ඔබගේ අයිතිය...
ඔබට දැනුම් දීමයි....!!!
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
Wednesday, June 1, 2022
Friday, October 8, 2021
කොළඹ පෝට් සිටියේ නීති විරෝධී කටයුතු..- ඇමරිකා තානාපතිනි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද වරාය නගර පනතේ ඇතැම් කරුණු පිළිබඳව ඇමරිකාව තවදුරටත් සැලකිල්ලෙන් පසුවන බව මෙරට එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කර ඇත’
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති පුද්ගලයන්ට, නීතිවිරෝධී මූල්‍යකරණ කටයුතුවලට සහ මුදල් විශුද්ධිකරණයට වැනි නීතිවිරෝධී කටයුතුවලට මෙම පරිසරය විවෘතව පවතින බවත් තානාපතිනිය සඳහන් කර තිබේ.
උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමග (07වැනිදා) පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
Posted by
lankanews
at
October 08, 2021
0
comments
Sunday, May 9, 2021
හෙලිකොප්ටර් ගන්න වෙන් කල මුදල් කොරෝනා වසංගතයට යොදවන්න බෑ..- ලංසා
සංවර්ධන කාර්යයන් සදහා විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වූ මුදල් වෙනත් කාර්යයන් සදහා යොදාගන්න බැහැ කියන එකවත් විපක්ෂ නායකතුමාට තේරෙන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා 😂😂😂 සදහන් කරයි.රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටින්නේ මාධ්‍ය වෙත අදහස් දක්වමණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා,
ලෝකයේ පවතින කොරෝනා වසංගතය හමුවේ වුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සදහා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති අපට උපදෙස් දීලා තියෙනවා.
Posted by
lankanews
at
May 09, 2021
0
comments
Labels: covid 19, kudu lansa, lansa
Wednesday, August 26, 2020
පොලිසියේ තවත් ජාවාරමක්හෙළිවේ..
ගිනිඅවි තොගය සහ මත්ද්‍රව්‍ය පාතාලයටදුන්නේ පොලිසිය
ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි හතරක් එම උණ්ඩ සහ කිලෝ 11කට අධික හෙරොයින් තොගයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් විසින් රත්ගම ප්‍රදේශයේදී ඊයේ (25දා) සොයාගෙන ඇත්තේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් දකුණේ පාතාල නායක පොඩි ලැසීගේ කල්ලියට විකුණා තිබූ ආයුධ සහ මත්ද්‍රව්‍ය බව වාර්තා වනවා.
ටී-56 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 82ක් සහ රිවෝල්වර් 2ක් සහ මිලිමීටර් 9 ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 39ක් මෙලෙස සොයාගෙන ඇත. මීට අදාළව සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව සිදු කළ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ජාවාරමට අදාළව සිදුවන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරයකුගේ සබඳතා මත මෙම ටී-56 ගිනිඅවි සහ හෙරොයින් පොඩි ලැසීගේ කල්ලියට ලබාදී සඟවා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.
අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත මෙම වැටලීම සිදුකර තිබුණා.
Posted by
sihaneth
at
August 26, 2020
0
comments
Monday, August 10, 2020
රනිල් නායකත්වයෙන් ඉවත්වෙයි
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව තහවුරු කර ඇත .
Posted by
sihaneth
at
August 10, 2020
0
comments
Friday, July 3, 2020
නාකොටික් 12 ක් අල්ලයි... අයි පී තාමත් අතුරුදන්... උසාවි ගෙන යෑමට පෙර කුඩුවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර කුඩු පන්නලා
ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් හෙරොයින් ලබාගෙන ඒවා අලෙවි කළ බවට චෝදනා ලබා අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සැකකාර පොලිස් නිලධාරීන් දොළොස්දෙනා ඊයේ පෙරවරුවේ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. එහිදී
මොවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරීන් දොළොස්දෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දොළොස්දෙනා වෙත චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත රැුගෙන එන හෙරොයින් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් කරද්දී ඒවාට වෙනත් අමුද්‍රව්‍ය කලවම් කර එම හෙරොයින් ලබාගෙන පසුව ඒවා ජාවාරම්කාරයන්ට අලෙවි කර ඇති බවටය.
