය කළේ ඇයිද යන්න අදටත් ප්‍රශ්නයකි. එහි අරමුණ වූයේ විජයගේ මරණය ඉක්‌මන් කිරීමද....?

තවත් ගැහැණියකට අත් වූ ඉරණමක කතාවක්‌....

ගස්‌ නැග දර කපා දරුවන් ජීවත් කරවන බඩදරු අම්මා...

දරු ගැබට මාස අටයි...

මෙය ඉතා දුක්ඛ  දායක  ඉරණමකී...දරුවන්  පස් දෙනෙකුට  වැඩිනම්   ඔවුන්ට  විවිධ  සහනාධාර  තමුන් ලබා දෙන්නේ යැයි  මහා ජන ප්‍රසිද්ධියක් ගත් පැවිදි පිරිස් ද  සිටිනා  කාළ වකවානුවෙක  මෙවන් කාන්තාවකට, මවකට අත්වී ඇති ඉරණමයි  මේ..මහා ජාති මාමක කථා බස් දොඩවමින්  මිනිසුන්ගේ අවධානය දිනා ගන්නවාට වඩා  ප්‍රායෝගික ලෙසින් මෙම ඇත්තිය හට උපකාර කිරීම වටී....
දරුවෙකු පිළිසිඳ ගැනීම එම කාන්තාවට පමණක්‌ නොව මුළු පවුලටම මහත් වූ වාසනාවක්‌ ලෙස සියල්ලෝම සලකති. එනිසාම ඇය කැමති ආහාර පාන බෙහෙත් හේත් ආරක්‍ෂාව සැලකිලි ඉමහත්ය. 26 හැවිරිදි රූපිකා ද කාන්තාවක ලෙස මේ මාහැඟි උදාරතර මාතෘත්වයට සූදානම්ව සිටින්නියකි. ඇගේ ගැබට මේ වනවිට මාස 8 කි. එහෙත් ගැබිණියකට ලැබෙන - ලැබිය යුතු ඉහත සඳහන් වු කිසිවක්‌ සිහිනෙන්වත් ඇයට ලැබීනොමැත. එනිසාම ඇයට කුසපුරවා ගැනීමට බිලිඳු කලයේ වැඩීමට එසේම ඇගෙන් යෑපීමට සිටින තවත් කුසවල් 3 ක්‌ පිරවීමට අද මුදල් ගෙවිය යුතුය. ඒ සඳහා ඇයට තිබු එකම රැකියාව දර කැපීමයි. දර අතු සොයා ඇය තම දරුගැබත් ඔසවා ගෙන අඩි 15-20 ට වැඩි උස්‌ ගස්‌ මුදුන් වල බඩගායන අයුරු අපට දුකක්‌ වේදනාවක්‌ විශ්මයක්‌ ඇති කරලීය. ඒ අප ඇය සොයා යනවිටත් ඇය ගසක්‌ මුදුනේ සිටි නිසාය.

Saturday, February 15, 2014

දරුවන් පහක් පැවදි බිමට...

අද දින පෙරවරුවේදී  බේරුවල සපුගොඩ විහාරයේදී  කුළ දරුවන් පස්දෙනෙකු සසුන් ගත කරනු ලැබ ඇතැයි  අපට  වාර්තා විය.


මහින්ද අල්ගමයන් සමුගත් වගයි....

ප්‍රවීන ගීත රචකයකු වූ මහින්ද අල්ගම  (68) අද කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. 70 දශකයේ ගුවන් විදුලියට එක් වූ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළේය.


