ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 31, 2013

ලංකානිව්ස් ගැන...

මේ වන විට ලංකාවේ කුළුගැන්වී තිබෙන දේශපාලන අරගල  මෙන්ම සහසික ක්‍රියාද ,සුපිරි පෙළැන්තියේ වංචා, දූෂණ ඇතුළු බිහිසුණු  ක්‍රියාද  අනෙකුත් ආන්දෝළනාත්මක සිද්ධීන් ආදියද හුවා දක්වමින් අන්තර්ජාළය ඔස්සේ කාළීන වෙබ් අඩවි ගණනාවක්ම පවත්වාගෙන  යනු දක්නට ලැබේ.


177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ තැනැත්තෙක්

තම සහෝදර සහොදරියන් ඥාතින් ඇතුළු 177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෙක් හමුවිය.

Monday, December 30, 2013

ඇබ්බැහියෙන් මිදෙන්න මගෙන් උපදෙසක් හෝ උදව්වක් ගන්න.

කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යයේෂණ මගින් තහවුරු කර තිබේ. විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසා නොව නූතන ලිංගික ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වාදෙයි. තෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදි ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින් මෙසේ හඬ අවදි කරයි.

ග්‍රේෂන් ආනන්දට සාධාරණය ඉටු නොවීම

ජනකාන්ත ගායකයෙකු - සංගීතවේදියෙකු හා ගීත නිබන්ධකයෙකුද වූ ග්‍රේෂන් ආනන්දයන් දිවියෙන් සමුගෙන වසර තුනක් සපිරෙන්නේ මෙම දෙසැම්බර් 30 වෙනිදාටය. ජීවතුන් අතර සිටියදී සාධාරණය ඉටු නොවූ කලාකරුවන්ගේ ගොඩට පැහැදිලිවම ඇතුළත් කළ හැකි ග්‍රේෂන්ට ඔහුගේ අකල් මරණයෙන් පසුවද සාධාරනය ඉටු වී නැත.

හිටපු ඇමරිකානු තානාපති උතුරේ සිංහලයන්ට එරෙහි වේ…


වත්මන් ශ‍්‍රී ලංකා රජය යටතේ උතුරේ දෙමළජනයාගේ අයිතීන් අහිමි වන බවටත් උතුරේ දෙමළ ගම්මාන ආශ‍්‍රිතව සිංහල ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවටත් කලකට පෙර ශ‍්‍රී ලංකාවේ හිටපු ඇරිකානු තානාපතිවරයෙකු වූ ඈෂ්ලි විල්ස් චෝදනා කර ඇත.

ජාතික රූපවාහිනියේ මුල්පුටුව ප්‍රතාපසිංහට

දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා පසුගිය අඟහරුවාදා (24) පැවැති දකුණු පළාත් සභා සැසිවාරයේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

Sunday, December 29, 2013

ලෝකයේ දුප්පත් ම ජනපති

දකුණු අමෙරිකාවේ පුංචි රටක් වූ උරුගුවේ රාජ්‍යයේ ජනපතිවරයාට බොහෝ දෙනකු කියන්නේ ‘ලෝකයේ දුප්පත් ම ජනපති’ කියාය. ඒ, ඔහු ලෝකයේ වෙනත් රටවල ජනපතිවරුන් මෙන් සුවපහසු මන්දිරයක දැසි දස්සන් පිරිවරාගෙන වාසය නොකිරීම හින්දා ය. සුඛෝපභෝගී වාහනවලින් ගමන් නොයන හින්දා ය. තමන්ගේ වැටුපෙන් සීයයට අනූවක් පොදු වැඩවලට වැය කරන හින්දා ය.


