ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 31, 2014

2015

අපගේ වෙබ් අඩවියට පැමිණෙන අප දයාබර  පාඨක ඔබට මේ  නව වසර  ජයග්‍රාහී  නීරෝගී වසරක්  වේවායී  පතන්නෙමු..එසේම නව වසරේදී  ඔබට වඩාත් සමීපවී  අසාධාරණය  වෙනුවෙන් නැගී සිටිමින්, පැත්තක් නොගෙන ඇත්තක්  වෙනුවෙන්  පෙනී සිටින අප  මාධ්‍ය සම්ප්‍රධාය තව දුරටද ජනතාව  අතරට  ගෙන යාමට  කටයුතු යොදා  ඇත .. මේ  මොහොතේදී  අප වෙබ් අඩවිය වෙනුවෙන්  ලැබී ඇති  අප හිතවතුන් ගේ සහ හිතවතියන්ගේ සුභ පැතුම් සඳහා ස්තූතිය ප්‍රකාශ කිරීමටද  අවස්ථාව කරගනිමු...
ලංකානිව්ස් සංස්කාරක මණ්ඩලය

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 28

රටේ මෝඩ ගෑණු තමුන්ට සල්ලි තිබෙන බව පෙන්වන්න ඇඟ රත්තරන්වලින් පොරවා ගන්නවා.ඒත් ජනාධිපති චන්ද්‍රිකා කරේ දාන්නේ රත්තරන් මාල නෙමෙයි.දිස්නේ ගහන්නේ නැති ඇටබෝල මාල.අපේ රටේ මෝඩ මිනිස්සු හිතන්නේ අපේ නායිකාව කොච්චර හොඳද? එයා පළදින්නේ ඉමිටේෂන් මාල කියලා.ඒ මිනිස්සු දන්නේ නැහැ චන්ද්‍රිකා පළදින කිසිම වටිනාකමක් නැති ඉමිටේෂන් මාල විධියට පෙනෙන ඇටබෝල මාල විසිතිස් ගුණයකින් වටිනබව.
ඔයාලගේ චන්ද්‍රිකා ඊට වඩා කට්ටයි.එයා පළදින ඔරලෝසුවේ වටිනාකමක් පෙනෙන්නේ නැහැ.චන්ද්‍රිකාගේ අතේ තියෙන්නේ පතේ පිලිප්ස් ඔරලෝසුවක්.එය බැලු බැල්මට කිසිම වටිනාකමක් නැති ඔරලෝසුවක් ලෙස පෙනුයත් එකේ වටිනාකම ආරම්භ වන්නේ මිලියන දෙකකින් විතර...

Tuesday, December 30, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 27


ඇය ජනාධිපති ආරක්ෂක අංශයට රටේ නම ගිය අපරාධකරුවන්ද එකතු කර ගනිමින් එය ඇගේ මාෆියාවක් බවට පත් කර ගත්තාය.බද්ගගානේ සංජිව එම මාෆියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිටි ඇගේ සුරතල් මිනිමරුවාය.
දුෂණ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබු පුද්ගලයෙකු ඇය දෙවැනි ජනාධිපතිවරණයට ආසන්නයේදී අගවිනිසුරු ධුරයට පත් කළාය.ඒ මගින් අධිකරණයේ ගමන් මඟ කණපිට හරවා අධිකරණය සිය අතකොළුවක් බවට පත් කර ගත්තාය.ඇගේ හිතුවක්කාරකම් වලට අවශ්‍ය ආරක්ෂාව ලැබුණේ අගවිනිසුරුවරයාගෙනි.එහෙත් ඇගේ පාලනය අවසන් වුයේද ඔහු නිසාය.

අපේ සින්දු අයිති කරගන්න අපි මැරෙනකල් බලාගෙන ඉන්නවා....!!! ලතා වල්පොල...!!!

“මගේ පෞද්ගලික ජීවිතය ගැන නෙමේ, අපේ කලා ලෝකය හා මගේ ගීත ගායනය ගැන අපි කතා කරමු. මොකද මගේ මුළු ජීවිත කාලයෙන් වැඩිම කාලයක් ගත වී තියෙන්නේ ගීත සමඟයි. ජීවිතයම ගීතාවලියක් වගෙයි. ඒත් මා පිළිබඳ කතාවකදී ගාමිණි ෆොන්සේකා කිව්වා - ‘මං හිතන් නෑ මේ වගේ කෙනෙක් තව ඉන්නවයි කියලා.’ ඒ එක්කම ගාමිණි කිව්වා - ‘හිතන්න එපා කලාකරුවෝ රෝස මල් යහනා වල ඉන්නවා කියලත්’ කියා. ඒක ඇත්ත. මං අවුරුදු 80 ක ජීවිත කාලයෙන් අවුරුදු 64 ක් විතර ගීත ගයමින් ගත කළාට සැහැල්ලුවෙන් විනෝදයෙන් රෝසමල් යහනා මත ගෙවූ ජීවිතයක් මට නැහැ.

Monday, December 29, 2014

හොර හකීම්ගේ පාදඩ ඉල්ලීම් තුළින් බිඳී යන යෝනක මිතුදම ....!!!

එදා හකීම් සහ ප්‍රභාකරන් සමඟ ඇතිකර ගත හොර ගිවිසුම තුළින්ද මතු වූ දෙබිඩි පිළිවෙත 
තමන් අන්තවාදී පිළිවෙතක සිටිමින් ඊට එරෙහි වන සියලුම සංවිධාන අන්තවාදීන් ලෙස හංවඩු ගසමින් හකීම් ඇතුළු බොහෝ මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ මේ නාඩගම් ගැන රටේ ජනතාව දැනුම්වත් විය යුතුයි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 26

කතරගමට ගිය පාද යාත්‍රාව මහින්ද රාජපක්‍ෂ විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරයක් විය.චන්ද්‍රිකාගේ කඩා වැටීම මහින්දගේ සතුටට හේතු නොවීය.මාතර උයන්වත්ත පිටියේ පැවති රැස්වීම් වේදිකාවට ගොඩ වූ විට ඇයට බැණුම් අසන්නට සිදුවිය.ඒ නිසා ඇති කරගත් වෛරය ඇය තුළ හැමදාමත් පැවතුණි.
ජේවීපී  නාඳුනන තුවක්කුකරුවන් විජය කුමාරතුංග ඝාතනය කළේය.දෙවැනි ධුර කාලයේදී ජේවීපී සමඟ සන්ධානයක් ඇති කර ගැනීම පිණිස විජය  ඝාතනය කිරීමේ වරදින් ජේවීපී නිර්දෝෂී කළාය.

