ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 17, 2013

ඇත්තටම අසාද්ට මොකද වුණේ ...

  ඇත්තටම අසාද්ට මොකද වුණේ   අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්‌ඩුවේ මෙහෙයුමක්‌ ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අසාද් සාලි මහතා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන කැළඹීමක්‌ සිදු කිරීමට උත්සාහ කිරීම නිසා එසේ සිදු කර ඇති බව දැන ගන්නට ලැබී තිබෙනවා. අසාද් සාලි මහතාට දේශපාලනඥයෙක්‌ විදිහට විවේචනයක්‌ කිරීමට අයිතියක්‌ තිබිය යුතුයි" යනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා අදහස්‌ දක්‌වා තිබිණි.


මට බෝම්බ ගැහුවේ කොටි නෙමෙයි ...ජනාධිපතියි ගෝඨාභයයි

2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කර ඇතැයි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි සඳහන් වන්නේ තමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේ ජනාධිපතිවරයාගේ හා ආරක්‍ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු ජනාධිපතිනිය කියන විදිහට කරන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එකසත් ජාතික පක්ෂය එකතු වී රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාලය උදාවී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ. විධායක ජනාධිපති ධූරය අහෝසිකර පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු යටතේ රට පාලනය කරන ලෙසට යෝජනා කළේ ආණ්ඩු පෙරළීමට නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

ගෙවුණු අවුරුදු 30 ඇතුළේ අපේ රටේ සියලුම දේ නැති වුණා...

මේ රටේ පවත්නා ඇතැම් විද්‍යුත් මාධ්‍යවලට සංස්කෘතික වගකීමක් නැති නිසා සංස්කෘතිය පරිහානියට පත්වී ඇති බවත් 30 වසරක යුද්ධය පැවති කාලයේ විනාශ වූ භෞතික පරිහානියට වඩා සංස්කෘතික පරිහානිය විශාල බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණේ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ඥාණරතන ස්වාමීන් වහන්සේගේ ගී පද සංකල්පනා ඇතුළත් දෙසනා දහම් සංයුක්ත තැටිය එළිදැක්වීමේ උළෙලට සහභාගී වෙමිණි. මෙම උත්සවය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදීය.

ලංකාව දැන් පසු වන්නෙ සංක්‍රාන්ති සමයකය....

mahinda_rajapaksa තව තෙමසක් ගත වන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ අධිරාජ්යවාදීන්ට නොබියව රටත් ජාතියත් බේරාගත් යුග පුරුෂයකු හෝ අධිරාජ්යවාදීන්ට බියව රණ විරුවන්ගේ ජීවිත පාවා දුන් ඒකාධිපති ද්‍රෝහියකු හෝ විය හැක. දැන් මේ රටේ සම්පූර්ණ අනාගතය රැදී පවතින්නේ මේ මතය. මේ ගතවන නිමේෂය එතරම්ම තීරණාත්මකය.

දෙදරු මවකට අතවර කළැයි කරන්දෙණිය ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්

  දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ (15 වැනිදා) නියෝග කළේය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ඌරගස්‌මන්හන්දිය ගොවිජන සේවා මධ්‍යස්‌ථානයේ කෘෂිකර්ම, පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන වල්ලිගුරු, ඉඟුරුකැටිය ලිපිනයෙහි පදිංචි ගාල්ලගේ ජයන්ත සුරවීර (40) නමැති දෙදරු පියෙකි.

දැරියන් 11කට අතවර කළ ගුරා ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණ

  කැකිරාව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයා එම විද්‍යාලයේ සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්දෙනකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.

මත්තලින් ගොඩ බැස ඇත්තේ විදේශිකයන් 1258ක් පමණයි

ආරම්භක දිනයේ සිට මැයි 5දා දක්වා මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණි විදේශීය මගීන් සංඛ්‍යාව 1,258ක් බව වාර්තා වේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.