ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 17, 2013

දෙදරු මවකට අතවර කළැයි කරන්දෙණිය ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්

  දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ (15 වැනිදා) නියෝග කළේය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ඌරගස්‌මන්හන්දිය ගොවිජන සේවා මධ්‍යස්‌ථානයේ කෘෂිකර්ම, පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන වල්ලිගුරු, ඉඟුරුකැටිය ලිපිනයෙහි පදිංචි ගාල්ලගේ ජයන්ත සුරවීර (40) නමැති දෙදරු පියෙකි.

604 බෙන්තොට, මිරිස්‌වත්ත, සව්සිරි උයන ලිපිනයෙහි පදිංචි දෙදරු මවක විසින් ඉකුත් 10 වැනිදා රාත්‍රියේ මේ පහරදීම සහ ලිංගික අතවර සිද්ධිය පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව ඌරගස්‌මන්හන්දිය පොලිසිය පරීක්‍ෂණ පැවැත්වුවත් සැකකාර මන්ත්‍රීවරයා පොලිසිය මඟහැර සිට ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බලහත්කාරයෙන් අතවර කිරීමේදී තමා ඇඳ සිටි ඇඳුම් ඉරා දැමූ බවට පොලිසියට පැමිණිලි කළ ඇය ඉරා දමා තිබූ ඇඳුම් ද පොලිසියට ඉදිරිපත් කර තිබේ. ඇල්පිටිය කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි කේ. ඩී. අතුල වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත ඇල්පිටිය සහකාර පොලිස්‌ අධිකාරි (û) ආනන්ද සමරසේකර මහතාගේ අධීක්‍ෂණය මත ඌරගස්‌මන්හන්දිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශ්ශංක සිල්වා, උප පොලිස්‌ පරීක්‍ෂක උදයංග, පොලිස්‌ පරීක්‍ෂක රුද්‍රිගෝ, කොස්‌තාපල්වරුන් වන සුරංග ඇතුළු පොලිස්‌ නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති. ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.