පොල් අක්කර 50ක් තිබුණානම් මං කබල් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ...!!! කුමාර තිරිමාදුර

අපේ අම්මට පොල් අක්කර 50 කුත්, තාත්තට හෝටල් 04 කුත් තිබුණනම් මමත් ඔය ලාභ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නෑ. එහෙනම් මමත් ගෙදරට වෙලා ඉඳගෙන ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක දෙකක විතර රඟපාලා ඉන්නවා. අනිත් පැත්තෙන් මම කුඩු විකුණලා සල්ලි හම්බ කරන්නේ නෑ. මටත් මගේ දරුවන්ව ජීවත්ව කරවන්න රැකියාවක් තියෙන්න ඕන. අනිත් එක මෙච්චර කාලෙකට කවුරුවත් මට චිත්‍රපටයට ප්‍රධාන චරිතයකට කතා කරලා නෑ. මගේ රඟපෑම් ඕනතරම් දැකපු අය ඉන්නවා. මමම ලියාගෙන මමම රඟපෑවා මිසක්. අපේ රට දුප්පත් රටක්. මම ඉන්දියාවේ ඉපදුණා නම් මේ ටිකට මම රඟපාපු ටික ඇති සුව පහසුව ජීවත්වෙන්න. ඉතින් ජීවත්වීමේ ප්‍රශ්නය බරපතළව තිබෙන නිසා ටෙලි නාට්‍යවල රඟ නොපා ඉන්න බෑ.

මහින්ද රාජපක්ෂ යනු කවරේක් ද...?ඇත්ත නිරුවතින්...!!! විශේෂ ලිපියක්....!!!

ශ්‍රී ලංකවේ සයවන ජනාධිපතිවරයා වන මොහු ප්‍රසිද්ධියේ හැඳ සිටින සුදු පැහැ වස්ත්‍රය තරම්ම පිරිසිදු චරිතයක් ද? මීට පිලිතුර ඔහු තම ජනාධිපතිධූරයේ හත් වැනි වසරට පිවිසීමත් සමග හෙලිදරව් වෙමින් පවතින විවිධ කරුණු කාරනා මත රඳා පවතී.ඔබ නොදන්න ඇත්ත...

සිය දේශපාලන ජීවිතය වාසනාව උරගා බලමින් ආරම්භ කළ චරිතයක් වූ මහින්ද රාජපක්ෂ පසුකාලීනව ඉතා වේගයෙන් හා පහසුවෙන් දේශපාලන ඉණිමඟ නඟිනු දැකිය හැකි විය. තම ග්‍රාමීය මූලයන් විදහා දැක්වෙන කුරහන් පැහැ සාටකයකින් සැරසී සිටියද ඔහු පිටට පෙන්වන තරමේ “පොදු ජනතාවගේ මිනිසෙකු” නොවේ. ඔහුගේ පවුල් පාලනය මේ වනවිට ලෝක ප්‍රකට ඒකාධිපතිවරුන් වන සුකර්නෝලා, භූතෝලා, බර්න්හැම්ලා මෙන්ම මුගාබේලා පවා පරදවා ඇත. ඒ බව මෙහි සඳහන් කරුණු කාරණා වලින් ඔප්පු වනු ඇත. වගකිව යුතු ප්‍රවෘත්ති වෙබ් අඩවියක්  වශයෙන්  මෙම ලිපියේ  අඩංගු  සියළු  තොරතුරු සත්‍ය අප අවධාරණය කරන්නෙමු .පහත වෙබ් ලිිපින තුළින් ඔබට තවත් කරුණු ලබා ගත හැකියි..මේ  අවස්ථාවේ ඔබගේ යුතුකම  වන්නේ අප  සමග ඵකමුතුවීමය.ඵනම් මෙම ලිපිය ඔබගේ  සියළු හිතවතුන් අතර ඊ මේල් ඔස්සේ සහ  සමාජ වෙබ් අඩවි මගින් ( ෆේස් බුක්) බෙදාහරින්න...

Sunday, December 28, 2014

ගුවන්‍ යානයක් ඊයේ සිට අතුරුදහන්...!!!

එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානාවක් ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ  සිට සිංගප්පූරුව දක්වා ගමන් ගනිමින් තිබියදී මෙසේ අතුරුදහන් ව ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ QZ 8501 නමැති යානාවක් බව වාර්තාවේ.
 අතුරුදන්වන අවස්ථාව වන විට එම යානාව මගීන් 162 දෙනෙකු රැගෙන පියාසර කර ඇති බව ඉන්දුනිසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

බොදුබලය මහින්දට කඩේ යයි...!!!

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  දිනවීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් රටපුරා මහජන රැස්වීම ගණනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ  අනුව, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද  (28) ඉරිදා සවස 3 ට ඇඹිලිපිටිය නගරයේදී  ජනතාව ඇමතීමට නියමිතය.

මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගනියි... !!! බද්දේගම උසාවියට

නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම කටුනායකදී මින් මද වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මේවන විට ඔහුගෙන් රහස් පොලිසිය  ප්‍රශ්න කරගෙන යන බව පැවසේ.
මුතුහෙට්ටිගම මහතා යු එල් 302 ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට අද  පෙරවරු11.20ට ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ..

රවුෆ් හකීම් ඇමැතිකමින් අස්වේ..!!!තොප්පිය මෛත්‍රී දෙසට හැරී නවතී...!!!

 කවදත් බලයේ සිටින සහ බලය හිමිවේ යැයි සිටින පැත්තට විත් ඇමති කමක් ගෙන ඵකී බළතල බුක්ති විඳින ලෝක කපටියෙකු වන හකීම් මෙවර බලය ලැබේ යැයි විශ්වාස කරන මෛත්‍රී  පිළට හේත්තු වීමට යාමෙන්ම ඵකී සුණඛ ප්‍රතිපත්තිය ස්ථාවර වේ....මෙවැනි හොරුනට අවස්ථාවන් දීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය...


ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී, පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට  සහය දැක්වීමට තීරණය කළ බවත්, ඒ අනුව තමන් මෙතෙක් දැරූ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ජනාධිපතිවරයා වෙත යොමු කළ බවත් රවුෆ් හකීම් පැවසිය.

