පසුගිය 29 වැනිදා සඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල පිහිට ඔඩෙල් සාප්පුවට පැමිණේ. මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්ෂකයෝ හය දෙනෙක් වෙති. එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්ෂකයන් නැතිවය. මාලක පෙම්වතියත් සමග පැය දෙකක් සාප්පුව තුළ හිඳී.