ත්රස්තවාදයේ කුරිරු බව චිත්රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තමාගේ සියලු
සේසතම ප්රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක රෝමයේ ඔස්මන් ද
සිල්වා මහතා කියයි.
ආලම්කුලමේ හැදුනු වැඩුනු තමා ජයශ්රිමහා බෝධියට එල්ලවු අමානුෂික ත්රස්ත
ප්රහාරය සියැසින් දුටු බවත්, එදා සිතුනු සිතුවිල්ලකට අනුව ප්රභාකරන්
චිත්රපටය නිපද වූ බවත්, චිත්රපටය වෙනුවෙන් රුපියල් ලක්ෂ 175ක් වියදම්
කළත් තමාට ලැබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවත් හෙතෙම කියයි.
දැනට ප්රංශයේ දේශපාලන රැකවල් ලබා සිටින මෙහි අධ්යක්ෂක වරයා වන තුෂාර පිරිස්