මහින්ද ඵළියට නොදානවා කියු ෆයිල් ලිපි ඵකින් ඵක ඵළියට අදින හැටි....!!!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්වැටි සමාගම්කරුගෙන් මුදල් ලබාගෙන පසුව ස්තුති කොට ලිපියක් යොමුකර තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වන වාර්තා තමා සතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ  පැවසු බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බදුල්ල, හාලිඇල දී  පැවැති දිවිනැගුම ජනහමුව අමතමිනි.

මුස්ලිම් කොංග්‍රසය හා තොප්පිය හැරෙන අත..!!!

 මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සහය ලබාදෙන්නේ කාටද යන්න තවමත් බාලගිරි දෝෂයක් බවට පත්ව ඇත.මෙම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය තවමත් වාසි අවාසි තරාදියට දමා කිර බලමින් සුළං හමන දිස්ව සොයමින් කල් යල් බලයි.

දේශපාළුවෝ තමයි තමයි පත්තර රස්සාවත් කෑවේ...!!!

දැන් නම් අමුතු ජාතියේ පත්තරකාරයෝ ඉන්නවා. ඒ අය පත්තරවලට එන්නෙ බලලා යන්න. ඩිප්ලෝමා, ඩිග්රි සේරම කරලා පත්තරේට ඇවිත් අමාත්‍යාංශ වල ජොබ් හොයන අය තමයි අද ඉන්නේ. අපේ යුගයේ අය ආවොත් පත්තරේට, කවදහරි යන්නෙත් පත්තරේකින්ම තමයි. දැන් මං අවුරුදු 56ක් එක දිගටම පත්තර රස්සාවේ. එහෙම යුගයක් දැන් නැහැ. අද ඉතිං පත්තරවල වැඩ කරන්නත් ඇමතිවරුන්ගේ ලියුම් අරන් එන තත්ත්වයක් තියෙනවනේ. දේශපාළුවෝ තමයි   තමයි පත්තර රස්සාවත් කෑවේ.
ඇයි එහෙම කියන්නේ...?

Saturday, December 27, 2014

මහින්දගේ ජනාධිපතිවරණයට සල්ලි චීන සමාගමකින් !

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොර තෙල් ගෙන්වා පිරි පහදුකරන කොටස (Crude oil refining section) සංවර්ධනය කිරීමේ කටයුත්ත චීනයේ Sinopect Engineering සමාගම වෙත පැවරීමට රජය තීරණය කර ඇත.


මේ සඳහා ටෙන්ඩර් කැඳවා  සුදුසුකම් සහිත ආයෝජකයන් තොරාගෙන තිබුණු නමුදු ඒ නොසලකා චීන ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත වැඩි මුදලකට එම චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබා දි තිබේ. එහිදී රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුගෙන් කොන්දෙසියක් ලෙස ඉදිරිපත්ව ඇත්තේ ඉන් කොටසක් ජනධිපතිවරණයට පෙර තමන්වෙත ලබා දිය යුතු බවය.

රජ සබයේ බලු කථාවක්......!!!

සුවඳ දුමින් පිරුණු, සුවඳ දිය විසුරුණු, විසිතුරු කුටියෙක සැතැපී සිටි රජුට මේ දුගඳ නොදැනිණ. පිබිදුණු පසු ඔහුට ළං වූ කුමරියක් රියට වූ විපත හෙළි කළා ය.

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රජු ඉදිරියේ පෙනී සිටියේ ය.

“රජතුමනි, රාජකීය රථයේ ආසන බල්ලන් විසින් වනසලා.”

“බල්ලන් විසින්?”


“එහෙමයි. ඊයේ රෑ වැස්සට රථයේ ආසනවල හම් සහ හම්පටි තෙමිලා - පෙඟිලා. දුගඳ හමන විට බල්ලන් පැමිණ ඒවා කාලා.”

අපේ රජරට ජනතාව තුච්ඡ ලෙස අමතක කොට දමා තිබීම...!!!

දැනට යාපනයේ ජීවත්වන ඉතා සුළුතරයක්වු සිංහල පවුල් කිහිපයට යාපනෙන් ඉවත්ව යන ලෙසට බලකර  සිටි අවස්ථාවකදී  ඔවුන්  සිරිධරන් නැමති ටී.එන්.ඒ , මන්ත්‍රී හට කියා පෑයේ  යාපනයේ  ජීවිතය ගත කිරීමට ඔවුනටද  පාරම්පරික අයිතිය  ඇති  බවත්  ...ඵසේ නම් සිරිධරන්ලා කොළඹ  ජීවත් වන්නේ කෙසේද  කියායි..ඵම ජනතාව ඵවේලෙහි සිරිධරන්ට ද්‍රවිඩ බසින්ම උත්තර දෙන ලද්දේ මෙසේයී...



.ඒ සිංහල ජනතාවට අපගේ උපහාරය...උන්ගේ  හොර  තේසවලාමේ නීතිය  ගැන  අප මෙම  අඩවියේ දකුණුපස  තීරුවේ  පහතින්ද  කරුණු දක්වා  ඇත...දේශපාලන  බලය ලබා  ගැනීමේ නොනිම් ආශාවෙන් සිටින සියළු  ප්‍රධාන පක්‍ෂ සහ රජය මේ දිනවල අයහපත් කාළගුණය නිසා අන්ත අසරණව අනාථව සිටින අපේ රජරට ජනතාව තුච්ඡ ලෙස අමතක කොට දමා  තිබීමද  අප  හෙළා දකිමු..
එසේම  බොරුවට මහා දේශ මාමකයෙකු ලෙස පොළව පවා සිඹිමින් ජනතාව රැවටූ ලෝක කපටියෙකු වන පර්සි මහේන්ද‍්‍ර ද කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කරමින් අහස උසට ඌගේ කටවුට් ගසාගනිමින්  සිටිනු හැර ඒ අසරණ ජනතාව දෙස බැළුවේද...???

අහස් ගව්වේ ටි‍්‍රප් එකේදි ආ බඹරු.!!!.

ධර්මසේන පතිරාජ ගැන


කලාවට සිත ඇදිලා ගියේ කොහොමද...?
සිනමාව කියන එක අපේ පවුලෙන් ආපු එකක් නොවෙයි. අපේ අයියලා සාහිත්‍ය කවිය සහ පත්තර කලාවටයි බර වුණේ. අපේ ලොකු අයියා ආරිවංශ පතිරාජ ඇත්ත පත්තරේ පටන් ගන්නත් මුල් වුණානේ
.