මේ අපේ තවත් සමාජ ව‍‍්‍යසනයෙකී....එදා දේශයට ,කලාවට සේවය කළ වුන් අද නිහඬවම නික්ම  යති...අද  ඔවුන් අප  අත හැර  ගිය පසුව  ගුණ ගායනා කරනවාට වඩා  ජීවතුන් අතර සිටියදී ඔවුන්  ඇගයීම්  නොකෙරේ.මාධ්‍ය නිදහසක් වෙනුවෙන්  යැයි මහ හඬින්  පෝස්ටර් ගසා  මරහඬ  තලන  ඩොලර්  කපුටෝ  කිසිම දිනෙක  මෙවැනි  අහිංසක කලාකරුවෙකුට අඩුම තරමේ  ඇගයීමක්  කොට  නොමැත.සමහර විට  ලංකාවේ  කලා  කරුවන්ගේ  සමාජ  භූමිකාව නොදන්නවාද  විය  හැකිය...හොර සංවිධාන අටවා ගෙන  ලිෆ්ටන් වට රවුමේ  කෑ  ගසා  පොඩි  සත්තමක්  දමා   පොලීසියෙන්  ගුටියක්  කෑ  පසු  උන්ගේ  වැඩේ  හරිය...පසුව ලංකාවේ මාධ්‍ය නිදහස  නැතැයි  ඒ අප්‍රමාණ සාක්‍ෂියෙකී....පුදුමය නම්  මුන්  වැඩ  පටන්  ගන්නේ  ජිනීවා  කථා වැනි විදේශීය බලවේග රට මැඩීමට උත්සහ දරණ මොහොතවලදී පමණ වීමය..එවිට මුන් හට  ලැබෙන ඩොලර් පොදියේ බර වැඩි බව නොරහසකී..
අනන්තවත් අසරණ  පුවත්පත් සහ සෙසු මාධ්‍ය කරුවෝ  ලංකාවේ  වෙසෙති  මෙකී කුහකයන්  ඒ අය හට  අද වන තුරු අඩුම තරමේ  හැරමිටියක් තරමේ දෙයක්  දී  නොමැත...අද මාධ්‍ය  පොරවල් වී සිටින්නේ  අමු අපතයන්  දෙතුන් දෙනෙකුය..මහින්ද  ගේ  රජය පෙරළීමට  මුන්ට  අවශ්‍යය  ,මහින්ද හෝ ඔහුගේ පවුල් සංස්ථාව යනු රටේ සමස්ථය  නොවේ  අප කාහටත්  මව්බිමේ සම අයිතිවාසිකම් ඇත ඒ අප ඉපදුණ හැදුන වැඩුන අපේ රටය...රජය පෙරළා දැමූ පසුව  ඇති විකල්පය ,සරත් ෆොන්සේකාද,රනිල්ද,ජේ වී පී ද,නැතිනම් හෙළ උරුමයද ,කුමක්ද...විකල්පයක් පෙන්වා නොදෙති...? .සේස්සටම මව්බිමේ කළින්   අභිමානය  රැකිය යුතුය...එය මස්ත බාල්දු  වුවහොත්  එහි විපාකය ,අවමාණය අපටමය...!!! කිසිදු දේශපාලන පක්‍ෂයකින්  තොරව  විවෘත මනසින්  එකමුතුවීමේ  අවශ‍්‍යතාවය  වෙනුවෙන්  ලංකානිව්ස් පෙනී සිටිනුයේ ඒ නිසාවෙනී...!!!
මහින්ද අල්ගම  කලා කරුවාට ,රසවතාට ,මාධ්‍යවේදියාට උපහාර  පිණිස  2011 වසරේ  ඔහු සමග කළ  පිළිසඳරක්  අප  පළකරන්නෙමු..

"දේශපාලනයෙන් තොර සමාජ සත්කාරයක්"

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය මගින් ප්‍රථම වරට සංවිධානය කරණු ලැබූ  "යුරෝපා ගී තරු සැන්දෑව" පසුගිය ඉරු දිනක පැරිසියේදී පැවැත්විය. කිසිම දේශපාලන අරමුණකින් තොරව තම සංවිධාන ශක්තිය පමණක් පෙරදැරි කරගෙන පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රංශයේ, ඉතාලියේ, ග්‍රීසියේ, එක්සත් රාජධානියේ විවිධ ගී තරු තරඟ වලින් ජයග්‍රහණ කල ජයග්‍රාහකයන් සහ ජයග්‍රාහිකාවන් එකම වේදිකාවකට ගෙන එමින් ඔවුන්ගේ ගායන කුසලතාවයන් ලොවට ඉදිරිපත් කිරීම සිදුවිය.

සිංහල ජාතිය අගය කළ විදේශීය පූජකයා...”සිංහලයෝ උතුම් හා ශීලාචාර පැවතුමෙන් හෙබියෝය.”


”සිංහලයෝ අහංකාරයේ ප්‍රතිමූර්තියකි. ඔවුන්ගේ ප්‍රධාන වරද නම් ඔවුන් සෑම විට ම ලෝකයේ හිස් මුදුනින් වැජඹෙන බව සිතීම ය. ඒ පාලන ක්ෂේත්‍රය පිරිසිදු කම මනා ගති පැවතුම් ආදී ක්ෂේත්‍රවලය. විශේෂයෙන්ම පිරිසිදු කම අතින් ය. අන් සියලු ජාතීන් විශේෂයෙන් ම යුරෝපීයයන් අපිරිසිදු ම්ලේච්ඡයන්යැයි ඔවුහු සිතති.
සිංහලයෝ සෑම විටක ම පිරිසිදු ව සිටිති. මේ සීසා ඔවුන් මෙන් නිතර ස්නානය කරමින් එසේ නොකරන අනෙක් ජාතීන් පහත් කොට සලකති.



Friday, February 14, 2014

මෙම මැතිවරණයේදී දේශපාලන පක්‍ෂ මූලිකත්වය දී ඇත්තේ ලිංගික සංකේතවලට යයි කැෆේ සංවිධානය පවසයි.