Posted by
sihaneth
at
July 03, 2020
0
comments
Labels: drugs, heroin mafia, පොලිස් නිලධාරීන්, ලක්පුවත්, හෙරොයින්
Thursday, June 25, 2020
රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ
නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින්
ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි
අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති
විමර්ශන කොමිසම හමුවේ (23) සාක්ෂි දෙමින් පැවසීය.
Posted by
lankanews
at
June 25, 2020
0
comments
Labels: racist rishard, rishard, rishard badurdeen, rishard badurdeen
ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ...!!!
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.
ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජසිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන් රැසකට දායක විය.
ඔහු එම නාලිකාවන්හි දමිළ ප්රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගනනාවක් සේවය කොට තිබේ.
Posted by
lankanews
at
June 25, 2020
0
comments
Labels: nada raja sivam, nadaraja, radio announcer died
Monday, June 15, 2020
මංගල – චන්ද්‍රිකා හමුව
ඒ, හොරගොල්ල වලව්වේදියි.
ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැමුන් මේ ඡායාරුපය ගැන පවසා තිබෙන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්නයි.
මීට දින කිහිපයකට පෙර තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසුවා.
Posted by
lankanews
at
June 15, 2020
0
comments
Labels: chandhika kumarathunga, chandrika, gay mangala samaraweera, mangala, mangala samaraweera
කාන්තාවකට මරු කැඳවූ පාමංකඩ වැගන්ආර් - සුබාරු අනතුර CCTV
අළු පැහැති WegonR වර්ගයේ වාහනය පදවමින් සිටි කාන්තාව වාහනය අතුරු පාරක් දෙසට හරවන්න උත්සාහ කරන්නේ පැමිණි වේගය බාල නොකරමිනි. එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි නිල් පැහැති සුබාරු රථය ප්‍රධාන මාර්ගයේ
වේගයෙන් පැමිණි අතර
Posted by
lankanews
at
June 15, 2020
0
comments
Labels: accident, car accident, pamankada, wagan r, WegonR, නාරාහේන්පිට
Sunday, June 14, 2020
මෝඩයාගේ දවසේ කැබිනට් පත්‍රිකාවකින් ගෙනා කෝටි 85ක වැලි මුහුදට යයි
විදේශීය සංචාරකයන් මෙරටට ආකර්ෂණය වූ ප්‍රධාන සාධකයක් වන්නේ ලංකාවේ සුන්දර වෙරළ තීරයයි. උණවටුන, නිලාවේලී, හික්කඩුව, ආරුගම්බේ මෙන්ම විදේශිකයන්ට කොළඹ සුන්දර වෙරළ තීරයක් වූයේ ගල්කිස්ස මුහුදු වෙරළයි. මවුන්ට් යන්ත්‍රාලයේ අධිපති කොග්ගල මලලගල මාර්ටින් වික්‍රමසිංහ ගල්කිස්ස නිවසේ සිටි සන්දියේ හැන්දෑවට ඇවිද්දේ මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේය. සිළුමිණ පුවත්පත සත දහයේ විශ්ව විද්‍යාලය කොට ලංකාවේ ජනප්‍රියතම ඉරිදා පත්‍රය බවට පත් කළ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ සිළුමිණ කර්තෘතුමා මාර්ටින් වික්‍රමසිංහගේ ගෙදර ඉන්න කාලේ සිත් ගත් තැනක් වූයේ මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයයි. මෙහි සුන්දරත්වය නිසාම ගීත ලියැවෙන්නට ඇත්තේ රටේ කොතැනකත් ඇති සුන්දර වෙරළ තීරයක අත්දැකීම කොළඹ දී ලබා ගල්කිස්ස වෙරළ තීරයේ නිසා විය යුතුය.
Posted by
lankanews
at
June 14, 2020
0
comments
Labels: benthota beach, bribery commission, mount lavinia, mount lavinia beach
මම ළමා ලෝකයට කළ දේ බොහෝ දෙනෙක් දන්නේ නෑ....!!! - විශාරද නන්දා මාලිනී
මුළු මිදුලම පිරිලා
බඹරෙක් හොරෙන්
මොකෝ බලන්නේ
ගුමු ගුමු නද දීලා....