ඩැනී විමලසිරි

අන්තර්ජාතික කීර්තියක් අප මවු බිමට ලබා දුන් මේ ශිල්පියා ගේ එක් නිර්මාණයක්වත් කොළඹ ජාතික කලාභවනෙහි හෝ ජාතික කෞතුකාගාරයේ හෝ ප‍්‍රදර්ශනයට තබා නොතිබීම ශෝචනීය කරුණකි.

මතකද රනිල්ගේ සටන් විරාම ගිවිසුම ...!!!

 පරණ මතකයට...
නව වසර උදාවූයේ කොළඹ දිස්ති‍්‍රක් එජාප මන්තී‍්‍ර ටී. මහේෂ්වරන් මහතා කුරිරු ලෙස ඝාතනය කිරීමේ පුවත රැව් පිළිරැව් දෙමිනි. මෙය කොටි ත‍්‍රස්තවාදය 2008 වසරට ලබාගත් පළමුවන බිල්ලයි. පොලීසිය ඒ පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වමින් සිටී.


යළිත් බදාදා එනම් ජනවාරි 2 දා උදෑසන කොටි සංවිධානය නාරාහේන්පිට හමුදා රෝහලට රෝගී සොල්දාදුවන් රැගෙන යමින් සිටි හමුදා බස් රථයක් ඉලක්ක කොට ක්ලේමෝ බෝම්බයක් පිපිරවීය.
කෙසේ වෙතත් මේ වන විට කොටි ත‍්‍රස්තවාදය පරදවමින් රජයේ ආරක්ෂක හමුදා ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ වී සිටී.

Friday, December 26, 2014

අපෙන් කිතුබැතිමත් ලංකානිව්ස් ග්‍රාහක ඔබට නත්තලක් සහ සුභ නව වසරකට සුභ පැතුම්...!!!

නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ  පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක් විසිනි.

එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක් ගැහැනු සතුන්ය.

වරෙන්තුවක් තිබියදී මුතුහෙට්ටි රට යයි ....

නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.


ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම එතෙර යාමට සිටින බවට  තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.

අහිංසක වැසියෙක් නම් රට යනවා තබා සිය නිවසින් ඵළියට බැසීමටත් පෙර ඔහු අල්වා සිරුරේ ඇටකටුද පොලීසිය ලවා කුඩු කරවා ගත හැකිය ඵහෙත් මහරජ තොපට කඩේ යන්නෙකු නම් ...??? ටොන් ගණනක කුඩු කන්ටේනර්, ඵතනෝල් කන්ටේනර් අසුරු සැණින් මුදවා ගත හැකිය...කුඩු රජෙක් අල්වා ගත් විට හෙලිකොප්ටරයෙන් තකහනියක් ඌ සොයා යන තරමට තොපගේ තුච්ඡ කම මතුවේ..
මිනී මැරූ ,නීතිය කෙළෙසූ කුඩු දුමින්ද, මාලක වැනි අපතයන් අද නිදහසේ සිටිති...වරෙන්තු පිට වරෙන්තු ලැබූ සුධර්මන් වැන්නවුන් අද නිදහසේය...නීතිය අද බළු නොවටී.කේ.පී කරුණා අම්මාන් ,පිල්ලෙයාන් අද කොහිද...? ඒ ටිකකී පොත් දහස් ගණනක් ලිවීමට තරම්වූ කරුණු ඇත..මහරජ තොප තරම්වූ මේ අපේ කුඩා රට විනාශ කෙරූ අවලම් රජෙකු නොමැත..ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීම පමණෙකි ඔබ කළ මහඟු මෙහෙය ...ඔබට රට ලැබී මෙතරම් වසරක් යනතුරු ඉනික්බිති ඔබ කළේ කුමක්ද ..??? ඔබගේ පවුල වර්ධනය කිරීමය...තෙවදැරුම් ලෙසටම එය එසේය...ඵහෙයින් තොපගේ හොරු රැළ සමග නික්ම යාමට මේ  කාළයයි...


ඩාන්සින් ස්ටාර්ස්ලා සහ නිත්තවෙල ගුණයාලා ..!!!

‘සිරස’ ඩාන්සින් ස්ටාර්ස්’ තරගය තුළින් ’සිරසට’ වුවමනා කරලා තිබුණේ මයිකල් ජැක්සන් වගේ හෝ ෂාරුක් ඛාන් වගේ හෝ නටන්න පුළුවන් අනුකාරක පරපුරක් අපේ රටේ බිහි කිරීම බව පෙනෙන්ට තිබෙනවා. එහෙම නැතිව නිත්තවෙල ගුණයාලා වගේ, තිත්තපජ්ජල සුරඹා වගේ, අල්ගම කිරිගණිතයා වගේ පරපුරක් බිහිකිරීම කෙසේ වෙතත් පණිභාරතලා වගේ, චන්ද්‍රලේඛලා වගේ චිත‍්‍රසේනලා වගෙ පරපුරක් බිහිකිරීම නොවන බව ඉතාම පැහැදිලියි.

පණිභාරත කියන්නේ ගායක අනිල් භාරතීගේ අයියා වෙන්න ඇති, චන්ද්‍රලේඛා කියන්නේ ගායක රූකාන්ත ගුණතිලකගේ වයිෆ් වෙන්න ඇති, චිත‍්‍රසේන කියන්නේ එක්කෝ පණ්ඩුකාභය රජකාලේ හිටපු චිත‍්‍රරාජ හෝ කාලවේල වගෙ යක්ෂයෙක් නැත්නම් චිත‍්‍ර මාස්ටර් කෙනෙක් වෙන්න ඇති කියලා හිතන අඥාන ජනමාධ්‍ය පරපුරක් ඉන්න සමාජයක අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් වන්නේ මේ වගේ අඳබාල වැඩසටහන් තමයි.

ප‍්‍රථම සිංහල නාඩගම වන්නේ ‘රජතුන් කට්ටුවේ නාඩගම’යි...!!!