මේ බව පවසමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
පක්ෂ මාරු කරමින් කරනම් ගසන්නන් බුලත් දී පක්ෂයට බඳවා ගන්නා මේ උදවිය තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැප කළ තරුණ තරුණියන්ගේ දේශපාලන අනාගතය විනාශ කර දමයි. 

 දීර්ඝ කාලයක් ශිෂ්‍ය තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි නියමුවන් වෙමින් පක්ෂ වෙත දර දිය ඇදි පුද්ගලයින් විශාල පිරිසක් කැපී ගොස් ඔවුන් වෙනුවට ‘ලිංගික සංකේත‘ වලට නාමයෝජනා ලැබෙමින් තිබේ.
 දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී ඇති අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ නිරත වුණු දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත දමමිනි.



නදීශා සහ දුමින්ද අතර ඇති සමීප සම්බන්ධ තාවය

නදීශා සහ දුමින්ද අතර ඇති සමීප සම්බන්ධ තාවය ගෑන අප මින් පෙරද කරුණු දක්වා ඇති අතර එය පසුගිය දිනෙක    සත්‍යයක් බවට  පසක්  කරලමින්  දුමින්ද  හමුවීමට  නදීශා  හොර රහසේ  ගොස් තිබුණා ......
බේගල් මුත්තා  විලිලජ්ජා  නොමැතිව  එදා  දුමින්ද වෙනුවෙන් කඩේ ගිය අන්දම...මූ  එදා  රැවටුවේ  ඔබය....

මිනිසුන් හූ කියමින් හැමර්කෙලී සහ උපාලි කොඩිකාර පන්නා දමති.....

බස්නාහිර පළාත් සන්ධාන අපේක්ෂක උපාලි කොඩිකාර හට මොරටුවේදීත්, දකුණු පළාත් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ශාට දෙනියායේදීත් මෙලෙස හූ සංග්‍රහ භුක්ති විඳීමට සිදුවී ඇත. 

අහෝ ...දුප්පතාගේ  වාහනය දෙස බලන්න....

මෙන්න මුංගේ ඇත්ත නම්...

මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.
නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.



ඌ කියන්නෙ එහෙමයි ... මුං කරන්නෙ මෙහෙමයි....

එක්‌ පුද්ගලයකුට රු. 2500/-කින් මාසයක් ජීවත් විය හැකි බවට බන්දුල ගුණවර්ධන විසින් පැවසුවේ මීට ටික කලකට පෙරයි.
ජනතාවට එසේ ජීවත්වන්නැයි පැවසුවද බන්දුලගේ දූපුතුන් දිවි ගෙවන්නේ වේලකට දෙදහස් පන්සියය බැගින් වියදම් කරමිනි. 



නවකතාවෙන් ජීවිත දර්ශනය මැවූ සමර්සෙට් මෝම්

සමර්සෙට් මෝම් බ්‍රිතාන්‍යයෙන් බිහිවූ මාහැඟි නවකතාකරුවෙකි. ඔහු තුළ තුබූ දුරදක්නා නුවණත් ස්වකීය ජීවිත දර්ශනය එක් මාහැඟි වාක්‍යයකින් පිඬුකොට දැක්වීමේ හැකියාවක් අතිශය විස්මය ජනකය.
1874 ජනවාරි මස 25 දා උපන් මෝම්ට වයස අවුරුදු 08 පිරෙන විට මව මියගිය අතර ඔහුගේ පියා මිය ගියේ ඉන් වසර 02 කට පසුවය. මෝම් පවුල ජීවත්වූයේ පැරීසියේය.

Thursday, February 13, 2014

රොජර්,ගජං,ඇතුළු නළුනිලි නඩේ 9 ක් ඡන්දය ඉල්ලා හිඟමනේ.....


දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලට පක්ෂ තුනකින් නළු නිළියන් නව දෙනෙකු හා ගායකයෙකු නාම යෝජනා භාර දී තිබේ.
 මේ අතරින් නළුවන් වැඩිම පිරිසක් නාම යෝජනා භාර දී ඇත්තේ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි.


එජාපය නිළියන් බදාගනියි


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්‍ෂාවෙන් සිටි රුවන්ති මංගලා, ගයේෂා පෙරේරා යන නිළියන් සඳහාත් ජින්ජර් වයිට් යන ගායිකාවටත් නාම යෝජනා ලබාදීම එම පක්‍ෂය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත්තේ පක්‍ෂය තුළින් හා ජනතාවගෙන් ඔවුන්ට පැමිණි දැඩි විරෝධය හේතුවෙන් බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මට හරි දුකයි මාව අමතක කළාට/ චිත්‍රා වාකිෂ්ට

අනේ ඔය දරුවො ආපු එක කොච්චර දෙයක්ද? මං ලෙඩවෙලා අන්ත අසරණයි. පේනවා නේද? මට කතා කරගන්නත් අමාරුයි. කටහඬත් වෙනස්වෙලා.