කාලය බොහෝ දුර ඉක්ම ගොසිනි. වසර හැටක අතීතය..., ආයෙත් අප දෙසවන් ඒ සුන්දර අතීතයට ගෙන යන්නට සැරැසේ. ඈ... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත... වසර හැටකට පසු යළිත් අසන්නට ලැබේ නම්..., ඒ අසෙන්නේ එදා ළමා හඬින් නොව... අද... ඇගේ පරිණත වූ හඬින් නම්, කාලයේ වෙනස කොතරම් ද යන්න කදිමට පැහැදිලි වේ. විශාරද නන්දා මාලිනිය ඇගේ ළමා කාලයේ ගැයූ ගීත එකතුවක්, ගුවන් විදුලියේ තැටි ගබඩාවටම ගොස්... අවුස්සා මකුළු දැල් කඩා... යළි... අපේ ළමා පරපුරට දායාද කරන්නට සැරසෙන්නීය.
වයස අවුරුදු හැත්තෑවක ප්‍රවීණ ගායිකාවක්... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත එකතුවක් එළිදක්වන ඓතිහාසික උත්සවය මෙම 20 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී පැවැත්වේ.
"ලස්සන මල් පිපිලා..." වසර හතකට පසු ඈ විසින් එළිදක්වන ගීත එකතුවයි. ඒ ගැන අප විශාරද ගායිකා නන්දා මාලිනිය සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්වේ.
Posted by
lankanews
at
June 14, 2020
0
comments
Labels: nanda malini, sinhala music, sinhala songs, slbc srilanka
Friday, June 12, 2020
ආණ්ඩුවෙ කෙරුවාව සහ පම්පෝරිය...!!!
පසුගියදා ආණ්ඩුව පුන පුනා පම්පෝරි ගසමින් සහ ගැසට් නිවේදන ,මාධ්‍ය ප්‍රකාශණ රටට ඉදිරිපත් කරමින් හෙළිකලේ ලංකාවේ මෙම කෝවිඩ් වසංගතය නිසා සිරවී සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍රයන් නොමිලේ දිගු කරන බවයි.ඵය සැබවින්ම ගල්පැලෙන මුසාවකී
පසුගියදා ඵසේ සිය වීසා දිගුකිරීමට ගිය විදේශිකයන්ගෙන් දඩ මුදල හා සමානවූ බදු මුදලක් අයකොට තිබේ ඵසේම වීසා දිගු කිරීමටද අමතර මුදලක් අයකොට තිබේ .රටට ලෝකයට බොරු කීවද සත්‍යය තත්වය ඵසේයි. සමහරවි සත් භාවයෙන් යුතුව ජනාධිපති හෝ අගමැති හෝ පාර්ළිමේන්තුව ගත් ඵම තීරණය බලධාරී අපතයන් සිතාමතා ආණ්ඩුව අපහසුතාවයට ලක් කිරීමට ඵසේ කරනවා දැයි සැක ඇතිවේ.අදාළ බලධරයනී මේ ගැන සොයාබලා ඒ අසාධාරණ ලෙසට අය කළ මුදල් නැවත ඔවුන් වෙත ලබා දෙන්න .
Posted by
lankanews
at
June 12, 2020
0
comments
Labels: covid 19, srilankan visa, Tourism Promotion Board, tourism srilanka, Visa on arrival, without visa
කියන්නේ ඵහෙමයි ...! තියෙන්නේ මෙහෙමයි...!!!
නැවතත් ඔහු මේ නිළ නොලත් ඇමති මණ්ඩළයේ සිටියමින් ඒ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීම රටේ ජනතාවගේ විරෝධය නිසා හකුලා ගත්තද කෙසේ හෝ ඵම සිහිනය සැබෑ කරනා බවට නැවත නැවතත් උදම් ඇනුවා.
නමුත් ලැජ්ජාවට කරුණක් නම් ඔහුව ඔසවා තැබූ හෝමාගම මැතිවරණ කොට්ඨාශයට අයිති බොහෝ නගර ,ගම් සහ මංමාවත් මේ වනවිටද ඉතාමත් අබළන් වූ තත්වයක පවතිනවා.මේ ගලගෙදර දකුණ ග්‍රාම සේවා වසමට අයත් මීපේ සහ පාදුක්ක නගර යා කරන පුස්සැලිඔය පාළම අසලින්ම ඇති මාවත මේ වනවිට ඉතා සුළු වැස්සකට උවද පුස්සැලිඔය පිටාරගලා යටවන අතර .මාර්ගයද ඉතා අබලන්.