 අද වන විට ලංකාවේ කිසි ම කතෝලික ප‍්‍රදේශයක රජතුන් කට්ටුවේ නාඩගම රඟ දැක්වෙන බවක් අසන්ට දකින්ට නොලැබේ. එසේ ම බොරලැස්ස,

මීගමු දූව වැනි පාරම්පරික කතෝලික ගම්මානවල පවා අවම වශයෙන් පාස්කු නාට්‍යවත් රඟ දක්වනු නොපෙනේ. මෙබඳු ඉපැරැණි ජන කලාංග මෙසේ අභාවයට යෑම සංස්කෘතික විෂයයෙහි අතිශය ඛේදනීය කරුණක් බව අවසන් වශයෙන් පෙන්නා දිය යුතු ය.

එය කාලය විසින් නිශ්චල ඡායාරූපයක් බවට පත්කොට තිබූ මතකයකි...!!!කෙටි කථාවක්...!!!

ය කාලය විසින් නිශ්චල ඡායාරූපයක් බවට පත්කොට තිබූ මතකයකි. වසර ගණනාවක් පුරා යටි සිතේ තිබුණා යැයි අනුමාන කළ හැකි වූ එය හදිසියේ යළිත් මතු කළේ ද කාලය විසිනි.

ලස්සනට පිපිණු වනමලට මං අදත් ආදරෙයි....!!!

පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.


පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?
ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.

'අද මම මල්වෙඩිල්ලක් පත්තු කරනවා. මේ මල් වෙඩිල්ලේ ආලෝකය සදාකාලික වෙයි කියල මට විශ්වාසයි. මේ ගායකයා නිහාල් නෙල්සන්....'

සුනාමි රළ ගෙඩි මගේ හැම දෙනාම අරන් ගියත් මං කොහොම හරි යළි ගොඩ ආවා...!!!

2004 අප රටේ සිදුවූ ඒ මහා විපත මෙනෙහි කරමින් .අප පළ කරන විශේෂ ලිපිය...
- සුනාමියෙන් බැට කෑ අයෙක් කියන කතාවක්...
දස වසරක් යනු සුළුපටු කාලයක් නොව. එකල වැවු ගසක් නම් මේ වන විට මල් ඵල හටගන්නේය. එහෙත් සබ්බ සේසතම පමණක් නොව ඇකයේ හුන් දරුවන් ද රැගෙන ගිය ඒ දරුණ රළගෙඩි පහර තවමත් රට අවට මුහුදු තීරයේ (විශේෂයෙන් ම උතුර දකුණ නැ‍ඟෙනහිර) වෙසෙන්නන්ට පමණක් නොව මුළු රටටම අදත් කඳුළක් ඉතිරිකර ඇත. දෙදහස් හතර වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන සිදුවූ සුනාමි ඛේදවාචකයේ නොමැකුණ මතකයන් සොයා ගිය ගමනකදි පැරැලියේදි අපට හමුවූයේ හතළිස් අට හැවිරිදි එස්.එම්. කුමුදු ප්‍රියන්තය. පරැලිය සුනාමි ස්මාරකය ඉදිරියෙන් ඇති පදුමගබ්බ විහාර මාවතේ පිහිටි ප්‍රියන්තගේ නිවෙස සොයා අපි ගියෙමු. ලද ආරංචියට අනුව ගිය ගමනේදි මඟ තොටින් ඇසූ තොරතුරු අපේ නෙතට කඳුළක් එක් කළේය.
“ආ ප්‍රියන්ත අයියද? එයාගේ බිරියයි දරුවෝ හතර දෙනාම සුනාමියට ගියානේ.”

Thursday, December 25, 2014

ජනතාවෙනි අවදියෙන් කොළොන්නාවේ මිනීමරු කුඩ්ඩා වන දුමින්ද සිල්වා නැවත කරළියේ....

කොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌...!!!
පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.


මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ   දුමින්ද සිල්වා  ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

  ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කොළොන්නාව නගරයේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසක්‌ වෙත (23 වැනිදා) කඩාවැදුණු පාතාල කණ්‌ඩායමක්‌ ඔවුන්ට කඩු පොලුවලින් පහරදී තිදෙනකුට තුවාල කර පලා ගොස්‌ ඇත.

ප්ලෙස්මි ගුවන් විදුලියේ සිංහල අංශයේ විස්තර බිඳක්...

ප්ලෙස්මි ගුවන් විදුලියේ සිංහල අංශය භාරව සිටින්නේ ඉතාලි ජාතික එමාය.ශ්‍රීලංකාවට කිහිප විටක්ම ගොස් ඇති ඇයට.මදක් සිංහල කථා කිරීමටද හැකියි. මෙහිදි ඇය ගීත ඉදිරිපත් කිරීමට පෙර ඵනම් පෙළ ගැස්වීමට පෙර රිද්මය මනාසේ හඳුනා ගනී...මෙහිදී ඇතැම් විටෙක ඊළඟ ගීතය ආරම්භ කිරීමට අවශ්‍ය සංඥාව නිකුත් කිරීමට අප කරනුයේ දුරකථන  ඇමතුමක ශබ්දය යැවීමය. මෙවැනි විිහිළු තහළු මැදින්  දෛනිකව විසුරුවා හරින ප්ලෙස්මි ඔබට සමීපවේ. අපට ඇති  සිංහල ගීත ගබඩාව තුළින් ප්ලෙස්මි සිංහල හඬ විසිර ගෙන ඒමට උත්සාහ ගනිමු.දැනට අප සතුව ඇති ශබ්ද ගබඩාවේ ඔබ සමහරවිට මෙතෙක් නොඅසා ඇති ඉතාම දුර්ලභ ගීතද..ඇතුලත් ය.ගීත තැටි වශයෙන් පමණක් හයදහසකට අධික ඵකතුවක් ඇත. මීට අමතරව  සී.ඩී තැටි , පටි ,ලෙසින් තවත් ඉතා විශාල සංඛ‍‍්‍යාවක් ප්ලෙස්මි සතුවේ.මීට අමතරව නවීනතම තාක්‍ෂණික උපකරණද ඇත.මේ සියල්ල ඔබට මෙතෙක් නොවිඳි උපරීම සංගීත ආශ්වාදයක් ලබා දේ යැයි සිතමු.ඔබ ගෙන් අප ඉල්ලා සිටින්නේ ශ්‍රවණ තත්වය ගැන අදහස් ඵවන ලෙසයි.
කිසිදු අනුග්‍රහකයෙකු නොමැතිව මෙසේ සිංහල සේවයක් පවත්වාගෙන යාම ඉතා අසීරුය.නමුත් ඒ අසීරු කඩඉම පසු කරගෙන යාමට අප උත්සාහ දරමු.අපට නිවේදක නිවේදිකාවන් අවශ්‍යවී ඇත.
අප විවිධ රටවල සහ ලංකාවේ සිටින හිතවතුන් සහ හිතවතියනටද   ඒ සඳහා ඇරයුම් කරමු.
ඵසේම ප්‍රවෘත්ති අංශයට පුවත් සම්පාදක වරුන්ද අවශ්‍ය වී ඇත.අපට ලියන්න. ලොව දැනට ඇති ඉහළම වේගයෙන් ශබ්ද තරංග අන්තර්ජාලය ඔස්සේ  සම්ප්‍රේශණය කරන ඵකම සහ ප්‍රථම  සිංහල වෙබ් රේඩියෝව ප්ලෙස්මි වනු ඇත.

