ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 30, 2013

කැමරන්ට මුරලි දැමූ දුස්‌රාව

මුරලිදරන් දමිල ජාතිකයෙකි. එහෙත් ඔහු දෙස මෙරට කිසිවකුත් ජාති වාදය, ආගම් වාදය ඉදිරියට දමා නොබැලුවහ. සෑම දෙනාම ඔහුව වැළඳ ගත්තේ 'අපේ මුරලි' කියාය.දශක තුනකට අධික ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ මෙතෙක්‌ ක්‍රීඩකයන් බොහෝමයක්‌ බිහිව තිබේ. ඒ අතුරින් සුවිශේෂී වූ ක්‍රීඩකයන්ද ලෝකයට දායාද කිරීමට ශ්‍රී ලංකාවට හැකිව ඇත.

එංගලන්තයේදී 'තෝසේ' කඩයක්‌ නිසා කොටින්ගෙන් ගුටි කෑ ශිරන්ත

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ් පළාතේ කොවෙන්ටි්‍ර නමැති නගරයේ ෆොaල්ස්‌හිල් නමැති අතුරු පාරේ අංක 322 දරන තැන සිංහල මනුස්‌සයකුට අයත් දෙමළ කඩයක්‌ තිබේ. එය කෑම කඩයකි. අප මෙය "දෙමළ කඩයක්‌" යන හුරුපුරුදු නමින් හඳුන්වන්නේ එහි විකුණන ලද කෑමවලින් වැඩි හරියක්‌ අපේ දෙමළ සහෝදරයන් අනුභව කරන අල තෝසේ, ගී තෝසේ, ප්ලේන් තෝසේ, මසාල තෝසේ යනාදිය වන නිසාය.

Thursday, November 21, 2013

මසකට රු.ලක්‍ෂ 5 ක්‌ ගිලින අලුත් නි. ඇමැතිවරයෙක්‌....!


අලුතෙන් වැඩ බාරගත් නියෝජ්‍ය ඇමැතිවරයකු රජයේ ගොඩනැඟිලි පහසුකම් තිබියදීත් සිය නිල කාර්යාලය පවත්වා ගෙන යැම සඳහා මසකට රුපියල් ලක්‍ෂ පහක්‌ ගෙවා කොළඹ 7 ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක්‌ ගෙන ඇත.


Wednesday, November 20, 2013

විග්නේෂ්වරන්ගේ හීන පොලිසිය

උතුරු පළාත් සභා බලප්‍රදේශයට දෙමළ භාෂාව කතා කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යෙදවිය යුතු බවට ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්  යෝජනා කොට තිබේ. උතුරු පළාත ප්‍රජාතාන්ත්‍රිය ව්‍යqහයට අවතීර්ණ වීමෙන් පසුවද ප්‍රධාන අමාත්‍යවරයා මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් කොට තිබීම බරපතළ තත්ත්වයක්‌ බව අපට පෙනීයන්නේ ඉතිහාසයේදී උතුරු ප්‍රදේශය තුළදී පොලීසියට සිදුවූ අතිෙ€දනීය තත්ත්වයන් යළි මෙනෙහි කරන විටය.

දුම්බරත් විනාශයි...! පිටුපස බලවතෙක්‌

මේ සුන්දර දුම්බර ගැන නොහොත් මීමුරේ ගැන අසුන්දර කතාවකි. මනස්‌කාන්ත කඳු යායකින් සමන්විත දුම්බර කඳුවැටිය සහිත වනාන්තරය මෙරට ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරයයි. 2000 වසරේදී එසේ ප්‍රකාශයට පත්කරන ලද මෙම වනාන්තරය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන අතර, මාතලේ සහ මහනුවර පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙකේ හෙක්‌ටයාර් 21000 ක්‌ පුරා පැතිර පවතී. අතිශය කඳු බෑවුම්වලින් හා ගිsරිදුර්ග, ජලදුර්ගවලින් සමන්විත මෙම වනපෙත දිවයිනේ සංවේදීම පරිසර පද්ධති කලාපයක්‌ (නිකේතනයක්‌) ලෙස හැඳින්වීම වඩාත් නිවැරැදිය.