Posted by
lankanews
at
June 12, 2020
0
comments
Labels: bandula gunawardene, flood disaster, flood padukka, galagedara, polution of water, raining, road
අද්භූත ගුවන්විදුලි ශබ්දයක් වෙනත් මන්දාකිනියකින් පෘථුවියට ඇවිත්...!!!
වේගවත් ගුවන්විදුලි පිපිරීම් හෝ FRB යනු අභ්‍යවකාශයේ ඇති රේඩියෝ තරංගවල මිලි තත්පර ගණනක් පුපුරා යාමකි. තනි ගුවන් විදුලි පිපිරීම් එක් වරක් විමෝචනය වන අතර නැවත නොකෙරේ. වේගවත් ගුවන් විදුලි සංඥා නැවත නැවත සිදු කිරීම කෙටි ශක්තිජනක ගුවන් විදුලි තරංග කිහිප වතාවක් සංඥා යැවීම පිටුපස ක්‍රමවත් සහ විධිමත්වූ සම්ප්‍රේෂණයක් පවතින බවට ලොව විද්‍යාඥයන් තරයේ විශ්වාස කරතී.
Posted by
lankanews
at
June 12, 2020
0
comments
Labels: alien Buddhism, alien life forms, Evidence of Alien Life on Meteorite srilanka, FRB, galaxy, radio waves, රේඩියෝ තරංග
නන්දිමිත්රගේ නිධානයටත් වැඩක් දෙන්න ගිහින් ....!!!
නන්දිමිත්ර යෝධයාගේ නිධානයේ රන් හා මැණික් ගැනීමට ගිය වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තිදෙනා රිමාන්ඞ්...!!!
වවුනියාවේ,
නන්දිමිත්‍රගම ප්‍රදේශයේ නන්දිමිත්ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ
රැුසක් හා මැණික් මුට්ටියක් සොයමින් නිධානයක් හාරමින් සිටි වෛද්‍යවරයකුගේ
බිරිඳක් ඇතුලූ තුන් දෙනෙකු 24 දා දක්වා
බන්ධනාගාරගත කරන ලෙස වවුනියව දිස්ත්‍රික් මහෙස්ත්‍රාත්වරිය 11 දා නියෝග කළාය.
Posted by
lankanews
at
June 12, 2020
0
comments
Labels: nandimithra, srilankan theif, stolen, treasurer
Tuesday, June 9, 2020
ඇන්ජලා සෙනෙවිරත්නට A පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Labels: angela senevirathna, anjela, film star, srilankan film star
ලංකාවේ රූපවාහිනි සේවාවන් ඇරඹූ දින වකවානු
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Labels: history of TV srilanka, itn, srilankan tv, tnl, tv srilanka, තුෂාන් ජයසූරිය
රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...!!!
-කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.-
-JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා.-
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි...
මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.
ඒ තරම් රෑ වෙනකල් සභාපතිවරයෙක් ආයතනයේ රැඳිය යුතු ද...
ඒ මගේ හැටි. ට්‍රාන්ස් මීටර්ස්, රෙකෝඩර්ස්, වීඩියෝ කැමරා වගේ උපකරණ කැඩුණොත් ඒවා හදන්න තමයි රාත්‍රි කාලය මං වැඩිපුර වැය කරන්නේ. ප්‍රායෝගික මනුස්සයකුට, වැඩකරන්න පුළුවන් කොයි වෙලාවත් එකයි. TNL කියන්නෙ කණ්ඩායමක් නම් මං ඒ කණ්ඩායමේ මඟ පෙන්වන්නා. ජපන් ඉන්ජිනේරුවන් පරදන දැනුමක් ඇති තරමට ගෝල පිරිසක් බිහිකරන්න මට පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා.
Posted by
lankanews
at
June 09, 2020
0
comments
Labels: itn, SHAN, shan wickramasinghe, srilanka tv, tnl, TV history srilanka, tv srilanka
Sunday, June 7, 2020
මහගෙදරක් යැයි සිතා හිස් ගෙදරක සිට තප්පුළන අම්බරුවන්ගේ කථාව...!!!