සිත්සතන් සනහන අසිරිමත් නත්තල...!!!

ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තල, ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් සමරනු ලබන්නේ මහත් භක්තියකි. සෑම වසරකම දෙසැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දේව මෙහෙයන්ට සහභාගි වෙමින් පවත්වනු ලබන නත්තල, ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත්වලට අනුව පවත්වති. එදා ජේසු බිළිඳුන් උපත ලැබූ ගවලෙන, අද අලංකාර දෙව්මැදුරක් බවට පත්ව ඇත.

බෙත්ලෙහෙමේ පිහිටි මේ දේව මන්දිරයේ පැය බාගෙන් බාගෙට දේව මෙහෙයයන් පවත්වති. එම දේව මෙහෙයයන්ට විවිධ රටවලින් පැමිණෙන පූජකතුමන්ලාට ද අවස්ථාව ලැබේ. ඒ අසිරිමත් දේව මෙහෙයන්ට සහභාගි වීමට ද කිතුනුවන් දසදහස් ගණනින් රැස්වේ. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන දිව්‍ය පූජාව, නත්තලේ අසිරිමත්ම අවස්ථාවයි.

පන්නිපිටියේ සිරිකත කෝට්ටේ සිරිකොතට ඵරෙහිව....!!!


ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ බව කියන පන්නිපිටියේ පිහිටි  සිරිකත මුද්‍රණාලය හිමිකරු මෙසේ දැලට කොටුවී තිබුණී....!!!  අද(25) අලුයම වටලා පොත් තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අද නත්තල යනු දුගියාට නොව ධනවතාට සැණකෙළියකි...

මිහිඳු හිමියන් හා සමාන වූ ඒ අසහාය බුද්ධ ශ්‍රාවකයා " ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජන්ම දිනය සමරන මේ දවසේ මගේ කිතුණු සොහොයුරු සොහොයුරියන්ට, මිතුරන්ට සෙනෙහෙබර සුබ නත්තලක් වේවායි පතමි.

Wednesday, December 24, 2014

වසර 45 ක් පුරා ක්‍රිස්තු තුමන්ගේ භූමිකාව නිරූපණය කළ ක්‍රිස්ටි මිහිඳුකුල...

නත්තල පිළිබඳ කතා කරන විට පුංචි රෝමය නමින් විරුදාවලිය ලත් මීගමු පුරවරය වෙත විශේෂ අවධානයක් යොමු වේ. මීගමුව මැතිවරණ බල ප්‍රදේශයේ හා ඒ අවට ජීවත්වන බහුතරය කිතු බැතිමතුන් වීමත් එම ප්‍රදේශයේ කිතු උපත හා කිතු විපත පිළිබඳ කියැවෙන කථා පුවත් ඔස්සේ නාට්‍ය ගණනාවක් නිර්මාණය වීමත් මීට හේතු වේ. නත්තල් සමයේ රඟ දැක්වෙන රජ තුන්දෙනාගේ පුවත රැගත් කථා පුවත් සහ පාස්කු නාට්‍ය නිර්මාණ මෙන්ම කැරොල් පසම්, හා කන්තාරු ගායනා ඇසෙන්නට සලසන්නේ මීගමු පුරවරයේ කිතුනු බැතිමතුන්ගේ අනන්‍යතාවය ද ප්‍රදර්ශනය කරමින්ය.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 25

සනත් ගුණතිලක ඉතාමත් සුවිශේෂ සමාජ කුලකයක් නියෝජනය කළේය.මේ කුලයට අයත් මිනිසුන් ඉතාමත් කපටි ලෙස බලවත් අයට සමීප වීමට නිපුන හැකියාවකින් යුතුය.ඔවුහු සිරිතක් වශයෙන් ආණ්ඩුවක් බලයට පත් කිරීමට කිසිවක් නොකරති.එහෙත් බලයට පත්වන කවර ආණ්ඩුවකට හෝ ඉක්මණින් සමීප වීමේ හැකියාවක් ඔවුන් සතුය.ඒ සමඟ ඔවුන් ඉක්මනින් එම ආණ්ඩුවේ අයිතිකාරයින් බවට පත් වෙමින් ලැබෙන බලය උපයෝගී කරගෙන උපරිම ලෙස ධනය උපයා ගනිති.තීක්ෂණ දේශපාලන ඉවක් ඔවුන් සතුය.බලයට එන ආණ්ඩු අවසාන මොහොතේ කඩා වැටීමට ඔන්න මෙන්න කියා තිබෙන විට ඒවා අත්හැර ඊළඟට එන ආණ්ඩුවලට එකතු වීමටත් ඔවුහු දක්ෂ වෙති.
එජාප යුගය අවසන් වීමත් සමඟ ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග මහත්මියට ළං වෙමින් පොදු පෙරමුණු ආණ්ඩුවේ බලවතෙකු බවට පත් විය.

ඔහු සිනමා නළුවෙකු ලෙස පවත්වා ගෙන ගිය ජිවිතයද බොහෝ දුරට ඊට සමාන විය.ඔහු ගැහැණුන්ට ආදරය නොකළේය.එහෙත් බලවත් ගැහැණුන්ට ආදරය කරන බව පෙන්වමින් ඒ මගින් සිය ඉදිරි ගමන ශක්තිමත් කර ගත්තේය.ඔහුගේ ඒ හැම ප්‍රේම සම්බන්ධයක් තුළම ඇති විශාල ආත්මාර්ථකාමීතත්වයක් ගැබ්ව තිබුණි.එක් ප්‍රසිද්ධ නිළියක් ඔහු විසින් දුෂ්ට ලෙස රවටනු ලැබූ ආකාරය සිනමා ලෝකය තුළ ප්‍රකටය.

