ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 18, 2013

සඟවා තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ


මඩකළපුව ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මඩකළපුව පොලීසිය ලද තොරතුරකට අනුව මඩකළපුව, පාලමින්මඩු ‍ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.


වැරැදිලත් නැහැ, නැවැතිලත් නැහැ - ඇමැති මර්වින් සිල්වා

මම වැඩක් ආරම්භ කළොත් වැරැදිලත් නැහැ. නැවතිලත් නැහැ. ලබන පොසොන් පෝයට පෙර ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ නැඟෙනහිර කුලුන උඩමළුව රථගාල, වැඩ අවසන් කර ශාසනයට පූජා කරන බව ඇමැති මර්වින් සිල්වා මහතා අනුරාධපුර අටමස්ථාන ස්වාමින් වහන්සේ බැහැ දකිමින් පැවැසීය.


දෙමළ සන්ධාන නායකයන් ඇමෙරිකා තානාපතිනිය සමඟ රහස් කතා

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඊට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් හා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහත්වරුත් තානාපතිවරියට පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පසුගිය සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ කිසිදු උත්සාහයක් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් දැකගත නොහැකි බවයි.

 

විජයග්‍රහණයේ ශේෂ පත්‍රය

දිවයින කතුවැකිය එදත් අදත්  බරසාර  බවින්  නොලියවුණද  එය තුලින් විද්‍යමාන වන සත්‍යය පිළිබඳව අප සිතා  බැලිය යුතුය ....එසේ හෙයින් දිවයින  කතුවැකිය සඳහා අප විශේෂ තැනක් දෙන්නෙමු ..දේශාභිමානය පටන් ගත යුත්තේ කොතැනින්ද? එය අවසන් විය යුත්තේ කොතැනින්ද? අපගේ වැටහීම වන්නේ දේශාභිමානය බුද්ධියෙන් පටන් ගෙන බුද්ධියෙන්ම අවසන් විය යුතු බවය. ඩබ්ලිව්. බී. යේට්‌ස්‌ නමැති ඉංගී්‍රසි කවියා කියන්නේ එය මනසින් පටන්ගෙන හදවතින් අවසන් විය යුතු බවයි. එහෙත් අප මුහුණදී සිටින කරුමය වන්නේ දේශාභිමානය මුඛයෙන් පටන්ගෙන බඩ දිගේ ගොස්‌ අධෝමුඛයෙන් අවසන් වීමේ කරුමයයි. මේ රටේ කෑදර විපක්‍ෂය ඉල්ලන්නේ ම බඩට බත් ය. නැත්නම් පාන් ය. එහෙත් ජනතාව මෙය පිළිගන්නේද...



තිරුක්‌කෝවිල් දාගැබක නිධන් හාරලා

තිරුක්‌කෝවිල් පොලිස්‌ බලප්‍රදේශයේ සාගම වෙම්බඅඩිකුලම් ප්‍රදේශයේ පිහිටා තිබුණු ඉපැරණි දාගැබක්‌ නිධන් සොරුන් විසින් නිධන් ලබාගැනීමට විනාශ කර තිබේ.

මාස කිහිපයක සිට මෙම දාගැබෙහි නිධන් හෑරීම සිදුකර තිබේ. පෙරේදා (16 වැනිදා) සවස අක්‌කරපත්තුව සිංහල බෞද්ධ සංගමයේ ලේකම් එච්. සමන් මහතා සහ තවත් අයකු සමඟ එම ස්‌ථානයට ගිය අවස්‌ථාවේ නිධන් හාරමින් සිටි පිරිස්‌ බඩු මුට්‌ටු ද දමා පලාගොස්‌ තිබේ.



කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු එරට අගමැතිට සංදේශයක්‌ දෙති..

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙස ඉල්ලමින් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් හත්දෙනකු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා වෙත හදිසි සන්දේශයක්‌ යවා ඇත.

ශ්‍රී ලාංකිකයන් 15දෙනකුට මැදපෙරදිග දී මරණ දඬුවම

සවුදි අරාබියාව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයන් පහළොස්‌දෙනකුට පමණ මරණ දඬුවම ලබාදීමට එම රටවල අධිකරණ තීන්දු කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකිකයන් බරපතළ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් මෙලෙස මරණ දඬුවමට යටත් කර ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ ඒ රටවල තානාපති කාර්යාලවලට සෘජු ලෙස කිසිදු බලපෑමක්‌ කිරීමට නොහැකි යෑයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර සිටී.



හිටපු කොටි කොටුවෙති

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෝ දෙදෙනෙක්‌ කොල්ලුපිටිය ප්‍රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටියදී පොලිසිය මගින් පෙරේදා (16 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූහ.
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මේ දෙදෙනා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.



තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ

මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට කියා සිටින්නීය. උගත් හා සුන්දර තැනැත්තියක වන වික්ටෝරියා කැචීවා පමණක් නොව අයුක්තියට අසාධාරණයට අවනීතියට ගොදුරු වන සෑම සියලු දෙනාගේ දැවෙන, පිපාසය, යුක්තිය, සාධාරණය හා නීතියේ පිළිසරණ බව කිවමනා නොවේ. කාමුක අතවරයකට බඳුන් වූ කාන්තාවකට සිය නාමය වසංකර ගැනීමට නීතියෙන් ඇති අයිතියද අතහරිමින් යුක්තිය හා සාධාරණය වෙනුවෙන්  සටනට බසින්නී ඒ දේශයේ නියම තතු වග විභාග කොට නිසි අයුරින් දැන සිටින නිසා වන්නට ඇතැයි සිතේ.


දේශපාලනයට හරි ආසයි.මං ..ඇට බෝල ගහන්න බෑ ...චන්ද්‍රිකා

බෝම්බෙන් පසු පළමු පැය ගැන චන්ද්‍රිකා කරන විශේෂ හෙළිදරව්ව ලලිත්, ප්‍රේමදාස ඝාතනය වෙන කොට ඔබට හිතුණෙ නැද්ද ඔබටයි රජ ගෙදරට යන්න පාර කැපෙන්නේ කියල...? මං එහෙම හිතුවෙ නෑ. මොකද මගේ ඇම්බිෂන් එකක් තිබුණේ නෑනේ. මං දේශපාලනයට හරි ආසයි. රට හදන්න ආසයි. වැඩකරන්න ආසයි. කරන වැඩේ සාර්ථක වෙනවා දකින කොට මට ලොකු තෘප්තියක් දැනෙනවා. එච්චරයි මට ඕන කරලා තිබුණේ. හැබැයි මට ඉතින් පොඩ්ඩක් හරි මොළේ තියෙනවානේ. ඒකට අනුව මට තේරුණා එහෙම කිය කියා පැත්තකට වෙලා ඉන්න බෑ කියලා. UNP එක පරද්දන්න නම් අපේ නායකයකුත් නැති නිසා මට එන්න වෙයි කියලා.


එන්.එස්‌.කේ. ගෲප්

ඉඩම් සයුරේ ගිලුණු කෝටිපතියා දැලේ
කඳානේ නිවසේ තිබී අනුන්ගේ ඉඩම් ඔප්පු 50 ක්‌ හසු වෙයි
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වටිනා ඉඩකඩම් කුණු කොල්ලයට උකසට ගෙන එම ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා හොර රහසේම විකුණා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපැයූ කොළඹ යූනියන් පෙදෙසේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගිය අයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු
වේ (සී.අයි.ඩී.) මගින් අත්අඩංගුවට ගෙන ඇත.



ඔව්....! මට ඒඩ්ස්‌ තමයි.

ඔව්! මට ඒඩ්ස්‌ තමයි.... එච්.අයි.වී. ආසාදිත ගැහැනියකගේ ආත්ම කථනය එච්.අයි.වී. ආසාදිත පුද්ගලයකු සමග එකට වාඩිවී කතාබහ කිරීම ගැන මුලින්ම මා තුළ වූයේද තේරුම් ගත නොහැකි තිගැස්‌මකි. එම නුහුරු හැඟීමට හේතු වන්නට ඇත්තේ එච්.අයි.වී. ආසාදිත රෝගීන් පිළිබඳ මේ සමාජයේ මුල් බැසගෙන ඇති දුරාචාර ආකල්ප වන්නට ඇත. එහෙත් නොකළ වරදකට විඳවමින් අද එච්.අයි.වී. ආසාදිත තැනැත්තියකව හිඳින ප්‍රින්සි මංගලිකා මහත්මිය සමග කතාබහ කළ හෝරා දෙක තුළදී ඇගේ ජීවිතය විනිවිද එච්.අයි.වී. ආසාදිත රෝගීන්ගේ මනෝ භාවය දුටුවෙමි. මේ සමාජය ඔවුන් කෙරෙහි දැක්‌විය යුතු ආකල්පය තේරුම් ගතිමි. ඇගේ මේ ජීවිත තොරතුරු හෙළිදරව්වද එවැනි රෝගීන් පිළිබඳ යහපත් සමාජ ආකල්පයක්‌ වෙනුවෙනි.



තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ ඇන්ජලීනා ජොලී...

පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය.   පියයුරු පිළිකා ඇතිකරන ජානයක් තමන් තුල නිධන් ගත වී ඇති හෙයින් පිළිකා ඇති වීමට සියයට අනූවක අවදානමක් පවතින බව පවසන ඇය එබැවින් තමන් මේ පියවර ගත් බවද සඳහන් කරන්නීය.   ඇගේ මවත් මිය ගොස් ඇත්තේ පියයුරු පිළිකාවෙනි.   තමන් පියයුරු පිළිකාවෙන් මියගියහොත් ඒ ගැන බිය නොවන මෙන් දැන් තමන්ගේ දරුවන්ට කිව හැකි යැයි ඇන්ජලීනා ජොලී කියා සිටියාය. A Canadian breast cancer specialist wants people to learn from actress Angelina Jolie's experience and seek genetic testing.   Jolie wrote an op-ed piece that appeared in the New York Times Tuesday called "My Medical Choice" about her decision to have a preventive double mastectomy after her mother died of cancer at age 56 and tests for the "faulty" BRCA 1 mutation revealed she had a high likelihood of developing breast and ovarian cancer.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.