Tuesday, November 19, 2013

ගමේ මිනිසුන්ට යන එනමං නැති කළ හැකරැල්ලෝ

හැකරැල්ලන් ගැන අපි අසා ඇත්තෙමු. අප දන්නේ හැකරැල්ලා කාටවත් වධයක්‌ නැති අහිංසක සතෙක්‌ ලෙසය. ඒත් හැකරැල්ලන්ද සමහරවිට මිනිස්‌සුන්ට වධයක්‌ වන්නේය. මේ කතා කරන්නේ හැකරැල්ලන් වධයක්‌ වූ මිනිස්‌සු වෙසෙන ගමක්‌ ගැනය. හැකරැල්ලන් නිසා ගම දමා යන්නට හිතෙනවා යෑයි කියන මිනිස්‌සු පිරිසක්‌ ගැනය.

Saturday, November 16, 2013

“ඉනිවන්” පැරිසියේ “ ලා ස්ලෙෆ්” සිනමාහලේදී

“ “ඉනියවන්” දෙමළ අය හිතන්නේ නැහැ දෙමළ චිත්‍රපටයක් කියලා  සිංහල අය හිතන්නේ ඒක දෙමළ චිත්‍රපටයක් කියලා .මේකට කැමති අය ගොඩක් හොඳ කියනවා , අකමැති අය බොහොම අකමැතියි.” සිය සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් චිත්‍රපට අධ්‍යක්ෂක  අසෝක හඳගම පසුගිය(12 ) දා පැරිසියේදී පැවසිය . 
 සටහන ; අතුල විතානගේ



Friday, November 15, 2013

එජාපය චොගම් යන්නේ නෑ

කොළඹදී අද (15 දා) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කළ බව එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (14 දා) සිරිකොතදී පැවසීය.

චාල්ස්‌ කුමරු සහ කැමිලා පාකර් දිවයිනට පැමිණෙයි...

කොළඹදී අද (15 වැනිදා) ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු සහ කැමිලා පාකර් ආදිපාදිවරිය ඊයේ (14 වැනිදා) සවස කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ, මැති ඇමැතිවරුන් විසින් පිළිගෙන රතුපලස මතින් කැඳවාගෙන එන අයුරු.

මැක්‌රේ සහ වික්‍රමබාහු

කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඇති දැඩි කර චිත්‍රපට සැදීමට යොදවන ලද කැන්වස්‌ පෑදුණු කපටි වෘකයා වූ කැලම් මැක්‌රේ පිළිබඳ තොරතුරු දෙකක්‌ අප අභිමුව තිබේ. එයින් පළමුවැන්න, එක්‌සත් ජාතික පක්‌ෂයේ සිරිකොත කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැලම් මැක්‌රේ ඇතුළු ගෝල පිරිස සහභාගි වීමය. ගෝල පිරිස යනු කැලම් මැක්‌රේගේ ලයිට්‌ බෝයි, කැමරා බෝයි, කටට mic  අල්ලන බෝයි යන කණ්‌ඩායමය.


මේ පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ මංගල සමරවීරගේ පුළුටු මුහුණ, වික්‍රමබාහු කරුණාරත්නගේ බංකොලොත් මුහුණ, සහ තවත් දෙතුන් දෙනෙකුගේ මුඩුම මුහුණු අප වෙත ගෙනාවේ ඉතා කාලකන්නි හැඟීමකි.

Tuesday, November 12, 2013

(බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන් ඉවත් කිරීමට


තත්ත්වයෙන් බාල හා කල් ඉකුත් වූ බෙහෙත් වර්ග රජයේ රෝහල්වලට සැපයීම හේතුවෙන් අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන් ඉවත් කිරීමටත්, තවත් එවැනි සමාගම් කිහිපයක්‌ අසාදු ලේඛනයට ඇතුළත් කිරීමෙන් වැළකීමටත් සෞඛ්‍ය බලධාරීහු මෙම වසරේදී ක්‍රියා කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි.