කවුද මේ රත්තරං....???පොදු සිරා මරු බඩුවක්. ඇඳුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්ති සිංගප්පූරුවේ. හෙට අනිද්දට ඔබාමාගේ කලිසමත් ගහගනී...


‘සිරා මරු බඩුවක්. ඇදුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්තිය සිංගප්පූරුවේ. හෙට අනිද්දා වෙනකොට ඔබාමාගේ කලිසමත් ගහගෙන ඒ කෑල්ල ඇමෙරිකාවෙ කියලා කියාවි. මේ වගේ රූකඩ නායකයො මේ රටේ ජනාධිපතිකම් කරන්න හදනව.
 පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා බුදුන්ට දේවදත්තයා ,ජේසුට ජුදාස් , මහින්දට සිරිසේන වී ඇතැයි ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.

මෙන්න ඇත්ත ....October 4, 2013

අප  වෙබ්  අඩවිය  ගැන,  අපේ ප්‍රතිපත්තීන් පිළිබඳව , ඇතැම්  අයට සැක සංකා  ඇති  බව  පෙනේ ඵහෙත්  ආරම්භයේ  සිටම  පැහැදිළිවූ  නොබැඳි  දේශපාලන  ප්‍රතිපත්තියක්  මත කටයුතු  කොට ඇත්තෙමු..ඉදිරියටද ඵය ඵසේමය...මොකා , කවුරු වුවද  අසාධාරණය වෙනුවෙන් අප පෙනී සිටිමු.සිටියෙමු.ඉදිරියටද සිටින්නෙමු...අපේ ප්‍රතිපත්තීන් පිළිබඳව නැවත ඔබ දැනුවත් කළ යුතුය .. අප මෙම වෙබ් අඩවිය තවත් ගොසිප් අඩවියක් ලෙස පවත්වාගෙන යාමට නොසිතන්නෙමු .ජාත‍්‍යන්තරව පිළිගත් මාධ්‍ය සම්ප්‍රධායට අනුව අපටම ආවේනිකවූ මාධ්‍ය රීති රාමුවක් අනුව පවත්වමු.ඔබට ඕනෑම විටෙක අපට අදහස් දැක්විය හැකියි .ඵමෙන්ම ඒවාට ගරු කරමු.ගොසිප් සඳහා අප මාධ්‍ය ජාලය හා සබැඳි වෙනත් ඉතා ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක්ම ඇත.ඒවා මෙහි සඳහන් කිරීම අනවශ්‍යය..ඒවාට ඇදී ඵන දහස් ගණන් ග්‍රාහකයන් ට සාපේක්‍ෂව මෙම අඩවියට ඵන පිරිස අවමය ...,  අල්පය  .නමුත් යථා අවබෝධය සහ යථාර්තය දැන ගැනීමට පැමිණෙන්නවු ඵම පිරිස අතර සිටින ඔබ සැම අපට මහත් සතුටකී ශක්තියකී...ඵහෙයිනි අපට පාටක් පක්‍ෂයක් නැත්තේ...නිදහස් මනසකින් යුතුව සියළුම පක්‍ෂ පාට ,පුද්ගල සංකල්පයෙන් මිදී යථාර්තය ඔබටද දැකිය  හැකිවනු ඇත්නම් ඵය අප ලබන නිහතමානි සතුට මෙන්ම අපගේ අපේක්‍ෂාවය...මේ බව තේරුම් නොගත් අය අප අත හැර යනු ඇත...ඵහෙත් යථාර්තය තේරුම් ගත් ඔබ ඵක් අයෙකු වුවද ..අප හා සිටිනු ඇත ඵවන්වූ උදාරතර අදහස් ඇති ඔබවන්වූ  බුද්ධිමතුන්  අපට  සම්පතකි, මහත්වූ සවියෙකි..ඵහෙයිනි වෙනත් වෙබ් අඩවි මෙන් මුදලට ෆේස්බුක් කැමැත්ත ලබා හෝ බලෙන් ඒවා ලබා ගෙන  දසදහස් ගණනක් වූ පිරිස වැඩි කරගන්නා ප්‍රතිපත්තියක් අපට නොමැතිවද  අවංකව අප සමග ආදරයෙන් ඵක්වූ සීමිත අප හිතවතුන් පිරිසක් පමණක් අපට ඇත්තේ...ඒ නිසාම  ඔවුනට අපගේ ප්‍රණාමය හිමිවේ.අප ගේ ස්වාධීනත්වය ගැන ඵක් සුළු උදාහරණයක් ලෙසින් මීට  ඉහත දිනෙකදී අප පළ කල ලිපියක් නැවත ඔබට මෙනෙහි කරනුයේ....මේ ලිපිය අප පළ කරණ ලද්දේ .....

October 4, 2013 දිනදී ... මේ එක් උදාහරණයක් පමණී...!!!

 සුමිත් ජයන්ත ඩයස් 

ලංකා නිව්ස්  ප්‍රධාන සංස්කාරක .

 ...දේශපාලන හාල් පාරුවන් සහ  උන්ගේ දරුවන් ලම්බෝගිනි කාර්  කෝටි ගණන් වියදම් කොට බදු නොමැතිව ගෙන්වද්දී ,උන් පාරවල් වසාගෙන කාර් රේස් තියද්දි ...අපේ දුප්පත් මිනිස්සු ,බඩේ බත් ඇටයක් නැතුව රටේ ත්‍රස්තවාදය බේරා දුන්නා කියා චන්දය දෙති ....හාල් පාරුවෝ උදම් වෙති .උන් ඉගිලෙන්නේ හැමර් වාහන වලිනි ...එක වාහනයක් ගන්නට  වැය     කරන  මුදලින් අප රටේ දුප්පත් ජනතාවේ  සම්පුර්ණ පරම්පරාවක් ජීවත් කරවීමට හැකිය ...

ප්‍රංශයේ ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුෂ්පසිරි අල්විස් අතින් දුන් සංදේශයක්...!!!