නපුංසක ගැහැනියගේ දරුවෝ

අද ගැහැනියක ලෙස ජීවත්වන සීනාත් පාෂාට උපතින්ම තිබුණේ පුරුෂ දේහ ලක්‍ෂණ ය. ඒ නිසා සීනාත්ව ලියාපදිංචි කෙරුණේ පිරිමියකු හැටියට යි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ සිරුරෙන් පිරිමිකම ඈත්වෙමින් තිබිණි. තමන් කෙරෙන් බැහැර වන පිරිමිකම අත්හැර දැමූ සීනාත් ඒ වෙනුවට ගැහැනුකම ආරෝපණය කරගත්තේ ය.

ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නෑ- පොලිස් ප්‍රකාශක

පසුගිය කාලයේ ලංකාවට එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හා අරුන්දික ප්‍රනාන්දු මංත්‍රීවරයාට චෝදනා නැඟුණා.


මේ අතර ලංකාවට ගෙන්වූ කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා නැඟෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නැති බවයි
...

කැසිනෝ ෂෝක්. මාත් ගැහුවා - එස්‌.බී

කැසිනෝ ඉතා හොඳ දෙයක් බව පවසා ළකුණු දමාගැනීමේ තරඟයක් මේ වනවිට ඇමති මණ්ඩලයේ පවතී. 
2012 වසරේ ඇමති සංශෝදනයෙන් හොඳ ඇමතිකම් ලැබුනේද අගවිනිසුරුවරියට වැඩිපුරම ප්‍රහාරයන් එල්ල කරන ලද ඇමතිවරුන්ටයි.

මම කතා කළොත් දුමින්දට බොහෝ දේවල් අමතක වෙන නිසා මම ඉඳගන්නවා ...තිලංග සුමතිපාල

විදේශ ආයෝජන දෙකක් කරලියට පැමිණීමත් සමග කැසිනෝ පනත නීතිගත කිරීම රට තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකළ අතර එයට විරුද්ධවූ පාර්ශවයන්ගෙන් රජයේ මන්ත්‍රීවරුන් පෙරළා විමසුවේ "කැසිනෝ හොඳ නැත්නම් රේස් ඔට්ටු හොඳ වුයේ කෙසේද " යන්නයි.


බුදුන්ගේ කාලයෙත් කැසිනෝ තිබ්බා- ලංකාවට කැසිනෝ ඕනේ- උඩුවේ ධම්මාලෝක හිමි

බුද්ධ කාලයේදීද සූදූ ක්‍රීඩා තිබූ බැවින් කැසිනෝ වලට තමන් විරුද්ධ නොවන බව උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

මම නයිටිය පිටින් ඇවිත් ජනතාවට සේවය කළේ- / ගීතාගේ කුණුහරුප

බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය රැස්වීමට පැමිණි හෙයින් සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව වාර්තා වුනි. ගීතා කුමාරසිංහ හට ගණිකාව ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමග කෝපයට පත් ගීතා අජිත් ප්‍රසන්න වෙත බැණ වැදුනේ පොන්නයා කියමිනි.


Saturday, December 28, 2013

ප්‍රමිතියෙන් තොර අටපිරිකර


අටපිරිකර බෞද්ධයා සතු උතුම් වස්‌තුවකි. මහේච්ඡතාවයන්ගෙන් පිරි ලෞකික ගිහි ජීවිතය අතහැර අල්පේච්ඡතාවයෙන් යුත් භික්‍ෂු ජීවිතයකට එළඹුණු බෞද්ධ භික්‍ෂුවකගේ මූලික උවමනා සියල්ල ඉෂ්ට සිද්ධ කර ගැනීමට අටපිරිකර උපකාරි වන්නේය.

Friday, December 27, 2013

අවවාද කළ තාත්තාට පොල්ලකින් ගසා මරයි...


පුතෙකු විසින් ඔහුගේ 65 හැවිරිදි මවට පහර දෙනවා දුටු පියකු එසේ නොකරන ලෙස ඉල්ලා සිටිවිට කෝපයට පත්ව පියාට හිසට පහරදී මරා දැමූ එම සැකකාර පුත්‍රයා ලබන මස 8 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌  (27 වැනිදා) නියෝග කළේය.