චිත්‍රා වාකිෂ්ඨ බැගෑපත්ව අපට කියාපෑවාය. වෘත්තීමය රංගන ශිල්පිණියකවූ ඇය මේවනවිට නිවෙසටම කොටුවී සිටියි.

Wednesday, February 12, 2014

රනිල් වික්‍රමසිංහ "සමන්ත බදු " හමුවේ


එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ  , පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක  (පක්ෂයේ ප්‍රධාන නිලයන්) සමගින් සහ තවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, රවී කරුණානායක , විජේදාස රාජපක්ෂ සමගින් "සමන්ත බදු " බැහැදැකීමට ගොස් මෙම පින්තුරයෙන් පෙන්වන ආකාරයට සාකච්චාවක්ද පැවැත්වුන බව සඳහන් වෙනවා.

ධම්ම ජාගොඩ කලාකරුවාණන් ගේ අභාවයෙන් පෙබරවාරි 04 වන දාට 26 වසරක් සපිරේ.

පහතරට ගැමි නාටකයට තෝතැන්නක් වු හික්කඩුව පෙදෙසෙහි දී ධම්ම ජාගොඩ හෙවත් ධර්මපාල කළහේ ජාගොඩ ජන්ම ලාභය ලැබී ය. නිතර බලිතොවිල් හඬ ඔහු සවන් වැකිණි. මද්දලයේ හා පහතරට බෙරයේ හඬ ඔහු සවනට හුරුවූයේ සිය ගමට ආසන්න තල්පාවිල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නාඩගම් පවුල් කිහිපයක් නිසා ය.

Tuesday, February 11, 2014

මේකාගේ නමට සිංහ කෑල්ලක් ඇති නිසා ඌ උගේ ඔළු ගෙඩිය වසා ඇත්තේද සිංහ ඔළුවකිනී..

ඡන්දය සඳහා  දැන්  දමන්නේ  විවිධ  උපාය  මාර්ගය...ඇතැම් අවර කෙලියන්  උදළු  තල  බෙදති...උදළු  මිටවල්  ඡන්ද  දායකයන්  හට  ඇතැයි  සිතනවා ඇත  ...මේ  කෙළිය  වාර්තා  වන්නේ  සුරියවැව  ප්‍රදේශයෙනි....මේකාගේ  නමට  සිංහ කෑල්ලක් ඇති නිසා  ඌ උගේ  ඔළු  ගෙඩිය වසා  ඇත්තේ  සිංහ ඔළුවකිනී..


හැමර්කෙලී ගේ උදළු තල බෙදීමේ වගතුග...

කුඹුරු ගොවිතැන සිදු නොකෙරෙන ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ජනතාව වෙත අනර්කලී ආකර්ෂා විසින් උදළු තල සියයක් බෙදාදීමේ වැඩසටහනක් පිලිබඳ පසුගියදා කරන ලදී.
අනර්කලී ආකර්ශාගේ උදළු තල බෙදාදීම සම්බන්ධව ඇය දිනමිණ පුවත්පතට ලබාදුන් සාකච්ජාවකින් පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ.
එම පැහැදිලි කිරීම පහතින්.

නා ම ල් බේබි මල්ලී වෙත ලියමි…….

මෙය  එහි ඇති සරළ බව නිසාමත්, එක දිගට කියවිය හැකි නිසාමත් , හාස්‍ය රසයෙන්  යුක්තව ඉතා සරළව ඉතා ගැඹුරු දේශපාලනයක් ඉතිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස උපුටා පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නෙමු .

මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් විස්තර කරන දූවෙහිද, ලංකාවේ අන් හැම තැනක ම මෙන් ම, ඇත්ත වශයෙන් ම සැලකිය යුතු තරම් සර්පයෝ, වූහ.


“අපට කෑම මේසයට ආරාධනය කළ ගෘහමූලිකාව, අපගේ සාකච්ඡාව අතරමග නතර කොට දැම්මා ය.
“සුවඳ හමන ව්‍යංජන, නිපුණ ලෙස පිළියෙල කොට තිබිණි. කුකුළු මස් කැබලි හා මාළු ද බත් ද ආහාරයෙහි විය. නැහැය පිනවන කුළුබඩු යොදා සැකසූ හොද්දෙන් මේ සියලු දෙය නහවා තිබිණි. ඇත්තෙන්ම එයට නොමසුරුව රතු මිරිස් ප්‍රමාණයක්ද මුසු කොට තිබූයෙන්, මුඛයෙහි ගින්නක් හටගත්තාක් මෙන් විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.