නමුත් අද ඵය පත්ව ඇති සෝචනීය තත්වය සරුව පිත්තල අටවා ,අළවා රටට ලෝකයට පෙනෙන්නට කෑ ගැසුවද වැඩක් නැත.
අද රූපවාහිනියේ මහගෙදර යනුවෙන් හැඳින්වුවද අද ඵහි එදා අප භාවිතා කළ මුල් යුගයේ කැමරා ආම්පන්න හෝ උපකරණ සංරක්ෂිතව නොමැත කොටින්ම කිවහොත් වෙනකක් තබා අතිවිශාලවූ වීඩියෝ කැසට් පට තොගයක් අද විනාශයට පත් කොට ඇත.මේ ගැන මා දිගින් දිගටම හෙළිදරව් කළෙමි.ඒවා ඵක ඵකාගේ බූදල නොව ඵදා මාද ඇතුළුව අතළොස්සක්වූ ශිල්පීන් පිරිසක් ඵක් රැස් කළ ඵකළ ලංකාවේ ජීවත්වූ රටේ විද්වතුන් සහ කලාකරුවන්ගේ ජීවදත්තය. මේවන විට ඒවා නැවත ප්‍රයෝජනයට ගත නොහැකිසේ විනාශ වී ඇත.මීට ඉහතදී දේශපාලන බලයෙන් ඵයට පත්ව ආ නිව්ටන් ගුණරත්න නැමැත්තා මෙම ආයතනය සතුව පැවති මිලිමීටර් 16 සහ 35 ප්‍රමාණයේ සිනමාපට අති විශාල සංඛයාවක් සමග ජීවදත්ත ඇතුළත් යූ මැටික් වර්ගයේ කැසට්පට අතිවිශාල සංඛයාවක් ගිණිතබා විනාශ කරවන ලදී. ඵකල අනාථව තිබූ ලක්හඬ ගුවන්විදුලිය මෙම ආයතනයට බද්ධ කරවන ලදී .ඵහි විපාකය ලෙසින් අදටත් ඵයින් ලබන පාඩු ස්වාධීන රූපවාහිනී සේවය විඳ දරා ගත යුතුය .ස්වාධීන රූපවාහිනී සේවයට දේශපාලනය ගෙනාවේ නිව්ටන් ගුණරත්නය .ඵවැනි මෙම ආයතනය විනාශකර දැමීමට මග පෑදු පුස් මිනිසෙකුගේ අදහස් මෙම 41 වන උපන්දිනය සමරන මොහොතේදී උඩින් තැබීම විහිළුවකී.
Posted by
lankanews
at
June 07, 2020
0
comments
Labels: General Manager itn, harsha ITN, itn, itn corruptions, itn history, itn news, kopikade itn
අවධානයට.....!!! ෆෝමලින් යෙදු කරවල, මාළු දැන් වෙළදපලේ
කරවල විසවීමෙන් එක පවුලේ පස්දෙනෙක් රෝහලේ .
Posted by
lankanews
at
June 07, 2020
0
comments
Monday, April 20, 2020
මහ මැතිවරණය ජූනි 20.. අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න ..
පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජූනි මස 20 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
අද රැස්වූ මැතිවරණ කොමිසන් සභාව විසින් මෙම තීරණය ගත් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වූ අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
Posted by
lankanews
at
April 20, 2020
0
comments
Labels: election 2020, election commissioner, election special
පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීමට අවසර දෙයි
Posted by
lankanews
at
April 20, 2020
0
comments
Labels: ATM card srilanka, central bank, money transfer
කොවිඩ් 19 රෝගීන් ගණන 300 ඉක්මවයි
Posted by
lankanews
at
April 20, 2020
0
comments
Labels: corona, corona srilanka, corona virus, corona world, covid 19, Human Immunodeficiency Virus
21 උදේ 8.47ට හැමෝම පහනක් දල්වන්න
මේ හැර එදන උදේ 8.45ට විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමින් එම බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරන ලෙසත් එදින උදෑසන 8.47 ට ඉටි පහන් දන්වන ලෙසත් සියලූම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෑම කිතුනු නිවසකම ශුද්ධ වූ ජපමාලය සිදුකරන ලෙසත් ඉල්ලා සිටියි.