යළි එතනෝල් ලීටර් 16,000 ක්‌ ගෙන්වූ වගයි...

මැලේසියාවේ ක්‌ලාන්ග් වරායේ සිට මෙරටට මෙම එතනෝල් තොගය ගෙන්වා තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ සමාගමක නමට බවත් ලීටර් 200 එතනෝල් බැරල් 80ක පමණ තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.



කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්‍රැම් 75,000 විනාශ කරයි...


එතෆෝන් (Ethephon ) නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කර ඉදවනු ලැබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්‍රැම් 75,000 කට අධික ප්‍රමාණයක්‌ පිටකොටුව මැනිං වෙළෙඳපොළේ අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය  (27 වැනිදා) සිදුකළ වැටලීමකදී හැකිවී තිබේ.

"ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ.


2004 දෙසැම්බර් මස 26 වැනි දිනය. ඒ කළු උදෑසනදී සුනාමි දිය රකුසා කඩා වැදීමෙන් අපේ රටේ හතළිස්‌ දහසකට අධික පිරිසක්‌ මිය ගියහ. පහළොස්‌ දහසකට අධික පිරිසක්‌ තුවාල ලැබූහ. පන්දහසකට අධික පිරිසක්‌ අතුරුදන් වූහ.

තව්සන්ඩ් ටෝක් සහ සෙන්ටිම් වර්ක්

තව්සන්ඩ් යනු දහස් ය සෙන්ටිම් යනු සතය/ යුරෝ සත හඳුන්වන්නේ සෙන්ටිම්ස් යනුවෙනි  
පසුගිය දින වකවානු ඔස්සේ අප වෙබ් අඩවියට පැමිණි ඔබ හට කිසියම් නොපැහැදිලි වූ යම් හෙළිදරව්වක් පිළිබඳව ඉඟියක් සනිටුහන් කරන ලදී .එහි පසුබිම ලුහුඩින් දැක්වීම අපගේ යුතුකමය ...පසුගිය නොවැම්බරයේදී ලංකාවේ සිට තමුන් විශාල ව්‍යාපාරිකයන්  ලෙසට තමුන්ම හඳුන්වා ගත් පිරිසක් ප්‍රංශයට .ගොඩ බැස්සේය ...ඒ ගොඩ බැස්සේ යුරෝ පඬුරු කාසි පොට්ටනි කිහිපයක්ද රැගෙනය ...

 ඉතාලියේදී යුරෝ 30 කට 5 දෙනෙකුට සිත් පුරා සප්පායම් වීමට හිතහොඳ අවන්හලක් ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් එම ඉතාලි ජාතික හිමිකරු දෙපළ සමග ලංකාවේ කෝටිපති ව්‍යාපාරික යැයි තමුන්ම හඳුන්වා ගන්නා  අම්බළමක නඩේ ගත් සේයාරුවක්....( අඩු මුදලකට කෑම වේලක් යුරෝපයෙන් ලැබීම තරම් වූ  ලෝකෝත්තර සතුටක් අපේ පඬුරු කෝටිපතියන්ට ඇත්තේ කොහිද...? )

Thursday, December 26, 2013

දයාන් ජිනීවා යෑවීමේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි

2014 ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර හිටපු තානාපතිවරයකුවූ දයාන් ජයතිලක, හිටපු තානාපතිනියක වන තමාරා කුමානායක සහ හිටපු විනිසුරු වීරමන්ත්‍රී යන තිදෙනා ජිනීවා වෙත යෑවීමට ක්‍රියාකරන්නැයි ඉදිරිපත් වූ ඉල්ලීමක්‌ රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

Wednesday, December 25, 2013

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක්‌ වේවා...


 උදාවන මේ අසිරිමත් දිනයේ සහ  සිරිබර අවදියේ  අප රටටත්  මුළු මහත් ලෝකයටත්  සාමය සතුට උදා වේවායි ලංකානිව්ස් පාඨක ඔබටද  අප සුභ පතමු...සමස්‌ත ලෝකයාටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ....