පසුගිය දින පැරිසියේදී මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයට සහය දැක්වීමට සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එකමුතුවෙන් පැවැත්වූ සාර්ථක රැස්වීමෙන් පසු එහිදී තීරණය කරගත් පරිදි කිසිම පාටක් පක්ෂයක් නොසලකා ලංකාවේ සාධාරණ මැතිවරණයක් පවත්වනමෙන් රජයට සහ මැතිවරණ කොමසාරිස්ට බලකර පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්  23-12-2014 ඊයේ  සවස පැවැත්වීය.
සුවිශේෂීම කරුණ වූයේ හොර දේශහිතෛශී සංවිධානයේ ක්‍රියාකාරී අයද එයින් පිටතටවිත් නියම දේශහිතෛශීයාට සහයෝගය දැක්වීමය.
මෙහිදී පැමිණි සිටි සියලු දෙනාගේ අත්සනෙන් යුතු ලියවිල්ලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාරදීමට රැගෙන ගියේද ප්‍රංශයේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන සියලුම ශ්‍රී ලාංකික සිංහලයන් අතරේ සුප්‍රසිද්ධ ප්‍රංශයේ ප්‍රථම සිංහල සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුෂ්පසිරි අල්විස්ය.

දවල් කෑමට දුන්න සත 25 ඉතිරි කරන් පොත් ගත්තා ...මහාචාර්ය ප‍්‍රසන්ත විජේසිංහ...!!!

ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් ගෙන් එක් රැස් කර ගත් සාමාජික මුදල්වලින් එතුවක් කළේ බැනර් දැමීම, ලිපි ලේඛන ගැනීම හෝ කොඩි එල්ලීම වගේ කටයුතු. ඒත් ප‍්‍රසන්ත සභාපතිධූරය දරපු කාලෙ ඒ මුදල් වියදම් කළේ විශ්ව විද්‍යාලෙ පුස්තකාලෙ නොතිබූ දුර්ලභ පොත් පත් මිලදී ගන්නටයි. සටන්කාමී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවට ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගන්නා අතරම අධ්‍යාපන කටයුතු සාක්‍ෂාත් කර ගැනීමටත් යොමු වුණු යහපත් පිරිසක් ලොවට එක්කර වන්නටයි ප‍්‍රසන්න උත්සාහ දැරුවේ.

දී කිරට 10% සාක්කි...

 අපගේ පෙර හැඳින්වීම.... බැසිල් රාජපක්‍ෂ ගැනය...!!!

මුගේ  පැවැත්මත් මහරජගේ  පැවැත්ම මත නිසාම බැවින් මගෝඩි රජා දැන් ඔසවා තබයි....රටටට ලැබෙන සංවර්ධන ව‍්‍යාපෘති වලින් ආයෝජකයන් ගෙන් කෙළින්ම ඒ දිනවල සියයට 10  කොමිස් මුදලක් ලබා ගත් මොහු පසුව එම මුදල සිය දහස් ගුණයක්  කොට ලබා ගත් බවට අපට ඇති සාක්‍ෂි අපමණයි...එම මුදල් විදේශ බැංකුවල තැන්පත් කොට ඇති අතර මොහු ඵලෙස උපයා ගත් මුදල් වලින් මිළදී ගත් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ඇමෙරිකාවේ සුඛෝපභෝගී නිවාසද පසුගියදා  හෙළිදරව් වූවා. මේ තරම්වූ මහත් මුදලක් ලැබෙන මේ මහා ධන උල්පත නවතා ගත හැකිද ? නැත සිය සොහොයුරා වන මහින්ද  නැවත ජනාධිපති කරවීමෙන් ඵය තව දුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යා හැකිය...කවදා හෝ මේ සියල්ල හමාරවූ කළ මෙතෙක් උපයා ඇති අති මහත් ධනස්කන්ධයෙන් පරම්පරා සිය ගණනකට සුවසේ ජීවත් විය හැකිය...හිතවතුනි  ඔබගේ දෙඇස් තව දුරටත් දේශපාලන වර්ණ වලින් වැසී ඇත්නම් ඒවා පිසදා යථාර්ථය දෙස බලන්න...අප තව දුරටත් රැවටිය යුතුද ...???


අපේ ඉතිහාසය අනුව රට ගොඩනගපු රජවරු හිටියේ හතරදෙනෙක් පමණක් බව මහාවංශයේ දැක්වෙන බවත් පස්වැනියා මහින්ද රාජපක්ෂ ජනාධිපති බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය.
‘මහා වංසයට අනුව රට එක්සත් කරපු රට ගොඩනගපු රජවරු හිටියේ හතර දෙනයි. පස් වැනියා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.

Tuesday, December 23, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 24


දෙවියන්ට ස්තුති වේවා! අපි තාමත් ජිවත් වෙනවා. - රූකාන්ත ගුණතිලක 
ඇයි අපිට මෙහෙම කළේ? අපි කරපු වැරැද්ද මොකක්ද?- චන්ද්‍රලේඛා
චන්ද්‍රිකාගේ මාර සේනාව නිවාස ආක්‍රමණය කර ඇත්තේ එම අතරතුර කාලයේදීය.තමන්ට දුරකථනයෙන්  කථා කළ උසස් පොලිස් නිලධාරියා  තමාගේ ඥාතියෙකු බවත් එම පොලිස් නිලධාරියාට එම පණිවිඩය දුරකථනයෙන් කියා ඇත්තේ චන්ද්‍රකාගේ පීඑස්ඩියේ වැඩ කරන පුද්ගලයෙකු අරලිය ගහ මන්දිරයේ වැසිකිළියක සිට බවත් කියා සිටි රූකාන්ත, එය රහසක් ලෙස තබා ගන්නා ලෙස ද මගෙන් ඉල්ලා සිටියේය.
Rookantha after the attack

"ලොව දිනන මග"

 

අප හට මේවන විට මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඵළි දැක්වීමේ උත්සවයේ ඡායාරූප ලැබී තිබේ... 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘‘මහින්ද චින්තන  ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.
තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ  අද (23) පැවසීය.
තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.

සියළු ඡායාරූප  පහතින් ...

මහින්දගේ 'ලොව දිනන මග' එළිදකියි

මහින්ද චින්තන ලොව දිනන මග' ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23දා) පෙ.ව. 9.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීය.


ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන මෙම මැතිවරණ ප්‍රකාශනය 'මහින්ද චින්තන' හා 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල මීළඟ අදියරයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ , රටට එරෙහි කිසිදු ගිවිසුමක් තමාගේ  අත්දෙකින් අත්සන් කර නොමැති බව අවධාරණය කර සිටියේය.

අද ඉතා දියුණු පිරිසිදු නගර නිර්මාණය වෙමින් ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් කරා ගමන්කරමින් සිටින බව ජනාධිපතිවරයා  කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.