Posted by
lankanews
at
April 20, 2020
0
comments
Labels: kandy muslim attack, muslim attack beruwala, pasku attack, Rauff Hakeem, rishard badurdeen
සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයේ සැලසුම් හෙළිවෙයි ....!!!
නීතීඥයා අත්අඩංගුවට ගත්තේ ප්‍රමාණවත් සාක්ෂි අනුවයි...!!!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම දෙවන පෙළ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
සහරාන් සිටි කාලයේම මේ ප්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප්‍රහාර කි‍්‍රයාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද එහෙත් සිදු කරන ලද පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීමට යැයි ද ඔහු පැවසීය.
දැනට අත්අඩංගුවට පත්ව ඇති නීතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැුසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කීවේය.
එම අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ එකක් බව ද ඔහු සඳහන් කළේය.
Posted by
lankanews
at
April 20, 2020
0
comments
Labels: muslim attack in churches, pasku attack, pasku attack, racist hakeem, Rauff Hakeem, rishard badurdeen
Thursday, April 16, 2020
කෝපි කඩේ අප්පු මිය යයි
http://radio.garden/listen/sihaneth/JWOVnUUk
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය .
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.
දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර අද(16) පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය,.
Posted by
lankanews
at
April 16, 2020
0
comments
Labels: appuwa, kopikade, kopikade itn, srilal abekoon, srilanka
Tuesday, March 31, 2020
ඉතිහාසය කම්මුතු කළාට බැට කෑ අශෝකමාලා
අශෝකමාලා තොමෝ දුටුගැමුණු මහා
රජුගේ (ක්‍රි.පූ. 161-137) එකම පුත්‍රයා වූ සාලිය රාජකුමාරයාගේ භාර්යාව
වූවාය. ඔවුන් දෙදෙනා පිළිබඳ පුවත ලංකා ඉතිහාසයෙහි සඳහන් වන ප්‍රේම කතා
අතුරෙන් විශිෂ්ට එකකි. මහා වංසයෙහි මේ ප්‍රවෘත්තිය ඉතා සැකෙවින් දක්වා ඇති
හෙයින් අශෝකමාලාව ගැන වැඩි යමක් දැන ගැනීමට අපට ඉන් පිහිටක් නොලැබේ.
ඉතා රූමත් සැඩොල් තරුණියක වූ අශෝකමාලාව කෙරෙහි ඇලුම් කළ සාලිය රාජකුමාරයා
රාජ්‍යය නොකැමැති වූ බව එහි දැක්වෙයි. එහෙත් මහා වංසයෙහි වූ අඩුපාඩුව
පුරවාලන මහා වංස ටීකාව ඇය අනුරාධපුර නගරයෙහි නැගෙනහිර දොරටුව අසල පණ්ඩුකාභය
රජු පිහිටුවා ලූ සැෙඩාල් ගමක් වූ සාලි නම් වඩු ගමෙහි දෙටුවඩුවාගේ අශෝකා
නමැති දුව බවත් දිනක් උයනට පිවිසි සාලිය රාජකුමාරයා එහි හෝපලු රුකක නැග මල්
නෙළමින් සිටි ඒ වඩු දුවගේ ගී රැව් අසා ඇය කරා එළඹ එකෙණෙහි උපන්නා වූ බලවත්
ස්නේහ ඇතිව ඇය මාළිගාවට ගෙන ගොස් භාර්යාව කර ගත් බව පවසයි.
රසවාහිනියෙහිත් එය ඇසුරෙන් විරචිත සද්ධාර්මාලංකාරයෙහිත් අශෝකමාලා පිළිබඳ තොරතුරු අනුව හෙල්ලෝල (හෙල්ලෝලි) නම් ගම ප්‍රධාන නැවෑමියාගේ (ලෝකුරුවාගේ) දූ වූ දේවී නමැති එක්තරා සැඩොල් තරුණියක් වූවා යැයි දැක්වේ. සාලිය රාජකුමාරයාට මුණ ගැසෙද්දී ඇය ගී ගයමින් සිටි බවක් ඒ පොත්වලින් නොකියැවෙයි. ඇය හෝපලු රුකෙක දී දුටු හෙයින් අශෝකමාලා යි නම් කරන ලද බවත් දුටුගැමුණු රජතුමා ඇයගේ රූප සම්පත්තිය දැක මහත් වූ සන්තෝෂයට පැමිණ ඔවුන් යවුළ රුවන් රැසක් මත සිටුවා අභිෂේක මඟුල් කොට ඇය සාලිය රාජකුමාරයාට පාවා දුන් බවත් ඒ පොත් දෙකෙහිම සඳහන් වෙයි. ඉහත කී හෙල්ලෝල නම් ගම අනුරාධපුරයේ දකුණු වෙහෙරටත් ඉසුරුමුණි වෙහෙරටත් අතර පිහිටා තිබුණු බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි.