වනචාරීන් ගැන කථා වස්තුව....කැළෑ ලේ

කැළේ ලේ  සමග මුසු කර ගත්  ලේ ඇති  මෘගයන් බඳු සට කපටීන්  ලංකාවේ සිට   යුරෝපයට විත් ජීවත්වන බැව් විවිධ අවස්ථා වළදී ඔවුන්ගේ චරිත සහ කල් ක්‍රියාවන් ගෙන් ඉස්මතුවේ...
ඇමසෝන් වනාන්තරයේ  ජීවත්වන වනචාරී මිනිසුන් ගැන අපූරු වීඩියෝ පට 2 අප ඉදිරිපත් කරනුයේ හුදු පහන් සංවේගය සඳහාමය...

බැබුන් මැරූ කථා වස්තුව....

 කැළේ ලේ සමග මුසු කර ගත් ලේ ඇති මෘගයන් බඳු සට කපටීන් ලංකාවේ සිට යුරෝපයට විත් ජීවත්වන බැව් විවිධ අවස්ථා වළදී ඔවුන්ගේ චරිත සහ කල් ක්‍රියාවන් ගෙන් ඉස්මතුවේ... නමුත් නියම කැළෑ ලේ ඇති මෘගයන් ,තිරිසනුන් අතරද කරුණාබර හදවත් ඇති නපුරු සතුන් ඇත...මේ එයට ප්‍රායෝගික සාක්‍ෂියකී... සම්පූර්ණ වීඩියෝව නරඹන්න....



ඉයුජිනීගේ ඉලක්කය ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් වීමයි. ...


ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජිනී ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. 


Monday, December 23, 2013

හොරණ තානායමේදී හිටපු නගරාධිපති පුද්ගලයන් දෙදෙනකුට පහර දෙයි..


හොරණ තානායමේදී ඊයේ අලුයම පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හොරණ නගර සභාවේ හිටපු නගරාධිපති සහ බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි නමැති අය සහ තවත් දෙදෙනකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ...

මන්නාරමේ ඇටසැකිලි
හමු වූ ස්‌ථානයේ කොටි කඳවුරක්‌ තිබිලා...

 මන්නාරමේ මාන්තායිනි ඇටසැකිලි කීපයක්‌ සොයාගැනීමේ ස්‌ථානයේ කොටි කඳවුරක්‌ තිබූ බව අනාවරණය වී ඇත. මන්නාරමේ කොටි නායකයාව සිටි වික්‌ටර් නමැත්තා මෙම ස්‌ථානයේ කඳවුරක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.

ද්‍රවිඩ සන්ධාන නායකයා නෙරපීමට සාකච්ඡා


ද්‍රවිඩ සන්ධානය තුළ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන්  (24 දා) වව්නියාවේදී හදිසි සාකච්ඡාවක්‌ කැඳවා ඇත.


මෙහිදී ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක්‌ ගෙන ඒමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

විශේෂ දැනුම් දීමයි ..


ප්‍රංශයේ වෙසෙන අප හිතවතුන් දැනුවත් කිරීමයි ..

ඔබගේ ඊ මේළ් ලිපිනය  ඩැහැ ගැනීම සඳහා  ඇමක්  යවමින්  පවතී  ....පහත  ලෙසින් වන  ලිපියක් ඔබට  ලැබුණේ නම් කරුණාකර  ඔබ එය විවෘත නොකරන්න ..
.ඒ මත  ක්ලික් කිරීමෙන්  වළකින්න .එය එම මොහොතේම  මකා දමන්න...ප්‍රංශයේ  බැංකුවක  ලිපියක්  ලෙසින්  එය  එවන්නේය...එසේම  ඔබ මේවන විට එය විවෘත කොට ඇත්නම් වහා ඔබගේ  ඊ මේල්  රහස් අංකය  වෙනස් කරන්න...

මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...


ලංකානිව්ස් විශේෂ හෙළිදරව් කිරීම ...  මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින  වාචාල කෙළතොල්ලා...මෙම වාචාළයා විසින්   දැලිපිහියා පාරවල් ඵල්ල  කරන  බවට කට මෑත දොඩවමින්  සිටින බව අපට  සියළු සාක්‍ෂි  සහිතව  ලැබී  ඇත. රට වෙනුවෙන් සහ දේශය වෙනුවෙන් ප්‍රායෝගිකව මාධ‍‍්‍ය මෙහෙවරක යෙදී මනා අත් දැකීම් ඇතිව  සිටින  ලංකාවේ මෙන්ම  විදේශයන්හී  වෙසෙන කෘතහස්ත පළපුරුදු  විද්‍යුත් සහ මුද්‍රිත  මාධ‍්‍ය වේදීහූ  42  අප  වෙබ් අවකාශය  සමග සිටින  බැව්ද  මෙහිදී  මතක් කරනෙමු .
 එදා දේශයේ අඳුරු යුගයන් හී  අප රට අත හැර නොගොස් අප ජනතාව සමග රෑඳී හුන් අප එදත්   දේශය වෙනුවෙන් පෙනී සිටියෙමු..ඵවන්වූ අත්දැකීම් ඇති අපට මෙම කුක්කාගේ  බිරුම අධෝ වාතයක් තරමුදු නොවේ....මේවන විට මේ සම්බන්ධව අපට  ලැබී ඇති ලිපිද විශාල ගණනකී..ඒ සියළු දෙනාට අපගේ ස්තූතිය....
 තමන් මෙතෙක් සමාජයෙන් වසන් කරගෙන තිබු  සිය බෑටළු හෑව  නිරවරණය වන්නට පටන් ගෙන ඇතිනිසා  මේ දුර්ජන පුද්ගලයා  විසින් වෙනත් ඔහුගේ මිතුරන් සමග  සිය සුපුරුදු වාචල  මුවින්  තර්ජන  කරමින් සිටින බවට අපට වාර්තාවේ .ඔහුගේ  ළාමක සිතට එන නියන්ඩතාල් යුගයේ අදහස් මෙවැනි ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින රටකදී වත්  ඉගෙන නොගැනීම තුළින්ම මෙම  මිනිසාගේ  නොමෙරූ ළදරු මානසිකත්වය  මොනවට පිළිබිඹුවේ.මෙවන් මිනිසුන් අප රටේ අනන්‍යතවය පිළිබිඹු කරන්නා වු  සමාජ සන්දාන තුළට වද්දා ගැනීම සහ තනතුරු දැරීම ... පෙර ජාතක කතාවක එන්නා සේ වඳුරන්ට  උද්‍යාණයක්  භාර දුන්නාසේ  වන්නට ඇත.



දෙමළ සන්ධානයේ ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි-


දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශවලට සහ එම සන්ධානයේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජාතික හෙළ උරුමය බලකර සිටී.

පළාත් සභාවේ සිට ඊළම දක්වා මාර්ග සිතියම මෙන්න

උතුරු පළාත් සභා මැතිවරණයේදි දෙමළ රාජ්‍යය පක්‍ෂය නමින් තරඟ කළ දෙමළ ජාතික සන්ධානය 80% කට අධික ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්පත්කොට ගෙන ඇත. එම තත්වය පශ්චාත් යුද නව ඊළාම් මාර්ග සිතියමේ ඉතා තීරණාත්මක සැතපුම් කනුවක් වෙත ලඟා වීමකි.

පාස්පෝට් වැඩ කඩිනමින් කරගන්න

  මින් ඉදිරියට පාස්පෝට් කන්තෝරුවට පැමිණෙන  ඕනෑම අයෙකුට ‘1962’ ක්ෂණික දුරකතන අංකයෙන්  මෙම සේවාව අමතා තම අවශ්‍යතාව එසැනින් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා  ප‍්‍රකාශ කළේය.