Monday, November 11, 2013

තිස්ස ප්‍රේමසිරි ගේ හොඳම රා



තිස්ස ප්‍රේමසිරි  ගේ අත්දැකීම් ගැන ඔහු ලියු ලිපියක් අද අප ඉදිරිපත් කරන්නේ ඔබට විවිධත්වයක් ලබාදෙනු සඳහායි ...
සමගි පෙරමුණු රජය අන්ත පරාජයකට ලක්වූ හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් සති දෙකක් යන්නටත් පෙර මගේ තීරණය වූවේ තවදුරටත් ගමේ සිටීමෙන්  තඹ දොයිතුවක පලක් නොවන බවය. එයට මූලික හේතුව වූයේ උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෙකු ලෙස හංවඩු ගැසී සිටි අපේ තාත්තා නිසා අමු ශ්‍රී ලංකා කාරයෙකු නොවූවත් මමද ඇත්තම යූ එන් පී  විරෝධියෙකු වීමය.

හේමන්ත වර්ණකුලසුරිය නම් කපටියාට දැන් කීමට ඇත්තේ කුමක්ද ..?,

දුමින්ද සිල්වා කළ  මිනීමැරුම ගැන ඔහුගේ අසනීප තත්වය ගැන දැන් අපේ මිනිසුනට වගේ වගක් නැත ..අපේ රටේ තරම් බොහෝ ඉක්මනට අතීතය අමතක වන්නාවූ රටක් ,ජාතියක් අද ලොව නොමැති තරම්ය ,මේ නරුමයා  ලංකාවේ ජනතාව ගොනාට ඇන්දවූ හැටි කෙතරම් අගේද ...?

කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත ලිපියක්‌

පසුගිය අගෝස්‌තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත (ලෙටර්හෙඩ්) ලිපියක්‌ මගින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත


අද ලංකාවේ අපිද සිවිල් යුද්ධය අවසන්කර සියලුම ත්‍රස්‌තවාදී සැකකරුවන්ට සමාව දී අලුත් ආරම්භයකට මුලපිරීමට උත්සාහ දරමු. නමුත් හැම තැනකදීම මේ රටට එල්ල වන්නේ බාධාය. කොටින්ට සමාව දීමට කවුරුන් පක්‍ෂ වුවත් රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත. ත්‍රස්‌තවාදය මර්දනය කිරීම කිසිවකුගෙන් සමාව ගත යුතු වරදක්‌ නොවන බව ද නොකිවමනාය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දිනපු නිසා ඔවුන් දඬුවම් විඳිය යුතුය යන ස්‌ථාවරයේ බටහිර ජාතීන් සිටී. මේ චොගම් සමුළුව බටහිර ජාතීන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව යුද්ධයේ සමාරම්භක අවස්‌ථාවක්‌ බවට පත්විය යුතුය.



Sunday, November 10, 2013

මුරුත්තෙට්ටුවේ තවමත් හෙලුවෙන්?


අපි කව්දෝ ව්‍යාපාරිකයෙකුගේ දානයකට ගියා තමයි: නමුත් ඒ කැසිනෝ රජෙක් කියා දන්නේ නෑ: සංඝ වංචනිකයෝ එක සීරුවට බයිලා වදාරති: මහා පාවාදීමේ සේයාරූ එළියට--------

Thursday, November 7, 2013

කේරළ ගංජා ගෙන්වන මහමොළකරු හිටපු මුහුදු කොටි නායකයා?

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරු වන පාණ්ඩියම් නමැත්තා සහ තවත් තිදෙනකු කේරළ ගංජා කිලෝ 50ක් සමඟ අද මන්නාරම සවුත්බාර් වෙරළ තීරයේ දි මන්නාරම දිසා බුද්ධි ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ප්‍රථම වතාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපරාධ නඩුවක සාක්ෂි ලබාගන්න නියෝග

දිවයිනේ ප්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය භාවිත කරමින් විදේශගත වී සිටින සාක්ෂිකරුවකුගේ සාක්ෂි ලබා ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.