Posted by
lankanews
at
March 31, 2020
0
comments
Labels: ashokamala, first sinhala film, sinhala cinema, sinhala film, srilankan cinema
Monday, March 30, 2020
පොදු ජනතාව රජයට මෙසේ කියයි....
ඊළඟට අප සාමාන්‍යය දුගී දුප්පත් ඵදිනෙදා හරිහම්බ කරන් කෑ අසරණ දරුපවුල් මේ නිසා මහත් අසරණ තත්වයකට පත්ව ඇත.
සතොස වැනි ආයතන මගින් නිවෙස් කරා ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ඇතැයි කියැවේ .නමුත් සතොස ශාඛා රටපුරාම නොමැත .දී ඇති දුරකථන අංකයනද සැම වේලාවකම කාර්ර්ය බහුලය.මේ අසීරු අවස්ථාවේ ජනතාව අතර ඇති ජංගම දුරකථන රීලෝඩ් කිරීමටද පහසුකම් අවස්ථා නොමැත .ඵම නිසා සතොස හෝ ඵවැනි ආහාර ද්‍රව්‍ය බෙදාහරින ස්ථානවලට අමතා පැයගණන් සිට නිකරුණේ තමන් සතුව ඇති ජංගම දුරකථන තුළ ඇති සීමිත මුදල් නාස්ති කරගත නොහැකිය.
Posted by
lankanews
at
March 30, 2020
0
comments
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, media, Muslim mosque, Police curfew, virus
Sunday, March 29, 2020
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම....
Posted by
lankanews
at
March 29, 2020
0
comments
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, Muslim mosque, Police curfew, virus
Saturday, March 28, 2020
ලෝක මුස්ලිම් අන්තවාදය....
පවතින කිරීටක හදිසි අවස්ථා වැනි ස්වාභාවික විපත් ඉස්ලාම් භක්තිකයින්ට ඔවුන්ගේ “අපැහැදිලි අදහස්” “ප්‍රගුණ කිරීමට” සහ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලබා දෙන බව තරුණ මුස්ලිම් බුද්ධිමතෙකු වන කමෙල් අබ්දෙරාහ්මනී පවසයි. මුස්ලිම් පල්ලි සහ වෙනත් පූජනීය ස්ථාන වැසීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට. ශුද්ධ වූ මක්කාව පවා වසා දමා ඇත.නමුත්, මෙම ක්‍රියාමාර්ගවලට සමහරු විරුද්ධ වෙති, අන්තවාදීන්, ඉමාම්වරු සහ දේශකයන් මෑතක් වන තුරුම, පුපුරා යාමෙන් තම රටවලට තවමත් බලපෑමක් සිදු නොවූ විට , වෛරසය “අල්ලාහ්ගේ ද දඬුවම” ලෙස දුටුවේය. දැන් ඔවුන් COVID-19 වෛරසය “ඇදහිල්ලේ පරීක්ෂණයක්” ලෙස දකී. මෙයින් පෙන්නුම් කරන්නේ “ඉස්ලාම් ධර්මය අන් අයගේ අවාසනාවෙන්, ඔවුන්ගේ කඳුළු හා ඛේදවාචකයන්ගෙන් ලාභ ලබන මාරාන්තික මතවාදයක් වන්නේ මන්ද යන්නයි. ” අබ්දෙරාහ්මනීගේ සිතුවිලි අනුගමනය කරයි.
Posted by
lankanews
at
March 28, 2020
0
comments
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, korona, Police curfew, virus
හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් පැවසුවේ ඊයේ (27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Posted by
lankanews
at
March 28, 2020
0
comments
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, Muslim mosque, Police curfew, virus
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...