උතුරට දෙමළ ජාතික ගීය ලබා දිය යුතුයි

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත තුල සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි යයි ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමති වාසුදේව නානයක්කාර පවසයි.

අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රටට ආදරය කරන අය නෙමෙයි

රටට ආදරය කරන පිරිස් එදා ජනාධිපතිවරයාට උපදෙස් දුන් නමුත්, අද ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ ජනාධිපතිටත්, රටටත් ආදරය කරන අය නොවන බව පැහැදිලි යැයි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නා හිමියෝ පැවසූහ.

Sunday, December 22, 2013

විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා.

උතුරේ ජාතික කොඩිය ඔසව්න බෑ කියමින් දෙමළ සන්ධානයේ මේ සූදානම ඊළමකට හැර වෙන මොනවාටදැයි ජා.නි.පෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප‍්‍රශ්ණ කරයි

දි.මු. ඉවතට.. රාජපක්‍ෂ කෙනෙක් අගමැති පුටුවට…

හොරොයින් අඩංගු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කිරීමට අගමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලිපියක් නිකුත් කිරීම මුල් කර ගනිමින් වත්මන් අගමති දි.මු. ජයරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමේ සාකච්චාවක් පැවැත්වෙන්නේ යයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

උතුරු ආණ්‌ඩුකාරයා ඉවත් කළ හොත් එය රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටද නිග්‍රහයක්‌ ...

 ඊළාම්වාදීන්ගේ වහසිබස්‌ ගැන අප කලබල විය යුතු නැත. එලෙසම උතුරු පළාත් සභාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාකළ යුතු නැති අතර උතුරු පළාත් සභාව ක්‍රියාත්මක විය යුත්තේ මෙරට ස්‌වාධිපත්‍යයට හා භෞමික අඛණ්‌ඩතාවයට හානි නොවන අයුරිනි. එනිසාම දෙමළ සන්ධානය කවර නැටුමක්‌ නැටුවද උතුරු ආණ්‌ඩුකාරවරයා ඉවත් කළ යුතු නැත. දෙමළ සන්ධානයේ පදයට හදිසියේ හෝ උතුරු ආණ්‌ඩුකාරයා ඉවත් කළ හොත් එය ශ්‍රී ලංකා රාජ්‍යයට නිග්‍රහයකි. රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටද නිග්‍රහයක්‌ බව පැහැදිලිව සටහන් කළ යුතුව ඇත.

විග්නේෂ්වරන් ප්‍රාර්ථනා කරන්නේ සිංහයා වෙනුවට කොටියෙකු යෙදූ ජාතික කොඩියකි...


ප්‍රභාකරන්ගේ මරණින් පසුව දැන් උතුරේ දවල් හීන දකින එකම පුද්ගලයා වී සිටින්නේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ය. පළාත් සභාවේ බලය ලබාගන්නට පෙර සිට විග්නේෂ්වරන් බොහෝ සිහින දුටුවත් මහඇමැති වී සිටින ඔහු මේ දිනවල දකින සිහින බොහෝ අලංකාර ඒවාය.

Saturday, December 21, 2013

අපකීර්තිමත් වාර්තා සමග සම්බන්ධ වූ දේශපාලන දූෂිතයෝ ද සිටිති...


අල්ලස හා දූෂණය
අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති, විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා විසින් කරන ලද අනාවරණයකට අනුව ශ්‍රී ලංකාව දූෂණය හා අල්ලස සම්බන්ධයෙන් කුප්‍රකට කීර්තියක්‌ ලබාගෙන තිබේ.

Friday, December 20, 2013

අපේ හාමුදුරුවනේ අපි 'වෙනස්‌ වෙන්න සූදානම් වෙමු.'