මහා හෙරොයින් ජාවාරමේ මොළකරු සර්දාර් කොටුවෙයි

පාකිස්තානයේ සිට ග්‍රීස් ටින් අස්සෙහි සඟවා මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් 269ක හෙරොයින් තොගයේ මහ මොළකරු වන මෙරටින් පැනගිය මොහොමඩ් සර්දාර් නමැත්තා පාකිස්තානු ආරක්ෂක අංශය මගින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Wednesday, November 6, 2013

හැට වසරක් සිනමාවේ සිටි පුණ්‍යා බුලත්සිංහල මිය යයි

පසුගිය සිකුරාදා දිනයෙන් ඉල් මාසය ඇරැඹුණේ සිනමා කලාකරුවකු අප අතරින් වෙන් වූ ශෝකජනක පුවත දැනුම් දෙමිනි. ඔහු පුණ්‍යා බුලත්සිංහල නම් විය. චිත්‍රපට තිර නාටක, දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම වේදිකා සිනමා සහ ටෙලි නාට්‍ය නළුවකු වූ හෙතෙම මිය යන විට හැත්තෑ අට හැවිරිදි වියෙහි පසු වුණේය.

ජපානයේ රොබෝ සංගීත කණ්ඩායම

ජපානයේ ටෝකියෝ සරසවියේ ඉංජිනේරු සිසුන් පිරිසක් සංගීතයට කැමති තරුණ පරපුර වෙනුවෙන් සිදු කළ නවතම සොයා ගැනීම හැදින්වෙන්නේ ’Z-Machines යනුවෙනුයි.

Tuesday, November 5, 2013

තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීමේ පසුපස ෂම්රුස්‌ කාන් නමැති පදිංචි මුස්‌ලිම් ජාතිකයෙක්


බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත.

දහම් පාසල් ශිෂ්‍යයාට මත් කුඩක්‌ දීලා...


පහළොස්‌ හැවිරිදි දහම් පාසල් සිසුවකුට දිව යට තබාගැනීමට මත් කුඩු වර්ගයක්‌ අලෙවි කළ මුස්‌ලිම් ජාතික වෙළෙඳසල් හිමිකරුවකු කොස්‌වත්ත පොලිසිය මගින් එම මත් කුඩු පැකට්‌ 50 ක්‌ සමඟ  අත්අඩංගුවට ගැනීමට සමත් විය.


ශ්‍රී ලාංකේය 'බූරු පොළ'

ආණ්‌ඩුව විසින් සූදුවට පහසුකම් සපයන පනතක්‌ සම්මත කරගනු ලැබ තිබෙන මේ මොහොතේදී අප විසින් ඉතා නිහතමානීව වටහා ගනු ලැබිය යුතු සහ වටහා දීමෙන් පසු පිළිගත යුතු කරුණු දෙකක්‌ ඇත. එයින් පළමුවැන්න නම් ශ්‍රී ලංකාව යනු නයිට්‌ ලයිෆ් හෙවත් රාත්‍රී සමාජ ශාලා ජීවිතයක්‌ නැති රටක්‌ බවයි.

මාලක නම් තරුණ ගවයා ...

මාලක සිල්වා  නම් ගවයා ගැන මිට ඉහතදීද අපට විවිධ දේ ආරංචි වූ අතර   ඇතැමෙකු තරුණ වයසේ හැටි ඔහොමයි  ලෙසින් සිත් හදා ගන්නටත් ඇති .නමුත් මේ දිගින් දිගටම ඇසෙන්නේ   තරුණකම් නොව නිහින නින්දිත නීතිවිරෝධී   පාදඩ වැඩයි...ආරේ ගති නෑරේ  කියන්නාක් මෙන්  මුගේ පියා මෙන්ම අවලමෙකු වී ඇති අයුරු අපට පෙනෙන්නට තිබේ .

ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා, වීර මොනරවිලට සමාන කරන්න විග්නේෂ්වරන් උත්සාහ කරනවා

උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ඉතාමත් නින්දිත ලෙස පලවා හැරීමට ප්‍රභාකරන් කටයුතු කළා. මේ ජරා සිදුවීම ලංකාවේ වෙනත් කිසිදු පළාතක සිදුවූයේ නැහැ. එසේ කටයුතු කළ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා, වීර මොනරවිල කැප්පෙටි‍පොළ නිලමේතුමන්ට සමාන කරන්න විග්නේෂ්වරන් උත්සාහ කරනවා.උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නිශ්චිත කාලරාමුවකට අනුව යළි පදිංචි කිරීමට වහා පියවර ගත යුතු යැයි මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්  ප්‍රකාශ කළේය.

රට සිට ආවොත් වහා අත්අඩංගුවට


පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන එම සමිතියේ හිටපු භාණ්‌ඩාගාරික යූ. ඩබ්ලිව්. පී. ධර්මප්‍රිය නමැත්තා විදේශයක සිට පැමිණියහොත් හෝ විදේශ ගතවීමට උත්සාහ කළහොත් ඔහු අත්අඩංගුවට ගෙන වහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා ඊයේ (04 දා) ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

එතනෝල් සිද්ධියේ පස් දෙනාට තුන් කෝටි තිස් හත් ලක්ෂයක් දඩ

මහත් ආන්දෝලනයට තුඩුදුන් වියට්නාමයේ සිට එතනෝල් මද්‍යාසාර ස්ප්‍රීතු ලීටර් හැට දෙදාහක් නීතිවිරෝධී අන්දමින් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් පස් දෙනාට රුපියල් තුන්කෝටි තිස් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් ඊයේ (04 දා) සවස ශ්‍රී ලංකා රේගුව විසින් නියම කරන ලදී.

Sunday, November 3, 2013

“මිස් ප්‍රාන්ස් වෙනුවට මිස් යුරෝප් ගේනවා.”

සනත් ප්‍රනාන්දු -  හිටපු සංවිධායක  , පැරිසියේ මීගමු සංවිධානය .

                                                                       
“මිස් ශ්‍රීලංකා  ඉන් ෆ්‍රාන්ස් " අයිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මත ගැටුම පිළිබඳව පැරිසියේ මීගමු සංවිධානයේ හිටපු සංවිධායක සනත් ෆර්නාන්දු සමග පැවැත්වූ සංවාදයකි .

Friday, November 1, 2013

ප‍්‍රවීන රංගන ශිල්පිනී ලැටීෂියා පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ මුල් යුගයේ සිට සිනමා රංගනයෙන් දායක වූ නාට්‍ය නිළියක ද වූ ලැටීෂියා පීරිස් මහත්මිය අද පෙරවරුවේ දැයෙන් සදහටම සමුගත්තා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු  (02) රද්ෙදාළුගම කිතුණු සුසාන භූමියේ දී සිදුකිරිමට නියමිතයි...

‘ෆේස්බුක් ෂුවර් නෑ’ - ජනපති

‘ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා’ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසී ය.

ඕං අපේ ‍පොලිසිය

නිල ඇඳුම් ‍පොරවාගත් තිරිසනකුගේ අවලං ක්‍රියාවකට එරෙහි වීම නිසා ‘රිවිර’ මාධ්‍යවේදී චාමර අමරසූරියට අතුරුගිරිය ‍පොලිසිය නොසෑහෙන්නට ‘අතින් පයින්’ ස්තූති කොට තිබේ. අරංගල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් නරඹා එන අතරතුර පාපැදිවල යමින් සිටි තරුණයන්ට නිකරුණේ ‍පොලු පහර දෙන ග්‍රාමාරක්ෂක භටයකු දැක ඔහු වෙත ගොස් තමා මාධ්‍යවේදියකු බවද අඟවා සිද්ධිය විමසා සිටියදී පැමිණි ‍පොලිස් නිලධාරියකු “උඹ මීඩියා නෙවේ, මොකෙක් වුණත් කමක් නෑ” යි පවසා ඔහුට දිගින් දිගටම පහර දී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.