වෙනස්‌වෙන්න සූදානම් වෙමු

* අපේ ජලය ගැන තීන්දු ගන්නේවත් අපි නොවෙයි.
* ටික කාලයකින් අපේ හැමදේම විජාතිකයන් අත්පත් කරගන්නවා.
* සිංහලයන්ගේ ඉඩම් කොල්ල කෑම වේගවත් වෙලා

හතර දෙනා එල්ලුම්ගස්‌

පොලිස්‌ නිලධාරීන්ට බෝම්බ ගසා සහායක ඝාතනය කිරීම නඩුව
හතර දෙනා එල්ලුම්ගස්‌

ටී.එන්.ඒ. ට එරෙහිව උද්ඝෝෂණයේ

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය හෙළා දකිමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය සහ එහි අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්‌ඩලය පෙරේදා (19 වැනිදා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Thursday, December 19, 2013

නදීශා හේමමාලි එජාපයෙන් තරග කරන්න අයෑදුම් කරයි...


සිනමා සහ ටෙලිනාට්‍ය නිළි නදීශා හේමමාලි  එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එම පක්‍ෂයට අයෑදුම්පතක්‌ ඉදිරිපත් කර ඇත.

මැලේසියානු රහස්‌ පොලිසිය කොටි හිතවාදීන් ගැන නිරීක්‍ෂණයේ


මැලේසියාවත් දෙකඩ කිරීමට කොටි සූදානමක්‌!
කොටි නායකයා අත්අඩංගුවට
මැලේසියාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට සැලසුම් කළ රාජ්‍ය නොවන සංවිධානයක නායකයා අත්අඩංගුවට ගත් මැලේසියානු රහස්‌ පොලිසිය තවත් කොටි හිතවාදීන් 6 දෙනකුට පොලිසියට බාරවන ලෙස නියෝග කර ඇත.


Wednesday, December 18, 2013

මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ සියලු චෝදනා වලින් නිදොස්‌

1997 වසරේ පෙබරවාරි 11 වන දින කුරුවිටදී වෙඩි තබා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල  සහ කොස්‌තාපල් ජයසේන නමැත්තා ඝාතනය කළේ යෑයි මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ  සියලු චෝදනා වලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි   (18 දා) නියෝග කළේය.


මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්‌



කොළඹ වරාය වෙන්දේසියට ඇතුළු වී සිටින මුස්‌ලිම් පාතාල කල්ලියක්‌ වරාය භූමිය පුරා තම අණසක පතුරවමින් වෙන්දේසි භාණ්‌ඩ තමන් සතු කරගෙන නැවත වෙන්දේසි දමා මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්‌ ආරම්භ කර තිබේ.

ටීඑන්ඒ මන්ත්‍රී පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ තැතක


ලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස්‌ මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්‌ විසින් දියත් කර ඇත.

Tuesday, December 17, 2013

ජාතික ගීතයක්‌ උතුරට අවශ්‍ය නෑ


ජාතික ගීය දෙමළෙන් ගයන්න බැරිනම් එය උතුරට අවශ්‍ය නෑ - ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු මැතිසබේදී කියති

කැස්බෑ හොරා ලන්සුවෙන් හෙළිවේ ....


කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා (18) කොස්ගොඩ පොලිසියට පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.

මිතුරකුගේ අපල දුරු කිරීමේ කටයුත්තකට
සුදු කැස්‌බෑවා ලක්‍ෂ 60 - 70 කට ඉල්ලුවා

- ගායක අමල් පෙරේරා

මන්ත්‍රී ධුරයෙන් මධුමාධව ඉල්ලා අස්‌වෙයි



මධුමාධව    (17දා) කොළඹ මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය.

සැකකරු සතුව බැංකු ගිණුම් 20 ක්‌...


රේගු දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරියා තවත් අමාත්‍යාංශ කීපයක මහාපරිමාණ මූල්‍ය වංචා රැසකට සම්බන්ධ බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.